සනත් ජයසූරිය කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තත්වයට ගේන්න ඔහු ඉතාම සේවයක් කළා. කණ්ඩායමක් පරිපාලනය කරන හැටි ගැනත් ඔහුට හොඳ අත්දැකීම් තියනවා.
දැන් බලන්න ක්‍රිකට් එහෙම උනාට ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ තත්වේ කොච්චර පහළින්ද තියෙන්නේ? අන්තර්ජාතික පාපන්දු තරගවල ශ්‍රී ලංකාවට තැනක් එන්නේ නැති තරම්.
සනත් ජයසූරියත් දැං ක්‍රිකට් ක්‍රීඩාවෙං විශ්‍රාම ගන්නයි හදන්නේ. ඇයි අපි සනත් ජයසූරිය යොදාගෙන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගොඩ ගන්නේ නැත්තේ? ඔහුගේ නායකත්ව කුසලතා යොදාගෙන අපිට ක්‍රිකට් වගේම පාපන්දුත් ජයගන්න පුළුවන් වේවි!
ඉතින් අපි තීරණය කළා මීළඟ පාපන්දු කණ්ඩායම් නායකයා තෝරන පරීක්‍ෂණයට සනත් ජයසූරිය ඉදිරිපත් කරන්න. පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙතුන්දෙනෙකු ඔහුට සයහ දක්වන නිසා අපි ඔහුට කියන්නේ “පොදු නායක අපේක්‍ෂකයා” කියල. දැන් අහන්න එපා පාපන්දු කණ්ඩායමක දෙතුන්දෙනෙක් සහය දක්වන කෙනා “පොදු” උනේ කොහොමද කියලා, ඒක එහෙම තමයි.
අනිත් එක පාපන්දු ක්‍රීඩාවේදී කණ්ඩායමේ බලතල නායකයා වටා රොක් වෙලා තියනවා වැඩියි. අපි ඒවා අඩු කරන්නත් කටයුතු කරන්න ඕන. සනත් ජයසූරිය අපිට පොරොන්දු උනා ඔහු නායකත්වයට පත්වෙලා දින 180ක් ඇතුලත නායක කමේ බලතල අහෝසි කරලා කණ්ඩායමේ ව්‍යුහය වෙනස් කරනවා කියලා. දැන් අහන්න එපා අන්තර්ජාතික ක්‍රීඩා සම්මත නායකයට ඕන ඕන විදියට වෙනස් කරන්නෙ කොහොමද කියලා, ඒක එහෙම තමයි.
අපි හදන්නේ ඔහු බලගතු නායක කම ඉවත් කළාම හැදෙන බලගතු අග-ක්‍රීඩක කමට අපි දැන් විසි-තිස් පාරක් ඉදිරිපත් කරලා එන්න බැරි උනු කෙනෙක් දාන්න කියන එක අපි ඇහුවත් කියන්නේ නෑ.
දැං අහන්න එපා ක්‍රිකට් ගහන්න දක්ෂ වුනු පළියට සනත් ජයසූරියට පා පන්දු ගහන්නත් පුළුවංද කියලා. අච්චර පොඩි ලෙදර් බෝලෙට පොල්ලකින් ගහන්න පුළුවන් නම්, මෙච්චර තඩි බෝලෙකට කකුලෙන් ගහන්න එයාට බැරිද? දැං අහන්න එපා ක්‍රිකට් පිටියයි පාපන්දු පිටියයි ඒවායේ නීති රීතියි සම්ප්‍රදායනුයි වෙනස් කළා නේද කියල, ඒක එහෙම තමයි!


ම් ම් ම් ඔයා කියන දේ හොඳට තේරුනා කොල්ලෝ . . .
ඒත් නිකමට හිතන්න අපේ පාපන්දු කන්ඩායමේ දැනට නායකයා කියලා ඉන්න කෙනා හොර මැර කම්, ඤාතීන්ව විතරක් පාපන්දු කන්ඩාමට දාගන්නවා වගේ දේවල් කරනවා දැක දැක ඇස් කන් වහගෙන ඉන්නවාද . . .
