නොදන්නා පරිගණකයකින් ඔබගේ Facebook ගිණුමට ඇතුලුවීමක් සිදුවූ විට SMS පණිවුඩ හෝ ඊමේල් මගින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනා ආවුදයක් පිළිබඳව Facebook වෙතින් මේ දැන් නිවේදනයක් නිකුත් කෙරිනි.
මෙහි ප්‍රයෝජනය වන්නේ යමෙකු ඔබගේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවී ඇති විටක – හැකියාවක් ඇත්නම් – මුරපදය වෙනස් කිරීමට හෝ ඒ සම්බන්‍ධව Facebook සම්බන්‍ධ කරගැනීමට අවස්ථාව සලසා දීමයි.
මෙම දැනුම්දීම් සක්‍රීය කළ විට ඔබ නව පරිගණකයකින් Facebook ගිණුමට ඇතුලු වන විට ඒ සියළුම පරිගණක Facebook වෙත ලියාපදිංචි කිරීමට සිදු වන අතර, එය පෞද්ගලික හෝ පොදු පරිගණකයක්ද යන්න දැක්වීමට සිදු වනු ඇත.
එම නිසා ඔබගේ ගිණුමට ඇතුලුවන්නන් විසින් එසේ ලියාපදිංචි කරනු ලැබූ අවස්ථාවන් හි වාර්ථාවක් ඔබට බලාගැනිමට හැකිවන අතර, ඒ සියළු අවස්ථාවන්හීදි ඇතුලුවන්නන්ට යමක් යතුරුලියනය කිරීමට සිදුවන නිසා ඒ ඔබද නැතහොත් වෙනත් අයෙකුද යන්න ඔබට තහවුරු කරගත හැකිය.
එම හැකියාව සක්‍රීය කරගත හැකි ආකාරය පහත දැක්වේ:
පියවර 1: Account Settings වෙත ගොස් Notifications සක්‍රීය කරගන්න.
ඔබේ Facebook ගිණුමට ඇතුලු වී Account -> Account Settings යන්න ක්ලික් කරන්න.

මතුවන පිටුවේ Account Security යන්න ක්ලික් කරන්න.

අනතුරුව එහි Yes යන්න තෝරා “Submit” ක්ලික් කරන්න.
පියවර 2: Facebook ගිණුමට නැවත ඇතුලුවී ඔබේ පරිගණකය ලියාපදිංචි කරන්න.
ඔබ දැනට Facebook වෙත ඇතුලුවී සිටින පරිගණකය ලියාපදිංචි කරනා තුරු සැකසුම් රිසිකරන්නට (customize) ඔබට හැකියාවක් නොලැබෙනු ඇත. එම නිසා ඔබට Facebook වෙතින් logout වී නැවත login වීමට සිදුවනු ඇත. ඔබ නැවත ගිණුමට ඇතලුවන විට ඔබ භාවිතා කරන පරිගණකය ලියාපදිංචි කිරීීම සඳහාවන තිරයක් පැමිණෙනු ඇත.

දැනට භාවිතා කරන පරිගණකය සඳහා නමක් දෙන්න. එය ඔබට හඳුනාගත හැකි සහ මතක තබාගතහැකි එකක් විය යුතුය. එමෙන්ම Facebook විසින් එම පරිගණකය මතක තබාගත යුතුද නැත්ද යන්නත් දක්වන්න.
ඔබ භාවිතා කරන්නේ පොදු පරිගණකයක් නම් එය තේරීමෙන් වලකින්න.
නැවත Acoount Setting වෙත යාමෙන් ඔබේ Facebook ගිණුමට නව පරිගණක වලින් ඇතුලුවීීමේ අවස්ථාවල වාර්තාවක් දැකගත හැකිවනු ඇත.

ඉහත දැක්වුනේ http://mashable.com/2010/05/13/facebook-hacked-profile-steps/ හි පළවූ “HOW TO: Get Notified When Someone Hacks Your Facebook” නම් ලිපියේ ඍජු පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න!
Please notice that the, above was a direct translation of the post “HOW TO: Get Notified When Someone Hacks Your Facebook” published on http://mashable.com/2010/05/13/facebook-hacked-profile-steps/


අදහස නම් නරක නැහැ. බලන්න ඕනේ ඕක activate කරලා. ස්තූතියි බෙදා ගත්තාට මේ තොරතුර.
Posted by Ansh Lucky Sri Jay on May 14th, 2010.
නියම ලිපියක් කොල්ලෝ.
Posted by කසුන් on May 14th, 2010.
ඒක නෙමේ.. කවුද මේ Samuel Axon? (chuckle)
Posted by ගයන්ත on May 14th, 2010.
@Ansh Lucky Sri Jay: අනිවාර්යයෙංම කරන්න! (nod)
@කසුන්: මේක ඉතිං පරිවර්තනයක් විතරයි.
@ගයන්ත: ඇයි බං ඔය කියල තියෙන්නෙ, Mashable එකේ ගියපු ලිපිය පරිවර්තනේ කිරීම විතරයි කළේ. ඒකෙ පින්තූරත් එහෙම්මම ගත්තා.
Posted by budhajeewa on May 14th, 2010.
Done…
Thanks Malli…
Posted by Tissa Dodangoda on May 14th, 2010.
හැබැයි ඉතින් නෙට් කැෆේ වලින් එහෙම පේස් බුක් යන අයට ඕක මල කරදරයක් වෙයි නේද
කොහොම උනත් අනික් අයට නම් ඉතා වැදගත්.
Posted by කසුන් නදීශන on May 14th, 2010.
@කසුන් නදීශන:
වචනයක් දෙකක් ලියන්න යන කාලයද තමංගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කරගැනීම?
තුලාවක දාල බලන්න.
Posted by budhajeewa on May 14th, 2010.
@ budhajeewa
“තමංගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කරගැනීම” ගැනීම කියන පැත්ත බර වුනා.
ඇත්ත තමයි අන් කවරදාකටත් වඩා අද කාලයේ තමංගේ පෞද්ගලිකත්වය ඉතාම වැදගත්.
මම තුලාවක දාලා බැලුවා
Posted by කසුන් නදීශන on May 14th, 2010.
එල එල… මමත් වැඩේට බැස්සා..
Posted by maduonline on May 14th, 2010.
වැදගත් ලිපියක්
Posted by හසී on May 14th, 2010.
නියමයි මගේ ගිනුමට අවාට කමක් නැ ඕන එකෙක් මෙකද ඔන දෙයක් බලාගෙන පලයන් කියනවා. කවුද බන් කැපේ වලින් නෙට් යන්න තරම් ඉන්න හිගන්නෝ හික්
Posted by AnuradhapuraZone on May 14th, 2010.
බොහොම වටිනවා !!
Posted by Dar[K] on May 14th, 2010.
හොඳ ලිපියක්.. FB ඉන්න අයට වැදගත් වෙයි.
Posted by හෙළයා on May 14th, 2010.
සිරා සිරා, ඔන්න මමත් හොරකං කරගත්තා ලිපිය.
Posted by änthräX on May 14th, 2010.
හුගාක් වටිනව. මමත් ඒක හදාගත්ත. තැන්ක්යු වේවා
Posted by ආදර කතාව on May 14th, 2010.
thank machn………………
Posted by lasitha on May 15th, 2010.
ගොඩක් වැදගත් හොද ලිපියක්. දැන් හැකර්ල කියල ඉන්න කෂ්ටියට වැඩ පොඩ්ඩක් අමාරු වේවි
Posted by සිතිජ සහන් හසාර හේවාගමගේ on May 16th, 2010.