සහෘද බ්ලොග්කරුවෙකුගේ බ්ලොගයක් වන “ජයශ්‍රීගේ සටහන්” හි ලියා තිබූ “අපිට ජෙනරාල් විශ්වාස කල හැකිද?” නම් ලිපියට මා විසින් සැපයූ අදහස තවත් ලිපියක් මෙන් දිගු එකක් වුනා. එය වැදගත් යැයි හැඟුනු නිසා මගේ බ්ලොගයේත් සටහන් කළා.
***
මහින්ද රාජපක්‍ෂ යනු මේ රටට ලැබිය හැකි හොඳම ජනාධිපතිවරයා නොවිය හැකිය. නමුත්, මේවන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ සිටින්නන් අතරින් ජනාධිපතිධූරයක් දැරිය හැකි එකම තැනැත්තා වශයෙන් දැක්විය හැක්කේ ඔහු පමණී. අඩු තරමින් ඔහුගේම පක්‍ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ඔහුට තරගයක් දිය හැකි දෙවැනිපෙළ නායකයෙකු සිටීද?
සරත් ෆොන්සේකා නරක නැත, හොඳය, රනිල් වික්‍රමසිංහට වඩා දේශපාලනයටද හොඳ වනු ඇත. නමුත් සරත් ෆොන්සේකා ජනාධිපතිධූරයට ගැළපේ නම්, සනත් ජයසූරිය පාපන්දු කණ්ඩායමේ නායකත්වයටද ගැළපේ.
සරත් ෆොන්සේකා නම් රණවිරුවා දේශපාලනයට ඉතා සුදුසු යැයි මොහොතකට උපකල්පනය කරමු – එසේ නොවේ කීමටද එසේ වේ කීමටද තවම නොහැක – ඔහුගේ ලොකුම අවාසනාව නම් ව්‍යාජ විපක්‍ෂයේ පොදු සන්ධානයක් වෙනුවෙන් තරග කොට රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමේ කුමන්ත්‍රණයක ඉත්තා වශයෙන් කටයතු කිරීමට සිදු වීමයි.
සරත් ෆොන්සේකාට තිබුනේ එක්වරම ජනපතිවරණයට ඉදිරිපත් වීම නොව රනිල් වික්‍රමසිංහ සහ සමාගම අධිපති නොවන දේශපාලන පක්‍ෂයකින් ජාතික දේශපාලනයට පිවිසමයි. එවිට, ඇතැම්විට, මහින්ද රාජපක්‍ෂගෙන් පසු ජනපති වීමට තරම් වුවද ස්‍වකීය දේශපාලන හැකියාව මුවහත් කොට ගැනීමටද ස්‍වකීය දේශපාලන ශිල්ප දක්වා මහජන ප්‍රසාදය ලබා ගැනීමටද ඔහට හැකියාව තිබිනි.
ඇත්තෙන්ම මෙහිදී රනිල් වික්‍රමසිංහ යනු ඉතා සටකපට පුද්ගලයෙකි. ඔහු එල්ල කොට ඇත්තේ ඩබල් ඇටෑක් එකකි. සරත් ෆොන්සේකා දිනුවද පැරදුනද රනිල් දිනුම්ය. ඒ කෙසේදයත්;
යම් හෙයකින් සරත් ෆොන්සේකා ජයග්‍රහණය කළොත් – සහ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළොත් – යම් කාලසීමාවත් තුල විධායක ජනපතිධූරය අහෝසි කොට විධායක අගමැති ධූරයක් තැනෙයි. එවිට මීළඟ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට අගමැති වීමට උත්සාහ කරන රනිල් වික්‍රමසිංහට විධායක බලතල අතට ගත හැකි වනු ඇත. 2001දී චන්‍දිකාට තිබුනු බලය තරම් හෝ බලයක් සරත් ෆොන්සේකාට හිමි නොවනු ඇත.
