අද අපේ බිංකු සහෝදරයයි මායි පොඩි චැටකට සෙට් වුනා. අපි හිතුවා එක ඔබත් එක්ක බෙදාහදා ගත්තා නම් හොඳයි කියලා. අපි කතා කළේ උබුන්ටු මත මෘදුකාංග ස්ථාපනේ කරන හැටි ගැනයි රිපොසිටරීස් වල ක්‍රියාකාරීත්වය ගැනයි. ඔබට පුළුවන් ඒකෙ තියන වැරදි අඩපාඩු පෙන්නල දෙන්න, සහ සංවාදය අවසානයේ අපිට මතුවුනු ගැටළුවට පිළිතුරු දෙන්න.
****
Share
Binku: මචං මට gwibber දාන්ඩ කියලං දෙන්ඩකෝ!
Buddy: ආයිබෝං! කෝ එන්න gwibber ඉන්ස්ටෝල් කරන්න.
Binku: ආහ්, එලෙළ. මෙන්න තේ කොප්පයකුත් එක්ක!
Buddy: ටර්මිනල් එකක් ගන්න… තැංකූ තේකට!
Binku: ගත්තාස්!
Buddy: ඉස්සෙල්ලම කියන්න ඕන මම gwibber පාවිච්චි කරන්නෙ නැති නිසා ඒක ඇතුලෙ වැඩ දන්නෙ නෑ!
Binku: එලෙළ. අවුලක් නෑ, දා ගත්තාම ඉගෙන යන්න බැරියැ?
Buddy: දැන් බිසි නැත්තං ඕනෑම මෘදුකාංගයක ස්ථාපනේ කරන හැටි මේ ඇසුරින් කියල දෙන්නං?
Binku: මම Qwit දාලා බැලුවා, ඒත් ඒක හරි යන්නෑ. ඊට පස්සේ twittux දැම්මා, ඒත් එකේ ලින්ක්ස් වලට යන්න බෑ වගේම හොල්මං පෙන්වන්නේ.
Buddy: ආහ්… එහෙනං මෘදුකාංග දාන හැටි දන්නවා? sudo apt-get install gwibber කරල බලන්න.
Binku: එලෙළ, ඕනම මෘදකාංගයක් දාගනන පුළුවන් වුණොත් තව මරු.
Buddy: ආ මහ දෙයක් නෑ… උබුන්ටු වල මෘදුකාංග ස්ථාපනේ කරන ප්‍රධාන ක්‍රමේ තමයි අපිට ස්ථාපනේ කරන්න ඕන මෘදුකාංගේ නම පැකේජ් මැනේජර් එකකට ලබා දුන්නම, එයා විසින් අදාළ ගොනු සියල්ල බාගෙන ස්ථාපනේ කරල දීම. වින්ඩෝස් වගේ තනි සෙටප් එකක් අරන් ගිහින් ඉන්ස්ටෝල් කරන රටාව මේකෙ විරලයි… නෑ කියන්න බෑ.
Binku: ඔව්, දන්නවා.
Binku: ඒත් ඇතැම් ඒවා තියෙන්නේ tar.gz ගොණු වල නෙව?
Buddy: ඔවු… tar.gz වල සමහර ඒවා නිකංම දිග ඇරලා ඒකෙ තියන executable එක ධාවනේ කරන්න පුළුවන්.
Buddy: ඒක උබුන්ටුවල (වගේම බොහොමයක් ලිනක්ස් වල) ලක්ෂණයක්.. සමරු මේක අඩුපාඩුවක් විදියට දකිනවා.
Binku: ඔව් දැක්කා එහෙම කියන තැන්.
Buddy: ඒක ඉතිං මේ ලිනක්ස් වල ලක්‍ෂණයක්. පුරුදු වෙන්න වෙනවා… හරියට වින්ඩෝස් අය වෛරස් වලට පුරුදු වෙනව වගේ!
Binku: ආහ්, ඔව්වත් කජ්ජක්ද, වින්දොරේ එක්ක ලණු කාලා කාලා පස්සේ දැන් හොඳ හැටි කලමනාකරණය කරන එකේ?
Buddy: ඒක නෙ.
