හිතේ තියෙන දේ ලියවෙන අළුත් තැන : මගේ අළුත් බ්ලොග් එක

මේ අවුරුද්දෙ ගොඩක් දෙනෙක් අළුත් වෙනවා. අපේ රට වගේම රටේ ඉන්න ජනතාවත් එක එක විදියට අළුත් වෙනවා. ඉතින් මමත් කල්පනා කළා දැනට මාස දෙක තුනක් තිස්සෙ දීර්ග කාලීන අරමුණක් ඇතිව අරන් තිබුනු jeewaya.com ඩෝමේන් එකේ වැඩක් ගන්න.

ඉතින් මම උදේ පාන්දර 10ට විතර (මම අද උදේ නැගිට්ටේ 9.30 ට විතර. ඒකයි උදේ පාන්දර කීවේ ! ;-) ) ඒකෙ මම හැදුවා buddy-j.jeewaya.com කියලා උප ඩෝමේනයක්. ඒක තියාගන්නවා මගේ “නිල පෞද්ගලික වෙබ් අඩවිය” දාන්න. ඊටත් පස්සේ හැදුවා blog.buddy-j.jeewaya.com කියලා එකක්. ඒකෙ තමයි දැන් මේ “නිල පෞද්ගලික බ්ලොගය” දාලා තියෙන්නේ.

ඔයාලට කියන්න, මට තියනව නිකං මේ දිග ඩෝමේන්ස් – නෑ එහෙම කියන්නත් බෑ සබ් ඩෝමේන්ස් දාන්න ලොකු කැමැත්තක්. ඒක හරි ෂෝක්. පොත් වල තිබ්බට “ඩෝමේනයක් යොදා ගැනීමේදී පහසුවෙන් කියවිය හැකි, පහසුවෙන් මතක තබාගත හැකි, වරදවා වටහා නොගැනෙන” ඩෝමේන් යොදා ගන්න කියලා, අපි කවද්ද අනේ පොත් වල තිබුනු ඒව කළේ ? http://blog.buddy-j.jeewaya.com nලන්න කොච්චර ලස්සනද නේද ?

මලින්ත අයියා GTalk වලදි හම්බ වුනු වෙලාවෙ කීවා පරණ බ්ලොග් එක අයින් කරලා මේක දාන්න කියලා. කියල ඉවර වෙලා විනාඩි දෙකක් යන්න ඉස්සර වෙලා එයා ඒක කරලා ! ඉස්තූති !

මෙතෙනට එන්න තවත් “පොඩි” හේතුවක් තියනවා. මම බැලුවේ මේ බ්ලොග් එකට Google Ads ටිකක් දාලා පොඩි ගතමන්ට් එකක් හොයා ගන්න. WordPress.com වල තියෙද්දී ඒවා බැහැ නේ ? ඔන්න ඔහේ නිකං ඉන්න ගමං මේ පැත්තේ ඇවිල්ලා ඔය ගූගල් ඇඩ් එකක් කාරිය කිලික් කොරලා කීයකින් හරි දායක වෙන්න.

9 comments.

  1. මේ ඇඩ්‍රස් එක පට්ට දිගයි නෙව :D . අළුත් වෙබ් අඩවියට ඕං මගෙනුත් සුබ පැතුම්!

  2. hari onna mama, GAd eka click kala.
    Wordpress theme eka niyamai. methaninda gatthe? theme eke nama mokakda?

    Another thing it's better if u can increase the font size of the body.

  3. අන්තර්ජාලයට තවත් බ්ලොග් එකක් අපේ කෙනෙක් එකතු වීම ගැන් මට හරි සතුටුයි, පොඩි අවවාදයක් කරන්නම්, Google Adsense clicks ගැන කියල තියෙන ඉල්ලිම නම් එච්චර හොද නැහැ.
    ඔබට මගෙන් උණුසුම් සුභ පැතුම්.

  4. @ සුපුන් සුදාරක :
    දිග වුනාට බලන්නකෝ මේ ඇඩ්ඩස් එක කොච්චර ලස්සනද කියලා.
    —–
    @ Dhanu :
    Google Ad eka click kalaata isthuthi. Me theme eke nama "Kienda".

    Menna methanin download kara ganna : http://www.ibleb.com/Kienda.zip
    —–
    @රුක්ෂාන්
    ඇයි අප්පා, ගූගල් ඇඩ් දාන්නේ කිලික් කොරන්න නෙව. ඒක කොයි කවුරුත් දන්නවා නේ ? ඉතින් ඕක කියලම දැම්මම ඇති වැරැද්ද මොකක්ද අනේ ?

  5. නිකමට කිව්වේ, ඔයාගෙ හොදට!

  6. @රැක්ෂාන් :
    හරි හරි, එළම තමා !

  7. සුභ පැතුම් මේක හරි ලස්සනයි!

  8. බ්ලොග් අඩවිය හැබෑවටම හොඳයි. මගේ සුභ පැතුම්.
    උඩ තියෙන බැනරය ටිකක් උස අඩු කරමුද? අනිත් අයගෙනුත් අහල බලන්න.

    අනෙක් කාරණාව.. ඔයා Google Adsense Terms of Service හරියට කියවල නෑ වගේ පේන්නෙ :D ගානක් නෑ.. ඔයා ‍මේ සටහන හිංගලෙන්නෙ ලියල තියෙන්නෙ :)

  9. හෙ හෙ අයියා අයිත් domain මාරු කරන්න එපා :D මමත් ඉතින් බ්ලොග් එකක් පටන් ගත්තනේ ඒත් ඉතින් අයියාගේ උදව්වෙන් තමා. එළ එළ දිගටම හොඳ බ්ලොග් ලිපි දාන්න මගෙන් සුබ පැතුම් (handshake)

Post a comment.