නෙවර් එන්ඩින් ලූපින්…

පරිගණකයකට හිතුනා
ජාලගත වෙන්න
තවත් පරිගණකයක් එක්ක
මේ ළඟපාත

යැව්වා සංඥාව
එකයි බින්දුව – එකයි බින්දුව
දන්නේ එච්චරයි කියාගන්න
ලස්සන නැති ඉලක්කම් දෙක

Share

ආවා පිළිතුර
“ඇක්සස් ඩිනයිඩ්”
ජාල තනනු බෑ – අනෙක් පරිගණකය
ලොකු වැඩක

පළමු පරිගණකය මෝඩයි
අදහසක් නෑ අත්හරින්න
ජාලකරණය
“ඇයි මම ස්ලෝ වැඩිද?”

හැමදාම හැමදාම
එකම සිද්ධිය
ට්‍රයි ඇන් ට්‍රයි
අන්ටිල් ද ඩේ යූ ඩයි!

ලිවුවා ෂෙල් ස්ක්‍රිප්ටය:
වයිල් වන් ඊස් ලෙස් දෑන් ටූ
ට්‍රයි අගේන්
ලූප්

මෙෂින් එක
ස්ටක් වෙලා
වෙන – වැඩ – නෑ!
නෙවර් එන්ඩින් ලූපින්…

5 comments.

  1. ඇයි වෙන ක්‍රමයක් අත්හදා බලන්නේ නැත්තේ????
    බැරිම වුණොත් වෙන කම්පියුටරයක්!!!!! :P

  2. @දර්ශන:
    [said:දර්ශන]
    ඇයි වෙන ක්‍රමයක් අත්හදා බලන්නේ නැත්තේ????
    [/said]
    වෙන ක්‍රමයක් මතක් වෙන්නේ නෑ නේ!

    [said:දර්ශන]
    බැරිම වුණොත් වෙන කම්පියුටරයක්!!!!! :P
    [/said]
    හෆොයි, වෙන කමිපියුටර් බෑ! ඒ කම්පියුටරයත් එක්ක නෙට්වර්ක් කරන්න ඕන ඔක්කොම සෙටිංස් හදල තියෙන්නෙ, ඒව දැං රීඩ්-ඔන්ලි, වෙනස් කරන්න බෑ!

  3. අනේ අනිච්චන්…!! ලොල්.

    ‍ඔය කම්පීතරේ අයි.පී එක දුන්නොත් උදවුවක් දෙතෑකි… ;)

  4. ඔය ලූප් එක තාම දුවනවදැ?

  5. @ප්‍රබෝද මදුශාන්: වැඩක් නෑ බං. නොට් රෙස්පොන්ඩින්! :)

    @තමීර: නෑ ආයිබොවං, ප්‍රොසෙස් එක කිල් කළා! :(

Post a comment.