කාන්තාරේ

කාන්තාරෙකට වැස්ස වැටෙන්නේ නැත්තේ
කාන්තාරෙ වැස්ස එපා කියපු නිසා නෙවෙයි

සේරම දැවිල අලු වෙලා යන්න
ගහක් කොලක් පේනතෙක් මානෙක නැතිවෙන්න
හේතුව කාන්තාරයක් වීමම නෙවෙයි

Share

කොහොමත් කාන්තාරෙ එච්චර ප්‍රිය මනාප තැනක් නෙවෙයි
වැස්ස එන්නෙ නැත්තෙත් ඒ නිසා වෙන්න ඇති

ඉවසං ඉන්න බැරි තරම්
කාන්තාරෙ සීතල වෙන සමහර වෙලාවට
කාන්තාරෙ අඬනවා

මේ ලෝකෙ වැස්ස ඕනම තැන කාන්තාරෙ
නමුත්, වැස්ස වැටෙන්නෙත් නැත්තෙ එතනටම තමා

එක අතකට, වැස්ස එනව නම් ඒක කාන්තාරයක් වෙන්නෙ කොහොමද?

කාන්තාරයක් ඇති වෙන්නෙ වැස්ස නැති නිසා කියල කීයෙන් කීදෙනාටද හිතෙන්නේ? වැස්ස වැටුනා නම්, කාන්තාරයත් හිනාවේවි.

වැස්සට වැදගත් වැඩ. කාන්තාරෙ ඔහෙ තිබිච්චිදෙන්, කවුද ගණන් ගන්නේ?

12 comments.

  1. එළ! දිගටම ලියමු…

  2. @සුපුන් සුදාරක: අර මොකටැයි? ඕක මේ නිකං හිතිච්ච එකක්. ටුවිට් කොරන්න දිග වැඩි නිසා බ්ලොගේ දැම්මා.

  3. ලස්සනයි මල්ලී. සුභ…! දිගට ම ලියන්න අදහස් පහල වේවා කියලා සුභපතනවා…!

  4. @LishWish: තැංකූ වෙවා! :)

  5. වැස්ස කාන්තාරෙ හොයන් ආවත්

    කාන්තාරෙ කොයි තරම් ඇඩුවත්

    වැස්ස කොයි තරම් අඩා වැටුනත්

    ඒ කදුලු වලින් කාන්තාරෙ තෙමුනත්

    කාන්තාරෙ ඒ සියුම් වැලි වලට යටින්

    තියෙන්න හුණු පාට වෙච්චි

    ගල්තලාවක් විතරයි…

  6. බුධා සහරා යයි!!!!

    ලස්සන පෝස්ට් එක. හැබෑට කාන්තාරෙට වහින්නෙ නෑ නේද? අපිට වහිනවා…… සෑහෙන්න හිතන්න වෙනවා…… :P
    ජය වේවා!!!!

  7. @Prabath: කාන්තාරෙ යටින් තියෙන්නේ ගල්තලාවක් විතරක් නම් ඇයි අඬන්නේ? වැස්සටත් වැරදිලා තියෙන්නෙ අන්න එතන තමා. කාන්තාරෙ කියන්නෙ බොල් ගල් තලාවක් උඩ තියන වැලි තලාවක් විතරයි කියලයි වැස්ස හිතන් ඉන්නේ. වැස්ස වැටුනා නම්, කාන්තාරෙත් ගස් වැඩේවි – මල් පිපේවි.

    කවුද වැරදි, කාන්තාරෙද – වැස්සද?

    @දර්ශන:

    [said:දර්ශන]
    හැබෑට කාන්තාරෙට වහින්නෙ නෑ නේද? අපිට වහිනවා……
    [/said]

    අන්න ඒකනේ කියන්නේ, වැරදි වැඩ!

  8. අර්ථවත්
    ඔබට ජය !

  9. @Dasun madusanka: ස්තුතියි!

  10. කාන්තාරයට නම් වහිනවා, ඒත් ඒ වියලි වැසියැයි හදුන්වන බව මම අසා තියෙනවා.

    අපේ බුධා මලයා අළුත් මුහුවරයක් අරං වගේ ;)

  11. මට නම් හිතෙන්නෙ බුධාජීව මලයට ආදරයක් ගැන හිතිල වගේ. ඉවසන්න මල්ලී කාන්තාරෙටත් වහින කාලයක් තියෙනව.

  12. @~බිன்ku~: මොණ අළුත් මුහුණුවරද බං? තාම අර හැඟීම් දැනීම් නැති කොම්පීටර් බුධා තමයි! :P

    @තාරක සමරණායක: ආහ්… ඒ විදියටත් ඕන නං අර්ථකතනේ කරන්න බැරි කමකුත් නෑ නෙවද? :)

Post a comment.