අපේ නැන්දිගෙ වැඩකට දැං අවුරුද්දක් විතර තිස්සේ පිටු දෙසීයක විතර පොතක් ටයිප් කරනවා. කීප සැරයක්ම ඕක ප්‍රින්ට් කරලා වැරදි හදාගෙන ඇවිල්ලා දැන් අන්තිමටම පිටපත් තුනක් ගන්න ඕන.
එකක පිටු දෙසීය ගානේ පිටපත් තුනක් පිටු හයසීයක්! මගේ ගාව ප්‍රින්ටරයක් තිබ්බේ නැති නිසා මෙච්චර කල් කලේ මම ටයිප් කරලා, PDF කරලා වෙන තැනකට යවනවා, එතනින් තමයි ප්‍රින්ට් කරන්නේ.
PDF කරලා යවන්න හේතුව තමයි සිංහල යුනිකේතය එතන ඉන්න කස්ටිය අඳුරන්නේ නැති වීම. එහෙම යැව්වාම උං කියනවා “මල්ලි මේක සිංහලෙන් ගහන්නෙපැයි?” කියලා! PDF කියන්නේ මේ වගේ වෙලාවට සිරාවටම ප්‍රයෝජනවත් තාක්‍ෂණයක්. සිංහල යුනිකේතේ ඒ පරිගණක වල ස්ථාපනේ කරන්න ඕනත් නෑ, අකුරු රටා ස්ථාපනේ කරන්න ඕනත් නෑ, ඕන දේස දීපංකරේක – PDF කියවනයක් තියනවනං – PDF ගොනු වැඩ, නිකං රවුටරේ වගේ!
ඉතිං ඔය කියපු පිටු හයසිය ගාන වෙන තැනකිං ගැහැව්වා නං ප්‍රින්ටරයක් ගන්න සල්ලි වලටත් වඩා ඒකට යනවා!
හේතුව තමයි මෙහේ එකාලා එක කොලයක් ප්‍රින්ට් කරන්න රු.20ක් විතර ගන්නවා! එතකොට රු.20 ඒවා 600ක් රු.12,000යි! ප්‍රින්ටර් දෙකක් ගන්න සල්ලි!
ඔය සෙල්ලම හරියන්නෙ නැති නිසා ඊයේ(1) උදේ පාන්දර දහයට විතර මායි තාත්තයි මාතර ගියා ප්‍රින්ටරයක් අරගෙන මිස ආපහු එන්නෙ නෑ නෑමයි කියලා!
“කතා දෙකක් නෑ මේ බුධා කෙලින්ම යන්නෙ PC House එකට!” (එය කිරිබත් කැබැල්ලක් දී ප්‍රචාරය කළ දැන්වීමකි! විස්තර පසුවට.)
අපි ඇතුලට යනකොට ඒක දුමෙන් වැහිලා, මම එන දවසෙම මේක ගිනි අරගෙනවත්දැ කියල වටපිට බලනකොට PC House එකේ කස්ටියම එකතු වෙලා තහඩුවක් උඩ තුනක් තියලා… මේ මේ… තහඩුවක් උඩ ගඩොල් තුනක් තියලා ඒක උඩ මුට්ටියක් තියලා අලුත් අවුරුද්දට කිරි උතුරුවනවා!
හුළං එළියට හමන්නෙත්නෑ ඇතුලෙ ඉන්න කස්ටියට රජ සැප. මොනවද මන් දන්නෙ නෑ ඒ පත්තු කරපු දර, ඇස් වලින් කඳුලු එන සයිස් සැරයි දුම. කොහොමහරි ඒකත් ඉවසං වාඩි වෙලා හිටියා. පස්සෙ එතන අක්කා ඇවිල්ලා කියනවා “එන්න සර්, කිරිබත් එකක් කාලම ඉමු!” කියලා. අඩේ, පට්ට අවුරුද්ද, උදේ පාන්දරම “සර්” කියලත් අහගත්තා!
