මගේ වර්ල්ඩ්කප් චියර් කිරීම


ICC Cricket World Cup 2011 Logoමේ දවස් වල ලෝක කුසලාන ක්‍රිකට් උණ නැගලා යනවා. සමහරු දිනනවා, සමහරු පැරදීගෙන ඇවිත් දිනනවා, සමහරු දිනාගෙන ඇවිත් පැරදෙනවා, සමහරු මුල ඉඳංම පරදිනවා. වර්ල්ඩ් කප් එකක් තියනකොට අපි ඉතිං බලන්නේ ලංකාව ගහන මැච් විතරක් නෙවේ නෙ, අනිත් ඒවත් හැම එකක්ම වගේ බලනවා.

මැච් එකක් බලද්දී නිකං අම්පයර්ස්ල වගේ එහෙටත් නැතුව මෙහෙටත් නැතුව බලනකොට කිසි කික් එකක් නෑ. ඒ නිසා එදා වේල මැච් එක ෂේප් කරගන්න කාට හරි චියර් කරනවා. දැං මේ ලියන්න හදන්නෙ මම කොහොමද එහෙම චියර් කරන කණ්ඩායම තෝරගන්නේ කියන එක.

මෙන්න මේකයි සරල ක්‍රමේ:

  1. ශ්‍රී ලංකාව.
  2. ශ්‍රී ලංකාවට මග පාදන්නන්.
    1. දුර්වල (?) කණ්ඩායම්.
    2. අවස්ථාව අනුව.

1න් කියවෙන දේ පැහැදිළියි නෙ. ශ්‍රී ලංකාව ගහන මැච් එකක ලංකාවට චියර් කරන්නෙ නැතුව වෙන මොනා කරන්නද? 😀

2න්, ඒ කියන්නේ “ශ්‍රී ලංකාවට මග පාදන්නන්” කියන්නේ යම් තරගයකින් යම් කණ්ඩායමක් දිනුවොත් ශ්‍රී ලංකාවට තමංගේ ඉලක්කයන් කරා යන්න වැඩි අවස්ථාවක් ලැබේද, අන්න ඒ කණ්ඩායමට මම චියර් කරනවා. ඒකෙත් අවස්ථා 2ක් තියනවා.

2.1 තමයි, යම් දක්‍ෂ යැයි සම්මත කණ්ඩායමක් සමග සාපේක්‍ෂව දුර්වල කණ්ඩායමක් තරග වදින විට, මම ඒ දුර්වල කණ්ඩායමට චියර් කරනවා. හේතුව තමයි එමගින් එකී දක්‍ෂ කණ්ඩායමේ දළ ලකුණු වේගය අඩු වීම සහ දුර්වල කණ්ඩායම ජයගතහොත් දක්‍ෂ කණ්ඩායමේ අවසන් ලකුණු ප්‍රමාණය අඩු වීම. එමගින් ඉදිරියේදී එකී දක්‍ෂ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග තරග වදින විට ශ්‍රී ලංකාවට හිතකර තත්වයක් ඇති වී තිබීම.

2.2 තමයි, ඒ වන විට පවතින අවස්ථාව අනුව චියර් කරන කණ්ඩායම තෝරා ගන්නේ. ඒ කියන්නේ දක්‍ෂයන් දෙදෙනෙකු හෝ දුර්වලයන් දෙදෙනෙකු තරග වදින විට, ඒ අවස්ථාවේ අවසන් ලකුණු ප්‍රමාණය හා දළ ලකුණු වේගය අඩු කණ්ඩායමට මම චියර් කරනවා. එමගින් දක්‍ෂයා තවදුරටත් ඉහළ ඒම වලකිනවා.

ඉහත ක්‍රමය අනුව කණ්ඩායම් තරග අවදියේ ඒ ඒ තරගත්, මම චියර් කරන කණ්ඩායමුත් සම්බන්ධ වගු පහත දැක්වෙනවා.

යතුර:

චියර් කළ කණ්ඩායම ජයග්‍රහණය කළ අවස්ථා.
චියර් කළ කණ්ඩායම පරාජය වුනු අවස්ථා.
කිසිදු කණ්ඩායමකට චියර් නොකළ අවස්ථා.
ප්‍රතිඵලයක් රහිත හෝ ජය-පරාජයෙන් තොර තරග.

කණ්ඩායම් වටයේ තරග:

A කණ්ඩායම.