යම් හෙයකින් සරත් ෆොන්සේකා පරාජය වුවහොත් අනාගතයේදී තමන්ට තර්ජනයක් වීමට ඉඩ තිබූ අයෙකු මුල් කාලයේදීම අඩපණ කොට දැමීමට රනිල් වික්‍රමසිංහට හැකිවේ.


සරත් ෆොන්සේකා මහත්තයා පොදු අපේක්ෂකයෙක් විදියට එන්නෙ ඒක එජාපයත් කියනව ජවිපෙත් කියනවා.සරත් ෆොන්සේකා මහත්තයා කියන්නෙ තොත්ත බබෙක් නෙවේ.
Posted by අසේල on November 21st, 2009.
Good and unbiased analysis. I have some disagreements with you on your political opinions, but you are one blogger I take seriously. Keep it up.
- Taboo
Posted by Taboo Subjects on November 21st, 2009.
@අසේල: එයා තොත්ත බබෙක් නොවන බව ඇත්ත, සමහර විට සරත් ෆොන්සේකා රනිල් වික්‍රමසිංහට වඩා සට කපටයකු වීමට පුළුවන්, ඒ නිසායි මා "යම් හෙයකින් සරත් ෆොන්සේකා ජයග්‍රහණය කළොත් – සහ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළොත් –" කියලා සඳහන් කළේ. මොකද ඔහුට අවැසි නම් ගිවිසුම් ප්‍රකාරව කටයතු නොකර ඉන්නත් පුළුවන්.
එහෙම උනොත්, කීපදෙනෙක් ඊට විරුද්ධව කෑගසයි. නමුත් රටේ ජනයාට දැන් තියන ලොකුම ගැටළුව විධායක ජනාධිපතිධූරය නොවන නිසා, ජනතාවගෙන් කිසිම පීඩනයක් එල්ල වෙන එකක් නෑ.
කවරු කවුරුත් සරත් ෆොන්සේකාගේ පිටින් යන්නට බලන් සිටින විටදී, පිට දෙන්නට මෙන් නැවී, මහරජ ඔටුන්න බිම නොතබන වර්ගයේ අයෙකු වීමටත් ඔහුට බැරි නැහැ.
ඔය "පොදු අපේක්‍ෂක" කතාව මිත්‍යාවක් විතරයි. ඔය සියළුම පක්‍ෂ එළිපිට හෝ නැතිව (ජවිපෙත් ඇතුලුව) එක න්‍යාය පත්‍රයකට අනුව නෙවේද කලිනුත් වැඩ කළේ?
@Taboo Subjects: Thank you! I'd be pleased to know what are those disagreements. Please note theme here as a comment if you have time.
Posted by budhajeewa on November 21st, 2009.
"නමුත් රටේ ජනයාට දැන් තියන ලොකුම ගැටළුව විධායක ජනාධිපතිධූරය නොවන නිසා, ජනතාවගෙන් කිසිම පීඩනයක් එල්ල වෙන එකක් නෑ."
නෑ, විධායක ජනාධපති ක්‍රමය තමා අද අපේ රටට අවුල වෙලා තියෙන්නෙ.ලගම උදාහරණයක් ගත්තොත් ෆොන්සේකා මහත්තයා ඉල්ලා අස්වීම.තව ලගම උදාහරණයක් ඔබ ඔය විදියට කතා කිරීම.
Posted by අසේල on November 21st, 2009.
@අසේල: ඔබ මතු කරන්න හදන කාරණාව මට වැටහෙන්නේ නැහැ.
Posted by budhajeewa on November 21st, 2009.
ඔව් පොඩ්ඩක් නිවැරදි වෙන්න ඕන "විධායක ජනාධපති ක්‍රමය නිසා තමා අද අපේ රටට අවුල් වෙලා තියෙන්නෙ.ලගම උදාහරණයක් ගත්තොත් ෆොන්සේකා මහත්තයා ඉල්ලා අස්වීම.තව ලගම උදාහරණයක් ඔබ ඔය විදියට කතා කිරීම."
