බින්දුව

මුලින්ම ලියන්න ඕන ඉලක්කම
බින්දුව උනාට
කාටත් අමතක වෙන්නේ බින්දුව

බින්දුව නැතුව කිසිම ගාණක්
හරියට හදන්න බැරි උනාට
කාට කාටත් බින්දුවේ අගය ශුන්‍යයි

බින්දුව කියන්නේ
අනිත් හැම කෙනාටම උදව් කරන්න ඉන්න
වටිනාකමක් නැති ඉලක්කමක් විතරයි

Share

ඒත්, ඌ නැති වුනොත් වෙන හරිය ගැන
කවුද හිතන්නේ?
කාටද හිතන්න ඕනේ?

සංඛ්‍යාවක් බින්දුවෙන් බෙදුවම කීයද?
“අනන්තේ!” නෑ නෑ “භූතාර්ථයක්!”
කට්ටිය තර්ක කරනවා

ඒත් බින්දුවට කියල දෙයක් බෙදල දෙන්න
කාටද එක මොහොතකට හිතුනේ?
බෙදුව කියල මොනව ලබන්නද?

ඌට මොකෙන් බෙදුවත්, කොහොම බෙදුවත්
බින්දුව බින්දුවමයි
“කරුමක්කාරයා!”

“අවුලක් නෑ!”
මේ සේරම අස්සේ
බින්දුව තමන්ටම කියාගත්තා

නපුරු කවුරුත් නැති
පුංචි ලෝකයක් ගැන
බින්දුව හිතුවා

ද්‍වීමය සංඛ්‍යා…
එකයි බින්දුවයි විතරයි
වෙන කවරුත් නෑ

ඒ උනාට
එකට බින්දුව
එපා ලු!

ප්‍රථමකත් නොවන
සංයුක්තත් නොවන
තේරුං ගන්න හරි අමාරු

වර්ග කළත්, ඝන කළත්
නොසැලී ඉන්න එකට
බින්දුව එපාලු!

බින්දුවේ ඇහැට
පොඩිම පොඩි
කඳුලු බින්දුවක් ඉනුවා…

7 comments.

  1. අන්තිමේදී බින්දුවේ උදව්වට කොහෙදෝ ඉදන්
    අවකලනයායි අනුකලනයායි ආවේ බින්දුව
    ඇයි මෙච්චර අඩන්නේ තියලා අහන්න…

  2. @උදිත ඉසුරංග: එච්චර සංකීර්ණ ප්‍ලෑන්ස් ගැන තාම හරි හැටි නොදන්නා නිසා කිසිවක් කීමට නොහැක! :P
    ඇත්තටම බින්දුවේ ඇඬිල්ල නවත්තන්න එච්චර සංකීර්ණ ප්‍ලෑන්ස් ඕන වෙයිද?

  3. ඇත්තටම බිංදුවයි ඒකයි කියන්නේ මහ අමුතු ඉලක්කං දෙකක් කියලා මට හිතෙනවා……

  4. බිංදුව ඉස්සර උනොත් බිංදුවට වටිනාකමක් නැති උනාට බිංදුවට ඉස්සර වෙලා යන ඉලක්කම් වල අගය වැඩිවෙන්නෙත් බිංදුව හින්දමයි කියල කවුරුත් හිතන්නෙ නෑනෙ.

  5. බිංදුව………………

  6. පව් බිංදුව.. ඒත් බිංදුව නැතුව බැහැනේ… සමහර වෙලාවට වැඩියෙන්ම වටින්නේ වටින්නේ නෑ වගේ පේන දේවල් තමා

  7. @හිරන්‍ය: ඇත්තටම!

    @තාරක සමරණායක: අපි අගයක් නැ කියලා හිතන් ඉන්න සමහර දේවල් නිසා, තවත් සමහර දේවල්වල අගය වැඩිවීම පුදමයි නේද?

    @Malee_msg: පව් බින්දුව… ඒක තමයි. ඒත් ඉතිං මොනා කරන්නද නේද?

Post a comment.