ඔයා කිව්ව වගේ අච්චර දෙයක් කරපු සනත්ට මේකත් කජ්ජක්ද කියලා හිතලා කරලා බලන්න අවස්ථාවක් දෙනවාද . .
කොයි එකද හොඳ . .
හිතලා බලන්න
Posted by දුකා.. on December 1st, 2009.
හොද තර්කයක් සහිත ලිපියක්
@දුකා.. එක පිලිගන්න පුලුවන් එත් අපි එකට වෛර සිතක් ඇත්තෙක් නායකත්වයට පත් කරගත යුතුද?
Posted by නවීන් on December 2nd, 2009.
haha elama kiri budhajiva…meka therenne nene ape ayata…haha,,onna oya wage weda thama lankawe aya karanne…
Posted by sachcha on December 2nd, 2009.
මරු කතාව !
Posted by ඉන්දරේ on December 2nd, 2009.
What if jayasuria start playing football with a bat like in cricket.
Posted by mahasen on December 2nd, 2009.
අර්ජුන එක පාරක් ලෝක කුසලානෙ දිනලා ඊට පස්සෙ පිස්සු කෙළල ඊලඟ පාර දෙවෙනි වටයටවත් යන්නෙ නැතුව පැරදුනාට පස්සෙ නේද සනත්ව නායකත්වයට පත් කළේ. සනත් නේද 1996 ලෝක කුසලාන තරඟාවලියේ වීරයා. 1999ත් නායකත්වය අර්ජුනටම දෙන්නෙ නැතුව 1999 කණ්ඩායමේ නායකත්වය සනත්ට දුන්නනම්..
Posted by chanaka on December 2nd, 2009.
පවු අප්පා මේ කොහේවත් ඉන්න ජයසූරිය අංකල්ටත් මුන් මඩ ගහනවනෙ. මොනවා වුනත් එළ උපහාසාත්මක ලිපිය.
Posted by chanaka on December 2nd, 2009.
@දුකා..: පාපන්දු කණ්ඩායමේ දැනට ඉන්න නායකයා හොඳ නැත්නම් කරන්න ඕන වෙනත් ක්‍රීඩාවක දක්‍ෂකම් දක්වපු එක්කෙනෙක් ගෙනල්ලා නායකත්වයට ඔබන එක නෙවෙයි, පළපුරුදු පාපන්ද ක්‍රීඩකයෙක්මයි එතනට එන්න ඕන.
මම කියන්නෙ නෑ සනත්ට පාපන්දු බෑමයි කියලා, සමහර විට එයාට පුලුවන් ඇති. ඒත් එයා ක්‍රිකට් ගහපු පළියට අපි කොහොමද දන්නේ එයාට පාපන්දුත් පුළුවන් කියලා?
සනත්ට තිබ්බේ එකපාරට පාපන්දු කණ්ඩායමේ නායක කමට තරග කරන්න නෙවෙයි, සාමාන්‍ය ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායමට ඇවිල්ලා තමන්ටත් පාපන්දු පුළුවන් කියන එක පෙන්නුවා නම්, සමහරවිට මමත් සනත්ට පක්‍ෂ වෙන්න තිබ්බා.
@නවීන්: ස්තුතියි!
@sachcha: Eakanae ban!
@ඉන්දරේ: ස්තුතියි!
@mahasen: That is what I am most afraid of. We don't know if Sanath aware that he can't use bat with cricket shots to play football.
@chanaka: සනත් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිය හැකියි. නමුත්, පාපන්දු කණ්ඩායමේ?
@chanaka: හෙහෙ! ස්තුතියි!
Posted by budhajeewa on December 2nd, 2009.