විධායක ජනාධිපතිට ලැබෙන බල තල, එකෙන් කරන්න පුලුවන් දේ පිලිබද හිතුවොත්, කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න පුලුවන් වෙයි.
Posted by අසේල on November 21st, 2009.
@අසේල: ප්‍රශ්න කිරීමකට ලක් නොවෙන අසීමිත බලයක් එක් අයෙකු වෙත පැවරී තිබීම දූෂණයන්ට, අත්තනෝමතික පාලනයන්ට හේතුවක් තමයි. මම එය බැහැර කරන්නේවත් එය බැහැර හැර කටයත කළ හැකියි කියා කියන්නේවත් නැහැ.
නමුත් ලංකාවේ ඡන්ද දායකයාට ඔය එක කරුණක්වත් අදාළ නොවන බවයි මම කියන්නේ! ඡන්දයකින් තේරී පත්වූ මහජන නියෝජිතයෙකුට "මහ රජු" යැයි අමතන ශ්‍රී ලාංකිකයන්ට ඔය කිසිම ප්‍රශ්නයක් නෑ.
අනිත් අතට, රනිල් වික්‍රමසිංහලා ඔය සටන්පාඨය බදාගෙන ඉන්නේ අවංකවමද කියන එකත් ගැටළුවක්.
Posted by budhajeewa on November 21st, 2009.
මං කියන්ඩද වැඩක් නිකං ඉන්නවනම් පාර්ලිමේන්තුවෙ හැන්සාඩ් එක කියවන්න.2009 ඔක්තෝබර් 22 හැන්සාඩ් එකෙන්ම පටන් ගන්න එදා කල් තැබීමේ විවාදයත් විධායක ජනාධපති ක්‍රමය අහෝසි කිරීම ගැන. http://www.parliament.lk
Posted by අසේල on November 21st, 2009.
@අසේල: යෝජනාවට ස්තුතියි. මම කියවල බලන්නම්.
Posted by budhajeewa on November 21st, 2009.
1. සරත් ෆොන්සේකා – රනිල්ගේ ඉත්තෙකු ලෙසින්
මහින්දත් මෙච්චර කල් කළේත් එයාගේ දූෂණ,භීෂණ වහගන්න ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ව ඉත්තන් විදිහට පාවිච්චි කරපු එක නේද?
2 . සරත් ෆොන්සේකා නම් රණවිරුවා දේශපාලනයට ඉතා සුදුසු යැයි මොහොතකට උපකල්පනය කරමු
සරත් ෆොන්සේකා නම් රණවිරුවා දේශපාලනයට ඉතා සුදුසු යැයි මේ වන විටත් පෙන්වා ඇත. දේශපාලකයෙක් නොවන කෙනෙකුට තමන්ට අච්චරටම අපහාස කළ මංගල වැනි කෙනෙක් සමඟ අත්වැල් බැඳ ගන්න පුළුවන්ද ?
3. අඩු තරමින් ඔහුගේම පක්‍ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ඔහුට තරගයක් දිය හැකි දෙවැනිපෙළ නායකයෙකු සිටීද?
මෙය හොඳ දෙයක් ලෙස නොව නරක දෙයක් ලෙසයි මමනම් දකින්නේ. රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කරවන සාධකයක්
4. මහින්ද රාජපක්‍ෂගෙන් පසු ජනපති වීමට තරම් වුවද …
මහින්ද රාජපක්ෂ උලාකෑමෙන් පසුව ජනපති වීමට රටක් ඉතිරි වෙයිද ?
5. අනාගතයේදී තමන්ට තර්ජනයක් වීමට ඉඩ තිබූ අයෙකු මුල් කාලයේදීම අඩපණ කොට දැමීමට රනිල් වික්‍රමසිංහට හැකිවේ
රනිල් වික්‍රමසිංහට අනාගතයක් තියෙන බවක් මටනම් පෙනෙනෙ නෑ
Posted by chanaka on November 21st, 2009.
