ඊයේ (06) දින උදෑසන පටන් සිරස මාධ්‍යයන් මගින් තමන් හට මැර ප්‍රහාරයක් එල්ල වූ බව දක්වමින් මහත් වූ ප්‍රචාරයක් ගෙන ගියේ ය. ශ්‍රී ලංකාවට “අළුත් දේ” හඳුන්වා දෙනවා යැයි කියමින් සැමදා අන් රටවල් වල මාධ්‍ය වල ඉදිරිපත් කොට මලකඩ කෑ විවිධාංග ලංකාවට ආනයනය කරමින් ජනතා මනස් විකෘති කරන්නට දායක වූ සිරස, ඊයේ දින නම් අළුත් ම අළුත් යැයි පැවසිය හැකි මාධ්‍ය ක්‍රමවේදයක් සොයාගනිමින් ලෝක වාර්තාවක් ද පිහිටවූ යේ ය. එය නම්, උදෑසන සිට දහවල් යාමය පසුවන තුරුම එක දිගට පැය ගණනක් ඉදිරිපත් කළ Breaking News ප්‍රකාශයයි.
අප මෙහිදී මතුපිටින් පෙනෙන සිද්ධිය ගෙන බලමු. ඔවුන් පවසන ආකාරයට – හැඟෙන්නට කටයුතු කරන ආකාරයට – “සිරස මාධ්‍යයට ආණ්ඩුව විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇත. මේ සඳහා යොදා ගෙන ඇත්තේ ආණ්ඩුවේ ප්‍රජාතන්‍ත්‍ර මර්දන බලමුළුව වන සුදු වෑන් කල්ලිය යි.”. කුමන වදන් යොදා පැවසුවත් ඔවුන් හට ප්‍රකාශ කිරීමට අවැසි වී ඇත්තේ එයයි.
දැන් අප බලමු මෙම සිද්ධිය කිනම් අයුරකින් හෝ ආණ්ඩුවට වාසි දායක දැයි කියා. ඉහත සඳහන් කරන ලද පරිදි ඔවුන් ට අවැසි වී ඇත්තේ ආණ්ඩුව මේ ප්‍රහාරය එල්ල කළ බව පැවසීමට බැවින්, ඔවුන් ඊයේ තම රූපවාහිනි නාලිකාවෙන් කළ උණූසුම් පුවත් විකාශයන් තුලදී මහජන අදහස් ලෙස ඔවුන් ඉදිරිපත් කළ වීඩියෝ කොටස් බොහෝමයකින් කියැවුනේ ආණ්ඩුව මේ සඳහා වගකිව යුතු බවයි. එමගින් ඔවුන් තම විකාශය නරඹන ප්‍රේක්‍ෂකයන් වෙත කාන්‍දු කිරීමට උත්සාහ කළේ, “ආ ඇත්ත තමයි. ආණ්ඩුවට තමයි සිරසට ගහන්න උවමනාවක් තිබ්බේ. එහෙනම් දැන් මේ ආණ්ඩුව තමයි සිරසට ගහල තියෙන්නේ.” යන අදහසයිත සෘජු ප්‍රකාශ කිරීම් වලින් තොරව වෙනත් වදන් වලින් මෙන්ම මහජන අදහස් ලෙස ඔවුන් ප්‍රචාරය කළ වීඩියෝ කොටස් හරහාද මේ මතය විසුරුවා හැරීමට ඔවුන් උත්සාහ කළේය.
ඔවුන්ගේ ගුවන්විදුලි නාලිකාව අතගසා තිබුනේ වෙනත් ආකාරයක ක්‍රමවේදයකට ය. ඔවුන් තම ශ්‍රාවකයන්ගෙන් එන ඇමතුම් (බව පෙන්වූ හඩ කොටස් ?) ඔස්සේ ඉහත මතයම වැපිරීමට තැත් කළේය. එසේ සත්‍ය වශයෙන් ම කතා කලේ මහජනතාව නම් ඔවුන් සිය සපුරදු SMS ජාවාරම ඔස්සේ හොඳ ගාණක් ගරා ගන්නට ද ඇත.
