මධුමාධව අරවින්‍ද කියන මේ සින්‍දුව කාලයක් තිස්සෙ මට ඇහුනෙ නැතිව තිබිල ඊයෙ පන්‍ති යන ගමං බස් එකේදි ඇහුනා. ඒ වෙලාවෙ හිතුවා කොහොම හරි මේක ජංජාලෙං බාගන්න ඕන කියල. උත්සාහ කරල කරල බැරිම තැන අපේ ඉන්දරේ අයියගෙනුත් උදව් ඉල්ලුව මේකෙ MP3 එකක් හොයාගන්න. ඒ කරලත් බැරිම තැන පහළ තියන YouTube වීඩියෝ එක බාලා MP4 වීඩියෝ එකක් හැටියට, පස්සෙ MP3 කරගත්තා.
YouTube වීඩියෝ එක බාගත්තේ keepvid.com වලින්. මෙතනින් FLV හෝ MP4 යන ආකාර දෙකෙන් කැමති ආකාරයකට බාගන්න පුළුවන්. MP4 එකේ ගුණාත්මකභාවය වැඩිළු. ඒ නිසා MP4 එක බාගත්තා.
මෙන්න මෙහෙමයි MP4 එක MP3 කරගත්තේ.
අළුත් ට’මිනල් එකක් ඇරලා, මෙන්න මෙහෙම ලියන්න :
ffmpeg -i /path/to/input.mp4 /path/to/output.mp3
එහෙම හරවපු MP3 එක මෙන්න, බාගන්න !
මෙන්න ගී පද :
ළඹ සවන් රන් පටින්
දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවිම්න්
පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින්
තුනු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී – ගය ගයා මියුරු අරුතින්
දැහැමින් බැඳි සිත් මඩින්ට මාර සෙන් වටින්
උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
සෙවණින් බෝ පත් අතරේ ගැලූ අම ගඟින්
පවසින් දහමේ නිවුනේ දම් අමා රසින්
කැණිමඬල පළාලා – සුනු විසුනු කළා මැදුරක්
යලි මැදුර සදාලා – වෙහෙසුමක් තොපට නැත්තේ
මම ගයමි උදම් ගී – නද දුන්නු රාජ මිඟිදෙක්
දැහැමින් බවුන් වඩයි – නේරංජන නදි තීරේ
ළඹ සවන් රන් පටින්
දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවිම්න්
පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින්
තුනු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී – ගය ගයා මියුරු අරුතින්
දස දහසක් සක්වා තළ එකම්පිත වෙවී
දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැළී
දෙව් බඹ සුර නා සේනා සාදුකාර දී
පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී
කැණිමඬල පළාලා – සුනු විසුනු කළා මැදුරක්
යලි මැදුර සදාලා – වෙහෙසුමක් තොපට නැත්තේ
මම ගයමි උදම් ගී – නද දුන්නු රාජ මිඟිදෙක්
දැහැමින් බවුන් වඩයි – නේරංජන නදි තීරේ


මේක ඉස්සර උදේට ඉස්කෝලෙ දානව.. මට හොඳට මතකයි..
Posted by අනූ on July 12th, 2009.
කොහොමඋනත් උදව් කරන්න බැරිවීම ගැන කණගාටුයි. මට හම්බුන ලින්ක් ඔක්කොම SendSpace එකේ එව්වා, ඒවා එක්ස්පයර් වෙනවනේ. ඒ නිසා දැං බලනකොට වැඩ නෑ.
ෂහ්, මේ කමාන්ඩ් ලැයින් එකෙන් ඕඩියෝ ස්ප්ලිට් කිරිල්ල නං මරු.
Posted by ප්‍රවීන් ඉන්ද්‍රනාම on July 12th, 2009.
මගෙත් ප්‍රියතම ගීතයක්. දැන් වැඩිය ඇහෙන්නෙ නැහෙනෙ මේවා…
Posted by ශාකුන්තල on July 12th, 2009.
මල්ලි, ලිපියට තුති. බුදු රජානන් වහන්සේ (මාර දූ වරු සහ මාර පරාජය කරමින් බුද්ධත්වයට පැමිණීම) ගැන ගැයෙන වෙනස් ආකාරයක ගීයක් තමයි මේ.
සටහන් කර ඇති වචන කිහිපයක පොඩි වෙනස්කම් වගයක්නම් තියනවා.
"මම ගයමි උදම් ගී – නද දුන්නු රාජ මිගිඳෙක්"
ලෙස විය යුතුයි. ඒ වගේම
"දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී"
ලෙසටත් වෙනස් විය යුතුයි.
මීට අමතරව, ගීතයේ ගායනා වන්නේ "සුණු විසුණු කරා මැදුරක්" ලෙස බවයි මගේ විශ්වාසය.
කොහොම වුනත් අරුත්බර ගීතයක
Posted by ගවීන් on July 13th, 2009.
@ ගවීන් :
මම ඔය දාල තියන වීඩියෝ එක යටින් තියන ගී පද බලාගෙන තමයි ලිව්වේ. ඒ නිසා වැරදි කියපු එකට තැංකූ වේවා !
