මගේ මෙහෙයුම් පද්ධතිය තමයි Ubuntu. ඒක ලෝකයේ ජනප්‍රියම Linux බෙදාහැරීම් වලින් එකක්. මේ ලිපියෙන් මම කියන්න සූදානම් වෙන්නේ Ubuntu මෙහෙයුම් පද්ධතිය අලුතින් ස්ථාපනය කළාට පසු එය මාගේ භාවිතාවට ගැළපෙන තත්වයට පත් කර ගැනීම සඳහා මම අනිවාර්යයෙන් කරන දේවල් කිහිපයක්. ඒවායින් ඇතැම් ඒවා සමහරවිට ඔබටත් වැදගත් වෙන්න පුළුවන්.
මම මගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය විදියට උබුන්ටු භාවිතා කරන බව මම ලියපු “හාවාගේ පිටේ සිට ලියමි“, “මේක මගේ කරුමේ” වගේ ලිපි කියවපු නිසා ඔබ දන්නවා ඇති. ඒ වගේම මම ගැන ලියපු තවත් ලිපි http://blog.budhajeewa.com/tag/ubuntu පිටුවෙන් ඔබට බලාගන්න පුළුවන්. කොහොම වෙතත් මම කැමතියි එහි අලුත් සංස්කරණයක් නිකුත් වුනාම එය යාවත්කාල කරනවාට වඩා, නැවුම් ස්ථාපනයක් කරන්න. ඒකෙ ඒ හැටි වැදගත්කමක් නැති වෙන්න පුළුවන්, නමුත් ඒක මම කැමති විදිය. ඉතින් මෙහෙම නැවුම් ස්ථාපනයක් කළාට පස්සේ නැවත මුල සිට මහෙයුම් පද්ධතිය මට ඕනෑ හැටියට සකස් කරගන්න වෙනවා. ඒ සඳහා මම අනුගමනය කරන පියවර කිහිපයක් පහත දැක්වෙනවා:
1. Wakoopa Tracker ස්ථාපනය කිරීම. 
Wakoopa මගින් සිදුවන්නේ ඔබ භාවිතා කරන මෘදුකාග සහ වෙබ් ඇප්ලිකේෂන් (සියළුම වෙබ් අඩවි නොවේ.) ආදිය ගැන විමසිල්ලෙන් සිට, ඒ පිළිබඳව වාර්තාවක් ඔබටත් ඔබේ මිතුරන්ටත් දැකගත හැකි වන පරිදි ඉදිරිපත් කිරීමයි. ඒ සමගම ඔබේ පරිගණක භාවිතාව අනුව ලකුණු දීමේ ක්‍රමයක්ද මේ සේවාව අනුගමනය කරනවා. ඔබ ලබාගන්නා ලකුණු මත පදනම්ව ඔබව වරින්වර එක් එක් ප්‍රවීණතා ස්ථරවලටත් ඇතුලත් කරනවා.
ඉතින් හැම මොහොතෙද කෙසේ හෝ මෙහි ලකුණක් වැඩි කරගෙන ඊළඟ ප්‍රවීණතාමට්ටමට යන්න තියන ආසාව නිසා මම මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ ගමන් කරන්නේ Wakoopa Tracker එක ස්ථාපනේ කරන එක. මේ Wakoopa ගැන ඔබට වැඩි දුරපැහැදිළි කළ යුතු නොවන්නේ මා විසින් ලියූ “ඔබේ තරම මැනගන්න Wakoopa භාවිතා කරන්න!” ලිපිය කියවලා ඔබ ඒ ගැන දැනටමත් දන්නා නිසා.
2. Configuring IBus and font settings.
මම ඉතිං සිංහලෙං හිතන, සිංහලෙං කියන, සිංහලෙං ලියන මනුස්සයා නෙව. ඉතිං මගේ කොම්පීටරේත් සිංහලෙං ලියන්ඩ කියවන්ඩ පුළුවං වෙන්න එපෑ.
Ubuntu 9.10 සහ ඊට පස්සෙ ඉඳං සිංහල ස්ථාපනේ කරන්න අමුතු මහන්සියක් වෙන්න ඕන නෑ, කොහොමත් එන හිංගලේ සක්‍රීය කරගන්න විතරයි තියෙන්නේ! ඒගැන දැනගන්න ඕනෑ නම් ඔබට කරන්න තියෙන්නේ මම ලියපු “Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල සක්‍රීය කිරීම.” ලිපිය කියවන එක.