Binku: ඉතිං
Buddy: ඉතිං මේ පැකේජ් මැනේජර්ස් කීපයක් තියනවා… උබුන්ටු වල පෙරනමියෙන් එන 3ක් තියනවා මම දන්න තරමිං. ඒවා තමයි apt-get, aptitude සහ dpkg, මෙයින් ගොඩක් ප්‍රසිද්ධ apt-get, මගේ ප්‍රියතම aptitude.
Binku: ආහ්, dpkg කිව්වේ deb වලින් දාන ඒකද?
Buddy: dpkg භාවිතා වෙන්නේ තනි deb ගොනුවක් (හරියට වින්ඩෝස් වල msi වගේ මේකෙ deb තමයි ස්ථාපකය) ස්ථාපනේ කරන්න වගේ අවස්ථා වල, ඒ කියන්නේ අපි deb එකක් double ක්ලික් කරලා ස්ථාපනේ කරනකොට පාවිච්චි වෙන්නේ dpkg. මම දන්න තරමිං Ubuntu වල apt-get වගේ Debian වල dpkg තමයි සම්මත පැකේජ් මැනේජර් එක.
Binku: ආහ්, එසේමැයි!
Buddy: apt-get හරි aptitude වලින් හරි ස්ථාපනේ කරනකොට වෙන්නේ අපි පද්ධතියට දැනුම්දීලා තියන මෘදුකාංග ගබඩා (මෙවට කියන්නේ “repositories”, ආදරේට කියන්නේ “repos”) වලින් අපි නම් කරන මෘදුකාංගයයි, ඒක වැඩකරන්න ඕනෑ අනිත් මෘදුකාංගයි (ඒවට කියන්නේ “dependencies” කියලා, ඒ කියන්නේ වෙනත් මෘදුකාංග ඒක මත රඳාපවතිනවා කියන එක.) බාලා ස්ථාපනේ කරලත් දෙන එක. මේ රෙපෝස් සාමාන්‍යයෙන් අපිට අමතුවෙන් දාන්න ඕනෑ වෙන්නෙ නෑ, මොකද කැනෝනිකල් ලා පවත්වාගෙන යන, උබුන්ටු වල පෙරනිමියෙන්ම එන රෙපෝස් වල අපිට ඕනෑ මෘදුකාංග සියල්ලම පාහේ තියෙන නිසා. හදිසියෙවත් පිට රෙපෝ එකක් දාන්න උනොත් විශ්වාස, ප්‍රසිද්ධ අයගෙ ඒව විතරක් ගන්න, උදාහරණයක වදියට Google ලගේ ලිනක්ස් රෙපො එක.
Binku: ඒකත් හරි.
Buddy: ඉස්කෝලෙදී හෝ වෙනත් තැනකදී මෘදුකාංග බාලා වෙනත් පරගණකයක් මත ස්ථාපනේ කරන එක සාර්ථක නෑ.
Binku: ඒක මම අහලා තිබ්බා
Buddy: මොකද එක පරිගණකයක ඩිපෙන්ඩන්සීස් තවත පරිගණකයකට වලංගු නැති නිසා
Binku: .gz දාන්න විදිහක් තියේද?
Buddy: ඔය අහන්නේ .tar.gz වගේ එන මෘදුකාංග ස්ථාපනේ කරන හැටි ගැන නේද?
Binku: එසේමැයි.
Buddy: .tar.gz කියන්නේ ZIP එහෙම නැතිනම් RAR වගේ ගොනු හැකිලුම් ක්‍රමයක් විතරයි. ඒකේ ඇතුලෙ දාලා එන මෘදුකාංග භාවිතා කරන්න පුළුවන් ක්‍රම එකිනෙකට වෙනස්, බොහෝවිට අදාළ .tar.gz (හෝ gz/bz/tar/tar.bz වගේ ගොනු මාදිලි ගොඩකින් ලිනක්ස් වල ගොනු හකුලනවා.) ගොනුව බාන්න තියන පිටුවේ ස්ථාපන උපදෙස් සටහන් වෙනවා.
Binku: හරි, ඒත්, ඇතැම් එවායේ නෑ නෙව? කමාන්ඩ් ගහන්න තියේද ඒවායේ පොදුවේ?
