2009න් 2010ට!

2009 අවුරුද්ද ඉවර වෙන්න තව පැය තුනාමාරකට අඩු කාලයක් තියෙන්නේ. පොඩ්ඩක් ලෙඩ ගතියෙන් හිටියත් ලබන අලුත් අවුරුද්දයි අවසන් වෙන පරණ අවුරුද්දයි වෙනුවන් යමක් ලියන්න ඕන කියලා මම හිතුවා.

2009 අවුරුද්ද කරපු වැඩ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත්, AL වලට ක්ලාස් යන්න පටං ගත්තා, ඉස්කෝලෙ IT Workshop එකකුයි Exhibition එකකුයි කළා, පොඩි වැඩකට දාපු ඇප්ලිකේෂන් එකක් රිජෙක්ට් උනා (දන්නෝ දනිති!), budhajeewa.com ඩෝමේන් එක ගත්තා, AL සඳහා ඉස්කෝලෙ යෑම පටං ගත්තා, ගෙදර – ඉස්කෝලේ – පංති – ගෙදර චක්‍රයට ඇතුලත් වුනා, අපේ AL ගෲප් ප්‍රොජෙක්ට් එක හැටියට පොඩි සංගීත සංදර්ශනයක් කළා “සත්සර සරණි” කියලා – මම නං කළේ ඉතිං තාක්‍ෂණික දායකත්වයයි පොදු වැඩකටයුතුයි තමා, නැත්තං මට මොන සංගීතද?, ඉස්කෝලෙ අලුත් ICT Center එකට සංක්‍රමණය උනා ඔන්න ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි.

Share

2010 අවුරුද්ද සම්බන්ධයෙන් නම් මහ ලොකු බලාපොරොත්තු නැහැ, කොම්පීටර්ගෙන් තව ටිකක් විතර ඈත් වෙලා AL වලට තව ටිකක් ලංවෙන්න ඕන. 2011 සම්බන්ධයෙන් නම් බලාපොරොත්තු 2ක් තියනවා, එක තමයි AL විබාගෙ ප්‍රමාණවත් තරමින් රිසල්ට් එකක් දාන එක සහ අර රිජෙක්ට් උනා කීව ඇප්ලිකේෂන් එක නැවත ඉදිරිපත් කිරීම AL විබාගෙන් පස්සේ. බලමු එතකොට මොනවා වෙයිද කියලා.

කොහොමින් කොහොම උනත් 2010 කස්ටියටම වාසනාවන්ත එකක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!

9 comments.

  1. සේරම සිතුම් පැතුම් සාර්ථක වේවා සහෝදරයා!
    අර ඇප්ලිකේෂන් එක ගැන වැඩිය හිතන්න එපා. හරි‍ වෙලාවට. හරිදේ සිද්ධ වෙයි!

    ඒ ඇප්ලිකේෂන් සහ තවත් බොහෝ දේවල් සාර්ථක කරගැනීමට ලැබේවා.

    ජය!
    සුබ අලුත් අවුරුද්දක්!

  2. මගෙනුත් සුබ පැතුම්

  3. බුධාජීව සහෝ
    ඉගෙනීම් කටයුතු සාර්ථක වෙන නව වසරත් වේවා කියල එක සිතින්ම ප්‍රාර්ථනා කරනව…
    අනේ තව පොඩි scene එකක්. මම මගේ blog post එක ලියල ඉවර වෙලා තමයි ඔයාගේ post එක බැලූවෙ මෙන්න බොලේ ඔයාගේ පින්තූරයම තමයි මමත් add කරල තියෙන්නේ… නව වසරේ ඒ ගැන අමනාප නොවනු ඇතැයි සිතමි. මේ….. computer aken ඈත් වෙනව කීවට මලයට කරන්න බැරිම දේත් ඒකම තමයි කියල මට හිතෙනවා.

    …….. Happy New Year …………

  4. එළ.

    ඇප්ලිකේශන් එක ගැන හිතන්න එපා බං , හරි එකක් ආවාම ඉන්ටවිව් එකටම එන්න කියයි. :)

    ඌයියා පේ ගැන බලමු එහෙනම්

  5. සුබ අළුත් අවුරුද්දක් වේවා බුධාජීව අයියා……..

    :-) :-) :-)

  6. සියළු වැඩ කටයුතු සාර්ථක වේවා සහෝ!
    කස්ටිය කිව්වත් වගේ ඇප්ලිකේෂන් ගැන හිතන්න එපා.. කාලයට ඉඩ දීල බලාගෙන හිටිං

    සුබ අළුත් අවුරුද්දක් වේවා!!
    ජය වේවා!!

  7. @සුපුන් සුදාරක: අනේ මන්ද බං, මගෙ ඔරලෝසුවෙ හරි වෙලාව නැත්ද කොහෙද! :P තැංකූ වේවා!
    @වැප්: ස්තුතියි!
    @wath: ස්තුතියි! පිංතූරේ ගැන මම තරහා වෙන්නේ කෝමද? මමත් ඕක හොයාගත්තේ Google දෙයියන්නාන්සෙට කියලා. ම්, අමාරුවෙන් හරි කොම්පීටර්ගෙන් ටිකක් අයින් වෙන්න ට්‍රයි එකක් දෙනවා.
    @Gayan Kalhara: වෙන ජොබ් හරියන්නේ නෑ බං! "ඌයියා පේ"? උඹ අලුත් නමක් දැම්මද? :P
    @සිතිජ සහන් හසාර හේවාගමගේ: ස්තුතියි මල්ලි!
    @දර්ශන: ඔවු බං, මම දැනටම ඔය කාලයා කියන එකාට ඉඩ දීලා තියෙන්නේ!

  8. ඔබටත් සුභ නව වසරක් වේවා!!!

  9. @vijini: තැංකූ වේවා!

Post a comment.