Google Desktop කියන්නේ අපේ පරිගණක වල තිබෙන ගොනු සහ මෘදුකාංග හොයන්න පුළුවන් වෙන විදියට Google විසින් සකස් කරපු, වෙබ් ගවේෂකය සහ සාමාන්‍ය ඩෙස්ක්ටොපය යන මාර්ග දෙකම භාවිතයෙන් ක්‍රියාත්මක වන මෘදුකාංගයක්. මෙහි භාවිතා වන ක්‍රමවේදය සාමාන්‍ය Google වෙබ් සෙවුම් යන්‍ත්‍රයේ ක්‍රියාකාරීත්‍වයට ආසන්නද කියන එක නම් මම දන්නේ නැහැ, නමුත් මම මේ ලිපිය ලියන්න හිතුවේ Google Desktop ලිනක්ස් වලත් භාවිතා කරන්නට පුළුවන් කියන එක මම දැනගත්තේ අද නිසා.
මම වින්ඩෝස් භාවිතා කරන කාලයේ Google Desktop ඒ මත ස්ථාපනේ කරලා තිබුනාට, එයින් එතරම් වැඩක් ගන්න සිදු වුනේ නැහැ. නමුත්, අද මම Google Wave සම්බන්ධව හොයන්න Google Help අඩවියේ සැරිසරමින් ඉන්න අතරවාරයේ මට දැකගන්නට ලැබුනා “Google Desktop for Linux” කියලා අංශයකුත් Google Help හි අන්තර්ගත වන බව. ඉතින් මට හිතුනා මගේ පරිගණකයේ තියන උබුන්ටු මතත් මේ Google Desktop for Linux ස්ථාපනේ කරන්න පුළුවන්ද කියල හොයල බලන්න ඕනෑ කියලා.
ඉතින් ඒ සඳහා මම http://desktop.google.com/linux/ කියන Google Desktop for Linux හි වෙබ් අඩවියට ගියා. ඉතින් එතනට ගියාම අපිට අපේ ලිනක්ස් ඩිස්ට්‍රෝව අනුව ස්ථාපකයක් තෝරාගෙන බාගන්න ඉඩ තියනවා. එතන Debian, Ubuntu වැනි ඩිස්ට්‍රෝවන් සඳහා DEB ස්ථාපකයකුත් RedHat, Fedora, Suse, Mandriva වැනි ඩිස්ට්‍රෝවන් සඳහා RPM ස්ථාපකයක් ද වෙන් කොට තිබෙනවා.
ඉතින් මම භාවිතා කරන්නේ උබුන්ටු නිසා එතනින්න DEB ගොනුව තෝරාගෙන බාගත්තා. ඒක 7.9MB වගේ පොඩි (? – මම ඩයලප් වලින් නෙට් යන කාලෙනං මේවා දකින්නත් බයයි!) ගොනුවක්. ඊළඟට ඕක ස්ථාපනේ කරගත්තා.


මේක ස්ථාපනයෙන් මතුවෙන සෙවුම් කොටුව භාවිතයෙන් අපිට පුළුවන් අපේ මෘදුකාංග ආරම්භ කරන්න, පරිගණකයේ ගොනු සොයන්න, වෙබය සොයන්න වගේ දේවල් කරන්න.

අපේ පරිගණකය සොයන කටයුත්ත සඳහා Google Desktop ට සිදුවෙනවා අපේ තියන ගොනු ගැන පොඩි දත්ත මූලයක් හදාගන්න. හැබැයි ඒක ගැන අපිට කරදර වෙන්න දෙයක් නෑ. අපේ පරිගණක භාවිතයට කරදර සිද්ධ නොවන ආකාරයට අපි අක්‍රීයව ඉන්න වෙලාවට එයා පරිගණකය පාවිච්චි කරලා එයාගෙ දත්ත මූලය හදා ගන්නවා.
Google Desktop Linux, MacOS සහ Windows කියන මෙහෙයුම් පද්ධති සඳහා භාවිතා කරන්න පුළුවන් විදියට සංස්කරණ හඳුන්වලා දීලා තියනවා. ඉතින්, ඔබේ පරිගණකයෙත් ස්ථාපනේ කරගන්න වටින මෘදුකාංගයක් තමයි මේ Google Desktop.
යන්න: Google Desktop අඩවියට.