3. sudo apt-get update, sudo apt-get upgrade.
Windows වැනි සමහර මෙහෙයුම් පද්ධති වගේ නෙවෙයි මේවා සඳහා නිතරම updates එනවා. ඉතින් අපි Ubuntu පිටපතක් බාගෙන ස්ථාපනේ කරන අතරතුරදී මොකක්හරි update එකක් එන්නත් ඉඩ තියනවනේ. ඒ නිසා Ubuntu ස්ථාපනේ කළ ගමන් යාවත්කාල කරන්නත් මම අමතක කරන්නේ නෑ. එහෙම කළාම ඔබට ලැබෙනවා කිරි ටොයිය වගේ අලුත්ම අලුත් මෙහෙයුම් පද්ධතියක්!
ඒ සඳහා
[bash]sudo apt-get update[/bash]
හා
[bash]sudo apt-get upgrade[/bash]
විධානයන් ධාවනය කරන්න.
මේ යාවත්කාලකරණ ක්‍රියාවලියට ටික වෙලාවක් යන නිසා ඒ අතරේ මම නම් කරන්නේ Ubuntu සමග පෙරනිමියෙන් ලැබෙන tetris ක්‍රීඩාවක් වන Quadrapassel වටයක් ක්‍රීඩා කරන එක!
4. sudo apt-get install ubuntu-restricted-extras.
Ubuntu කියන්නේ නිදහස් මෘදුකාංග පමණක් ඇතුලත්ව නිර්මාණය ලබන ලිනක්ස් බෙදාහැරීමක්. ඒ නිසා අපිට අවශ්‍යවන MP3 හා අනෙකුත් බහුමාධ්‍ය codecs, flash player ආදිය Ubuntu සමග පෙරනිමියෙන් එන්නේ නැහැ. ඒ නිසා ඒවා අපිට අතින් ස්ථාපනේ කරගන්න වෙනවා. එහෙම කීවට මේක මහ අමාරු දෙයක් නෙවෙයි.
[bash]sudo apt-get install ubuntu-restricted-extras[/bash]
කියන විධානය දෙන්න විතරයි ඕන!
ඒකටත් ටිකක් වෙලා යන නිසා Quadrapassel වටයක් ක්‍රීඩා කරන්න. ඒක මොළේටත් හොඳලු.
5. Ubuntu Tweak ස්ථාපනේ කිරීම.
Ubuntu Tweak කියන්නේ Ubuntu මෙහෙයුම් පද්ධතිය fine tune කරගන්න, ඒ කියන්නේ අපිට ඕනෑ විදියට හා හොඳ විදියට ධාවනය වීම සඳහා සකසා ගැනීමට තිබෙන තෙවැනි පාර්ශවීය මෘදුකාංගයක්.
මේක භාවිතයෙන්,
- නව පැකේජ ස්ථාපනය කිරීම හා අස්ථාපනය කිරීම.
- ඉවත් කරන ලද පැකේජ සඳහා අවැසි වූ configuration data ආදිය ඉවත් කිරීම.
- නව මූලාශ්‍ර (repositories) එක් කිරීම හා ඉවත් කිරීම.
- ස්ථාපිත පැකේජයන් යාවත්කාල කිරීම.
- පරිශීලක ඇතුලුවීමත් සමග ඇරඹෙන මෘදුකාංග පාලනය කිරීම (Auto startup applications.).
- GNOME පාරිසරිකය හා සම්බන්‍ධ සැකසුම්.
ආදී බොහෝ දේ අපට අවැසි ආකාරයට සකසා ගන්න පුළුවන්.
මේක නම් විධානයක් ලබා දී ස්ථාපනය කරන්නට බැහැ. http://ubuntu-tweak.com/ වෙත ගොස් එහිදී ලබාදෙන ස්ථාපකය බාගෙන ස්ථාපනය කරගන්න වෙනවා. මෙහි තිබෙන එකම නරක තමයි මේක ස්ථාපනය වීමට එතරම් වෙලාවක් නොගන්නා නිසා Quadrapassel ක්‍රිඩා කරන්නට අවස්ථාවක් නොලැබීම!
6. පහත පැනලය ස්‍වයංක්‍රීයව සැඟවෙන්නට සැලැස්වීම.
Gnome පාරිසරිකයේ යටම පිහිටන පැනලය ස්‍වයංක්‍රීයව සැඟවෙන්නට සැලසුමෙන් තිරයේ ඉඩ ඉතිරි කරගන්න පුළුවන්!