Buddy: එහෙම දෙයක් පොදුවෙ කියන්න බෑ. උදාහරණයක් විදියට Firefox for Linux එන්නේ tar.bz එකක් විදියට, ඒක extract කරලා ඇතුලෙ තියන firefox කියන ගොනුව ඩබල් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. (ඔය කීවෙ මැනුවලි Firefox බෑවොත් කරන ක්‍රමේ. නැත්තං කැනෝනිකල් රෙපෝ එකේ Firefox තියනවා. හැබැයි අළුත්ම යාවත්කාල කිරීම් එතනින් ගන්න බෑ, ඒ නිසා මම මැනුවලි ඉන්ස්ටෝල් කරන් තියෙන්නේ)
Binku: ඒ සයිට් එකේ විස්තර නැත්තං මොකැයි කරන්නේ?
Buddy: එහෙනං ඉතිං පොඩ්ඩක් ජංජාලේ විස්තර හොයන්න වෙනවා
Binku: ආහ්, එලෙළ.
Buddy: හැබයි හොඳදේ තමයි… ඔය විදියේ geek ස්ටයිල් එකේ පැකේජස් දැන් අඩුයි.
Buddy: දැන් ගොඩක් එන්නේ මනුස්ස පැකේජස්.
Binku: අනිවා, මට ඒක පේනවා. අද සකයිප් දැම්මත් එක්ක.
Buddy: ඒක තනි deb එකක්, තව පොඩි කීපයක් auto බානවා.
Binku: ඉස්සරහ කාලයක වෙද්දී වින්දෝරේ වගේ බොත්තමක් ඔබලා වැඩේ ෂරි! ඒම ලේසි වෙයි නේද?
Buddy: ආහ්, එක නං සුවර් නෑ. මොකද වින්ඩෝස් වල පැකේජ් ස්ථාපනේ කරන රටාවයි මේකයි සහමුලිං වෙනස්.
Binku: ඒත්, මනුස්ස පාට එනවැයි කියන්නේ මචෝ තව කට්ටියක් එක්රොක් වෙන ඒකනේ, ඒකයි මම අදහස් කොරේ.
Buddy: අපි හිතමු A කියලා ලොකු මෘදුකාංගයක තියනවා b කියන්නේ එක දුවන්න ඕන කුඩා මෘදුකාංගයක් කියලා.
ලිනක්ස් අය:
A මෘදුකාංගය විතරක් ලබා දෙනවා. එක ස්ථාපනය කිරීමේදි b වෙනම ස්ථාපනේ කරන්න වෙනවා.
ඒකෙ වාසි 2ක් තියනවා:
1. A සමග b නොදෙන නිසා A සහිත ගොනුවෙ විශාලත්වය අඩු වීම.
2. b දැනටම පරගණකයේ ඇත්නම් අමතුවෙන් ස්ථාපනයට කාලය/ඉඩ/ජාල සබදතාව වැයනොවීම.
වින්ඩෝස් අය:
A සහ b 2ම එක ගොනුවෙ ලබා දෙනවා.
අවාසි:
1. ගොනුවේ විශාලත්වය වැඩි වීම.
2. පරිගණකයේ b හි තවත් පිටපතක් තිබනත් නැවත අලුතින් ස්ථාපනය වීම.
Binku: ආහ්, ඒකත් හරි. අනික bහි අළුත්ම සංස්කරණයක් තිබුණාම ඇතැම් වේලාවට දෝෂ පැමිණිම.
Buddy: ම්ම්… ලිනක්ස් වලදී උනත් A ට අවශ්‍ය b සංස්කරණය නැතුව පරණ එකක් නං තියෙන්නෙ, A ස්ථාපනේ කරන අතර b යාවත්කාල කරනවා. ඒකනේ සමහර ඒව සථාපනේ කරනකොට කියන්නේ “X packages to install, X to upgrade, X to remove” කියලා.
Binku: එතකොට b අලුත්ම නම් Aට ඕන තරමට වඩා?
Buddy: ඒ ප්‍රශ්නෙට පිළිතුර දෙන්න මම දන්නෙ නෑ! ඔයා අහනකං මට ඔය ප්‍රශ්නෙ ඇවිත් තිබුනෙ නෑ… මම හොයල බලන්නං.

