අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා. වඩා නිවැරදිව කීවොත් අන්තර්ජාලය හරහා විවිධ සේවාවන්ට ළඟාවෙමින් ඒවා පාවිච්චි කරනවා. ඇත්තටම මොනවද අපි අන්තර්ජාලයේ කරන්නේ? එක එක ෆෝරම් වල රැඳී සිටිනවා, Facebook වැනි සමාජජාල සේවාවන් භාවිතා කරනවා, Twitter වැනි සේවාවන් භාවිතා කරනවා, බ්ලොග් ලියනවා-කියවනවා-කමෙන්ට් කරනවා. නමුත් අපේ අය අතුරින් අවධානය ගිලිහිලා ගිය වැදගත් සේවාවක් වෙත අවධානය යොමු කරන්න මම කැමතියි. ඒ තමයි මෙහි ක්‍රියාත්මක වන පුවත් බෙදාහදාගැනුම් සේවා.
මොනවද මේ “පුවත් බෙදාහදාගැනුම් සේවා”?
“පුවත් බෙදාහදාගැනුම් සේවා” කියල මම කීවට, මෙතනදී සිදුවන්නේ මම එක් ප්‍රවෘත්තියක් කාටහරි දීල ඔහුගෙන් ප්‍රවෘත්තියක් ඉල්ලා ගැනීම නම් නෙවෙයි!
ඇත්තෙන්ම මෙහිදී සිදු වන්නේ යම් වෙබ් අඩවියකදී අපිට හමුවන වැදගත් ලිපියක් වැන්නක් පිළිඉඳව අපගේ මිතුරන්හට දැනුම් දීමයි.
උදාහරණයක් විදියට මෙහෙම කියන්න පුළුවන්; ඔන්න මට හොඳ පොතක් හම්බවෙනවා ඉස්කොලේ පුස්තකාලයේ තිබිලා. ඒක කියෙව්වාම මට හිතෙනවා මේක ගැන යාළුවොන්ටත් කීවොත් උන්ටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. ඉතින් ඒ අයට කොහොමද මේක කියන්නේ? එක්කෝ මට පුළුවන් හම්බවෙන හම්බවෙන හැම එක්කෙනාටම “මචං මෙන්න මෙහෙම පොතක් තියනවා, කියවල බලපං!” කියලා, එහෙමත් නැත්තං පංන්තියේ තියෙන නොටිස් බෝඩ් එකේ මම ලියනවා මෙන්න මෙහෙම:
මචං ලක්‍ෂමන් දිසානායකගෙ යාන්ත්‍ර විද්‍යාව පොත පුස්තකාලෙ භෞතික විද්‍යාව සෙක්ෂන් එකේ දෙවෙනි රාක්කෙ තියනවා, අරං බලපං පට්ට!
වඩා ලේසි මොන ක්‍රමේද? මෙතනින් අපේ යාළුවොන්ට වගේම මේ ගැන හොයල බලන ඕනම කෙනෙකුට අදාළ පොත ගැන දැනුවත් වෙන්න පුළුවන් නේද?
අන්න ඒ වගේ වැඩක් තමයි මේ මම කියන පුවත් බෙදාහදාගැනුම් සේවාවන් වළදී වෙන්නේ. අපිට යම් වැදගත් වෙබ් පිටුවක් හමු වුනාම ඒක අපේ මිතුරන්ට දැනුම් දීමයි මෙතන තියන සංකල්පය.
ඇයි මේ වගේ සේවා වැදගත් වෙන්නේ?
ඔබට කියවන්න ලැබුනේ වෙබයේ එච්චර අවධානය යොමු නොවන නමුත් වැදගත් වෙබ් පිටුවක් වෙන්නට ඇති. ඔබට වගේම ඒ වෙබ් පිටුව වැදගත් වන්නට පුළුවන් අන්තර්ජාල පරිශීලකයෝ ඕ නෑතරම් පිරිසක් ඇති. ඉහත සඳහන් කරන ලද පුවත් බෙදාහදාගැනුම් සේවා සපයන වෙබ් අඩවි වෙත බොහෝ අයගේ අවධානය යොමුව තිබෙන නිසා, එවන් තැනකට ඔබ විසින් කියවන්නට යෙදුනු වෙබ් පිටුව පිළිබඳ තොරතුරු එක් කළොත් එම අඩවියේ පරිශීලකයන්ටත් අදාළ වෙබ් පිටුවට ප්‍රවිෂ්ඨ වීමේ අවකාශය ලැබෙනවා.
