දශක 3 කට වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලංකා ව ට මහත් හිසරදයක් ව තිබූ LTTE සංවිධානය මනාව සංවිධිත යුද මෙහෙයුම් මගින් දැනට මාස කිහිපයකට පෙර දනගස්වන ලදුව, ක්‍රියාත්‍මක වූ ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙවම සාර්ථක කර ගැනීමට පෙරේදා (17) දින වන විට ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ වලට හැකි විය.
මෙතෙක් කාලයක් අහිංසක ශ්‍රී ලාංකිකයන් තැනින් තැනට ගෙන යමින්, ඔවුන් අතර සැඟවෙමින් සිය දිවිය රැකගත් වේලුපිල්ලේ පිරපාහරන් ඇතුළු අනෙකුත් ත්‍රස්‍තවාදී නායකයන්‍ට සැඟවීමට තවදුරටත් මිනිස් පළිහක් ඔවුන් සතු නොවීය. 17 දින අපරභාගය වන විට වර්ග මීටර 800ක් තරම් වූ භූමි ප්‍රමාණයකට කොටු වූ අවසන් ත්‍රස්‍තවාදී නායකයන් කිහිප දෙනා සිය පාපකාරී දිවියේ අවසන් හෝරා කිහිපය ගෙවන බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ විය.
18 වන දින උදෑසන ක්‍රියාත්‍මක වූ හමුදා මෙහෙයුම් මගින් ඉතිරි බිම් කඩ රැඳී සිටි සියළු ත්‍රස්‍තවාදීන් මරුමුවට පත්ව ඇති බව සහ, ඒ අතුරින් වේලුපිල්ලේ පිරපාහරන්ගේ පුත් චාල්ස් ඇන්තනි ගේ මළ සිරුර හඳුනාගෙන ඇති බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර, පැයකින් පමණ ඊට අදාළ වීඩියෝ දර්ශන ද මාධ්‍ය වෙත ලබා දී තිබිනි. චාල්ස් ඇන්‍තනි පමණක් නොව නඩේසන්, සුසෙයි වැනි ත්‍රස්තවාදීන්ගේ සිරුරුද ඒ වන විට හඳුනාගෙන තිබිනි. නමුත් වේළුපිල්ලේ පිරපාහරන් ගේ සිරුර හඳුනාගත් බැව් මේ (2009.05.19 8.52 AM) වන තෙක් ප්‍රකාශ වී නොමැත.
වේලුපිල්ලේ පිරපාහරන් නිළ වශයෙන් මරණයට පත්ව ඇත්තේ ඊයේ තවත් ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු සමග ගිලන්රථයක නැගී පැණ යාමට ගත් උත්සාහයක් අතර තුර එකී ගිලන් රථය විනාශ කර දැමුමෙනි. නමුත්, ගිලන් රථයක නැගී වේළුපිල්ලේ පිරපාහරන් කොහි යාමට තැත් කළේ ද යන්න ලේඛකයාට ගැටළුවකි.
ඇත්තෙන්ම මීට දිනකට පමණ පෙර කටකතාවක් පැතිර ගිය ලෙස වේලුපිල්ලේ පිරපාහරන් ඇතුළු අනෙකුත් ත්‍රස්තවාදීන් සිටි බංකරයකට බෝම්බ දමා විනාශ කළ ද, නැතිනම් වෙනත් ක්‍රමයකින් මරණයට පත් කළ ද යන්න වැදගත් නොවේ. වැදගත් වන්නේ වේළුපිල්ලේ පිරපාහරන් මරණයට පත්වීම සහ ඒ බැව් නිළ වශයෙන් ප්‍රකාශ වීම පමණි.
අද දින වන විට හමුදා කණ්ඩායම් පුදේශයේ සෝදිසි කිරීම් කරනාතරතුර වේළුපිල්ලේ පිරපාහරන් ගේ සිරුර සෙවුමට වෛද්‍ය පරීක්‍ෂණ පැවැත්වෙන බව සැලයි.