“A මෘදුකාංගය විතරක් ලබා දෙනවා. එක ස්ථාපනය කිරීමේදි b වෙනම ස්ථාපනේ කරන්න වෙනවා”
මෙන්න මේ scenario එකේදි ලිනක්ස් වල වාසි කතා කරලා වින්ඩෝස් වල අවාසි කතා කිරීම මහා පක්ෂග්‍රාහී කමක් !
මම දකින විදියට ඔය ඕකෙන් ලිනක්ස් වලදි වෙච්ච ලොකුම අවාසිය අන්තර්ජාල සබඳතාවය නැති පරිගණකයකදී ලිනක්ස් වලට පැකේජ ස්ථාපනය කිරීම “චොර” වීම. මම දන්න මල්ලි කෙනෙකුට (අන්තර්ජාල සබඳතාවය නැති) ලිනක්ස් හඳුන්වලා දීලා මට දැං ඒ මල්ලිගෙන් හැමදාම අහන්න ලැබෙන අඳෝනාව ඕකයි. “dependancies !”
ලෝකයේ පරිගණක කීයෙන් කීයටද අන්තර්ජාල සබඳතාවය තියෙන්නේ.
මම දැකපු, මම පිහිටුවන්න උත්සාහ කරපු ඇතැම් .tar.gz ගොනු වන හොඳ documentation එකක් නැහැ. ඒ නිසා අවශ්‍ය dependancies මොනවද කියලා හොයාගන්න බැහැ. ස්ථාපනය කරන්න ගියාම කරගන්න බෑ අර dependancies නැතුව. ඉතිං හදපු එකාගේ මෑණියන්ට පින් අනුමෝදනා කරලා නිකං ඉන්නවා !
මයික්‍රොසොෆ්ට් ඒකාධිකාරයක් තියෙනවා. ඒ වගේම අපිව හූරගෙන කනවා. ඒක ඇත්ත. නමුත් වින්ඩෝස් තවමත් වැඩිම පිරිසක් භාවිත කරන්නේ මෙන්න මේ වගේ ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් එහි තියෙන නිසයි.
Posted by ඉන්දරේ on October 31st, 2009.
“ඉතිං හදපු එකාගේ මෑණියන්ට පින් අනුමෝදනා කරලා නිකං ඉන්නවා !”
ඒ හදපු එකා හදපු දේ බුද්ධිමය දේපළක් විදියට හංගගෙන ඉන්නෙ නැතුව මිනිස් වර්ගයා වෙනුවෙන් නිදහස් කළ එක ලොකු කැප කිරීමක්. පාවිච්චිය ටිකක් කරදර වුණත්, ඒ හේතුව නිසා මම නම් අනුමෝදනා කරන්නෙ ඇත්තටම ඇත්ත පින්. ඉන්දරෙත් එහෙමද?
Posted by ශාකුන්තල on November 1st, 2009.
වින්ඩෝස් වලින් හුරු කරපු I Accept –> n(Next) –> Finish රටාව අන්තිමට මොනවද ඉතුරු කළේ?
අයිකන් වලින් අපිරිසිදු වුණු desktop එකක්
Launcher වලින් පිරුණු quick launch එකක්
ටූල්බාර් වලින් වැහුණු browser එකක්
අයිකන් වලින් පිරුණු ට්‍රේ එකක්
අනවශ්‍ය component libraries වලින් හැඩි වෙච්ච හාඩ් ඩිස්ක් එකක්
Background process, spyware නිසා 486 තත්වෙට පත් වුණු පෙන්ටියම් පරිගණකයක්!
ලිනක්ස් වල මෘදුකාංග ස්ථාපන රටාව කරදරයි කියලා මම පිළිගන්නවා. හැබැයි ඒකෙ ස්වභාවය නිසා මිනිස්සු දීල තියෙන උපදෙස් ටිකවත් හරියට කියවනවා.
Posted by ශාකුන්තල on November 1st, 2009.
Programmers ලා ස්භාවයෙන්ම කම්මැලියිනේ. ඒ කිව්වෙ documantation වලට. ඔය ඉතිං software එකක් ලියලා test කොරලා. bugs හදලා අන්තිමට නොමිලේම අනිත් අයටත් දීලා හොඳ documantation එකක් නෑ කියලා දොස් අහන්න ඕනැද. මම නම් උඹලට එපා නම් නිකං ඉඳපල්ලා කියල කියනවා. ඔය කිව්වට මමත් මේ දැන් empathy මගේ ගෙදර පරිගනකයෙ ස්ථාපනය කරන්න ගියා. install ඒකේ කියල තියන විදිහට මේක compile වෙන්නෙ නෑ. මොනව උනත් මටත් තද වෙලයි ඉන්නෙ දැන්.
කොහොම උනත් වැදගත් ලිපියක්. කරුණු කිහිපයක්ම දැනගත්තා. බොහාම ස්තූතියි බඩීට සහ බිංකුණ්ඩාට.
@ශාකුන්තල අයියා
ඔබ සමග මම 100% එකඟය.
Posted by රවින්ද on November 1st, 2009.
දුකා යි උබන්ටුයි කියන්නේ තක්කාලි සහ බෝල්ට් ඇණ වගේ කිසිම ගැලපීමක් නෑ . . හික් හික් . . .
එත් මම උඹල දෙන්නගේ සංවාදය නම් රසවින්ඳා . . .
Posted by දුකා on November 1st, 2009.
@ඉන්දරේ: හැම දේම සර්ව සම්පූර්ණ නෑ නේ, ඉතිං ලිනක්ස් වලත් දෝෂ, වෙනස් විය යුතු තැන් නැත්තේ නැහැ.
@ශාකුන්තල: ලිනක්ස් වල මෘදුකාංග ස්ථාපන රටාව වින්ඩෝස් වල එකට වඩා තාර්කිකයි. ඒ තාර්කික, නිවැරදි ස්‍වභාවයට අනුගත වීම සාමාන්‍ය පරිගණක භාවිතා කරුවන්ට පහසු කරන්න කිසියම් ක්‍රමවේදයක් අපි සොයාගත යුතුයි.
@රවින්ද: ලේඛනකරණ වැඩ වලදී අපිට උදව් වෙන්න පුළුවන් නේද? අපිට දියුණු මෘදුකාංග හදන්න උදව් දෙන්න බැරි උනත්, ඒ සඳහා ලේඛනකරණයේ යෙදීමෙන් සාමාන්‍ය ජනතාව අතරට මේවා ගෙනයන්න ලිනක්ස් පිළිබඳව යමක් කමක් දන්න අයට දායක වෙන්න පුළුවන නේද?
Posted by budhajeewa on November 1st, 2009.
@දුකා: හෙහේ…. තැංකූ වේවා! බට් මම නං හිතන්නේ නෑ සංවාදයක් විදියට රසවිඳින්න මේක හොඳ ඇති කියලා. මොකද සංවාදෙ සංස්කරණය කරලයි මේකෙ දැම්මෙ!
ඒක නෙවේ, හෙමිං සීරුවෙ දුකා අයියත් බහිමු විවෘත මෘදුකාංග වලට? මොකද කියන්නේ?
Posted by budhajeewa on November 1st, 2009.
@ශාකුන්තල
“ඒ හදපු එකා හදපු දේ බුද්ධිමය දේපළක් විදියට හංගගෙන ඉන්නෙ නැතුව මිනිස් වර්ගයා වෙනුවෙන් නිදහස් කළ එක ලොකු කැප කිරීමක්”
විවෘත කේත හා නිදහස් මෘදුකාංග තියෙන්නේ ලිනක්ස් පරිසරයට විතරක් නෙමෙයිනේ. වින්ඩෝස් පරිසරයටත් තියෙනවා. නමුත් ඒවා වින්ඩෝස් වලදී අරක මේක වෙනම බාගෙන දාන්න කියලා ඉල්ලන්නෙ නෑ නේ.
@බුධාජීව
“ඉතිං ලිනක්ස් වලත් දෝෂ, වෙනස් විය යුතු තැන් නැත්තේ නැහැ.”
මෙන්න මේක ගිරවුන් මෙන් linux rocks, windows sucks කියලා කියන ලිනක්ස් ගීක්ලා වටහා නොගන්න එකයි ප්‍රශ්නේ. බලන්න ලිනක්ස් ඩිස්ට්‍රො වල අලුත් අලුත් වර්ෂන් මාස 6න් 6ට වත් එනවා. නමුත් වැඩිදියුනු කිරීම් ගොඩක්ම කෙරෙන්නේ බාහිර පෙනුමටත් අතිශය අභ්‍යන්තරයටත්. මෙන්න මේ දෙක අතර ස්ථර වලට, ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ ප්‍රායෝගික ගැටලු වලට පිලියම් දෙන්න නිර්මාපකයන් උත්සාහ නොකිරීම ප්‍රශ්නයක්. do or die වර්ගයේ ප්‍රතිපත්තියක් ඒ නිර්මාපකයන් අනුගමනය කරනවා කියලයි මට හිතෙන්නේ.
ලිනක්ස් පරිසරයට ආවත් මිනිස්සු වැඩිපුරම අපේක්ෂා කරන්නේ භාවිතයේ පහසුව කියන එක පැහැදිලියි නේ. නැත්තං හැමෝම RHEL පාවිච්චි කරයිනේ. ඒ වගේම Fedora වලට වඩා වැඩි පිරිසක් Ubuntu වෙත ඇදී එන්නෙත් ඒ හේතුව මතමයි. ubuntu සාපේක්ෂව භාවිතයට පහසුයි.
අපිත් කටු කාගෙන ලිනක්ස් පාවිච්චි කරන්නේ ඒක දියුනු වෙනවට කැමති නිසා තමයි. විවේචනය කරන්නෙත් ඒක දියුණු වෙන්න අත්වැලක් විදියට මිසක් මයික්‍රොසොෆ්ට් එකට කඩේ යන්න වත් අර මෘදුකාංග හදන අයට ගරහන්නවත් නෙමෙයි.
ලෝකයේ පරිගණක පාවිච්චි කරන අයගෙන් 90%ටත් වඩා n00b ලා මිස geek ලා නෙමෙයි. ෆිල්ම් එකක් බලන්න, සිංදුවක් අහන්න පරිගණකය භාවිතා කරන මිනිස්සුන්ට ඒව බැලිල්ල පැත්තක තියලා source code අරගෙන compile කර කර ඉන්න ගියාම, හත්පොලේම ගාගෙනත් අන්තිමේ ඕනෙකරන වැඩේ කරගන්න බැරිඋනාම ඒ මිනිස්සුන්ට අර පද්ධතිය එපාවෙනවා. මෙන්න මේ පරම සත්‍යය බිල් ගේට්ස් වටහා ගත්ත නිසයි මයික්‍රොසොෆ්ට් වෙලඳපොලේ 1ට ඉන්නේ. ලිනක්ස් ගීක්ලා කවදා මේක ඉක්මනින් වටහාගනී කියලා අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකට තමයි මෙහෙම වත් විවේචනය කරලා තල්ලුවක් දෙන්නේ.
Posted by ඉන්දරේ on November 1st, 2009.
මමත් ලිනක්ස් වලට ගොඩක් අලුත්. ඉස්සර ටර්මිනල් එකෙන් ඉගෙන ගන්නකොට ලිනක්ස් කියනකොට කඳුලු එන සයිස් එකෙන් එපා වෙලයි හිටියෙ. පන්තියෙත් ලකුනු අඩුම වෙන්නෙ ලිනක්ස් සීන් වලට.
නමුත් අපේ සිංහල බ්ලොග් යූනියන් එකේ කස්ටිය ලියන ලිපි වලින් නැවතත් ලිනක්ස් වලට බැස්සා. බැස්ස වගේ නෙමෙයි ඉතින් මෘදුකන්ගයක් හරියට ස්තාපනය කරන්නවත් හරියට බෑ. නමුත් සාකුන්තල, කාලින්ග වගේ අපේ සහෝදර කස්ටියගෙ ලිපි වලින් දැන් ගොඩක් දුරට ලිනක්ස් වලින් යමක්- කමක් කර ගන්න පුලුවන්. මේ Buddy ගෙයි Binku ගෙයි සංවාදෙනුත් මෘදුකන්ග ස්ථාපන ගැන තිබුනු මන්ඤන් තැන් ගොඩක් විසදුනා.
