මේක ලියන්නේ බංග්ලාදේශ් – ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තුන් කොන් තරගාවලිය ඉවර වුනු ගමන් මයි.
ඉස්කෝලෙ ගිහිං හිටපු නිසා බංග්ලාදේශ් පන්‍දුවට පහර දෙනවා බලන්න බැරි වුනා. කොහොම නමුත් cricinfo.com වලින් තරගයේ ලකුණු බැලුවා. ලංකාව ලකුණු 31 ට කඩුළු 5 යි, සනත් ජයසූරිය 0 කියල අඩවියේ උඩින්ම “ලස්සනට” (?) දාලා තිබුනා. තරගෙ ගැන ඉතින් වෙන මොනව අහන්න ද කියල අඩවියෙන් ඉවත් වෙලා මම වෙන වැඩක් කළා.
ගෙදර එනකොට මහ යි සංග යි පන්‍දුවට පහර දෙනවා. සංග හෙමින් හෙමින් එහාට මෙහාට පිත්‍ත වන වනා පන්‍දු වාර එකකට ලකුණු 2 – 3 දුවමින් ඉන්න අතරේ, දිනුම නිකං පේනවා – නැති වෙනවා වගේ තත්‍වයක් තිබුනේ. අන්‍තිමට සංග ත් දැවුන ට පස්සේ ඉතිං බලාපොරොත්තු සුනේ සුං ම තමයි. බලන්න එපැයි බංග්ලාදේශ් නරඹන්නන්ගේ ප්‍රීති ගෝෂා. සංග දැවුනු වෙලාවේ උන් උඩ පැන්නේ ලංකා වෙ අවසන් කඩුල්ල ත් බිඳ වැටිලා වගේ.
ඊට පස්සෙ ආවෙ මුරලි. ඌ ආවොත් ඉතිං ලංකාවෙ කට්ටිය ට නිකං තරගෙ පරාද උනා වගේ ම නේ ? ඉතිං මාත් හිතුවා ලංකා ව ට බඩු ම තමා කියලා.
කොහෙද, මුරලි එක් පන්‍දු වාරයකදි ලකුණු 20 ක් (4,4,4,2,0,6 වගෙයි මතක) රැස් කරමින් ඉහළ ට නැගල තිබුනු අවශ්‍ය ලකුණු රැස් කිරීමේ වේගය පහතට ගේන කොට අර පන්‍දු වාරය ක ට කලිං උඩ පැන පැන හිටපු බංග්ලාදේශ් නරඹන්නෝ මුව අයා ගෙන, ඇස් යොමා ගෙන මැද්ද දිහා බලං ඉන්න වා.
මුරලි ගෙන් අපි කවදා වත් ඒ වගේ පන්‍දුව ට පහර දීමක් බලා පොරොත්තු වුනේ නැහැ නේ ද ? මට හිතෙනවා – සමහර විට – සංගා නො දැවී කඩුල්ලේ සිටියා නම්, ලංකා ව තරගය පරාජය වෙන්න ට තිබුනා කියලා.
ලංකාවෙ ක්‍රිකට් වලට මොකද වෙලා තියෙන්නේ ?
ඉන්‍දියා වේ ශ්‍රී ලංකා සංචාරය මොන වගේ වෙයි ද ?


මුරලිට පිං සිද්ධවෙන්න ලංකාවේ ක්‍රිකට් ටීම් එක විළිවසාගත්තා. ඉන්දියාවේ සංචාරය ගැන නම් බලාපොරොත්තු තියාගන්න බැරිවෙයි වගේ.
Posted by පහන් on January 17th, 2009.
ක්‍රිකට් උන්මාදයකින් පෙළුණු මට ක්‍රිකට් එපා වෙලා තිබුණේ. අර්ජුනලා මහේලලා කරපු වැඩ නිසා මම ඇත්තටම බංගලාදේශය අවසන් මහා තරගය දිනන්න ඕන කියලා ප්‍රාර්ථනා කළා. සංගා අවුට් වුනාම මට සතුටක් ඇති වුනා. ඒත් මුරලිගේ ධෛර්යවන්ත පහරදීම දැක්කම මම නැවත වතාවක් ලංකාවට හුරේ දැම්මා. මේ වෙනස අපේ ක්‍රිකට් බලධාරීන් තේරැම් ගත යුතුයි.
Posted by Anonymous on January 17th, 2009.
@ සජීව විජේවීර :
>අර්ජුනලා මහේලලා කරපු වැඩ නිසා…
අර්ජුන කරපු වැඩ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. නමුත් මහේල කරපු වැඩේ මොකක්ද ?
Posted by Buddy-J on January 17th, 2009.