මගේ බ්ලොගයේ ස්‍වයං-ස්ථාපන-හා-යාවත්කාලකෙරුම් පද්ධතියේ ඇතිව තිබූ දෝෂය සහ අළුතින් හඳුන්වාදී ඇති comment subscription පහසුකම.

පසුගිය දිනවල මාගේ බ්ලොගය සඳහා කිසිදු ප්ලගිනයක්, තීමයක් ස්ථාපනය කෙරුමට හෝ යාවත්කාල කෙරුමට නොහැකි තත්වයක් උද්ගත වී තිබිනි. මෙම ගැටළුව පැන නැගුනේ මා මාගේ බ්ලොගය WordPress 7 සිට WordPress 8 වෙත උසස්කෙරුමත් සමග වූ නිසා මා සිතුවේ මෙය WordPress 8 හි ඇති ගැටළුවක් බවයි.

නමුත් අද දින මාගේ සේවාදායකයේ පාලක පැනලයට ඇතුලු වී බලන කළ 500 MB වූ මා සඳහා සේවාදායකයේ වෙන්ව පැවති ඉඩ මුළුමනින්ම පිරී පැවති බව දැකගන්නට ලැබිනි. සිදුවී තිබුනේ මා http://jeewaya.com හි WordPress ස්ථාපනය කොට තනා තිබූ ස්‍වයංබ්ලොගයේ (autoblog) ලිපි ගණන 20,000 ද ඉක්මවා අධික ලෙස ඉඩ ලබාගෙන තිබූ අතර එයටත් වඩා මා විසින් වරින්වර මෙම බ්ලොගයේ WordPress ස්ථාපනය උසස්කෙරුමට ගොස් අතරමග නැවතුනු විට ඉවත් නොවී රැඳුනු WordPress.org වෙතින් බෑවෙන ZIP ගොනු රාශියක්ද මෙහි ගොඩ ගැසී පැවතිනි.

දෝෂය WordPress 8 හි නොව ඉඩකඩ පිරී ගිය සේවාදායක ඉඩෙහිය.

මා විසින් වහාම http://jeewaya.com හි පිහිටුවා තිබූ ස්‍වයං බ්ලොගයට අදාළ ගොනු සහ MySQL දත්තමූලය ඉවත් කරන ලදී.

එමෙන්ම මාගේ බ්ලොගයේ අදහස් පලකරන්නන් වෙත තමන් අදහස් පළ කළ ලිපියට අදාළ නවතම අදහස් ඊමේල් මගින් නොලැබෙන බැව් කිහිපදෙනෙකුම සඳහන් කොට තිබූ අතර, මා විසින් ඒ අඩුපාඩුව නැවැත්වීමට ප්ලගිනයක් එක් කරන ලදී.

9 comments.

  1. මේ මේ ඕනෙ නැති රෙද්දවල් කොරල සර්වර් එක කෙලවගත්තොත් බලාගමු..

    උඹ ඒකට කෙලියොත් උඹේ කටෙත් සිලිකන් මගේ කටෙත් සිලිකන්..

    නැත්තං සෙල්ලං කරන්න වෙන සර්වර් එකක් හොයල දෙන්නද?

  2. @ ගයාන් :
    හත්තිලව්වයි ! උඹෙ බ්ලොගේ තියෙන්නෙත් මගේ සැර්වරේම නෙ !!!
    හිටපිය මේකට කෙලවන්න, හදල දානව loop වෙන මොකක්හරි කෙහෙම්මලකුයි, autoblogs 10කුයි !

  3. යකෝ මාත් ඔටෝබොගුයි. තව කෙහෙල්මල් කීපෙකුයි දාල තියෙන්නෙ.. හිටහං මගේ සල්ලි ගෙවාපු කාලෙ පහුවෙනකං.. මගේ සබ්බ සකලමනාවයි තව කිපෙකුයි තියෙන්නෙ ඕකෙ

    (දැනටමත් වෙනම සෑවැර් එකක් ඇරං තියෙන්නෙ.. මේදවස් වල ටැස්ටිං)

  4. @Buddy-J
    @ගයාන් කල්හාර

    ඈ යකෝ… උඹල දෙන්න එකම Account එකක්ද පාවිච්චි කරන්නෙ? :P

  5. ඔය දාපු ප්ලගිනය මොකද්ද? මටත් ඕනි.

  6. @අනු :
    ප්ලගින්එකේ නම "Subscribe to Comments".

    ප.ලි :
    ප්ලගින් එක වැඩ නේද ? වැඩනං මේ මම දාපු කමෙන්ට් එක ඔයාට මේල් වෙන්න ඕන, ඔයා හරියට subscribe කළා නං.

  7. @ගයාන්:
    ඇයි යකෝ, උඹේ සබ්බසකලමනාවයි ඉතුරුටිකයි ඔය සැර්වැර්එකේ තියනවයි කියන්නෙ, ඕක කැඩිල වැටෙනවයි කියන එක අහන්නත් දෙයක්ද ? වහාම උඹේ අර අළුත් සර්වරේට ගොස් උම්බලකඩ වේලනු !

  8. @ගයන්ත :
    නෑ අෆ්ෆ, එකම සැර්වැර් එක.

  9. test OpenID

Post a comment.