අච්චර තඩි බෝලයකට පොල්ලකින් ගහල බෝලෙත් පුපුරවගෙන මෙච්චර පොඩි ලෙදර් බෝලෙකට කකුලෙන් ගහල කකුලත් කඩා ගනීද කියල ප්‍රේක්ෂකාගාරෙට වෙලා මැච් එක බලන මට නම් බයයි!
Posted by Anonymous on December 2nd, 2009.
දැන් ඉන්න නායකයා උප නායකයා විදියට කවදාවත් සෙල්ලම් නොක‍්රපු එක්කෙනෙක් අරගෙන එයාට කණ්ඩායමේ 50%ක් විත‍්ර බලතල දීලා, සෙල්ලම් ක‍්රන්න තිය පිට්ටනිය පැත්තෙවත් එන්න බෑ කියලා ගියපු අයව එකපාරටම කණ්ඩායමට දාගෙන සෙල්ලම් ක‍්රද්දි ඉතින් වෙන තැනක ඉනදන් ආපු කෙනෙකුට සියලුම ආකාරයේ පුහුණුකරුවන් යටතේ පුහුණුව ලබමින් සෙල්ලම් ක‍්රන්න දුන්නොත් වැඩි වැරැද්දක් වෙන්නෙ නෑ නේද ?
Posted by Anonymous on December 2nd, 2009.
ෂහු මරු කතාව කට අරින්න මසුරන් නැතත් රුපියල් පහේ කාසයක් වත් දාන්න….
Posted by රවින්ද on December 2nd, 2009.
maru kathawa mama hithanne sports walata politics gawaganna hoda na. meka liyapu kena palma pal modayek.
Posted by ridma on December 2nd, 2009.
@දුකා,
පාපන්දු කන්ඩායමේ නායකත්වය ටෙස්ට් කරන්න දෙන්න පුලුවන්. ඒත් රටක නායකත්වය ටෙස්ට් කරන්න කියල කෙනෙකුට දෙන්න පුලුවන්ද. ටෙස්ට් කරන්න දෙනකෙනා සුදුසු නැත්නම් රටට මොනව වෙයිද?
හිතල බලන්න.
Posted by panni on December 2nd, 2009.
@නුවන් චින්තක: කවුරු මොන සෙල්ලම කළත් ඕවයි ප්‍රති විපාක එන්නේ ප්‍රේක්ෂකයන්ගෙ හිස මතට මිසක් ක්‍රීඩකයන්ගෙ හිස මතට නෙවෙයි නෙ!
@මල් මාමා: පුහුණුව ලබමින් සෙල්ලම් කරන්න පටන් ගන්නේ නායකයා හැටියටද? අනික ඔය නායකය දින 180කින් නාම මාත්‍රික නායකය වෙලා අග-ක්‍රීඩකයට බලේ දෙනවනෙ? ක්‍රීඩා කණ්ඩායමක් කියන්නෙ සෙල්ලං කරන්න පුළුවන් තැනක් නෙවෙයි!
@රවින්ද: හික්ස්!
@ridma: meka liyapu kena palma pal modayek bava eththa!
eath mama methana politics gena kathaa karala nehe nae?
Posted by budhajeewa on December 2nd, 2009.