Posted by Udara | රොකියා on November 1st, 2009.
“Binku: එතකොට b අලුත්ම නම් Aට ඕන තරමට වඩා?”
සාමාන්‍යයෙන් backward compatibilities ඇතුවයි අලුත් version එකක් release කරන්නෙ.
Posted by චතුර on November 1st, 2009.
සතුටුයි අහන්නත් මේ ගැන අපිටත් වඩා එක්පැත්තකින් සංවාදයක් ගෙන යෑමත් ඇතැම් අයට මේක වැදගත් පාඩමක් වීමත් ගැන.
රොකියා, මටත් තිබ්බා එය ප්‍රශ්නයම. මට මතක ඇති කාලෙකක මම මුලින් ලිනක්ස් කියලා දෙයක්ට ආවේ නමය දහය හරියේ, ඒ දවස් මට ලිනනක්ස් ගැන කිව්ව අයියා කෙනෙක් දුන්න Suse Desktop Enterprise එකෙන්. නෝ තේරුණාම වින්ඩෝස් ඒකත් නැති කරගෙ දැම්මට කෝ මේලෝ දෙයක් දන්නේ නැති මම කොහොමැයි ඉතිං පාවිච්චි කරන්නේ. ඉතිං ඒක අයින් කොරලා වින්ඩෝස් දැම්ම මම කාලෙන් කාලේට Lindows OS, Rad Hat දැම්මට මට තේරුණේ නෑ වගේම දෙමව්පියන්ගෙන් බැණුම අහන්නත් වුණා.. ඉතිං පස්සේ මම ආයිත් දැම්මේ A\L කාලේ වුණාට ඒකත් උබූන්ටූ තමා, ඒත් ඒවා භාවිතා නොකළ මම මෙහේට ආවාට පස්සේ යාත්තං openSuSe භාවිතා කරා, වින්ඩෝස් හතේ RC ආවාම ෆෝමැට් කරපු මට අමතකත් වුනා එක්ක ලිනක්ස් භාවිතා කරන්න, ඉතිං මම ගියදාක විස්ටා ආපහු දැම්මාම මම බලාන හිටියේ 9.10 එනකං තමා. ඉතිං එන්න විනාඩි පහකට කලින්ම භාගත කරලා දැම්මා එක්කම පවුලේ මැෂිමටත් දාලා එකත් හරවා ගන්නයි ට්‍රයි ඒක (කලිනුත් IE, Microsoft Office වලින් Fireofx, openOffice/ Google Docs වලට දා ගත්තා).
මම වින්ඩොස් විරෝධීයෙක් නෙමේ, ඒත් මම මේ වෙනස් වීම ගැන අවංකවම සතුටු වෙනවා.. සුසිත අයියාගේ බිලෝගය, ශාක්න්තල අයියාගේ බිලෝගය වගේ ඒවාත් මට වැදගත් වුණා. එයාටත් එසේම වෙවි, ටිවීටරය හෝ කෙසේ කෝ ලිනක්ස් ගැන දන්නා අය දැන හදුනා ගත්තොත් වැරදින එකක් නෑ. මේ සංවාදයට මුල පිරැවෙත් මගේ ටිවීටරයක්.
Posted by ~බිன்ku~ on November 1st, 2009.
@ඉන්දරේ: ලිනක්ස් වල මෘදකාංග ස්ථාපනේ කරන රටාව නැවත මුල ඉඳලා සිතන්න වෙනවා. වාණිජ්‍ය මෘදුකාංග ගන්න සල්ලි නැති අය අතරට නිදහස් මෘදුකාංග යවන්න නම්, ඒ සල්ලි නැති බොහෝ දෙනා අන්‍තර්ජාල සබඳතාවය නැති අය බවත්, ඒ අය සඳහා මාර්ගගත නොවන මෘදුකාංග ස්ථාපනය මීට වඩා පහසු කරන්න ක්‍රමයක් නිර්මාණය කළ යත බවත් තේරම් ගන්න ඕන.