තරගය දිනය කණ්ඩායම් චියර් කරන්නේ ප්‍රතිඵලය
1 2 පෙබ 20 KEN v NZ KEN NZ ට කඩුළු 10ක ජයක්
2 3 පෙබ 20 CAN v SL SL SL ට ලකුණු 210ක ජයක්
3 4 පෙබ 21 AUS v ZIM ZIM AUS ට ලකුණු 91ක ජයක්
4 6 පෙබ 23 KEN v PAK KEN PAK ට ලකුණු 205ක ජයක්
5 8 පෙබ 25 AUS v NZ NZ AUS ට කඩුළු 7ක ජයක්
6 10 පෙබ 26 PAK v SL SL PAK ට ලකුණු 11ක ජයක්
7 12 පෙබ 28 CAN v ZIM CAN ZIM ට ලකුණු 175ක ජයක්
8 14 මාර් 1 KEN v SL SL SL ට කඩුළු 9ක ජයක්
9 17 මාර් 3 CAN v PAK CAN PAK ට ලකුණු 46ක ජයක්
10 18 මාර් 4 NZ v ZIM ZIM NZ ට කඩුළු 10ක ජයක්
11 20 මාර් 5 AUS v SL SL ප්‍රතිඵල රහිතයි
12 23 මාර් 7 CAN v KEN CAN CAN ට කඩුළු 5ක ජයක්
13 24 මාර් 8 NZ v PAK NZ NZ ට ලකුණු 110ක ජයක්
14 26 මාර් 10 SL v ZIM SL SL ට ලකුණු 139ක ජයක්
15 30 මාර් 13 CAN v NZ CAN NZ ට ලකුණු 97ක ජයක්
16 31 මාර් 13 AUS v KEN KEN AUS ට ලකුණු 60ක ජයක්
17 33 මාර් 14 PAK v ZIM ZIM PAK ට කඩුළු 7ක ජයක්
18 35 මාර් 16 AUS v CAN CAN AUS ට කඩුළු 7ක ජයක්
19 38 මාර් 18 NZ v SL SL SL ට ලකුණු 112ක ජයක්
20 40 මාර් 19 AUS v PAK -/PAK PAK ට කඩුළු 4ක ජයක්
21 41 මාර් 20 KEN v ZIM ZIM ට ලකුණු 161 ක ජයක්

B කණ්ඩායම.

තරගය දිනය කණ්ඩායම් චියර් කරන්නේ ප්‍රතිඵලය
1 1 පෙබ 19 BAN v IND BAN IND ට ලකුණු 87ක ජයක්
2 5 පෙබ 22 ENG v NED NED ENG ට කඩුළු 6ක ජයක්
3 7 පෙබ 24 SA v WI WI SA ට කඩුළු 7ක ජයක්
4 9 පෙබ 25 BAN v IRE IRE BAN ට ලකුණු 27ක ජයක්
5 11 පෙබ 27 ENG v IND ENG ජය-පරාජයෙන් තොරය
6 13 පෙබ 28 NED v WI NED WI ට ලකුණු 215ක ජයක්
7 15 මාර් 2 ENG v IRE IRE IRE ට කඩුළු 3ක ජයක්
8 16 මාර් 3 NED v SA NED SA ට ලකුණු 231ක ජයක්
9 19 මාර් 4 BAN v WI BAN WI ට කඩුළු 9ක ජයක්
10 21 මාර් 6 ENG v SA -/ENG ENG ට ලකුණු 6ක ජයක්
11 22 මාර් 6 IND v IRE IRE IND ට කඩුළු 5ක ජයක්
12 25 මාර් 9 IND v NED NED IND ට කඩුළු 5ක ජයක්
13 27 මාර් 11 IRE v WI IRE WI ට ලකුණු 44ක ජයක්
14 28 මාර් 11 BAN v ENG BAN BAN ට කඩුළු 2ක ජයක්
15 29 මාර් 12 IND v SA -/SA SA ට කඩුළු 3ක ජයක්
16 32 මාර් 14 BAN v NED NED BAN ට කඩුළු 6ක ජයක්
17 34 මාර් 15 IRE v SA IRE SA ට ලකුණු 131ක ජයක්
18 36 මාර් 17 ENG v WI -/WI ENG ට ලකුණු 18ක ජයක්
19 37 මාර් 18 IRE v NED -/IRE IRE ට කඩුළු 6ක ජයක්
20 39 මාර් 19 BAN v SA BAN SA ට ලකුණු 206ක ජයක්
21 42 මාර් 20 IND v WI WI IND ට ලකුණු 80ක ජයක්

පිළිමලුන් පිටු දැකීමේ වටයේ තරග:

තරගය දිනය කණ්ඩායම් චියර් කරන්නේ ප්‍රතිඵලය
අර්ධ අවසන්
පූර්ව තරගය 1
මාර් 23 PAK v WI WI PAK ට කඩුළු 10ක ජයක්
අර්ධ අවසන්
පූර්ව තරගය 2
මාර් 24 AUS v IND IND ට කඩුළු 5ක ජයක්

අර්ධ අවසන්
පූර්ව තරගය 3

මාර් 25 NZ v SA NZ NZ ට ලකුණු 49ක ජයක්
අර්ධ අවසන්
පූර්ව තරගය 4
මාර් 26 ENG v SL SL SL ට කඩුළු 10ක ජයක්
අර්ධ අවසන්
තරගය 1
මාර් 29 NZ v SL SL SL ට කඩුළු 5ක ජයක්
අර්ධ අවසන්
තරගය 2
මාර් 30 IND v PAK PAK IND ට ලකුණු 29ක ජයක්
අවසන්
තරගය
අප්‍රේ 2 IND v SL SL IND ට කඩුළු 6ක ජයක්

සටහන: “-” ලෙස දැක්වෙන්නේ ඒ ඒ අවස්ථාවේ පවතින තත්වය අනුව චියර් කිරීම තීරණයකළ යුතු කණ්ඩායම්ය.

ඉතින්, ඔබ කොහොමද මේපාර වර්ල්ඩ් කප් එකට චියර් කරන්නේ?

, ,

17 responses to “මගේ වර්ල්ඩ්කප් චියර් කිරීම”

  1. LOL 😀
    මූ වගු ගහගෙනම ලෑස්ති වෙලා ඉන්නේ… පුදුම කිරිකැට් ඇම්මක්නේ..!

    මම නං ෂේප් එකේ මගෙ වැඩ ටික කරගෙන මැච් එක ඉවර වුණාට පස්සේ හයිලයිට්ස් බලනවා. 🙂

    • එහෙම තමා නියම දේශප්‍රේමෙ තියනකොට! 😀

      චිකේ… හයිලයිට්ස් බලල මක් කොරන්නදැ? :O

  2. කෝ බං 95%ක්ම වගේ උඹ චියර් කරපු ටීම් පැරදිලනේ! ඒ නිසා උඹ අනිත් පැත්තට චියර් කරපං. එතකොට උඹට ඕනෙ දේ කෙරේවි 😛

    • මෙහෙමනේ, මගේ චියර් කෙරුම් සූත්තරේ 2.1 වගන්තිය අනුව අනිත් උංට දිනන්න 200%ක චාන්ස් තියනව කියල පෙනි පෙනී මම දුර්වල කණ්ඩායමට නෙ සපෝට් කරන්නෙ. 😀

  3. උඹ චියර් කරා කියල දිනන්නේ නැති එකනේ මෙතන තියෙන එකම අවුල 😛 අනිත් ඔක්කොම හරි.

  4. මේ විදියට චියර් කරලා, දුර්වල කණ්ඩායම් ඉස්සරහාට එනවා නම් එල…
    ඒත් අන්තිමට ඒ දුර්වල කණ්ඩායමක් අතින් ලංකාව පරදුනොත් එහෙම…
    අනේ අපොයි… 🙁

    • එහෙම උනොත් ඉතිං සොරි තමයි. 😀 අපේ කස්ටිය දැනගන්න ඕන එහෙම වෙන්න නොදී තරග දිනන්න. B)

  5. මට නම් ක්‍රිකට් තරගයක් තියනවා කියලා මතක් වෙන්නෙත් කස්ටියගේ මුණු පොතේ ස්ටේටස් දැක්කම…. ඒකට මෙන්න මෙයා

  6. මචං අන්තිම ෆයිනල් එකේදි ලංකාව එක්ක ගහන අනිත් ටීම් එකට චියර් කලොත් හරි නෙවද?

  7. මෙහෙමත් ක්‍රිකට් උණක්. ඇයි බං මෙහෙම චාට් ගහල, සමීකරණ දාල මැච් බලන්නෙ පිස්සො නෙමෙයිද බං ඈ? ඒක නෙමෙයි සීන් එක, චියර් කරන ටීම් සෙරම වගේ පරාදයි නේද? අද හැන්දෑවෙ කාටද චියර් කරන්නෙ……

    • එදා ටීම් දෙකටම චියර් කොලා, ඒක නිසා මැච් එක හේදිලා ගියා. ලොල්! 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *