
Digg කියන්නේ ජනප්‍රිය සමාජයීය පොත්සලකුණු සේවාව (social bookmark service) ක්.
අපේ බ්ලොග් ලිපිවලට මේ Digg වෙත එක් කිරීම සඳහා ක්‍රම රාශියක් තියනවා.
- අතින් එක් කිරීම. (manually)
- WordPress සඳහා ඇති Sociable වැනි ප්‍ලගින මගින්.
ආදී ලෙස.
මේ සඳහා Digg සේවාව මගින්ම ලබා දෙන ක්‍රමයකුත් තියනවා. ඒ Digg වෙතින් ලබාදෙන පොඩි JavaScript ගොනුවක් අපේ ලිපිය වෙත සබැඳීමයි. මෙහි ඇති වාසිය නම් Digg මත අපේ ලිපිය dugg කර ඇති වාර ගණන පහසුවෙන් බලාගන්න පාඨකයාට පුළුවන් වීමත්, ලෙහෙසියෙන් එහි ඇති Digg This කියන සබැඳිය ක්ලික් කිරීමෙන් එය digg කිරීමටත් ඔහු වෙත අවස්ථාන ලැබීමයි.
කරන්න තිබෙන්නේ මෙන්න මේ HTML කේත ටික ඔබේ බ්ලොග් ලිපියේ Digg බොත්තම දර්ශනය වීමට කැමති තැනට පිටපත් කිරීමයි.
<object name=”digg” id=”digg” align=”left” hspace=”10px”><script src=”http://digg.com/tools/diggthis.js” type=”text/javascript”></script></object>
එවිට මේ ලිපියෙත් ඉහළ පේන්නට තිබෙන ආකාරයේ Digg බොත්තමක් ඔබේ ලිපියට ලැබෙනු ඇති.
ඉහත සඳහන් කරන ලද HTML කේතයේ,
- align=”left”
- hspace=”10px”
යන අගයන් කැමති ලෙස වෙනස් කරගන්න.


ආ.. මේක බොහොම වැදගත්..
–
ප.ලි: මොකද මේ දවස්වල sociable අල වෙලා. ගොඩක් බට්න් වල ඉමේජ වෙනුවට ටෙක්ස්ට් එක පේන්නේ. ඒත් ෆෝල්ඩරය ඇතුලෙ ඉමේජ් ටිකත් තියෙනවා.
Posted by ප්‍රවී on July 4th, 2009.
අපේ අය digg කරනව කරනව මං වැඩි දැකල නං නැහැ. හැබැයි මේක වැදගත්
Posted by අනූ on July 4th, 2009.
@ ප්‍රවීන් :
ඒක නොවැ. ඔය බලන්න, මගෙත් Sociable අල වෙලා.
@අනූ :
සාමාන්‍යයෙන් ලංකාවෙ ප්‍රචලිත මොකක්ද ?
Posted by Buddy-J on July 4th, 2009.
වෑදගත් මේ දේ.
Posted by NUWAN"s lane on July 4th, 2009.
මම නම් හිතන්නෙ Facebook තමයි ලංකාවෙ ප්‍රසිද්ධම..
Posted by කණිෂ්ක on July 4th, 2009.
@ කණිෂ්ක :
Digg වෙත Facebook Connect භාවිතයෙන් ඇතුළුවන්න. එවිට Digg හි ඔබ කරන දේ ගැන ඔබේ Facebook Profile එක යාවත්කාල වෙනවා. එනිසා තැන් 2ම අය ඔබ Digg කරන දේ ගැන දැනගන්නවා.
Posted by Buddy-J on July 5th, 2009.
ඔය බටන් එක එබුව ගමන්ම ඩිග් වෙනව නම් කිසිම ප්‍රශ්නයක් නැහැනෙ. ටිකක් සංකීර්ණ ප්ලෑන් එකක්. මේ නිසා කට්ටිය ඩිග් කරන එක අඩුවෙනව.
ජාවාස්ක්‍රිප්ට් කෑල්ල ගොඩක් වටිනවා. ස්තුතියි!
ප.ලි.
ඔන්න මාත් මේක ඩිග් කරා
Posted by තමීර on July 5th, 2009.
@ තමීර :
මෙතනින් Digg කළත්, Digg අඩවියටම ගිහිං Digg කළත් ඔය සංකීර්ණ ප්ලෑන් එකට මුහුණ දෙන්න වෙනවා.
සිරාවට, ඒක ඔය කියන තරං සංකීර්ණ ද ?
ඇත්තටම, Digg වලින් අනං-මනං ඕන නැති ප්‍රශ්න නෙවේ නෙ අහන්නෙ, පොත් සලකුණ දාන්න ඕන ප්‍රවර්ගය, පොත්සලකුණු නාමය හා පොඩි විස්තරයක් විතරයි නෙ.
Digg කරපු එකට තැංකූ වේවා !
Posted by Buddy-J on July 5th, 2009.