මේකට පොඩි විසඳුමක් දැනටම උබුන්ටු තුළ තියනව. මම ලියන්නම්.
@ Udara | රොකියා: අපේ කතාවෙනුත් වැඩක් උනානම් ඇත්තටම සතුටුයි. ඒක තවත් එක්කෙනෙකුට හරි වැදගත් වේවි කියල හිතුනු නිසා තමයි බ්ලොගේට දැම්මේ.
@චතුර: අපේ ගැටළුවට විසඳුම හමු වුනා ඔබේ පිළිතුරෙන්. ස්තුතියි!
@~බිன்ku~: ස්තු…. ඒයි… මොකටද තමුන්ට ස්තුති කරන්නේ… ඔහෙත් මේක ලියන්න දායක වෙලා තියනවනෙ!
Posted by budhajeewa on November 1st, 2009.
@ඉන්දොරේ
ඔයා ubuntu brainstorm එක පැත්තේ ගිහින් ඔයාගෙ ඔය අදහස් යොජනා සහ චෝදනා ටික දුන්නා නම් වටිනවා.
@බුධාජීව
අනේ මේ ඔය ලේකන කටයුතු මටත් අරහං. Report එකක් කරන්න දුන්නහම ඒක කරන්නෙ මාරක රේඛාවට කලින් දවසෙ රූ. ඉතිං කෙහොමද අනුන්ගේ documantation කරන්නෙ.
Posted by රවින්ද on November 1st, 2009.
@ රවින්ද
මට කඩ්ඩ බෑ. නැත්තං සිරාවටම දානවා
Posted by ඉන්දරේ on November 1st, 2009.
අපි එකතු වෙලා ඉන්දදරේට සප් එකක් දෙමුද වැඩේ කරන්න? ඕන තරම් අය ඉන්නවානේ කඩු හරඹ පුළුවන්. පුළුවන් නම් ඉන්දරේට බැරියැ සයිට් එකක් අඩවා ගන්න
Posted by ~බිன்ku~ on November 2nd, 2009.
ඉන්දරේ සහෝදරයා එක්ක මම 200% එකඟයි. මට ලින්ක්ස් අත්හදා බලන්න තියෙන ලොකුම බාධාවක් තමා මේ internet case එක. කවුරු හරි පිංවතෙක් මේ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් හොයලා දුන්නොත් ලොකු දෙයක්. නැතිනම් linux වල dependencies හොය හොයා software දාන්න ගියොත් …. අම්මෝ…. එතනින් එහාට මම හිතන්න යන්නේ නෑ…
@බුධජීව
මේකට පොඩි විසඳුමක් දැනටම උබුන්ටු තුළ තියනව. මම ලියන්නම්.
සහෝ… මේක ඉක්මණට ලියලා දාන්න.
Posted by දක්ෂිණ on November 3rd, 2009.
මේක, බුධාජීවගෙ ලිපියට සම්බන්ධ නිසා මෙතන පළ කරනවා.. කමක් නෑනේ?
http://blog.shaakunthala.com/2009/11/blog-post_03.html
Posted by ශාකුන්තල on November 3rd, 2009.
@~බිன்ku~ : අනිවා!
@දක්ෂිණ: හරි, මම පුළුවන් ඉක්මනට ලියන්නම්.
@ශාකුන්තල: මෙන්න ඉස්පෑං කොරනෝ! හරි හරි අවුලක් නෑ.
Posted by budhajeewa on November 3rd, 2009.
[...] සහෝදරයයි මායි කරපු සංවාදයක් “බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථ…” නමින් මේ බ්ලොගයේ පළ කළා ඔබට මතක ඇති. [...]
Posted by බුධාජීවගේ ලියමන | ඍජු අන්තර්ජාල සබඳතාවක් නොමැතිව Ubuntu මෘදුකාංග ස්ථාපනය. on November 5th, 2009.
@දක්ෂීණ:
[said:දක්ෂීණ]
සහෝ… මේක ඉක්මණට ලියලා දාන්න.
[/said]
ඕන්න ලිවුවා: http://blog.budhajeewa.com/?p=454
Posted by budhajeewa on November 5th, 2009.