ඇඩෝන යොදාගෙන අළුත් අළුත් හැකියාවන් තමන්ට එක්කරන්නට භාවිතාකරුවන්ට ඉඩ ලබා දීම, Firefox ගවේෂකයේ විශේෂත්වයක්. ඒ අතරින් මගේ Firefox ස්ථාපනය මත මා විසින් ස්ථාපනය කරලා තියන, ඉතාම ප්‍රයෝජනවත් ඇඩෝන 6ක් ගැන කියන්නයි මම සූදානම් වෙන්නේ.
1. Adblock Plus
තමන්ගේ වෙබ් අඩවිවල වෙළඳ දැන්වීම් පළ කිරීම, ඒ ඒ වෙබ් අඩවිවල හිමිකරුවන් විසින් මුදල් උපයාගැනීමට කරනා ක්‍රියාවක්. මෙය කිසි ලෙසකින් වරදක් හෝ සිදු නොකළ යුත්තක් නොවන නමුත්, වෙබ් අඩවියේ භාවිතාකරුවන් විසින් මේ වෙළඳ දැන්වීම් අනිවාර්යයෙන් නැරඹිය යුතු යැයි කියා එකක් නැහැ.
ඒ වගේම ඇතැම් වෙබ් අඩවි වලින් පෙන්වන වෙළඳ දැන්වීම් අපේ වැඩ වලට එතරම් බාධාවක් නොවුනාට, සමහර අඩවි වල වෙළඳ දැන්වීම විසින් ඒ අඩවියට පිවිසීමත් එපා කරවනවා.
වෙබ් අඩවි හිමිකරුවන්ගෙන් ඒ වෙළඳ දැන්වීම් ඉවත් කරන්නට කියා ඉල්ලා සිටීම ප්‍රායෝගික නොවෙන නිසා, අපිට කරන්න තියන හොඳම දේ තමයි අපේ පැත්තෙන් මේ වෙළඳ දැන්වීම් නවත්තන්නට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් ගැනීම.
ඔබ භාවිතා කරන්නේ Mozilla Firefox ගවේෂකය නම්, ඒ සඳහා අපිට වෙහෙස වෙන්නට සිදුවෙන්නේ නැහැ. මොකද Adblock Plus කියන ප්‍ලගිනය අපි වෙනුවෙන් ඒ කටයුත්ත කරන්න සූදානමින් ඉන්න නිසා. එම ප්‍ලගිනය ස්ථාපනය කළ පසු, ඔවුන්ගේ දත්ත මූලය මත පදනම්ව වෙළඳ දැන්වීම් සියල්ලම පාහේ අවහිර කරනවා. ඉතාමත් කළාතුරකින් ඔවුනට මගහැරුනු යම් වෙළඳ දැන්වීමක් ඔබට හමු වුනොත්, එය අපේම අතින් අවහිර කරන්නට Adblock Plus විසින් අවස්ථාව දෙනවා.

ඒත් අපි හිතමු කවුරු හරි ජංජාල ගුරෙක් ගෙන් අන්‍තර්ජාලය හරහා ක්‍ෂණිකව පොහොසත් වෙන හැටි ඉගන ගනිපු යාළුවෙක් “අනේ මචං මේ බ්ලොග් එකට ගිහිල්ලා ඇඩ් එකක් ක්ලික් කරපංකෝ!” කියලා කිවුවා කියලා. එතකොට මොකද කරන්නෙ? Firefox වලින් Adblock Plus අයින් කරලා ඉන්න වෙයිද? නෑ… එච්චර කරදර වෙන්න දෙයක් නෑ, යාළුවා කියපු අඩවියට ගිහිල්ලා. Firefox වල තියන පුංචි Adblock Plus ලාංඡනය ක්ලික් කරලා ලැබෙන මෙනුවෙන් “Disable on site-domain.ext” කියන වරණය තෝරාගන්න.

යන්න: Add-ons for Firefox හි Adblock Plus පිටුවට.
2. Download Statusbar
Firefox සහ/හෝ ඔබේ මෙහෙයුම් පද්ධතිය මත කිසියම් භාහිර බාගැනීම් කළමනාකාරකයක් ස්ථාපනය කරලා නැතිනම් හෝ අපි එම බාගැනීම් කළමනාකාරකය හරහා නැතිව Firefox හි සාමාන්‍ය බාගැනීම් කළමනාකාරකය හරහා යම් ගොනුවක් බැගැනීමට උත්සාහ කළොත්, අපිව යොමු වෙනවා බාගැනීම් තොරතුරු දක්වන කුඩා කොටුවකට. ඇතැම්විට, වෙනත් යම් කාර්යයක නිරත වී ඉන්නා අවස්ථාවක මේ කොටුවට යොමුවීමෙන් අපේ අවධානය බිඳෙන්නට වගේම අපේ කාර්යයට යම් බාධාවක් මතු වෙන්නත් පුළුවන්.