උඩ පැනල් එකත් ස්‍වයංක්‍රීයව සැඟවෙන්න හදන්න පුළුවන්. නමුත් notifications වලට අවධානය අඩු වෙන නිසා එහෙම නොකර ඉන්න එක හොඳයි.
7. Empathy හා Gwibber සකස්කිරීම.
මේකත් කොරන්න එපැයි. නැත්තං කොහොමැයි මගේ අතිජාත ඔංලැයිං මිත්තරයො ටික එක්ක සම්බන්ධ වෙන්නේ?
Emapathy නං දැං සංස්කරණ කිහිපයක සිට Ubuntu සමග පෙරනිමියෙන් එනවා. ඒ මීට කලින් භාවිතා වුනු Pidgin එක වෙනුවට. Ubuntu 10.04 වල ගොඩක් කතා කෙරෙන “Social from the start.” සංකල්පයට අනුව තමා 10.04 හෙවත් Lucid Lynx සිට Gwibber නම් Twitter client එකත් පෙරනිමියෙන් එන්නේ. Twitter client එකක් කියලා කීවාට Twitter වැනි social broadcasting සේවා කීපයකටම මෙය සහය දක්වනවා.
8. ඉහළ පැනලය සකස් කිරීම.
මේකෙ නං පියවර කීපයක්ම තියනවා.
ඉස්සෙල්ලම කරන්නේ පැනලයේ තිබෙන මෙනු බාර් එක වෙනුවට තනි බොත්තමක් ආදේශ කිරීම.
ඒ කියන්නේ මේක:
![]()
වෙනුවට මේක:

ආදේශ කිරීම.
ඒ සඳහා කරන්න තියෙන්නේ මෙනු බාර් එක මත රයිට්-ක්‍ලික් කරලා Remove From Panel කිරීමත්, නැවත රයිට්-ක්‍ලික් කරලා Add to Panel හරහා Main Menu යන්න තෝරා ගැනීමත්.
මීළඟට කරන්නේ නිතරම පාවිච්චියට එන මෘදුකාංග වල කෙටිමං ටිකක් හා Tomboy සහ Sticky Notes යන applet පැනලයට එකතු කර ගැනීම.
![]()
ඒ වගේම System Monitor applet එකත් අමතක කරන්නෙ නෑ.
![]()
ඊළඟට Clock එක හදාගැනීම.

මේකෙත් ඉතිං වැඩ කීපයක්ම තියනවා.
- පැය විසිහතරේ ක්‍රමයට වේලාව පෙන්වීමට සකස් කිරීම.
- දිනය, තත්පර, කාලගුණය හා උෂ්ණත්වය යන දත්ත පෙන්වීමට සකස් කිරීම.
- පිහිටීම ජයවර්ධනපුරට සකස් කිරීම.
- උෂ්ණත්වය සෙල්සියස් වලින් හා සුළඟේ වේගය පැයට කිලෝමීටරවලින් පෙන්වන්නට සකස් කිරීම.
9. ccsm හා emerald ස්ථාපනේ කිරීම.
![]()
ccsm කියන්නේ Ubuntu වලට එක එක visual effects දාන්න තියන compiz මෘදුකාංගය අපිට ඕනෑ විදියට හදාගන්න තියන උපාංගයක්. emerald කියන්නේ metacity වෙනුවට ආදේශකයක්. ඔය transparent window borders එහෙම ගන්නේ මේකෙන් තමා!
කොච්චර visual effects දැම්මත් Windows වලදි වගේ ඒ සඳහා අධික පද්ධති සම්පත් භාවිතා කරන්නේ නැහැ ලිනක්ස්!
10. වැදගත්ම දේ!
ඔය ඉහලින් තියන පියවර සම්පූර්ණ වෙන්නට යන වෙලාව අතරතුර Quadrapassel ක්‍රීඩා කරන්න අමතක කරන්න එපා!


ආහ් අවුරුද්දට අලුත් ලුක් එකක් .! තීම් එකනම් මරේ මරු!
කියලා තියෙන වැඩ-කිඩ ටිකක් නියමයි. මමත් මගේ උබුන්තු එක පොඩ්ඩක් හැඩ වැඩ කරලා ගන්න ඕනෙ පස්සෙ.
Posted by Dinushka Udara | ර on April 14th, 2010.