බෑ කියන්න හොඳ නැති හින්දා ගිහිල්ලා කිරිබත් කෑල්ලක් බෙදාගත්තා “අලුත් අවුරුද්දෙම බිස්නස් සාර්ථක වේවා!” කියලා මැනේජර් අයියට, ඒක බඩට ඔබාගත්තා සම්බලුත් එක්ක, පස්සේ වතුරෙකක් බීවා!
ඊළඟට ගනුදෙනු කිරීම. ඕං මම තමයි PC House මාතර ශාඛාවේ 2010 වසර සඳහා පළමු පාරිභෝගිකයා! බලමු 2010 ඉවර වෙනකොට මේ බ්‍රාන්ච් එක වහන්නෙ නැතිව ඉන්න සයිස් එකටවත් මේක බේරගන්න පුළුවන් වෙයිද කියලා!
Techකතා Google Group එකේ Printer for home use කියන ත්‍රෙඩ් එකට ආපු තොරතුරු ඔක්කොම මගෙ කුඩා මොළේ දමාගෙන ගිහිල්ලා පොර සේ ටෝක දුන්නා. ටෝක දීලා ගත්තා HP DeskJet D1560 කියන ප්‍රින්ටරේ. ඕකෙ තියන introductory catridge එකේ තියන තින්ත පිටු 600ක් ගහන්න මදි වෙන නිසා රිෆිල් කිට් එකකුත් ගත්තා. ප්‍රින්ටරේ රු.4500යි රිෆිල් කිට් එක රු.1400යි.

පස්සෙ ගෙදර ඇවිත් අර පිටු 600 ඉක්මනට ප්‍රින්ට් කරන්න ඕන නිසා මේක එකලස් කරන්න බලනකොට USB කේබල් එකක් නෑ! සෙටප් ගයිඩ් එකේ කොනක තියනවා USB කේබල් එකක් පෙට්ටිය ඇතුලෙ නැත්තං විකුණන එකාගෙන් ඉල්ලගන්න ලු! යකාගෙ කතාවක් නෙ, කඩේ ඇතුලෙදි කවුද සෙටප් ගයිඩ් කියවන්නෙ? කඩේ එවුං දැනගන්නෙපෑ මේකෙ නැති ඒව දාල දෙන්න!
ඒගමන්ම හැරෙන තැපෑලෙන් කෝල් කලා PC House එකට! “ආ සර් කේබල් එක මේසෙ උඩ තියනවා, දාල දෙන්න අමතක වෙලා!” ලු! අනෙ උගෙ කට, අපි එනකොට එතන තිබ්බ කේබල් එකක් නෑ.
අපේ ගෙදර ඉඳන් මාතර යන්න පැයක් යනවා, මළ පනිනවා! කරන්න දෙයක් නෑ, වැඩේ හදිස්සියි නෙ, ගියා ආපහු කඩේට. මම ගිහිං කිවුවා “උදේ ගෙනිච්ච ප්‍රින්ටර් එකේ USB කේබල් එක දීල තිබ්බෙ නෑ!” කියලා. ඒපාර එතන පොර කියනවා “ආ, දීල තිබ්බෙ නැද්ද?, පොඩ්ඩක් ඉන්න!” කියලා. එහෙම කියලා USB cables තියන පෙට්යක් අරගෙන කේබල් එකක් අරන් දෙනවා, මම ඇහුවෙ නෑ මේසෙ උඩ තියෙන්නෙ ඔතනද කියලා, පවු නෙ!
ඔන්න ඔහොමයි ප්‍රින්ටර් කතා වස්තුව!


PC House ? හපොයි….
කියන්න දේවල් ගොඩයි, කට කහනවා… අමාරුවෙන් කට වහගෙන ඉන්නේ
Posted by කාලිංග on January 3rd, 2010.
HP 21 ද කොහේදෝ දාන්නෙ නේද? 3ml සයිස් උනාට Low Quality දාලා පිටු 750ක් විතර ගහතෑකි.
ඕකේ head එක clean වෙන වෙලාවට එන ජරා සද්දේ තමයි මට පෙන්නන්න බැරි
Posted by ඉන්දරේ on January 3rd, 2010.
@ කාලිංග
කොරන්න දෙයක් නෑලු, ඔය මාතරටම තියෙන එකම කොම්පීතර් සාප්පුව ඕක විතරලු
Posted by ඉන්දරේ on January 3rd, 2010.