මේ කරදරයට විසඳුමක් ගෙන එන Download Statusbar ඇඩෝනය, වෙනම තොරතුරු කොටුවකට අප යොමු වීම වලකා තත්ව තීරුවේම බාගැනීම් තොරතුරු පෙන්වීමේ හැකියාව Firefox වෙත එක් කරනවා. දැනට බෑවෙන ගොනුවක නාමය මතට මූසික දර්ශකය ගෙන ගියොත්, ඒ ගොනුවේ බාගැනීම පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්නත් පුළුවන්.

යන්න: Add-ons for Firefox හි Download Statusbar පිටුවට.
3. DownThemAll!
මේ ඇඩෝනය ස්ථාපනය කිරීමෙන් පෙරනිමි බාගැනුම් කළමනාකාරකයට අමතරව තවත් එකක් Firefox තුළට එකතු වෙනවා. වෙනත් ඕනෑම බාගැනුම් කළමනාකාරකයක් මෙන් මෙයට පුළුවන් බාගැනුම් කිහිපයක් පෝලිම්-ගත-කරන්න, බාගැනුම් අතරමගදී මදකට නවතන්න සහ ඉන්පසු නැවතූ තැන සිට පටන් ගන්න, එක්වර සමාන්තර බාගැනුම් කිහිපයක් සිදු කරන්න යනාදී දේවල්.
මෙහි අගය වැඩි කරන තවත් එක් ඇඩෝනයක් ගැන පහත කියවෙනවා.
යන්න: Add-ons for Firefox හි DownThemAll! පිටුවට.
4. Auto Shutdown – InBasic
අපි සාමාන්‍යයෙන් චිත්‍රපටයක් වැනි විශාල ගොනුවක් අන්තර්ජාලය හරහා බාගන්නට සිදු වූ විට කරන්නේ රාත්‍රී නින්දට යන්න ප්‍රථම එය බෑවෙන්නට දැමීම හෝ ළඟ පාත ගමනක් ගිහින් එන්නට සිදු වූ විට ඒ අතරතුර අදාළ ගොනුව බෑවෙන්නට දැමීමයි.
ඒත් පැය තුන හතරකින් නිම වෙන මේ බාගැනුමෙන් අනතුරුවද පරිගණකය ඔහේ ක්‍රියාත්‍මක වෙනවා දකින්න පුළුවන්. එය විදුලි බිලට මෙන්ම පරිගණකයේ ආරක්‍ෂාවටත් අහිතකර ලෙස බලපානවා. නමුත් ඒ අඩුපාඩුව සපුරාගන්නට නිපදවන ලද ඇඩෝනයක් තමයි Auto Shutdown – InBasic කියන්නේ.
Firefox හි පෙරනිමි බාගැනුම් කළමනාකාරකය හෝ DownThemAll! භාවිතයෙන් සිදු කරන බාගැනුම් සියල්ල අවසන් වූ විට පරිගණකය වසාදැමෙන්නට සකස් කිරීම මෙම ඇඩෝනය මගින් කරන්න පුළුවන්.
ඉහත විස්තර කළ DownThemAll! හි අගය වැඩි වෙන්නට මෙයත් එක් සාධකයක්.
යන්න: Add-ons for Firefox හි Auto Shutdown – InBasic පිටුවට.
5. Shareaholic
වෙබය ගවේෂණය කරමින් ඉන්නා අතරතුර අපිට හමුවන වැදගත් දෑ තමන්ගේ මාර්ගගත හිතවතුන් සමග බෙදාහදාගැනීම වත්මන් වෙබ් භාවිතාකරුවන්ගේ ලක්‍ෂණයක්. ඒ සඳහාම වෙන්වූ Digg, Delicious හා StumbleUpon වැනි සේවා මෙන්ම, Facebook වැනි සමාජ ජාල තුල මේ බෙදාහදාගැනීම්වලට සපයා දී ඇති පහසුකම් ද, ජීවනදහරා (Lifestream) සේවාවන් හරහා අපි මාර්ගගතව කියන කරන දේ මිතුරන් අතර බෙදාහදා ගැනීමද, Twitter වැනි ක්‍ෂ්‍රද්‍ර බ්ලොග්කරණ සේවා මෙන්ම සාමාන්‍ය බ්ලොග හරහාද මේ බෙදාහදාගැනීම් සිදු වනු දකින්නට පුළුවන්.
නමුත් මෙයින් සේවාවන් කිහිපයකට හෝ යම් දෙයක් පිළිබඳව තොරතුරු එක් කරන්නට අවැසි වූ විටක, ඒ ඒ සේවාවේ වෙබ් අඩවි වෙත ගමන් කරමින් ඒ සඳහා වැඩි කාලයක් වැය කරන්න අපි කැමති නැහැ.
ඒ නිසා, සේවා රාශියක් වෙත යම් දෙයක් පිළිබඳව තොරතුරු එක්කරන්නට හැකියාව Firefox වෙත ලබා දීඹට නිපදවා ඇති ඇඩෝනයක් තමයි Shareaholic කියන්නේ.