මලයා අලුත් අවුරුද්දට වැඩ අල්ලලා වගේ.. එළැ එළැ… (*)
Posted by ගයන්ත on April 14th, 2010.
එළ එළ මරු ලිපිය දැන් ජනේල් කට්ටිය බලාවි කෝ දෙයියනේ VGA, Sound, chipset වගේ drivers install කරන නෑ කියල නේද?
ඇයි office , nero , firefox මේව දදා ඉන්න ඕනෙත් නැනෙ.
මම නම් පාචිච්චි කරන්නෙ ibus නෙමේ scim . ibus ටිකක් චා වගේ මට.
මට නම් තව අමතර කීපයක් තියනවා දාගන්න. java, g++ compiler එක වගේ ඒව ඉතින් අපිට අනිවා ඕන. gcc නම් පෙරනිමියෙන් එනවා.
අනිත් දේ තමයි ඔය දාල තියන ඒවත් තව ඕන නම් දාගන්න පුළුවන් දහසකුත් එකක් දේවලුත් ඔක්කොම නොමිලේ අනික නිදහස්.
ජය වේවා….
FOSS ROX…
Posted by රවින්ද on April 14th, 2010.
අතපසුවීමකින් උබුන්ටු වලට කෙලවගත්ත නිසා මට නං ආයෙ වින්ඩෝස් පාවිච්චියට යන්න උනා. ටිකක් ලොකු හාඩ් ඩිස්ක් එකක් මිලදීගත්ත හැටියෙ ආයෙ උබුන්ටු දානවා. මේ 80GB එකේ OS 2ක් දුවන්න අමාරුයි බං. මෙච්චර කල් දිව්වෙත් හෙන අමාරුවෙන්.
Posted by ඉන්දරේ on April 14th, 2010.
වටින ලිපියක් නොවැ.. මමත් අලුතින් උබුන්ටු ගත වේනන්යි කියල ට්‍රයි කරන්නේ… තෑන්යූ වේවා…
Posted by Darshana on April 14th, 2010.
@Dinushka Udara | රොකියා:
තැංකූ වේවා!
උබුන්ටු හැඩ වැඩ කරන්න නම් compiz, emerald වගේ ඒවා ගැන පොඩ්ඩක් හොයල බලන්න. (nod)
@ගයන්ත:
අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවා කියලම කියන්නත් බෑ, මේක ඉතිං ඊයෙ රෑ ඉඳල ලීවා. (o)
@රවින්ද:
ඒක හැබෑව, ඒ මෘදුකාංගත් ඔක්කොම අතිං දාන්න තිබ්බ නං තමා නියම රස! (rofl)
IBus උනත් ඉතිං ටික වෙලාවක් පාවිච්චි කරනකොට අප්සට් ගතියක් නෑ.
ජය වේවා! (beer)
@ඉන්දරේ:
මොකක් කීව? 80GB මදි OS 2ක් දුවන්න? :O
@Darshana:
කිසි බයක් නැතුව FOSS ලෝකෙට එන්න. අපි ඉන්නව ඕන එකකට! (handshake)
@Ruwan:
මරු මරු! (y)
@Indika Kumara:
මමත් මෑතක් වෙනකං පාවිච්චි කලේ 597Mhz එකක්. ඒක ජීවිත කාලෙ ආපු හැම Ubuntu සංස්කරණයක්ම ඒකෙ කිසි අවුලක් නැතිව දිව්වා. (nod)
@සුරන්ජන්:
ඔබ සතුව ඇත්තේ unlimited Internet connection එකක් නම් Ubuntu සංයුක්ත තැටියේ ISO එකක් බාගෙන ඒක සංයුක්ත තැටියකට ලියාගන්න පුළුවන්.
මම ඉන්නේ මාතර නිසා ඔබට උදව් කරන්න නම් ලැබෙන එකක් නෑ, නමුත් groups.google.com/group/techkatha/ වලින් මේ ගැන ඇහුවානම් ඔබට උදව් කරන්න අයෙක් ඉදිරිපත් වෙයි. (hug)
කොහොම වෙතත් මේ මස අග වෙනකොට Ubuntu 10.04 Lucid Lynx නිකුත් වන නිසා, දැන්ම කලබල වී පැරණි සංස්කරණයක් ලබාගන්න එපා. නව සංස්කරණය එනතෙක් ඉවසන්න. (nod)
@ශාකුන්තල:
සුළඟෙ වේගෙ ඉතිං ඔන්න ඔහේ දාගත්තා. මහ ලොකු ඉඩක් යන්නෙත් නෑ නෙ ඒකට.