@කාලිංග: කියන්ඩප්පා, බයේන්ඩෙපා!
@ඉන්දරේ: යා යා, 21.
@ඉන්දරේ: ඉන්දලේ? ඇත්තද බබා? එන්න බබා ඔයාව මාතල ඇවිද්දාන්න!
Posted by budhajeewa on January 3rd, 2010.
Matara Compiter kada nam ona tharam thiyanawa…. apitath print out akak ganna puluwan weida malliye… Mamath ethin inne kittuwapatha thamai………………..
Posted by wath on January 3rd, 2010.
පිටු 600×3 ක් InkJet එකකින් ප්‍රින්ට් කරන්න පිස්සුද බං? :O
දන්න කියන Laser (or Photocopier) එකක් නැද්ද?
Posted by Gayantha on January 3rd, 2010.
@wath: එළේල, බලමුකො ප්‍රින්ට් ෂොප් එකක්වත් දාන්න!
@Gayantha: 600*3 නෙවෙයි බං, 200*3.
Posted by budhajeewa on January 3rd, 2010.
aka nam aththa thamai…. Aka parak Print aran Matara "Dodanpolta " dila Photocopy gaththanam hari neda… Quality madi weida? …….. Me mekata printer akak ganna oni wela Thaththawai nendawai rawatala da koheda…………
Posted by wath on January 3rd, 2010.
දැන් එන නොයෙක් මාදිලියේ Printer 99.9% කම USB cable රහිතව පැමිණෙන බව දන්වා සිටිමි.!
Posted by Prabath on January 3rd, 2010.
@wath: හපොයි, දොඩන්පොල ප්ලේසස් වලින් ෆොටෝකොපි ගන්නවට වඩා හොඳයි අතින් ලියනවා! නෑ අප්පා, මට ප්‍රින්ටරේකින් ඇති ප්‍රයෝජනයක් නෑ, මේක ගැනීම නැන්දිගෙ අදහසක්.
@Prabath: දැංද බං කියන්නේ, අයියෝ බලපංකො ඕකක් ගන්න 23km ගිහින් එන්න උනා නෙ!
Posted by budhajeewa on January 3rd, 2010.
පීසී හවුස් එක ලබන අවුරුද්දෙත් කිරි උතුරවයි නේද?
Posted by Malee_msg on January 3rd, 2010.
හරි බං. කීය උනත්, Laser එකක් නැද්ද හොයාගන්න?
Posted by Gayantha on January 3rd, 2010.
@Malee_msg: ඒක තමා මටත් තියන බය, මොකද අවුරුද්දෙ පළවෙනි පාරිභෝගිකයා මම උනයි කියන්නෙ ඉතිං ආයි අහල වැඩක් නෑ!
@Gayantha: අනේ මන්ද බං, මට මේක නිකං හම්බවුනා – මම මොකටද එපා කියන්නෙ?
Posted by budhajeewa on January 3rd, 2010.
ඒ.. කේබල් එක දාලා ගියාම ඒක ගෙදරට deliver කරන්නෙ නැද්ද? මොනවද බං ඔය මාතර කඩවල්?
ගාල්ලෙ නං එක කෝල් එකයි දෙන්න ඕනෙ, ගෙදරටම ගෙනත් දෙනව
Posted by ඉන්දරේ on January 3rd, 2010.
machan oke ena cartridge eken papers keeyak gahanna puluwan unada?
me tika gahanna kee sarayak re fill kalada?
draft dala,black ink only da gahuwe?
Posted by saliya on January 3rd, 2010.
@ඉන්දරේ: අනේ නෑ බං, මාතර තාම එච්චර දියුණු නෑ නෙ.
@saliya: පිටු 600ටම දෙතුන්පාරක්ම රිෆිල් කරන්න උනා. Black කාට්‍රිජ් එකෙන් Normal Quality ගැහුවේ.
Posted by budhajeewa on January 3rd, 2010.
අයියාට තිබ්බේ Laser Printer එකක් ගන්න….. Laser Printer එක ඔය වැඩ වලට ලාබයි වගේම හොඳයි…
හැබැයි ගනන් වැඩියි…..