මෙවන් පුවත් බෙදාහදාගැනුම් සේවා සපයන වෙබ් අඩවි සියල්ලම පාහේ යම් වෙබ් පිටුවක් එය වෙත එකතු කරන විට එම වෙබ් පිටුව අදාළ වෙන යම් ප්‍රවර්ගයක් තෝරන්නට අවස්ථාව දෙනවා. බොහෝ විට මේ ප්‍රවර්ගය තේරීමේ කටයුත්ත අනිවාර්යයි. ඉතින් යම් ප්‍රවර්ගයක් පිළිබඳව අවධානයෙන් සිටින්නෙකුට යම් ප්‍රවර්ගයක් වෙත නව වෙබ් පිටුවක් පිළිබඳ තොරතුරු එකතු වූ සැනින් දැනගන්නටත් අදාළ වෙබ් පිටුවට පිවිසෙන්නටත් අවස්ථාව ලැබෙනවා.
පරිශීලකයන්ගේ පැත්තෙන් පුවත් බෙදාහදාගැනුම් සේවාවක වැදගත් කම ඒකයි.
මගේ වෙබ් අඩවියට ප්‍රචාරයක් ගන්න පුළුවන්ද?
ඒවගේම වෙබයට අන්තර්ගත එකතු කරන අපි වගේ අයටත් මෙවන් සේවාවලින් ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඒ කියන්නේ යම් කෙනෙක්ගේ වෙබ් අඩවිය මේ මගේ බ්ලොගය වගේ එතරම් අවධානය යොමු නොවන එකක් නම්, වැඩි පාඨකයන් ප්‍රමාණයකට අපේ ප්‍රකාශනයන් යවන්නටත් මේවා ප්‍රයෝජනවත් වේවි.
කලින් සඳහන් කළා වගේම මේ වගේ සේවාවක මොකක් හරි ප්‍රවර්ගයකට අපේ වෙබ් පිටුව පිළිබඳ තොරතුරු එකතු කළාම ඒ ප්‍රවර්ගයේ වෙබ් පිටු පිළිබඳව අවධානයෙන් ඉන්න යමෙකුගේ ඇසට අපේ වෙබි පිටුව යොමු වෙන්නත් පුළුවන්.
සිංහලෙන් ලියන අයට මොකටද මේවා?
හොඳයි, අපි බ්ලොග් ලියනවා. ලියන්නෙ සිංහලෙන්. අපි බිලොග් ලිවීමේ පරමාර්ථය අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි කිරීම නොවුනට, අපි ලියන ලියුම් වලින් අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය ඉබේම වැඩි වෙනවා. ඉතින් ඒ අන්තර්ගතය වැඩි වීම වගේම ඒ අන්තර්ගතයට තිබෙන යොමු ප්‍රමාණය වැඩි වීමත් වැදගත්. ඉතින් ඒ අවශ්‍යතාවය මනාව සපුරන්නක් තමයි මේ අන්තර්ජාලයේ පුවත් බෙදාහදාගැනුම් සේවා.
කොහොමද මේ පුවත් බෙදාහදාගැනුම් සේවා වලට මගේ වෙබි පිටුව එක් කරන්නේ?
මහ දෙයක් නෑ, අදාළ සේවාව සපයන වෙබ් අඩවියකට ගිහිල්ලා අපේ වෙබ් පිටුවේ ලිපිනයයි ඔවුන් විමසන තොරතුරු කිහිපයකුයි ලබා දීම ප්‍රමාණවත්. ඇතැම් වෙබ් අඩවි වල මේ සඳහා ලියාපදිංචිවී සිටිය යුතු වෙනවා. බය වෙන්න දෙයක් නෑ, මේ සේවාව සපයන අඩවි සියල්ලම නොමිලේ තමයි තමන්ගේ සේවාව ලබා දෙන්නේ.
බ්ලොග් ලිපියක් ලියන්න පුළුවන් ඔබට, මේ සේවාවකට වෙබ් පිටුවක ලිපිනයක් එකතු කරන එක එතරම් අමාරු දෙයක් නෙවෙයි.
මොනවද දැන් ඔය සේවා ලබාගන්න පුළුවන් වෙබ් අඩවි?
වෙබයේ මේ සේවාව සඳහා ජනප්‍රිය වෙබ් අඩවි රාශියක් තියනවා.
Facebook: පුදුම වුනාද? නෑහ් පුදුම වෙන්න දෙයක් නෑ, අපේ ගොඩක් දෙනෙක් කාලය කන වෙබ් අඩවියක් විදියට යොදාගන්නා Facebook මගින් මේ සේවාව ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. අපේ වෙබ් පිටුවේ ලිපිනය අපගේ Facebook Wall එකේ දමා Share කිරීමෙන් අපගේ Facebook මිතුරන්ගේ අවධානය අපේ වෙබි පිටුවට ගන්න පුළුවන්.
Twitter: අප නිතරම භාවිතා කරන සේවාවක් වන Twitter හරහාත් අපගේ වෙබි පිටු පිළිබඳ තොරතුරු අපගේ මිතුරන් සමග බෙදා හදාගන්නට පුළුවන්.