Ubuntu, Kubuntu, Edubuntu? ඈ බොල මේව වෙන වෙනම ඉන්ස්ටෝල් කලාද? එක මදේට කවර දැම්මද?
@නදී:
ලියන්න ලියන්න. මම ඉන්නව බලාගෙන කියවන්න. (handshake)
Posted by budhajeewa on April 14th, 2010.
එලම කිරි මචං''''''''''''''''''''''''''''''''''''',lot of thanks. mamath ubuntu thana inne.
Posted by Ruwan on April 14th, 2010.
හරි වැදගත් ලියුමක්……මම උබන්‍ටු භාවිතා කරන්නෙ මගෙ මැසින් එකෙ හැටියට උපරිම වැඩ ගන්නපුලුවන් නිසා පෙන්ටියම් 3 833මෙගාහර්ට්ස් 256 රැම් මගෙ මැසින් එක ඒත් මාර කොලටියක් තියනවා උබන්‍ටු නිසා
Posted by indika kumara on April 14th, 2010.
උබුන්ටු එකක් හොයාගන්න හැකියාවක් තියෙනවාද? මම ඉන්නෙ නුවර
Posted by Anonymous on April 14th, 2010.
ඒක නෙවෙයි…. මොකටද උඹට සුළඟේ වේගය?
@ඉන්දරේ,
මම Ubuntu පාවිච්චි කළ මුල් කාලේ OS හතරක් දිව්වා 20 GB HDD එකෙන්. Ubuntu/ Kubuntu/ Edubuntu/ Windows. ඒ කාලේ තිබිච්ච ලිනක්ස් උණ තමා ඉතිං…
Posted by Anonymous on April 15th, 2010.
මටත් මේ මාතෘකාවෙන්ම ලිපියක් ලියන්න හිතිල දැන් ගොඩක් දවස්, ඒත් තාම ලියාගන්න බැරි උනානෙ. හොඳයි හොඳයි!
Posted by නදී on April 15th, 2010.
ෙම් side bar gadget ඒක අයින් ෙකරුව නම්.
Posted by krishan on April 15th, 2010.
@Krishan:
මොන side bar gadget එකද? සහ එහෙම කරන්න ඕනෑවෙන හේතුව මොකක්ද?
Posted by budhajeewa on April 15th, 2010.
මරු මරු එළ ලිපිය… අපි ඉතින් fedora නෙවැ
Posted by bunny on April 15th, 2010.
@bunny: උබුන්ටු කියල කීවට ඔය කියපුව අනිත් ලිනක්ස් ඩිස්ට්‍රොවල කරන්න බැරි වෙන එකක් නෑ.
Posted by budhajeewa on April 15th, 2010.
ඔන් එහෙනම් සුභ අළුත් අවුරුද්දක් වේවා කිව්වා
මමත් හිතන් හිටියේ UBUNTU දිගටම පවිච්චි කරන්නම් කියලා කොහේද මගේ MODEM එක එකට SUPPORT නැනේ.
Posted by Dayan Senavirathna on April 15th, 2010.
@Dayan Senavirathna:
ඔබටත් එසේම වේවා! රවුටරේක අගේ තේරෙන්නෙ ඔය වෙලාවට තමා, කොයි ලෝකෙ ගැහුවත් වැඩ නෙ!
Posted by budhajeewa on April 15th, 2010.
ඉතා හොඳ ලිපියක් සහෝ….හරිම වැදගත්…..
මගෙ ලැපට මම කාලයක් උබුන්ටු දාං හිටියා…දැං ආයේ බිල් අයියගේ ජනේලෙට බැස්සා..හුවාවේ HSDPA මොඩම් එකත් එක්ක ගනුදෙනු කරගන්න විදිහක් දන්නවද?..ඩෙස්ක්ටොප් එකේනං වර්චුවල් මැසිමක උබුන්ටු දාගන ඉන්නේ…..
බොහෝම ස්තුතියි දන්න කියන දේවල් බෙදා හදා ගන්නවට…..
Posted by Anonymous on April 15th, 2010.
@තීර්ථයාත්‍රිකයා:
මම Dial-Up හා ADSL ඇර වෙන ක්‍රමයකින් අන්තර්ජාල සම්බන්‍ධතාවය අරන් අත්දැකීම් නැති නිසා නිවැරදි පිළිතුරක් දෙන්න හැකියාවක් නැහැ.