ෂහ්… වැඩේ නං එල වගේ !
හෙටම දාගන්න ඕනේ…
තෑන්ක්ස් කිව්වා…
Posted by ඉන්දරේ on October 10th, 2009.
@ඉන්දරේ: එළස්!
Posted by budhajeewa on October 10th, 2009.
ඕක ඉස්සර දාගෙන තිබිල එපා වෙලා අයින් කරල තිබුණෙ. දැනුයි මේකෙ ප්‍රයෝජනේ තේරෙන්නෙ. ඒ පාර ඔන්න ආයි බාගත්තා
Posted by තමීර on October 10th, 2009.
@තමීර: අපිම ඉන්න ඕන ඉතිං!
Posted by budhajeewa on October 10th, 2009.
මමත් මේක පාවිච්චි කරනවා. මැසිම ස්ලෝ වෙන්නෙත් නෑ. නියම ටූල් එකක්. හෝම් පේජ් එක මේක කරගත්තත් කමක් නැහැ.
Posted by Anonymous on October 10th, 2009.
@ශාකුන්තල: අනිවා. ගූගල් දෙයියා වැඩක් කලොත් ඉතිං ටොප්ම තමා!
Posted by budhajeewa on October 10th, 2009.
RPM භාවිතා වන distro සඳහානම් නිල Google Yum repos තියනවා. Google Desktop විතරක් නෙවෙයි Picasa, Earth, Chrome චගේ දේවල් එහෙමත් ලේසියෙන් ගන්න පුලුවන්. මං හිතන්නේ APT (Debian/Ubuntu) සඳහාත් repoවක් ඇති. Repository එක එකතු කරගත්තොත් update කරගන්න් ගොඩක් පහසුයි.
මමනම් desktop search වගේ දේවල් එතරම් භාවිතා කරන්නෙ නෑ. Ubuntu භාවිතා කරන්න වුනත් indexing නවත්වනවා. හැබැයි මම files/directories පිලිවෙලකට පාවිච්චි කරන නිසා මගේ ප්‍රියතම launcher එක GNOME Do වලින් ගොඩක් වැඩ කරගන්න පුලුවන්. Google search සඳහාත් plugins තියනවා. gnome-do හා gnome-do-plugins-* පැකේජ ඕන. GNOME Do ගැන blogpost එකක් මම ලඟදිම දානවා.
Posted by Gaveen on October 10th, 2009.
@Gaveen: ආ.. Google එහෙම repos හදල තියේද? මම දැනගෙන හිටියෙ නෑ. Ubuntu වලට ගැළපෙන repo එකක් තියෙද කියල හොයල බලන්න ඕනෑ.
මාත් ඉතිං තියන ෆයිල් ටික පිළිවෙලකට තමා තියාගෙන ඉන්නේ, ඒත් මේකත් ස්ථාපනේ කරගත්තා කෝකටත් කියලා.
Gnome Do මම එකපාරක් ස්ථාපනේ කරගත්තා. ඒක මඤ්ඤං+අල(මට දැනුනු හැටිද දන්නෙ නෑ!) වගේ තේරුනු නිසා පස්සෙ අස්ථාපනේ කරල දැම්මා. Gnome Do ගැන ලියනකං ඔන්න බලාගෙන ඉන්නවා.
Posted by budhajeewa on October 10th, 2009.
@Gaveen: මෙන්න තියනවා APT සඳහා repo එක ගැන විස්තර: http://www.google.com/linuxrepositories/ubuntu704…
Posted by budhajeewa on October 10th, 2009.
එළ එළ…
අද හෙටම දාගන්නවා මේකත්…
මට මෙච්චරයි අදු වෙලා තිබුනේ.
උබුන්ටු රෙපෝ 1ක් දෙක්කොත් මටත් කියන්න හොදේ…
ජය වේවා…
Posted by රනා on October 11th, 2009.
@රනා: රෙපෝ එක එකතු කරගන්න හැටි මෙතන තියනවා: http://www.google.com/linuxrepositories/ubuntu704…
Posted by budhajeewa on October 11th, 2009.