***
මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ (වචනයේ පරිසමාප්තර අරථයෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ විපක්‍ෂ නායකයා වන අතර, සිය “වගකීම්” අකුරට ඉටු කරමින් ශ්‍රී ලංකාවට විපක්‍ෂ ක්‍රියාකාරකම් වල ඔහු ඇති තරම් යෙදේ.) මේ වන විට නෝර්වේ ඇතුළු ත්‍රස්‍තහිතවාදී යුරෝපා රටවල් කිහිපයක සංචාරය කරමින් සිටී. ඔහුගේ පෙරකාලීන ක්‍රියාකාරකම් දන්‍නා අයෙකුට මොහු මේ තීරණාත්මක අවස්ථාවේදී විදේශ ගත වූයේ කුමන කාර්යයකට දැයි උපකල්පනය කළ හැකිය.
ඇත්තෙන්ම මොහු කරනා ක්‍රියාකාරකම් අප විසින් “උපකල්පනය” කළ යුතු ව ඇත. මන්‍ද යත්, ඔහු විදේශ ගත වී කරනා-කියනා දේ සැම විටම ශ්‍රී ලංකාවට රහසක් වන බැවිනි. එක් අතකට ඔහු කරනා-කියනා දේ ප්‍රකාශයට පත් කළ හොත් ඔහුට නැවත ශ්‍රී ලංකාවට පා තැබීමට නොහැකි වනවා ඇත.
කෙසේ හෝ, සියල්ලෙන් පරදින රනිල්ට මෙවරත් ආපසු එන්නට වන්නේ පරාජය නොහොත් ප්‍රයෝජන විරහිත සංචාරයක මහන්සිය සමග ය. අවසන් මොහොතේ හෝ වේලුපිල්ලේ පිරපාහරන් බේරාගැනීම සඳහා ඔහු ත්‍රස්‍තහිතවාදී රාජ්‍යයන් සමග පිඹුරුපත් සකසනාතරතුර මෙහි වේලුපිල්ලේ පිරපාහරන් වැඩ වරද්දාගෙන හමාරය.
***
මේ අතර ඊයේ (18) ශ්‍රී ලංකා වේ එක්සත් රාජධානි යේ මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතා දැක්‍වීමක් ක්‍රියාත්මක විය.
ඇතමෙක් එහිදී සිදු කළ ගල් ප්‍රහාර එල්ල කිරීම, මහකොමසාරිස් කාර්යාලයේ පිටත සවිකර තිබූ ලාංඡනය ගිනි තැබීමට උත්සාහ කිරීම (කෙසේ හෝ මෙය සම්පූර්ණයෙන් විනාශව තිබ්බේ නැත.) ආදිය ඇතමුන් ශ්‍රී ලංකාවට “කැළලක්” එක් වන ක්‍රියාකාරකම් ලෙස අරුත් ගැන්‍වුමට උත්සාහ දරනු ඇත. නමුත් ලේඛකයා ඒ ක්‍රියාකාරකම් වල වැරැද්දක් නොදකින අතර, ශ්‍රී ලාංකිකයන් නපුංසංකයන් බවත්, ශ්‍රී ලංකා ව තමන්ගේ කොලනියක් බවත් සිතා සිටින අධිරාජ්‍යවාදීන් ට ශ්‍රී ලාංකිකයන් යනු සියල්ලට කර නමන පිරිසක් නොවන බව පෙන්වීමට යම් විරෝධතාවක නිරත විය යුතුය.
***
LTTE ය විනාශ කොට අවසන් නමුත්, දකුණේ ස්ථාන ගත වී සිටි ත්‍රස්තවාදී සාමාජිකයන් තව දුරටත් ඉතිරි වී ඇති නම් ඔවුන් විසින් අරමුණක් නොමැති ප්‍රහාර දකුණේ තැන තැන සිදු කෙරුමට ඉඩ ඇත. එම නිසා තවත් කාලයක් ගත වන තුරු අවධානය අත් නොහැරීම දකුණේ ජනයාගේ වගකීමයි.