කෝකටත් http://groups.google.com/group/techkatha/ වලින් ඇහුවා නං හරි. (nod)
Posted by budhajeewa on April 15th, 2010.
උබන්‍ටු වලින් මම 3ජී ඉන්ටර්නෙට් යනව බබා වගේ 1. යූ ඇස් බී පෝර්ට් 1 ට ඔය මොඩම් 1 සැට් කොරන්න. 2. ඊට පස්සෙ විනාඩියක් විතර ඉවසන්න ඕන. 3.ඔන්න ඊට පස්සෙ එනව වින්ඩෝ කෑල්ලක් නැට්වර්ක් කොනෙක්Sන් ගැන කියන 4.ඒක නෙක්ස්ට් ඔබල එන වින්ඩෝ එකේ ලංකාව තෝරන්න 5. ලංකාව තේරුවම එන වින්ඩෝවෙ ඔයා පාවිච්චි කරන කොනෙක්සන් එක තෝර ගන්න 6. ටාස්ක් බාර් එකේ එනව නෙට්වර්ක් ඇයිකොන් එකක් ඊට පස්සෙ ඒක ඔබල ඔයාගෙ නෙට්වර්ක් එක සිලෙක්ට් කරන්න…..
Posted by indika kumara on April 15th, 2010.
@indika kumara:
තැංකූ වේවා, ඔය තියෙන්නෙ බබා වගේ!
Posted by budhajeewa on April 15th, 2010.
මොකද්ද අප්පේ මේ Quadrapassel එක්ක තියන පෙම් හුටපටය
. විහිලුවට වගේ GNU Chess ඇදලා බැලුවනං.
ඒක නෙමේ, අලුත් අවුරුද්දට fresh installation එකක් කලාවත් ද?
Posted by änthräX on April 16th, 2010.
ඇයි wine (වයින්) දාන්නෙ නැද්ද? .wmv files run කරන්නෙ කොහොමද?
Posted by udith on April 16th, 2010.
@änthräX:
දැං Ubuntuත් එක්ක Chess එන්නෙ නෑ. එන games ප්‍රමාණේ අඩුම කරලා. දැන් එන්නේ AisleRiot Solitaire, gbrainy, Mahjongg, Mines, Sudoku හා Quadrapassel විතරයි!
අලුත් අවුරුද්දටම නෙවේ, පහුගිය මාස දෙක ඇතුලත කීපවරක් fresh installs කළා Lucid වල Alpha හා Beta දාන්න. දැන් මේ Final Beta එක. බොහෝ දුරට Release Candidate එකත් මේකම වේවි, දැනට එය පොඩි පොඩි තැන් පිරියම් කරනවා.
@udith:
මොකටද දෙයියනේ wine? මට wine භාවිතා කරන්න තිබුනු එකම හේතුවත් නැතිවෙලා ගියා Gimp 2.7 වල ඉඳන් සිරාම සිරා නිසා.
Posted by budhajeewa on April 16th, 2010.
එල එල… මම දැනුයි සම්පූර්ණ ලිපිය කියෙව්වේ… තෑන්ක්ස් නොකියා කෙහොමද. වටිනවා හම්බානෙකට..ලොල්.
Posted by ප්‍රබෝ on April 18th, 2010.
@ප්‍රබෝද මදුශාන්:
තැංකූ වේවා! තැංකූ වේවා!!
Posted by budhajeewa on April 21st, 2010.
මැක්සා!!! (වෙන කියන්න දෙයක් නැහැ. මම SCIM වලට කැමතියි කියන්න තමයි ඉතින් තියෙන්නේ :පී)
Posted by Anonymous on April 26th, 2010.
[...] This post was mentioned on Twitter by Supun Budhajeewa, Supun Budhajeewa. Supun Budhajeewa said: @madhawar http://blog.budhajeewa.com/after-an-installation-of-ubuntu/ [...]
Posted by Tweets that mention නව උබුන්ටු ස්ථාපනයකින් පසු, මා අනිවාර්යයෙන් කරන දේවල්. | Budhajeewa's Blog -- Topsy.com on October 11th, 2010.
dakune kollekuge ela wedak.wamen giyath api dakune.ela machan..
Posted by manoj on June 28th, 2011.
තැංකූ මචෝ!
Posted by budhajeewa on June 28th, 2011.