ඔය විධායක අහෝසිය මහින්දට විරුද්ධව පන ඇති සටන් පාඨ නැතිකමට අටවගත්ත එකක් විතරයි. ඕක ජේ.ආර්, ප්‍රේමදාස බලේ ඉන්නකොට UNP කාරයින්ට හොඳය.නිදහස් පක්ෂ කාරයින්ට සහ හවුල්කරුවන්ට නරකය. චන්ද්‍රිකා,මහින්ද, බලේ ඉන්නකොට නිදහස් පක්ෂ කාරයින්ට සහ හවුල්කරුවන්ට හොඳය. UNP කාරයින්ට නරකය. දෙපැත්තෙන්ම අං-කොං පාන නිසා JVP කාරයින්ට කොහොමත් නරකය.
UNP එක හෙවත් රනිල් දන්නව මේ ජනාධිපතිවරනෙත් මහින්ද දින්නොත් ආයෙත් අවුරුදු 6කට නෝ කතා කියල. ඒක වලක්වන්න තමන්ට කොහෙත්ම බැරිනිසාවෙන් තමා මේ පොදු අපේක්ෂක, විධායක අහෝසිය වගේ තුරුම්පු එන්න. අඩුම ගානෙ JVP ඡන්ද ටිකවත් බාගෙන ගොඩයන්න බලන්න.
හෝදගෙන යන තැනකට තවත් හෝදගෙන යන ගොඩක් එකතුඋනහම හෝදාපාලුව අඩුවෙනව කියල හිතනවනං….
ෆොන්සේකා මහත්තයාත් මෝඩයෙක්නං නෙමෙයි. රනිල් සහ මංගල දෙන්න පහුගියකාලෙ කරපු මසුරං කියුම් වලට උත්තර දීපු හැටියෙන්ම ඒක පෙනුනනෙ. http://www.youtube.com/watch?v=an4oZG_Bbm0 http://www.youtube.com/watch?v=EOMN4MTxcRg
ඒත් මහින්ද ජනාධිපතිට විරුද්ධව යනන නං තාම කල් සහ හයිය මදි වගේ තමයි පේන්නෙ.
Posted by නිලන්ත on November 21st, 2009.
@චානක:
[said:චානක]
මහින්දත් මෙච්චර කල් කළේත් එයාගේ දූෂණ,භීෂණ වහගන්න ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ව ඉත්තන් විදිහට පාවිච්චි කරපු එක නේද?
[/said]
නැහැ. මහින්ද යුද්ධ කළේ දූෂණ වහගන්න විතරයි කියනවනං ඒක සත්‍ය හිතා මතා අමතක කර දැමීමක්. ඔහුට අවශ්‍ය උනේ දේශපාලනයෙන් හම්බ කරන්න විකරක් නම්, යුද්ධ කරන්නේ නැතිව යස අගේට චන්‍ද්‍රිකා වගේ ගානක් හම්බකරගෙන බැහැල යන්න තිබ්බා. යුධ ජයග්‍රහණයේ මහින්ද රාජපක්‍ෂ සාධකය ඉතාමත් වැදගත් එකක්, ඒක අමතක කරන්න බැහැ.
[said:චානක]
සරත් ෆොන්සේකා නම් රණවිරුවා දේශපාලනයට ඉතා සුදුසු යැයි මේ වන විටත් පෙන්වා ඇත. දේශපාලකයෙක් නොවන කෙනෙකුට තමන්ට අච්චරටම අපහාස කළ මංගල වැනි කෙනෙක් සමඟ අත්වැල් බැඳ ගන්න පුළුවන්ද ?
[/said]
විහිළු වලට පිළීතුරු දෙනු නොලැබේ. විරුද්ධ මතධාරීන් සමග එක වේදිකාවකට නැඟීමේ හැකියාව දේශපාලන නිපුනත්වය යැයි ඔබ දකිනවාද?