[said : ගවීන්]
“මම ගයමි උදම් ගී – නද දුන්නු රාජ මිගිඳෙක්”
ලෙස විය යුතුයි. ඒ වගේම
[/said]
"මිඟිදෙක්" කියන එකේ තේරුම මොකක්ද ?
[said : ගවීන්]
“දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී”
ලෙසටත් වෙනස් විය යුතුයි.
[/said]
ඒකනම් හරිම පැහැදිළියි නේද ? "හැරී" කිවුවොත් කවුරු හරි විසින් කළා කියන අදහස එනව. "හැලී" කිවුවොත් තමයි අතීත කාල අර්ථය එන්නෙ.
[said : ගවීන්]
මීට අමතරව, ගීතයේ ගායනා වන්නේ “සුණු විසුණු කරා මැදුරක්” ලෙස බවයි මගේ විශ්වාසය.
[/said]
වීඩියෝ එකේ තිබ්බෙ නං "කළා" කියල. "කරා" කියල සාමාන්‍යයෙන් භාවිතා වෙන්නෙ දකුණෙ අපි අතර හින්‍ද ගායකයා කියන්නේ "කළා" කියලයි මට හිතුනෙ.
Posted by Buddy-J on July 13th, 2009.
warthamaanaye bihiuna uthcrushta nirmaanayak, mama mul kaale meke theruma gana hithanne nathuwa rasa winda, dan eeke thiyana artha rasayath ekka rasa windinawa, anaagathedee eeta obbata yanna tharam me geethaya aruth bara weida kiyala balamu
Posted by chaminda on July 13th, 2009.
http://www.mediafire.com/?sharekey=a6319ee66fae2f…
මිගිඳෙක් කියන්නේ මුව රජෙක් කියන එකට
ළඹ සවන් නෙවෙයි ලඹ සවන්
Posted by uthuvankande saradiy on July 13th, 2009.
මේ ගීතයට සැකසුනු ලස්සන වීඩියෝ එකක් මෙතන තියනවා..
http://nadunuyana.blogspot.com/2009/07/blog-post_…
මේ ගීය ගැන මමත් බ්ලොග් සටහනක් ලිව්ව ඒ ජූලි 18 වැනිදා. ඔබේ සටහන මේ වෙද්දි මම දැකල තිබුනෙ නෑ. සමාවන්න, ඔබේ මාතෘකාවක් ගැන මමත් ලියල කියල ඔබ සිතුවානම්. ඔබේ ලිපිය දැකල තිබුණනම් මේ වීඩියෝ එකත් ඇතුල් කරනවාමයි මගේ සටහනට…..
Posted by වජිර on July 25th, 2009.
@වජිර:
[said:වජිර]
සමාවන්න, ඔබේ මාතෘකාවක් ගැන මමත් ලියල කියල ඔබ සිතුවානම්.
[/said]
ආ.. මොනාටද එහෙම හිතන්නෙ ? අපිට කලිං මේ ගැන කීදෙනෙක් නං ලියල ඇද්ද ?
Posted by Buddy-J on July 25th, 2009.
අයියා මම අයියා ගැන ගොඩක් සතුටු වෙනවා මොකද මේ ලංකාවේ ඉන්න තරුණ කැල කරන්නේ අර කැපිච්ච පණුවෝ වගේ නටන සිංදු දාගෙන අහනවා. ඉතින් ඒවාට උන් නටනවා. ඒ විදියට බැලුවම අයියා වගේ තරුණ කොල්ලෝ ගැන අපි සතුටු වෙන්න ඕන. මම අහන්නේම පරණ සිංදු. හොඳ හරයක් තියෙන මිහිරි සිංදු විතරයි. මම ඒ විදියට හැදුනේ මගේ තාත්තා හොඳ සිංදු ලියන ගීත රචකයෙක් නිසා. මේ ලිපිය දැම්මාට අයියාට ගොඩක් පින්
Posted by Anonymous on February 19th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: එහෙම නටන්න ඕන තැනුත් තියනවා මල්ලි, ෆන් ගන්න වෙලාවට ෆන් ගන්න ඕනෙ ඒකෙ ගැටළුවක් නෑ.
මම ඉතිං පරණද අලුත්ද කියල තෝරගෙන සිංදු අහන්නෙ නෑ. අමරදේවගෙ සිංදුයි ඉරාජ්ගෙ සිංදුයි ඔක්කොම මට එකයි.
හොඳයි කියල හිතෙන ඕන එකක් මම අහනවා.
Posted by budhajeewa on February 19th, 2010.
@මනුස්සකම:
රැඩිකල්ද වින්කල්ද මගුලක් මම දන්නෙ නෑ බං, මට හොඳයි කියල හිතෙන සිංදුවක් මම අහනවා, මට හොඳයි කියල හිතෙන මතයක් මම දරනවා.
හැබැයි ඉතිං මම මේ සිංදුවට කැමති මේකෙ තේරුම නිසාම විතරක් නං නෙවෙයි, හොඳ සංගීත නිර්මාණයක් මේ තුළ තිබෙන නිසා.
Posted by budhajeewa on March 27th, 2010.
පුදුමයි මචන් රැඩිකල් අදහස් තියන උඹල වගේ අය මේ වගේ ආගමික ගීත ඇසීම ගැන!
Posted by Anonymous on March 28th, 2010.