යන්න: Add-ons for Firefox හි Shareaholic පිටුවට.
6. Read it Later
අපි වෙබය ගවේෂණය කරමින් ඉන්නා ගමන් යම් වැදගත් පිටුවක් හමු වෙනවා. නමුත් ඒ අවස්ථාවේදී එය කියවා බලන්න තරම් වේලාවක් අප සතුව නැහැ. එය Firefox හි පෙරනිමි පොත් සලකුණු කළමනාකාරකයට එක් කරන්නට පුළුවන් වුනාට එහි ස්ථිරව පොත් සලකුණු කොට ඇති සබැඳි අතර එක් වරක් පමණක් කියවීමට ලකුණු කරගන්නා සබැඳිය දමා එය අවුලක් කරගැනීමටත් ඔබ කැමති නැහැ.
එහෙනම් ඔබට තියන විසඳුම තමයි Firefox මත Read it Later නම් ඇඩෝනය ස්ථාපනය කර ගැනීම. ඉන් පුළුවන් අපිට පසුව කියවීමට අවැසි පිටු සහ සබැඳි ලයිස්තුගත කර ගැනීමට.
යන්න: Add-ons for Firefox හි Read it Later පිටුවට.


මමනම් EnSiTip විතරයි දාල තියෙන්නේ
Posted by සහන් on October 29th, 2009.
tnx friend
Posted by randeera on October 29th, 2009.
"Read It Later" දැංම ඔබාගත්තා.. DownThemAll දැනටමත් using..
Read It Later අම්මියෝ.. මම මේ වගේ එකක් හොය හොයා හිටියෙ.. :)
Posted by ගයන්ත on October 29th, 2009.
Xmarks, WOT, Shorten URL, Google Preview, FlashBlock යනාදි ඇඩෝනත් වැදගත්.
Xmarks එක්ක Read it Later මම භාවිතා කරනවා කාලෙක ඉඳං. අනිත් ඒවායින් Download Status Bar හා Adblock Plus ඒකත් භාවිතා කරනවා.
Posted by -බිன்ku- on October 30th, 2009.
යු ටියුබ් වීඩියෝ MP 04 වගට හරවල ලේසියෙන් බාල දෙන add on එකක් මම යූස් කරනව
Posted by අරුණ on October 30th, 2009.
වැදගත් ලිපියක් බෙහොම ස්තූතියි.
Posted by රවින්ද on October 30th, 2009.
භාගැනිම 10 ගුනයක් වෙගවත් කරන fire download එකතු කරගත යුතුම ඇඩොනයක් නේද
Posted by shadeesh on October 30th, 2009.
Firefox පිහිටුවා ගත් සෑනින් මා බාවිතා කරන යෙදුමක් තමා DownloadHelper යෙදුම… ස්තුතියි අප සමග මෙය බෙදාගෑනීම පිලිබදව
Posted by නුවන් on October 30th, 2009.
@සහන්: කරදරකාරී වෙළඳ දැන්වීම් ඉවසාගෙන වෙබය පාවිච්චි කරනවා කියන එක නං පුදුමයි. Adblock Plus ස්ථාපනේ කරගෙන බලන්න කියලා මම යෝජනා කරනවා. දැන්වීම් පූරණය වෙන්න යන කාලෙත් නැති නිසා ඔබේ වෙබ් ගවේෂණ වේගයත් ටිකක් ඉක්මන් කරගන්න පුළුවන් වේවි.
@randeera: wc frnd!
@ගයන්ත: හෙහෙ… DownThemAll! පාවිච්චි කරනවා නම් Auto Shutdown – InBasic එකත් ප්‍රයෝජනවත් වේවි නේද?