[said:චානක]
මෙය හොඳ දෙයක් ලෙස නොව නරක දෙයක් ලෙසයි මමනම් දකින්නේ. රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කරවන සාධකයක්
[/said]
ඔවු, මමත් එය නරක දෙයක් ලෙසයි දකින්නේ. ලිපිය නැවත කියවන්න. විපක්‍ෂයෙන් පමණක් නොව තමන්ගේ පක්‍ෂයෙන්මද තමන්ට තරගයක් දිය හැකි අයෙකු සිටී නම් මේ දූෂණ මීට වඩා අඩු වන බව පැහැදිළියි. ඒ නිසා මේ සිදුවන අකටයතුකම්වලට විපක්‍ෂයත් වගකිවයුතු වෙනවා.
[said:චානක]
මහින්ද රාජපක්ෂ උලාකෑමෙන් පසුව ජනපති වීමට රටක් ඉතිරි වෙයිද ?
[/said]
සියළු දූෂණයන් මධ්‍යයේ වුවද රටතුළ යම් සංවර්ධනයක් සිදු වන බව නොදකින්නේ දේශපාලන අන්ධයින් පමණයි. මීට කළින් සිටි අයවළුන් කළේ කිසිදු සංවර්ධනයක් නැතිව කෙළින්ම තමන්ගේ මඩිය තර කර ගැනීමයි. යම් සංවරධන ක්‍රියාදාමයක් සිදු කරන අතර ඒ තුළින් මඩිය තර කර ගැනීමේ රාජපක්‍ෂ ක්‍රමවේදය පෙර එකට වඩා හොඳ නොවේද? මේවාට අභියෝග කළ හැකි දේශපාලන නායකයෙකු නැති රටක, මේවා පාලනය වන්නේ කෙසේද?
[said:චානක]
රනිල් වික්‍රමසිංහට අනාගතයක් තියෙන බවක් මටනම් පෙනෙනෙ නෑ
[/said]
ඔවු ඒක ඇත්ත. නමුත් එහෙම වුනා කියල කොයි ලෙසින් හෝ බලයට ඒමට ඔහු දරණ උත්සාහය නතර වෙලා නැහැ.
ඇත්තම කතාව මෙයයි; රනිල් වික්‍රමසිංහ හරහා ශ්‍රී ලංකාව ඇමරිකා-යුරෝපා යටත් විජිතයක් වනු දැකීමට වඩා, මහින්‍ද රාජපක්‍ෂ හරහා ශ්‍රී ලංකාව රාජපක්‍ෂ රජ පවුලේ බූදලයක් වනු දැකීමට මම කැමතියි.
@නිලන්ත: එකඟයි!
Posted by budhajeewa on November 21st, 2009.
[said]
අඩු තරමින් ඔහුගේම පක්‍ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ඔහුට තරගයක් දිය හැකි දෙවැනිපෙළ නායකයෙකු සිටීද?
[/said]
2005දී මහින්ද දිනන කොට මහින්දට පස්සෙ ජනාධිපති අපේක්ෂකත්වයට සංධානයෙන් හිටියේ මංගල සහ ජෙයරාජ්
මංගලව බොරු හේතු දාලා ඉවත්කලා. ජෙයරාජ්ව මැරෙන්න සැලැස්වුවා.(ඉහලම ත‍්රස්තවාදී තර්ජනයකට මුහුන දී සිටි ජෙයරාජ් මැරෙන මොහොතේ ඔහු ගාව හිටියේ හමුදා සෙබළු කිහිප දෙනෙක්. පසුව කොටි සැකකාරිය අභිට‍්රහස් ලෙස රහස් පොලීසියේදී මිය යනවා සයිනයිඩ් කාලා). ඊට පස්සෙ හිටපු මෛත‍්රිපාල සිරිසේනට බොරලැස්ගමුවේදී මරාගෙන මැරෙන ප‍්රහාරය එල්ල ක‍්රන්න ඉස්සෙල්ල ආව අවසාන ඇමතුම කුරුදුවත්ත අධි ආරක්ශිත කලාපයෙන් ඇවිල්ල තියෙන්නේ එකෙ ඉන්නෙ ගොඨාභය රාජපක්ෂ.
