මෘදුකාංග ලෝකේ “බීටා” කියලා නම් කරන්නේ, යම් මෘදුකාංගයක අවසන් නිකුතුවට පෙර පරීක්‍ෂා කර බලා දෝෂ හඳුනා ගැනීම සඳහා තෝරාගත් පිරිසක් වෙත නිකුත් කරනා නිකුතුවක්. “ඇල්ෆා” කීවාම ඊටත් වඩා පහළ සංවර්ධන අවධියේ තිබෙන යම් මෘදුකාංගයක්, කලිංටත් වඩා සීීමිත පිරිසක් වෙත පරීක්‍ෂා කිරීම සඳහා ලබා දෙන මෘදුකාංග නිකුතුවක්.
කල්පනා කරලා බලනකොට, මගේ කොම්පීටරේ තියන සොට්ටෙයා වලිං වැඩි හරියක් බීටා, එහෙම නැත්නම් ඇල්ෆා. නිතර භාවිතා කරනා වෙබ් අඩවි වලිං කීපයක්මත් බීටා හෝ ඇල්ෆා. ඒ නිසා කෙනෙකුට පුලුවං මම “බීටා මේනියාවෙන්” භයානක ලෙස පෙළෙන්නෙකු ලෙස හඳුන්වන්න!
ඉතිං මං කම්පනා කළා නරකද පොඩ්ඩක් ඔය කියන සොට්ටෙයා ටිකක් ගැන ලියල තිබ්බොත් කියලා. මේ පල්ලෙහා තියෙන්නේ එයිං කීපයක්:
Ubuntu 10.10 Maverick Meerkat
පුදපු ගමං කාපි යකා කීව වගේ මගේ කොම්පීටරේ තියෙන ප්‍රධානම මෘදුකාෙංග්ත් ඇල්ෆා එකක්! අද (16) වෙනකොට මේක Alpha 2 අදියරේ තමයි තිබෙන්නේ. මීට කලිං මම පාවිච්චි කලේ Ubuntu 10.04 Lucid Lynx. ඒකෙත් Alpha සහ Beta. 2010 අප්‍රේල් 29 වෙනිදා Ubuntu 10.04 Lucid Lynx වල අවසන් නිකුතුව නිකුත් උනා, දින 36ක් ඒක පාවිච්චි කළා, ජුනි 3 වෙනිදා Ubuntu 10.10 Maverick Meerkat Alpha 1 එක නිකුත් උනු ගමන් ඒකට බැස්සා!
ඕන නම් http://cdimage.ubuntu.com/releases/maverick/ වලට ගිහිල්ලා බාගන්න!
වැඩිදුර තොරතුරු:
OS එකේ Alpha නිකුතුවක් පාවිච්චි කරනවා කියන්නේ, ඒකට ඇතුලත් වෙන පැකේජ බොහොමයකත් පරීක්‍ෂණාත්මක නිකුතු තමයි මගේ කොම්පීටරේ ධාවනේ වෙන්නේ!
Chromium
“Chromium” කියන්නේ “Chromium Projects” විසින් සංවර්ධනය කර එළි දක්වන වෙබ් බ්‍රව්සරයක්. Google Chrome වෙබ් බ්‍රව්සරය පදනම් වෙලා තිබෙන්නේ මේ නිදහස් හා විවෘත කේත වෙබ් බ්‍රව්සරය මත. මං මේක ස්ථාපනේ කර ඇත්තේ LaunchPad හි chromium-daily PPA එක හරහා. එතුලින් දිනපතාම හෝ ඊටත් අඩු කාල ප්‍රාන්තරයන් තුළදී Chromium වෙබ් බ්‍රව්සරයට කරන පරීක්‍ෂණාත්මක වෙනස්කම් භාවිතා කරුවන්ට ලබා දෙනවා.
මේ ලියන වෙලාව වෙනකොට තිබෙන්නේ 6.0.467.0 (52418) වර්ෂන් එක. හවස් වෙනකොට තව දෙක තුනක් උනත් upgrades එන්න බැරි නෑ!
Google Chrome
Google Chrome හි මම ස්ථාපනේ කරල තියෙන්නේ google-chrome-unstable ශාඛාව. “google-chrome”, “google-chrome-beta” හා “google-chrome-unstable” කියන ශාඛා 3 අතුරින් නවතම පහසුකම් මුලින්ම හඳුන්වාදී පරීක්‍ෂණ කරන්නේ “google-chrome-unstable” ශාඛාව වෙතයි.