@-බිன்ku-: Shorten URL හි ක්‍රියාකාරීත්‍වයත් Shareaholic වලින් ලබාගන්න පුළුවන්. tr.im, bit.ly, DiggBar, Hub.tm, is.gd, Su.pr, TinyURL කියන සබැඳි කෙටි-කෙරුම් සේවා Shareaholic සමග භාවිතා කරන්න පුළුවන්. Shareaholic සඳහා මම දක්වලා තියන තිර දසුනේ tr.im සේවාවත් අන්තර්ගත වෙලා තියනවා පේනවා නේද?
@අරුණ: ඔවු, ඒකත් ගොඩක් හොඳ ප්‍ලගිනයක්. MP4 වගේම තවත් ගොනු වර්ග කිහිපයකින්ම වීඩියෝ බාන්න ඒකෙන් පුළුවන්.
@රවින්ද: ඔබටත් ස්තුතියි!
@shadeesh: ඇත්තටම 10ගුණයක් වේගවත් වෙනවද? ඔයා ලියන්නකො ඒ ගැන.
Posted by budhajeewa on October 30th, 2009.
@නුවන්: "DownloadHelper", ම්… මම ඒ ගැන අහල නෑ. ඒකත් බාගැනුම් කළමනාකාරකයක්ද?
Posted by budhajeewa on October 30th, 2009.
මගේ ඇඩෝන ලැයිස්තුවේ විස්සක් විතර තියෙනවා
.
Posted by පහන් on October 30th, 2009.
ඇයි firebug ඒකත් සුපිරි නේ.
Download helper කියන්නෙ යූ ටියුබ් වගේ ස්ට්‍රීමින් බාගන්න දෙන එකක්.මාත් ඉස්සර ඕක පාවිච්චි කරා
මගේ මතය නං ඒක එච්චර සාර්ථක නැතිබව.ස්ට්‍රීමින් බාන්න නං මම රෙකමන්ඩ් කරන්නෙ orbit බාගැනුම් කලමණාකාරකයත් එක්ක එන GRAB කියන tool එක
Posted by අමිල on October 30th, 2009.
එළ එළ තෑන්ක්යූ වේවා….
මේවායින් දෙකක් තුනක් දැනටමත් භාවිතා කරනවා මමත්….
Posted by Uraj Deemantha on October 30th, 2009.
මම web mail notifier හා echofon එකත් පාවිච්චි කරනවා
Posted by Anonymous on October 30th, 2009.
@පහන්: අෆ්ෆටසිරි! අර මක්කැයි ඒවා? Firefox වේගෙ අඩු වෙන්නෙ නෑ? :O

@අමිල: මම නං කල්පනා කරන්නේ, ඕන වෙලාවක ජංජාලෙට හරහා බලන්න පුළුවං YouTube වීඩියෝ මොකට බානවද කියලා!
@Uraj Deemantha: වෙල්කම් වේවා!
@උදිත ඉසුරංග: Echofon නම් මමත් පාවිච්චි කරනවා, ඒත් Firefox සමග "භාවිතා කළ යුතුම" එකක් නොවෙන නිසයි ලීවෙ නැත්තෙ. "Webmail Notifier" වලට ඊමේල් ගිණුමේ මුරපදය දෙන්න ඕන නේද? මම නං කවදාවත් https://mail.google.com ටයි ක්‍ෂණික පණිවුඩකාරකයටයි ඇරෙන්න වෙන කොහාටවත් ඊමේල් මුරපදය දෙන්නෙ නෑ!
Posted by budhajeewa on October 30th, 2009.
මමත් downthemall, adblock, downloadhelper, භාවිතා කරනම ඒව. තව පොඩි පොඩි ඒව පාවිච්චි කරනව. නමුත් ප්‍රධාන ඒවම නෙමෙයි.
ආ… අමතක උනානeනෙ. මට වෑදගත්ම එකක්, grease monkey. ඒකත් මම පාවිච්චි කරනව.
Posted by එච්. මාධ on October 31st, 2009.
@එච්. මාධව රංග: Adblock Plus තමයි වැදගතම එක, නේද?
Posted by budhajeewa on November 2nd, 2009.