![]()
අපිට යම් දෙයක් ගැන ගැටළුවක් මතු වුනාම, යමක් ගැන දැනගන්න ඕනෑ වුනාම අපි මොකද කරන්නේ ? අපි අපේ යාළුවොන්ගෙන් ඒ ගැන අහනව නේද ? එතකොට අපේ යාළුවො තම තමංගෙ අත්දැකීම් සහ ඇසූ-දුටු දේ ඇසුරින් අපට පිළිතුරු සහ උපදෙස් දෙනවා.
කැමතිද මිතුරන් කියන කුඩා කුලකයට සීමාවෙන්නෙ නැතිව මුළු ලෝකෙන්ම ප්‍රශ්න අහන්න ? ඔවු කලිනුත් එහෙම පුළුවන් තමා. ඒ කියන්නේ ෆෝරම වැනි සේවා හරහා අපි ලෝකෙන්ම ප්‍රශ්න ඇහුවා.
නමුත් මම දැන් කියන Aardvark කියන සේවය හරහා අපිට පුළුවන් එම අඩවියට අදාළ ගිණුමක් අපේ ක්‍ෂණික පණිවුඩකරු වෙත ඇතුලත් කරගෙන අපේ ක්‍ෂණික පණිවිඩකරු හරහා අපි නිකං යාළුවෙක් එක්ක චැට් කරන විදියට Aardvark එක්ක චැට් කරල ප්‍රශ්නේ කියන්න. ඊට පස්සෙ Aardvark වෙත යන ඒ ප්‍රශ්නයට එහි අප වැනිම භාවිතාකරුවන් විසින් පිළීතුරු සපයනවා. එම පිළිතුරු නැවත අපේ ක්‍ෂණික පණිවුඩකරු හරහා අපට ලැබෙනවා.
Google Talk, AIM and AIM.com, iChat, MSN Mesenger, Windows Live, Hotmail කියන ක්‍ෂණික පණිවිඩ සේවා සමග Aardvark වැඩ.
මාර මාර අදහස් නේද මේ අළුත් වෙබ් අඩවි නිර්මාණකරුවන්ට එන්නේ, ආහ් ?
ගිහින් බලන්න : Aardvark


ඔන්න මං උඹේ req එක වැඩිය හොයල බලන්නෙත් නැතුව accept කළා… මොකද මං දන්නවනේ උඹ එවන request එකක්වත් අර මොංගල් social networks වලින් එන එව්ව නෙමෙයි කියලා…..
Posted by Anonymous on July 5th, 2009.
එළම භාණ්ඩයක් නේ කොල්ලා හොයාගෙන තියෙන්නේ
Posted by අකිල on July 5th, 2009.
@ ශාකුන්තල :
හහා.. මම social network එකකට කියල ඉන්නෙ Facebook එකේ විතරයි.
හැබැයි මෙහෙම එකකුත් තියනව. මේ අඩවි වුනත් මම දීර්ඝ කාලීනව පාවිච්චි කරපුව නෙවෙයි. එහි යම් වැරැද්දක් තියනවද කියන එක මම හරියටම දන්නෙ නැහැ. ඒනිසා කවුරු කොහොම කිවුවත් පරීක්‍ෂාවෙන් කටයුතු කරන එක ඇඟට ගුණයි.
Posted by Buddy-J on July 5th, 2009.
i will try thanks for your effort
Posted by randeera on July 5th, 2009.