@budhajeewa: මම හිතන්නෙ මෙම ක්‍රීඩාවට ගැලපෙනවද නැද්ද කියල දැන ගන්න පුලුවන් සාධකයක් තමයි ඉහතින් මා දැක්වු කරුනත්, වර්තමාන කන්ඩායමෙ නයකයන් ගේ සහ උපදෙශකයන් ගේ දක්ෂතවය දුර්වල බාවට ඇති හොදම උදාහරනය තමයි දැන් එක කන්ඩායම වැටී ඇති තත්වය , බලන්න මීට මාස කිහිපයකට කලින් සැබවින්ම ඔවුන් සිටියේ ඡන්දයක් නොතියවුවත් නායකත්ව කලය දික්කර ගත හැකි තත්වයකයි ඔබට මතක ඇති පහුගිය කලයේ විරුද්ද කන්ඩායම් නායකයින්පවා නිතරගයෙන් කන්ඩායම මෙහෙය වීමට වර්තමන නයකයාට නයකත්වය පුදන තත්වයකුයි තිබුනෙ නමුත් දැන් තත්වය මෙලෙස වෙනස් වුයෙ කෙසේද ,
තමාගැන අධ්තක්සේරුවක සිටීම හා විරුද්ද කන්ඩායම් පිලිබදව අවතක්සේරුවක සිටීම කන්ඩායමක නායකත්වයට සුදුසු ලක්ෂනයක් නොවෙ, අනිත් පැත්තෙන් සනත් ගැන කත කිරීමෙදි තම ප‍්රතිවාදියාට තමන් පපන්දු ක්‍රීඩාවට පැමිනෙනව යැයි ප‍්රකාශ කිරීමටත් පෙර සිටම අබියොගයක් විය හැකිව තිබෙනවා එය ඔහුගේ දක්ශතවයක් නොවෙද, අපි මතක තබාගත යුතුකරුනක් තමයි තරගයක පරාජයට ප්‍රතිවාදියාගේ දක්ශතාවය මෙන්ම තමාගේ දුර්වල වීම් ද බලපාන බව, එහෙත් ඔබ ඉහතින් සදහන් කරන නයකයා පහුගිය තරගයේ මුලසිටම ප්‍රතිවදියාගේ දුර්වල වීම් පමනක් බලා පොරොත්තු වු අතර එයින්ම ඔහුගේ අත්දැකීම්වල හා දැනුමේ දුර්වල තාවයන් හොදින් පෙන්නුම් කරන්නක්,
ඔබ කියන නයකයන්ගේ දැනුම මැතිවරනයක ප්‍රචාරනයට සූදානම් වන අයුරින්ම විවෘත මනසකින් බලන කෙනෙකුට පැහැදිලිව පේනව , විරුද්ද පක්ෂ කරන ප්‍රධාන චොදනාවන් වන දුෂනය මර්දනයට පිලිතුරක් ලෙස ඔවුන්ට අත්තේ සුපුරුදු තරග පවාදුන් ද්‍රෝහී වචනයට පමනක් සීමාවීම පනනයි, පහුගිය වැරදි පැත්තකින් තියල ඉස්සරහට වෙන වැරදිවත් හදාගැනීමටත‍්රම් වත් දැනුමක් ඔය කියන අත්දකීම්වලින් ඔය නායකයින්ට නැද්ද,
බලන්න තමාගේ ප්‍රතිවාදියා තරගයට පැමිනීමටත් පෙර පන්සලකට ගිය විට ඔය කියන අත්දැකීම බහුල නායකයින් හැසිරුන අක්කාරය ඔවුන් ප්‍රතිවාදීන්ගේ චොදනාවන් සාධරනීකරනය කරමින් කුඩුකාරයන් පිරිසකට පන්සලක බල්ලන් මෙන් හැසිරීමට සැලස්වීමෙන් දුර්වල නායකත්ව ලක්ෂන පෙන්නිම් කරනව මෙම සිද්දියට මුල්වු බත් බැලයා තමගේ ප්‍රතිරුපයට පමණක් නොව තම රටෙ හා කණ්ඩායකමේ ප්‍රරතිරුපයට හානිකරනලද සහ ඉදිරියටත් එසේවන බල්ලෙකුබව තෙරුම්ගැනීමට පණ්ඩිතයකු වීමට උවමන නැත එවැනිදැ මා පසල් යන කාලයේ පංති නායකයකු ලෙස කටයුතු කරන විටද තෙරුම් ගැනීමට හැකියාවක් තිබුනි එහෙත් මොවුන් ට එක්කො තෙරෙන්නෙ නැතිවෙන්න ඔනෙ නැතිනම් අර කුඩුකැකතාවෙ කතානයකයට වෙච්චදේ සිදුවී තියෙන්න ඔන . මම හිතන හැටියට ඔය කියන දෙකම කන්ඩායමක නයකත්වයට සුදුස්සකු වීමට ත‍්රම් දෙයක් නොවන බවයි.