[said]
සියළු දූෂණයන් මධ්‍යයේ වුවද රටතුළ යම් සංවර්ධනයක් සිදු වන බව නොදකින්නේ දේශපාලන අන්ධයින් පමණයි.
[/said]
ඒ වගේම 1948 සිට 2005 දක්වා ලබාගත් ණය මෙන් 3න් ගුණයක ණය ප‍්රමානයක් මහින්ද රජපක්ශ රජය 13% වගේ ගිනි පොලියට අරන් තියන බව නොදකින්නේ සැබෑ දේශප‍්රේමීන් විතරයි.
Posted by Anonymous on November 22nd, 2009.
@මල් මාමා:
[said:මල් මාමා]
2005දී මහින්ද දිනන කොට … එකෙ ඉන්නෙ ගොඨාභය රාජපක්ෂ.
[/said]
පිළිතුරක් දෙන්න තරම් ඒ සිද්ධි ගැන මට අවබෝධයක් නැහැ.
[said:මල් මාමා]
ඒ වගේම 1948 සිට 2005 දක්වා ලබාගත් ණය මෙන් 3න් ගුණයක ණය ප‍්රමානයක් මහින්ද රජපක්ශ රජය 13% වගේ ගිනි පොලියට අරන් තියන බව නොදකින්නේ සැබෑ දේශප‍්රේමීන් විතරයි.
[/said]
ගිනි පොලියටගෙන හෝ 1948 – 2005 දක්වා කළ සංවර්ධන ව්‍යාපාර වලට වඩා සංවර්ධන ව්‍යාපාර දැං කෙරෙන්නේ නැද්ද?
Posted by budhajeewa on November 22nd, 2009.
@සියල්ලන්:
මහින්ද රාජපක්‍ෂ රජය කර ඇති සංවර්ධන ව්‍යාපාර පිළිබඳ ඇගයීමක් කර ඔහුව සුද්ද කිරීම මේ ලිපියේ අරමුණ නොවීය. මෙහි කතා කරන්නේ "සරත් ෆොන්සේකා – රනිල්ගේ ඉත්තෙකු ලෙසින්!" යන්නට අදාළව පමණි.
Posted by budhajeewa on November 22nd, 2009.
පසු ගිය දින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් SUNDAY LEADER පුවත් පතට කල ප්රකාශය පිලිබඳව මාගේ අදහසද පල කිරීමට තීරණය කලෙමි.
මට පෙනෙන්නේ මෙය වතුර ඇද්ද කළය බිඳ දැමුවාක් වැනි වැඩක් ලෙසටය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මාහතා දශක තුනක් තිස්සේ හිඟන්නාගේ තුවාලය ලෙස විවිධ නායකයින් වවාගෙන කෑ යුධ්ධය මහින්ද රාජපක්ෂයන් ගේ නායකත්වය යටතේ ඉතාමත් දක්ෂ ලෙස අවසාන කරේය. එවන් ජාතික ආලයෙන් රට වෙනුවෙන් සේවය කල පුද්ග්ලයෙක් මෙවැනි ප්රකාශයක් කලා යන්න මට පමනක් නොව ඔබටද හිතාගත නොහැකි ඇත. මෙහිදී මාගේ සැකය නම් එවන් පුද්ගලයෙක් UNP විසින් BRAIN WASH කරේ කෙසේද යන්නය.
විපක්ශයෙන් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට යමෙක් තීරණය කරන්නට පෙර, ඒ අයගෙන් අසීමට මා සතුව ප්රශ්ණ කිහිපයක් ඇත.
එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇත්ත වශයෙන්ම රට ගොඩ නැගීමට තරම් කාලයක් රට පාලනය කිරීමට ලැබුනේද?
සරත් ෆොන්සෙකා මහතාට ඇත්තටම රටක් දේශපලනමය වශයෙන් පාලනය කළ හැකිද?