මෙය භාවිතා කිරීම සඳහා http://www.google.com/linuxrepositories/ හි ඇති උපදෙස් අනුව Google Linux Software Repository ය ඔබේ Software Repositories අතරට එකතු කරගෙන, google-chrome-unstable ස්ථාපනේ කරගන්න.
අද වෙනකොට භාවිතා කරන්නේ 6.0.466.0 dev.
NOTE: Google Chrome පදනම් වෙන්නේ Chromium මත නිසා, අලුත්ම-අලුත් පහසුකම් මුලින්ම එකතු වෙන්නේ බොහෝ දුරට Chromium වෙත. ඉන් පසු එම පහසුකම් Google විසින් google-chrome-unstable වෙත එක් කර පරීක්‍ෂා කරනවා.
Mozilla Firefox
මම Mozilla Firefox ස්ථාපනේ කරල තියෙන්නෙ Ubuntu Mozilla Daily PPA එක හරහා. දැනට පාවිච්චි කරන්නේ 4.0b2pre කියන වර්ෂන් එක. පාවිච්චි කරන්න ඔය උඩිං කියපු රෙපොසිටරිය එකතු කරගෙන, firefox-4.0 කියන පැකේජ් එක ස්ථාපනේ කරගන්න.
Digg
Digg කියන්නේ social bookmarking සේවාවක්. මෙහි ප්‍රධාන සේවාව http://digg.com හි ක්‍රියාත්මක වන අතරේ, invite-only-alpha version එකක් http://new.digg.com හි ක්‍රියාත්මක වෙනවා.
එතන Digg අඩවිය සම්පූර්ණයෙන් මුල ඉඳන් ඩිසයින් කරලා තියෙන්නේ!
සිංහල භාවිතා කරන අයට මේ සම්බන්ධව වැදගත්ම දේ තමයි, පරණ Digg අඩවියේ සිංහල අකුරු ඇති URLs හඳුනාගැනීම දෝෂ සහගත උනාට, අලුත් එකේ ඒවා බබා වගේ වැඩ!
අදම ගිහිල්ලා invitation එකක් ඉල්ලන්න. බට් ඒකට පරණ එකේ එකවුන්ටමක් තියෙන්න ඕන!


බීටා හදිස්සියෙන් අල උනත් වින්ඩෝස් වලත් බීටා පාවිච්චි කරන එක මරු. හුගක් සොෆ්ට්වෙයා වල හොර කොපි නැතුව ඔරිමජිනල් බීටා පාව්ච්චි කරන්න පුලුවන් නෙ නොමිලේ!
Posted by තිලිණ on July 16th, 2010.
[...] This post was mentioned on Twitter by Supun Budhajeewa, Supun Budhajeewa. Supun Budhajeewa said: [Blog] බීටා මේනියාව! : http://j.mp/ayi560 [...]
Posted by Tweets that mention බීටා මේනියාව! | Budhajeewa's Blog -- Topsy.com on July 16th, 2010.
නියම ලිපියක්….
බලාගෙන යනකොට වැඩිම දෙනෙක් භාවිතාකරන්නෙ අමු බීටා….
ඒ වගේම නිදහස් සහ නොමිලේ දෙන ඒවත් බීටා.. මල කෙලියි ගොඩයි
…….. ඒ මට මේ කතන්දරේ තේරෙන්නෑනේ………..
Posted by සහන් on July 16th, 2010.
@තිලිණ: මම නං කැමති කාටත් කලිං අලුත් වැඩ කෑලි පාවිච්චි කරන්න ලැබීම නිසා!
@සහන්: තේරෙන්නෙ නෑ කීවෙ? Oo
Posted by budhajeewa on July 16th, 2010.
beta ,gamma,alpha
hikz…….
Posted by Namila on July 21st, 2010.
අදයි ලිපිය දැක්කෙ.
වටින ලිපියක්, සෑහෙන දේවල් දැන ගත්තා
Posted by Ansh Lucky Sri Jay on July 23rd, 2010.
@Namila:
@Ansh Lucky Sri Jay: තැංකූ තැංකූ!
Posted by budhajeewa on July 23rd, 2010.
මම නම් ඉතින් කවදත් පාවිච්චි කරේ Google Chrome & Google Chrome-beta Google Chrome-unstable වින්ඩොස් වලට නෑ නේද?
anyway good post broo keep it up
Posted by Dar[K] on August 2nd, 2010.
@Dar[K]: google-chrome-unstable වල Windows edition එකක් තියේද කියල නං දන්නෙ නෑ.
Posted by budhajeewa on August 2nd, 2010.