A wail of a webmaster! | වෙබ් මාස්ටරයෙකුගේ අඳෝනාව!

Share

අද උදේ ඉස්කෝලෙ ගියපු බස් එකේ වෑර්ලැස් එකේ “කඳු අතරින් උදේ හවා රියසක හසුරන මාගේ…” කියන ප්‍රසිද්ධ ගීතේ ගියා. වෙන කොරන්න දෙයක් නැති කමට මම බැලුවා මම දන්න වචනවලින් මේ සිංදුවේ වචන ප්‍රතිස්ථාපනේ කොරන්න පුළුවන්ද කියලා. ඕං මේක තමා එහෙම හිතපු එකේ ප්‍රතිඵලේ:

“නෙට් අතරින් උදේ හවා වෙබ් එක හසුරන මාගේ
කීබෝඩය හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
වෙබය වසා හිත රවටා පොප්-අප් වැටුනිද කාගේ
එකහිත නැති නුඹේ සිතත් එෆ්බී ලේඅවුට් වගේ…”

පැංච සයිස් ආතල් එකක්ද මන්දා, එහෙම වුනොත් කියවූ සියළු දෙනා කමා කරත්වා! (angel)

18 comments.

  1. හික්ස්! සිරා කතාව!
    රියල් ටයිම් සර්ච් නම් ගැලපෙනවද මන්ද

  2. @තමීර: ඔවු ඔවු… සමහරු රියල්ටයිම් සර්ච්වල රිසල්ට්ස් වගේ පට පට ගාල වෙනස් වුනාට සමහරු අර වෙබ් ආකයිව් එක වගේ නෝ හෙල්ලුං නොවැ. ඒ උනාට සිංදුවට හරියන්නෙ මේක දැම්මම තමා, නපුරු කලට වට් ටු ඩූ! :)

  3. @තමීර: ඔන්න රියල්-ටයිම් සර්ච් අයින් කරලා වෙන එකක් දැම්මා! :)

  4. එළ එළ
    "එෆ්බී ලේඅවුට් වගේ…" මැච් වෙනවා

  5. @මනුශාන්:
    එළකිරිස්! :)

  6. ආ අයියා අද අළුත් Idea එකකින් ලිපියක් දාන්න මතක් වෙලා නේද. එළ එළ (y) (y) නියමයි කවි පෙළ නම් (handshake)
    තවත් මේ වගේ අළුත් අදහස් ලැබෙන්නට මම අයියාට සුබ පතනවා (happy)

  7. @සිතිජ සහන් හසාර හේවාගමගේ:

    හෙහේ… එළේල… :D

  8. මරු ගැලපිල්ල….පංකාදු පහයි… :)

  9. අනේ මූටත් වෙලාවකට හැදෙන පිස්සු. පෝය පහු උනා විතරනෙ.

  10. අඩේ fb layout එකක් පිළිවෙලයිනෙ! ඔන්න myspace layout එක වගේ කිව්වනම් කමක් නෑ :P

    හික් එළ අයිඩියා එක :D

  11. එළේල…
    මරු..!! :) )

  12. @$han: හෙහේ! :D

    @තරිඳු: අන්න ඒක තමා මාත් හිතන්නෙ සංසිද්ධිය! (think)

    @මලින්ත: ;)

    @Ansh Lucky Sri Jay: මරුදත් කියලා! (chuckle)

  13. හිහ්…එළ එළ. ඔහොම යං ;)

  14. mara adahasa, niyamai.

  15. “නෙට් අතරින් උදේ හවා වෙබ් එක හසුරන මාගේ
    කීබෝඩය හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
    වෙබය වසා හිත රවටා පොප්-අප් වැටුනිද කාගේ
    එකහිත නැති නුඹේ සිතත් එෆ්බී ලේඅවුට් වගේ…”

    wooow

    නියමයි

  16. එළකිරිස් කියලා තමා කියන්න තියෙන්නේ

  17. ඔය සින්දුව කියන(කඳු අතරින් උදේ) ගායකයගෙ නම කවුරුහරි මට කියනවනම් පින්(පිටරටක ඉන්න නිස මටහොයාගන්න විදියක් නෑ) බොහොම ස්තිය්.

  18. @මධුරංග රත්නායක: තැංකූ තැංකූ! :D

    @Chejana: හෙහේ… දන්නැද්ද ඉතිං ඔය පික්සු අදහස්! (wasntme)

    @මනුසත්: තැංකූ වේවා! (bow)

    @ලහිරු: බොක්ක හොඳේ! (hug)

    @Meeya: ඒක නං ටිකක් හොයල බලන්න ඕන. 8-|

Post a comment.