
අපි ගොඩක්දෙනෙක් දැන් Facebook වැනි සමාජජාල අඩවි වල සාමාජිකයන්. මෙම සමාජ ජාල අඩවි වලදී වෙන්නේ අපේ තොරතුරු එම සමාජ ජාල අඩවි වල අපගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමයි. නමුත්, එතනදී අපි මිතුරන් කියන කුලකයට සීමා වෙනවා. කැමති නැද්ද මුළු ලෝකයත් එක්කම ඒ තොරතුරු හුවමාරු කරගන්න ?
ඔබ ඒකට කැමති නම්, ඒ හැකියාව ඔබට ලබාදෙන්න තමයි Storytlr තියෙන්නේ.
මෙහිදී ඔබගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් රැගත් news stream එකක් එම අඩවියේ දිස් වන සේ සකසන්නට පුළුවන්. ඒ සඳහා ඔබට පහත සඳහන් වෙබ් සේවාවල දත්ත ආනයනය කළ හැකියි.
- Delicious
- Digg
- Flickr
- Google Reader
- Identi.ca
- Lastfm
- Picasa
- Qik
- RSS (ඕනෑ තරම් RSS පෝෂක ගණනක්)
- Seesmic
- StumbleUpon
- Tumblr
- Vimeo
- Youtube
එහෙම ආනයනය කළාට පසු ඔබ ඒ ඒ අඩවි වල කරන ක්‍රියාකාරකම් ගැන විස්තර මෙහි පළවෙනවා. Facebook වලත් මේ විදියේ පහසුකමක් තිබෙනවා නේද ? මෙහි විශේෂත්වය Facebook හි මෙන් නොව අන්තර්ජාලයේ ඕනෑම අයෙකුට මෙම තොරතුරු බලා ගැනීමේ හැකියාව තිබීමයි.
ඇත්තෙන්ම මේ අඩවිය යනු බ්ලොග්කරණය වැනි වූ අළුතින් අන්තර්ජාලයේ පැතිර යන ප්‍රවනතාවයක් වන lifestream සේවා සපයන අඩවියක්.
ඔබ කොයි වෙලාවකවත් පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට එකතු කරන්නේ නැති නම්, මෙම අඩවියටත් ඔබේ පෞද්ගලික තොරතුරු ඒමේ හැකියාවක් නෑ. ඕනෑම සේවාවක් තමන්ගේ පරිස්සම තහවුරු කරගනිමින් භාවිතා කිරීම, බාවිතා කරන ඔබගේ වගකීමයි.
ගිහින් බලන්න : Storytlr


just signed up great!!!
Posted by deeps on July 7th, 2009.
@deeps :
කොහොම වුනත් පරිස්සමින් !
Posted by Buddy-J on July 8th, 2009.
[...] තියනවා. උදාහරණයක් විදියට FriendFeed සහ Storytlr දක්වන්න [...]
Posted by බුධාජීවගේ ලියමන | Facebook සහ FriendFeed එකතුව අපේ අයට කොහොම බලපායිද ? on September 3rd, 2009.