Posted by Anonymous on January 3rd, 2010.
අපේ එකත් ගත්තෙ මාතර pc house එකෙන්. මුල් දවස්වල පොඩි අවුලක් ගිහින් වොරන්ටියෙන් හදව ගත්තා. ඊට පස්සෙ නම් අවුලක් නැතුව වැඩ.
ඔව්, ලෝ කොලිටි දාල පිටු බර ගාණක් ගහන්න පුළුවන්.
@ඉන්දරේ
අඩේ ගාල්ලෙ හෝම් ඩිලිවරිත් තියෙනවද? ගෙදර ළඟටම ගෙනල්ල දෙනවද? ගේට්ටුව ළඟටම? මාරයිනෙ! ඕක හින්ද වෙන්නැති වැඩ බැරිවුණත් ගම ගාල්ලෙයි කියන්නෙ
Posted by තමීර on January 3rd, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: මේකෙං මේ එකදවසක් පිටු 600 ගාණක් ගැහුවට හැමදාම එච්චර වැඩ තියෙන්නේ නෑ නෙ මල්ලි.
@තමීර: බාරදෙන්න තියන පොතක් නිසා නෝමල් කොලිටි දාල ගැහුවේ.
හෙහෙ, අයියෝ, ගාල්ලෙ හෝම් ඩිලිවරිද තියනවයි කියන්නේ? අච්චර හොස්පිට්ල් 2ක්ම තියාගෙන?
ඇත්තද @ඉන්දරේ මේ කියන්නේ?
Posted by budhajeewa on January 3rd, 2010.
අපේ ගෙදරට කලින් තිබ්බේ Epson එකක්, ඒ ගොන් පාට් ඒක ලිනක්ස් වලට වැඩ කරනවා හොරයි. ඒ මදිවට තීත්ත යන වේගයත්!!!
කටු කාලාම කාලාම අම්මලාටම මාස 8කින් එපා වෙලා Return කරලා ගත්තා Photosmart C5880 All-in-One එකක්. Photo Printing Slot, CD Printing, Scanning, Copy, USB/Card Reader and Bluetooth කමක් නෑ කියමුකෝ, හොඳම වැඩේ තමා ලිනක්ස් වලට පණ දාගෙන සපොර්ට්! කිසිම අලයක් නෑ නැහැමයි!
ඒ හින්දා පවුලේ මැෂිමට ලිනක්ස් දාන්න පුළුවන් වීම ගැන සතුටකුත් තියෙනවා.
Posted by ~බිன்ku~ on January 8th, 2010.
@~බිன்ku~: එච්චර වැඩ ගොඩක් නැති උනාට මේක ප්‍රමාණවත්. HPත් ගහපු ගමන් Linux ට සපෝට්.
ප්‍රින්ටරෙත් එක්ක ආපු Driver CD එක මම එළියට ගත්තෙවත් නෑ!
දැන් බලන් යනකොට Windows වලටත් වඩා Linux එක එක හාඩ්වෙයා වලට සපෝට් කරනව නේ. Winodws වල drivers අමුතුවෙන් ඉන්ස්ටෝල් කරන්න ඕන ඒවා, Linux වලදි කේබල් එක ගහපු ගමන් අඳුරගන්නවා!
Posted by budhajeewa on January 8th, 2010.
අපරාදෙ බං නැන්දිගෙන් ඇඩ්‍වාන්ස් එකක් ඉල්ලං ලේසොර් එකක්ම ගන්ඩයි තිබ්බෙ
Posted by දර්ශන on January 14th, 2010.
@දර්ශන: හෙහෙ… ඒක නේන්නං නේද බං!
Posted by budhajeewa on January 14th, 2010.
මචෝ ඔය කියන පින්ටරෙන් පොටෝ නියමෙට පින්‍ට් කරන්න පුළුවන්ද මම ගහන අයඩින්ටි පාස්පෝට් වගේ ඒවත් මිල සහ ගන්න පුළුවන් තැනකුත් කියන්නකෝ
තෑන්ක් හොදේ!
Posted by priyanka on August 2nd, 2011.