මෙය එක් කරුනක් පමණයි නායකයා ක්‍රීඩාවට ගැළපෙන අයෙකුද නැද්ද යන්න සලකා බැලීමට හැකි, හොදින් බැලුවොත් තවත් ඔනැතරම් කරුනු සොයාගත හැක
Posted by Malith on December 2nd, 2009.
හා හා..නයි කයිද රෝස් පාන් කිව්වලු දොරේ..
අනේද කියන්නේ.. දැන් ඔය ටෙස්ට් කොරන්න දෙන්න බැරි සකලසිරින් පිරි සිරි ලන්කාවේ නායකත්වය මෙච්චර කල් ලැබුනේ සුදුස්සන්ටම නේ..නැද්ද්?… ඒකනේ අපි නිකන් ජපානෙ, ඇමෙරිකාව වගෙ එවුන්ට නොදෙවෙනි ආර්තික ශක්තියක් ඇතිව එක එකාට නය නොවී පොරවල් වගෙ ඉන්නේ.. කොයි කොයි නායකයත් කොරපු හරිය අපි නොදන්නවයෑ… හිහ් හිහ්…එහෙව් එකේ හමුදාපතියෙක් යටතෙ තව ටිකක් "කොර ගත්තම්" මක් වෙනවද…අනික දැන් තියෙන හමුදාපතියෙක් නැති හමුදා පාලනය හමුදා පතියෙක් යටතේ ආතල් එකට කෙරෙයි නෙව ?? හෙහ් හෙහ්.. සමහරුන්ට එකපාරටම දේශපාලන දිවැස් පහල වෙලා හානේ හපොයි මගේ රට කියන කොට මරු ඈතල් දොරේ..හිහ් හිහ්.
Posted by Anonymous on December 2nd, 2009.
@සූස්ති ගුණේ: ඒකත් එක අතකට ඇත්ත තමා, මෙච්චර එවුං රට කාපු එකේ තව එකෙක් ටෙස්ට් එකටත් එක්ක මේක කෑවම මක් වෙනවද නේද?
Posted by budhajeewa on December 2nd, 2009.
නියම කතාව. ඒ වගේම සනත් පාපන්දු ක්‍රීඩාවට එද්දී එයාට උදව් කරන්නේ. "ඔහොමද යකෝ ක්‍රිකට් ගහන්නේ. ඕකා ක්‍රිකට් ක්‍රීඩාවට නොවේ ජිල් බෝල ක්‍රීඩාවටවත් සුදුසු නැහැ" කියලා කියපු කට්ටියක් එක්ක.
Posted by නිලන්ත on December 2nd, 2009.
@නිලන්ත: ඔය කට්ටිය කියන ඒව අපි එච්චර කනට ගන්න හොඳ නෑ. උන්ට දිවවල් එකකට වඩා තියනවා.
Posted by budhajeewa on December 2nd, 2009.