මෙවැනි තම රට වෙතටම චෝදනා ඇති වන ආකාරයේ ප්රකාශයන් කිරීමෙන්ම ඔහුගෙන් පිළිබිබු වන්නේ රටක් කරගෙන යාමට ඇති හැකියාවද?
ඔහු විසින් කර ඇති මෙම ප්රකාශය නිසා මේවන විටත් එල් ටී ටී ඊ ත්රස්තවාදීන්ගේ මානව අයිතිවාසිකම් අහිමි කරා යැයි බොරුවට චෝදනා කරමින් සිටි ත්රස්තවදී හිතකාමී ලංකාවේ සහ ලංකවෙන් පිට ජ්යත්යන්තර කන්ඩායම් විසින් රටට එල්ල කරන චෝදනා ප්රමානය මම ඔබට අමුතුවෙන් මතක් කරදිය යුතු නැත.
පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සන්ඩේ ලීඩර් පුවත් පතට කල ප්රකාශය ප්රතික්ශේප කර ඇත. එය පිළිබදව නිගමනය කිරීම ඔබට භාරයි.
මෙහිදී සිරිසේන කුරේ මහතා කල ප්රකාශයක් මට සිහිපත් වේ. “සරත් ෆොන්සේකා මහත ඉතාමත් දක්ෂ ජනාධිපති වරයෙක් විය හැක. නමුත් මෙම අවස්තාවේ හැටියට රටට වඩාත් සුදුසු වන්නේ දේශපාලනමය අද්දැකීමෙන් වාඩාත් මුහකුරා ගිය මහින්ද රාජපක්ෂ වැනි අයෙකි.”
දේශපාලනමය අත්දැකීම් වලින් බහුල නායකයෙක් රටට ලබා දෙනවාද එහේත් නැතිනම් වගකීමකින් තොරව පෞද්ගලික වාසි සඳහා රටේ නම පාවා දිය හැකි අත්දැකීම් රහිත නායකයෙකු නායකත්වයට පත්කරනවාද යන්න චන්ද දායක ශ්රී ලාංකේය ඔබට භාරයි.
Posted by pramudith on December 15th, 2009.
අනිව SF දිනනව .මොක්ද මහින්ද කරෙ යුද්දෙ විතරනෙ අනිත් එව ඔක්කොම කරෙ chandrikaනෙ / chandrikata පින්සිද්ද වෙන්න තමා අපි අද ඔක්කොම මෙහෙමවත් ඉන්නෙ නත්නම් ඉවරනෙ මෙ ඔක්කොම් .කරෙම කාපු එකනෙ .අපෙ සල්ලි .aston martin ගෙන්නපු එකඉ පුතලාට සලකපු එකඉ විතර නෙ . අපිට හුලන් .SF කියන්නෙ හොන්ද නායකයෙක්.ඔහුගෙ දක්මත් එල .මහින්ද පඩි වඩිකරෙ නෑ .බඩු මිල ඉහල ගියා . economy එක down …:P
that;s it lol .
ඔපෙන් එcඔනොම් එකකට තම මම කමති .එක එන්නෙ SF අවොත් විතරඉ . එක නිස MR වගෙ බොරුකරයෙකුට කවදාවත් කර්ල වරදක් කරගන්න එපා
අනිත් එක cඔම්පුටෙර් ඔපෙරටොර් කෙනෙකුට ඩෙෆෙන්c මිනිස්ටර්ය් එක පලනය කරන්න බෑ . හමුදාවෙන් පනල ගිය බයගුල්ලෙක් එක්ක කොහෙඩ ඩෙෆෙන්c අහ්හ්හ්හ්??? SF මුල ඉදලම හමුදවෙ හිටපු කෙනෙක් . SF නිස තමා යුද්දෙ දිනුවෙ ….2008/2 වෙනකන් යුද්ද කරෙ පරන තොග වලින් .පස්සෙ මහින්ද දුන්නෙ ammo විතර නෙ .
අපෙ සල්ලි නෙ එත් ..
Posted by DNRG41222 on January 6th, 2010.