***
ත්‍රස්‍තවාදී ක්‍රියාකාරකම් අවසන් කිරීමත් සමග රට හමුවේ ඇති මීළඟ අභියෝගය සංවර්ධනයේ අභියෝගයයි. සංවර්ධනය යන්නෙන් අදහස් කෙරෙන්න උසස් ජීවන තත්‍වයක් රට වැසියන් හට උදා කොට දීම බැවින්, ත්‍රස්‍තවාදී ගැටළුවට මූලික වූ සාධක සඳහා පිළිතුරක් ද ඒ සමගම ලැබෙන ඇති අතර, එකී වැඩ පිළිවෙළවල් සඳහා වර්තමානයේ වියදම් කරන ආරක්‍ෂක වියදම් වැය කළ යුතු යැයිය මම සිතමි. එජාපය විසින් “යුද්දෙ ඉවර නං බඩු මිල අඩු කරන්න” වැනි බොළඳ කතා කීවද, LTTE යේ මිනී පෙට්ටියටම පැන බලෙං ඇණ ගසාගත් එජාපය මරු විකල්ලෙන් කරන දෙඩවීම් තව දුරටත් ගණන් ගත යතු නැත. රට යම් ස්‍ථාවරතත්‍වයකට ගෙන ආ පසු බඩ මිල ආයාසයකින් තොරවම පහල බසින දැක ගත හැකි වනු ඇත.


මේ අතර ඊයේ (18) ශ්‍රී ලංකා වේ එක්සත් රාජධානි යේ මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතා දැක්‍වීමක් ක්‍රියාත්මක විය.
ඇතමෙක් එහිදී සිදු කළ ගල් ප්‍රහාර එල්ල කිරීම, මහකොමසාරිස් කාර්යාලයේ පිටත සවිකර තිබූ ලාංඡනය ගිනි තැබීමට උත්සාහ කිරීම (කෙසේ හෝ මෙය සම්පූර්ණයෙන් විනාශව තිබ්බේ නැත.) ආදිය ඇතමුන් ශ්‍රී ලංකාවට “කැළලක්” එක් වන ක්‍රියාකාරකම් ලෙස අරුත් ගැන්‍වුමට උත්සාහ දරනු ඇත. නමුත් ලේඛකයා ඒ ක්‍රියාකාරකම් වල වැරැද්දක් නොදකින අතර, ශ්‍රී ලාංකිකයන් නපුංසංකයන් බවත්, ශ්‍රී ලංකා ව තමන්ගේ කොලනියක් බවත් සිතා සිටින අධිරාජ්‍යවාදීන් ට ශ්‍රී ලාංකිකයන් යනු සියල්ලට කර නමන පිරිසක් නොවන බව පෙන්වීමට යම් විරෝධතාවක නිරත විය යුතුය.
—
එළකිරි…… ඕකම තමයි කරන්න ඕනෙ… මිලිබෑන්ඩ් කට වහගෙන හිටියනම් පොඩි හරි සමාවක් දෙන්න තිබුණ…. මිනිහ කියපු කතාවලිනුත් තියෙන උද්ධච්ඡ කම පේනව….
Posted by Anonymous on May 19th, 2009.
@ රජිත් :
ඇත්තෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නෝර්වේ සහ ප්‍රංශය (මට කවුරුවත් මග හැරුනෙ නෑ නේ ද ?) සමග අප තවදුරටත් තානාපති සබඳතා පවත්වන්නේ කුමක් සඳහාදැයි යන්නත් මට ගැටළුවක්.
Posted by Buddy-J on May 19th, 2009.
ඇත්ත ඇත්ත
Posted by රවින්ද on May 20th, 2009.
ලක් මව්නි ඉතින් ඉන්දියන් සයුරේ මුතු ඈටය ලෙසින් අතීත ශ්‍රිවිභූතිය විහිදුවමින් නෑවතත් විරාජමාන වීමට ඉඩ ලෑබෙනු ඈත.අපි බලා හිදිමු.
Posted by nuwansl on May 23rd, 2009.