අපි වෙබ් එකේ සැරිසරනකොට නොයෙකුත් කරුණු කාරණා අපිට හමු වෙනවා. වැදගත් දෙයක් තිබුනොත් ඒ පේජ් එක සේව් කරගන්නවා, පොත්සලකුණු කරගන්නවා. කැමති නැද්ද ඒ දේවලා කොපි කරලා වෙබ් එකේම තැනක පේස්ට් කරගන්න ? වෙබ් එකේ තියන දෙයක් නෙවෙයි, ඕනම දෙයක් මම දැන් කියන්න හදන සේවාව භාවිතා කරලා මුළු ලෝකෙටම පේන විදියට සටහන් කරලා තියාගන්නත් පුවවන්.

මේ සේවාවේ නම තමයි “TinyPaste”. Paste කියලා තිබ්බට අපිට මෙතනට දේවල් පේස්ට් කරනව වගේම ඕනම දෙයක් සටහන් කිරීමේ හැකියාව තිබෙනවා. අකුරු වර්ණගන්වන්න, අකුරු ප්‍රමාණයන් තෝරාගන්න, සබැඳී – පිංතූර – වීඩියෝ ඇතුලත් කරන්න වගේ ගොඩක් දේවල් මෙතනින් කරන්න පුළුවන්.
ලියාපදිංචි වෙලා හෝ නැතුව අපිට මේ සේවාව පාවිච්චි කිරීමේ හැකියාව තියනවා. නමුත් ලියාපදිංචි වෙලා ඉන්න කියලා තමයි මම කියන්නේ. මොකද එතකොට අපි කළින් දමපු සටහනක් සංස්කරණය කරන්න වගේම අපි දමාපු සටහන් ලයිස්තුවක් බලාගන්නත් අපිට හැකියාව ලැබෙනවා.
මේ සේවාව ගැන කලිං දවසක Twitter වලදි කියපු අපේ බින්කු අයියා යෝජනා කරපු විදියට, අපිට මොන වෙලාවක හරි Twitter වල අකුරු 140 මදි වුනොත් කරන්න තියෙන්නේ, කියන්න ඕන දේ මෙතන සටහන් කරලා, මෙතනින් ලැබෙන ඒ සටහනට අදාළ ලිපිනය tweet කරන එකයි.
ගිහින් බලන්න : http://tinypaste.com



බුධාජීවටත් මාර දේවල්නේ හම්බවෙන්නේ…
Posted by Anonymous on August 11th, 2009.
අපේ බින්කු මලයද කොහෙද ඕක ගැන මට කිව්ව. හැබැයි මම අත්හදා බැලුවෙ දැං තමා.
Posted by අනූ on August 12th, 2009.
TinyPaste එකේ Firefox පැරණි සංස්කරණ වල වැඩ කරන Add-on ඒක : https://addons.mozilla.org/en-US/firefox/addon/78…
Posted by -බිன்ku- on August 12th, 2009.