ඔවුන් ඉදිරිපත් කරන විවිධ වැඩසටහන් ඔස්සේ ඔවුන්ගේ දක්‍ෂ කම නිසා ඔවුන් ජනතාව අතර මනා ස්ථානයක් ගොඩනගාගෙන ඇත. තම ඉදිරිපත් කිරීම් පසු පස ඒමට පෙළඹෙන ලෙසින් ඔවුන් ස්‍වකීය ශ්‍රාවකයන් ගේ රසවින්‍දනයද ගාණට නම්මවා ගෙන ඇත. ඇතමුන්ට සිරස ආගමකි. මෙවන් සිද්ධියක ආධාරයෙන් ස්‍වකීය ශ්‍රාවකයන්ගේ සිතිවිලි කමන්ට වුවමනා ආකාරයට හැසිරවිය හැකි බව ඔවුන් හොඳින් දනිති.
ඔවුන් මෙකී රංගනය “විචිත්‍රවත්” කර ගැනීම සඳහා තවත් මතයක් බලයෙන්ම ජන මනස් තුලට කාන්‍දු කිරීමට උත්සා දරයි. එය නම් මෙය සමස්ථ මාධ්‍ය ක්‍ෂේත්‍රයටම එල්ල වූ ප්‍රහාරයක් ලෙසින් අරුත් ගැන්වීමයි. එහි අරමුණ වන්නේ සිරසට ලැදි නොවනනමත් නෙක් මාද්‍යයන් හා සමීපව කටයුතු කරන්නා වූ අයද සවකීය මතයේ ග්‍රහනයට හසු කර ගැනීමයි. නමුත් එම ප්‍රහාර අනෙකුත් මාධයයන් වෙත ස්‍ය වශයෙන් ම එල්ල නොවන්නේ මන්දැයි යන්න අප විසින් කල්පනා කොට බැලිය යුතු ය.
මොවුන් සතුව තිබිය හැකි අරමුණු සමහරක් :
- ශ්‍රී ලංකා රජය ප්‍රජාතන්‍ත්‍රවාදී නොවන බව පෙන්වීම.
- ශ්‍රී ලංකා ජනයා 1980 ගණන් වල මෙන්ම (මා එසමයේ නොසිටි අතර, තොරතුරු මූලාශ්‍ර වලින් ඒ පිළිබඳ දැනගත්තෙමි) ම්ලේච්ඡයන් බව පෙන්වීම.
- රජයට එරෙමි හැඟීම් ජන මනස් තුල රෝපණය කිරීම.
- _._._සක රනිල් ප්‍රමුඛ එජාපයට කට ඇරීමට අවස්ථාවක් සාදා දීම.
- ඒ සඳහා සහයෝගයක් ජනයාගෙන් ඇති කිරීම.
- අවසන් තත්වයේ පසුවන ත්‍රස්ථවාදී මර්දන ක්‍රියාමාර්ග නවත්වා, ස්වකීය අරමුණ වන මිනිමරු-බෙදුම්වාදි වේළුපිල්ලේ පිරපාහරන් ගේ සිහින ඊලාමය සැබෑවක් කිරීම.
මෙකී සිද්ධිය නිසා ඊයේ දින අලිමංකඩ අප අතට පත්වූ බව ශ්‍රී ලාංකිකයෝ කී දෙනෙක් දන්නවා දැයි මම නොදනිමි.
මෙම සිද්ධිය නිසා කණගාටු විය යුත්තේ සිරස ආගමක් කරගත් අන්‍ධයන් නොව, සිරසට එරෙහි වන අප ය. මන්ද මෙය උදව් වන්නේ රජයේ ප්‍රතිරූපය ගොඩ නැංවීමට නොව සිරසේ ප්‍රතිරූපය ගොඩ නැංවීමට බැවිනි.


Ela macho…keep it up…….Ape wada ganath dala neda??maru……
Posted by Dilaj on February 23rd, 2009.