ඔබ කියන්නෙ දැන් පාපන්දු කණ්ඩායමෙ නයකය වැඩ කරන්නෙ තමන්ගෙ තියෙන අත්දැකීම් වලින් කියලද, එහෙනම් මොකටද ඉතිහාසයේ නායකයෙකුට තිබුන වැඩින උපදෙශක මන්ඩලයක් පවත් වාගෙන යන්නෙ , කන්ඩායමෙ නයකත්වය තියා අඩුගානෙ වීවෘත මාධ්‍ය සාකච්චාවකටවත් එන්නෙ තන්ගේ බැලෙයො පනහක් විතර පිරිවරාගෙන එවිතරක් නෙවි ගෙන්න ගන්නෙත් තොරාගත් මධ‍්‍යවේදීන් පිරිසක්, එත් සනත් ෆුට්බොල් ගහන්න එනවයි කියපුදවසේ තනියම ඇවිත් 100 කට වැඩි පිරිසකගේ ප‍්රශ්නවලට භාෂා දෙකකින් උත්ත‍්ර දෙනව අපි දැක්ක හැබයි එවෙලාවෙ Teleprompter (http://en.wikipedia.org/wiki/Teleprompter) යක් වත් අපි දැක්කෙ නැහැ ,
ඔබකියන්නෙ පංචස්කන්දෙ පෙන්නල Teleprompter යක් දිහාබලල කැගහන එකද අත්දැකීම් බහුල බව කියන්නෙ , මම නම් කියන්නෙ ක්‍රිකට් හෝ පාපන්දු කණ්ඩායමක හෝ නයකයෙකුට පොදු නායකත්ව හැකියාවන් තියෙනව එම හැකියාවන් තියෙනවනම් ඔහුට වෙනත් කණ්ඩායමක් මෙහෙයවන්න අමාරු වෙන එකක් නැහැ
Posted by Malith on December 2nd, 2009.
@Malith: අපිට ඇති ගැටළුව කතා කරන ආකාරය නොවේ, නායකයෙකු ක්‍රීඩාවට ගැළපෙන අයෙකුද නැද්ද යන්නයි.
Posted by budhajeewa on December 2nd, 2009.
@නවීන් : ඔබ කොහොමද කියන්නෙ අලුතින් ඉදිරිපත්වු තැනැත්තා වෛර සිතක් ඇත්තෙක් කියල , එය එහෙම නොවෙ කියල තෙරෙනව ඔහු ඔහුගේ සහයොගයට තොරාගේන ඇති පිරිසෙන්ම , එම තොරා ගැනීමෙන්ම පෙනව ඔහුට දෙශපාලනයට සුදුසු ගුනංග ඇති පුද්ගලයෙකුබව, ඔය කිසිදෙයක් නැතත් ඔහුගේ ප්‍රතිවාදීන් ( කුඩු ගැමුණු, වංශවීර වැනි එකී නොකී බොහො උත්තමයින්) හා සැසදීමෙදි ඔහු ගේ සුදුසු නොසුදුසු කම ගැන මම හිතන්නෙ කතාකරන්නවත් ඔන නැ කියල.
Posted by Malith on December 2nd, 2009.
ලංකාවේ දේශපාලය යනු කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවන රැකියාවකි. එය අන්කිසිදු රැකියාවක් හා සසැඳිය නොහැකිය. බොහෝ පින්ගුත්තරයිට සුදුසුකම් වලට වඩා තිබෙන්නේ නුසුදුසු කම්ය.
Posted by Anonymous on December 2nd, 2009.
මම දේශපාලනය ගැන මේලෝකේ උනන්දුවක් නැති වුනාට හා මෙතුවක් කාලෙකට දීපු එකම එක ජන්දේ වත් වලංගු නොකරපු මම මේ ඔයාගේ ලිපිය එක්ක අම්බානෙකට එකගයි… මම ජෙනරාල් යුද්ධ කරලා යුද්දේ අවසන් කරන්න පංගුකාරයෙක් උනා කියන එක අමතක කරනවා නෙවෙයි.. ඒ වුනාට මේ රටේ මිනිස්සු සතුටින් විරයෙක් කරපු මිනිහෙක් නිකං නාමික ජනාධිපති කෙනෙක් විතරක් වෙන්න..රනිල් වෙනුවෙන් තරග කරන එක මම අනුමත් කරන්නේ නැහැ..
Posted by malee_msg on December 3rd, 2009.
එතකොට සනත් ඡන්දේ ඉල්ලන එක? ඒක සාධාරනයි!!
Posted by rachiyo on October 25th, 2010.
අෆොයි නෑ… ඒ සන්තෑසිය සිද්ද උනේ මේක ලිවුවට පස්සෙ නොවැ!
Posted by budhajeewa on October 25th, 2010.