අද දින උදෑසන මාතර අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේදී පැවත්වන්නට සූදානම් කොට තිබූ ම්ලාද්-උන්-නබි ඉස්ලාම් ආගමික උත්සව අවස්ථාවට එල්ළ කළ ප්‍රහාරය පිළිබඳ කණගාටුව පළ කෙරුමට කැමැත්තෙමි.
මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් ලෙස මා හට දැකිය හැක්කේ එජාපය හෝ LTTEය යි. මන්ද රජය විසින් ගෙන යන මානුෂික මෙහෙයුම් කඩාකප්පල් කිරීමටත්, සමාජය තුළ රජය කෙරේ වන ප්‍රසාදදය බිඳ හෙළීමටත් අවශ්‍යතාවය ඇත්තේත්, එය ස්‍වකීය පරමාර්ථය කරගෙන ඇත්තේත් මෙකී සංවිධාන ද්‍විත්වය බැවිනි.
ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්‍ෂයක් විසින් මෙවැනි අමානුෂික ක්‍රියාවක් කරයි දැයි යන්න පිළිබඳව මෙතැන දී අයෙකු විසින් පැනයක් නැගුවහොත් එය ස්‍වාභාවිකය. නමුත් සදාචාර දේශපාලනයක් නොමැති රටක, දේශපාලන බංකොලොත් භාවයේ උපරිමයේ ගිලෙමින් _._._.සක නායකත්වයක් සහිතව කටයුතු කරන එජාපය වැනි පක්‍ෂයක්, මෙවන් ක්‍රියාමාර්ගයකට යොමුවීමේ ප්‍රවනතාවයක් ඇතැයි මම සිතමි. මෙය මගේ පෞද්ගලික මතයයි. එය මෙහි ලියන්නේ මෙය මගේ බ්ලොගය නිසායි.
මෙම සිද්ධියේදී මගේ අනෙක් සැකකරු වන්නේ LTTEය යි. මෙහිදී මෙය LTTE සංවිධානයේ ත්‍රස්තවාදියෙකු පැමිණ ම සිදු කළ ප්‍රහාරයක් හෝ මුදලට ගත් දේශද්‍රෝහියෙකු භාවිතා කොට කළ වැඩක් ලෙස සිතිය හැකි නමුත්, මෙය මරාගෙන-මැරෙන ප්‍රහාරයක් නිසා, මෙය LTTE ත්‍රස්තවාදියෙකුම සිදු කළ කටයුත්තක් වීමේ සම්භාවිතාව ඉහළ ය. මෙතැන දී මතක තබාගත යුතු වන්නේ සියළු LTTE ත්‍රස්තවාදීන් දෙමළ ජාතිකයන් නොවන බවයි. සියළු LTTEන් දෙමළ නොවන අතර, සියළුම දෙමළ සහෝදර වරු LTTEන් නොවන බව අපි දනිමු.
මාතර යනු සිංහල සහ මුස්ලිම් සහෝදර වරු කිසිදු ගැටළුවකින් තොරව සහජීවනයෙන් දිවි ගෙවන සාමකාමී පෙදෙසකි. ආගම් අතින් ගත්ත ද බෞද්ධ, ඉස්ලාම් මෙන්ම ක්‍රිස්තියානි – කතෝලික ආගමිකයන් ද සහජීවනයෙන් වෙසෙන පළාතකි. අල්ලපු වැටේ පිහිටා ඇති ක්‍රිස්තියානි දේවස්ථානයට මාතර බෝධියෙන් හිරිහැරයක් නැති ලෙසම, “පාලම ගාව” පිහිටා ඇති ඉස්ලාම් දෙවස්ථානයෙන් “වෙරළ අද්දර” පිහිටා ඇති කතෝලික දේවස්ථානයටද කිසිදු හිරිහැරයක් නැත.
එවන් ප්‍රදේශයක මෙවන් අමානුෂික ක්‍රියා හරහා ජාති භේද – ආගම් භේද අවුළුවන්නට එජාපය හෝ LTTEය උත්සාහ දරනවා නම්, මා හට පවසන්නට ඇත්තේ “අපරාදෙ ගහපු බෝම්බෙ. ඕක _.කේ ගහගෙන _.ක පොළොවෙ ගහ ගත්ත නං තව හොඳයි.”


Yeah!! You are totally correct!
Posted by Anju on March 11th, 2009.
හොද අදහස් දෑක්විමක් .හෑබෑයි මේව කියද්දි ඈස් වල කටු ඈනෙන බොහෝම සුලුතරයකුත් ඉන්නවා අපේ රටේ.ඈත්ත දෑක දෑක ඒක පිලිගන්න අමාරු හීනමානකාරයො පිරිසක්.
Posted by nuwan on March 11th, 2009.
මම නං හිතන්නෙ නෑ ඔච්චර දෙයක් කරන්න තරම් හයියක් UNP එකට තියේවි කියල. අනෙක මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්? කොහොමටවත් UNP වෙන්න බෑ. පළමු සැකකරු පිළිබඳ දක්වපු අදහස් වලට නම් එකඟ නෑ.
Posted by Anonymous on March 11th, 2009.
I also agree with u
Posted by Virj on March 11th, 2009.