Digg: මේ වෙබ් අඩවිය තනා තිබෙන්නේම පුවත් බෙදා හදාගන්නටයි. මේ අඩවියේ එහෙම කරනවාට කියන්නේ “Digging” හෙවත් “ඩිග් කරනවා” කියලායි. ඩිග් කරන්නන් ප්‍රමාණය වැඩි තරමට අපගේ වෙබ් පිටුවට තිබෙන ප්‍රචාරය ඉහළයි.
ඉහත Digg ආකාරයේම හැකියාවන් තියන වෙබ් අඩවි ටිකක් පහත දක්වන්නම්:
ඉතින් මේ සේවාවන් භාවිතා කිරීම ආරම්භ කරලා ඔබත් ඔබේ මිතුරනුත් අන්තර්ජාලයට එකතු කරන අන්තර්ගත වලට ප්‍රචාරයක් ලබාගන්න, තවත් කෙනෙකුට ඒවාට ළඟාවෙන්නට උදව් කරන්න.
මචං ලක්‍ෂමන් දිසානායකගෙ යාන්ත්‍ර විද්‍යාව පොත පුස්තකාලෙ භෞතික විද්‍යාව සෙක්ෂන් එකේ දෙවෙනි රාක්කෙ තියනවා, අරං බලපං පට්ට!


ඇයි මචන් http://www.twitterfeed.com එකෙන් ඔය ඔය සයිට් වලට නිකංම Feed කොරවනවානේ?
මාත් මගේ Twitter ඒක සින්ඩියේ නැති එව්වා හා කලාවට සම්බන්ධ බිලොග් කිහිපයකුත් මගේ එව්වාත් සම්බන්ධ කරලානේ තියෙන්නේ.
Posted by ~බිன்ku~ on January 8th, 2010.
@~බිன்ku~: මම TwitterFeed පාවිච්චි කරලා නම් නෑ, ට්‍රයියක් දාලා බලන්න ඕන!
Posted by budhajeewa on January 8th, 2010.
ලිපිය ඒල,
ඒත් ගත්ත උදා තමයි මට මල පැන්නෙ "ලක්‍ෂමන් දිසානායකගෙ යාන්ත්‍ර විද්‍යාව පොත " ඔක තමයි අවුරැදක් උපෙළ නැති කෙලෙ … හැබැයි නරකක් උනෙ නැහැ …..
Posted by වැප් on January 8th, 2010.
එළ එළ අයියා….. නියම ලිපිය දැන් අපේ බ්ලොගේටත් හොඳ ප්‍රතිචාරයක් දෙන්න පුළුවන් නේ….
Posted by Anonymous on January 8th, 2010.
@වැප්: පොතේ නං අස්පට්ටක් නෑ. අපේ පංතියෙ පාඩම කරන්න කලිං ඕකෙං බලන් යන එක තමයි මම කරන්නේ!
@සිතිජ සහන් හසාර හේවාගමගේ: ඔවු මල්ලි.
Posted by budhajeewa on January 8th, 2010.
එල, ගොඩක් වැදගත් ලිපියක්.
අපේ fb, twitter ඇරුණම අනිත් අඩවි පාවිච්චිය හරිම අඩුයිනෙ. අපිට වෙබ් අඩවියක්, බ්ලොග් එකක් නැතත් ඔය digg, stumbleupon වගේ අඩවිවලින් ගොඩක් ප්‍රයෝජනවත් දේවල් හොයාගන්න ඇහැකි. නිකං ඉන්න වෙලාවට මේවට ගිහින් කරක් ගහනව නම් ගොඩක් අළුත් අළුත් දේවල් හොයාගන්න පුළුවන්.
Posted by තමීර on January 8th, 2010.
බින්කුවෝ…
twitterfeed එකෙන් Digg, Stumbleupon කොරන්න බැරියෝ…..
@බුධාජීව,
මීලඟට මේ සයිට් වලට ඇඩ් කරන්න ලේසි වෙන්න අපේ බ්ලොග් වලට දාගන්න පුලුවන් buttons ගැනත් ලියන්න. (Sociable වගේ)
Posted by ඉන්දරේ on January 9th, 2010.
සිංහල ලිපි කට්ටිය Digg නොකරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි මේ වගේ බට්න් එකක් හරහා digg කරන්න ගියාම digg.com එකේදි සිංහල අකුරු අඳුරගන්නෙ නෑ. විකාර ගොඩක් පේන්නේ. ඉතිං ආපහු Title එකයි,description එකයි අතින් ගහන්න වෙනවා.
Posted by ඉන්දරේ on January 9th, 2010.
මේක ලියන්න සෑහෙන ගේමක් දීල වගේ අයියා….
Posted by Anonymous on January 16th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: ඒ මොකෝ බං එහෙම හිතුනේ?
Posted by budhajeewa on January 16th, 2010.
ඕබ කෙනෙකුට තේරෙනවා ඒක. ලිපිය දාන්න කළින් දවසේම මූණු පොතේ status එකකුත් දාලානේ වැඩේ පටන් ගත්තේ.
Posted by Anonymous on January 16th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ :
Posted by budhajeewa on January 16th, 2010.