Category Archives: Sinhala

ජනාධිපතිවරණය 2015; එහෙනම් එකත් ඉවරයි? නෑ, තවම පටන් ගත්තා විතරයි හිටං!

දැනට හෝරා කිහිපයකට පෙර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හෙවත් “මැකෝ” විසින් පසුගිය 8 වන දින පවත්වන්නට යෙදුන ජනපතිවරණයේ නිල අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කළා. ඒක අනුව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ලෙසින් තරග කළ මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කළා. Continue reading ජනාධිපතිවරණය 2015; එහෙනම් එකත් ඉවරයි? නෑ, තවම පටන් ගත්තා විතරයි හිටං!

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කරන හැටි

ජනාධිපතිවරණයේදී ඡන්දය දමන හැටි මාධ්‍ය මගින් නිතර නිතර දැනුවත් කළත්, ඒ දැමූ ඡන්දය ගණන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ජනතාවට එතරම් පැහැදිළි දැනුමක් නැහැ. මේ ලියමන ලියන්න ඕන කියලා හිතුනේ ට්‍විටර් වලදී මේ ගැන සෂේන් සහ සහන් කතාකරන්න යෙදුනු නිසා.

මගේ තාත්තා දැනට වසර කිහිපයකට පෙර විශ්‍රාම යන්න කළින් කිහිප වතාවක්ම ඡන්ද පොළ ස්ථානාධිපති හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ස්ථානාධිපති ලෙස කටයුතු කරලා තියන නිසා මම ඔහුගෙන් ඇහුවා මේක කරන්නෙ කොහොමද කියන එක පිළිබඳව. තාත්තා විශ්‍රාම ගියාට පස්සේ කිසියම් සංශෝධනයක් උනාද කියන එක ෂුවර් නැතත්, මෙන්න මේ විදියටලු ගණන් කිරීම් සිද්ධ වෙන්නේ (වෙනසක් විය යුතු තැනක් තියනවා නම් දන්වන්න.): Continue reading ජනාධිපතිවරණ ඡන්ද ගණන් කරන හැටි

2014 වෙත ආපසු හැරී බැලීම

දවස් තුන්සිය හැට පහකුයි තව චුට්ටකුයි සම්පූර්ණ වෙලා ගිරිගෝරිස් කැලැන්ඩරේට අනුව අළුත් අවුරුද්දක් උදා උනා. අමතක වෙලා තිබුනු බ්ලොගේ අළු දූලි පොඩ්ඩක් විතර ගසලා ඉයර්ලි රිවීව් එකක් කොරානං හොඳා කියලා හිතුනා.

කොහොමටත් නිව් ඉයර් ඉස්ක්‍රීං රෙසොලූසං එකක් හැටියට — ගිය අවුරුද්දෙ වගේම මේ පාරත්  — හිතාගත්තා පොඩ්ඩ පොඩ්ඩ හරි මේකෙ මක්කහරි කොටල යන්න.

ගිය අවුරුද්දෙ කොරපුව කියපුව කීපයක් පිළිවෙලක් නැතුව මතකෙට එන නිසා, ලියල දැම්මනං හොඳයි. Continue reading 2014 වෙත ආපසු හැරී බැලීම

“Infortec International” – තවත් හොරිකඩ අධ්‍යාපන හොර කඩයක්!

අම්මාගේ අභාවයෙන් පසු තාත්තාත් මමත් දැන් ජීවත් වන්නේ තාත්තාගේ මවගේ නිවසේය. එයට හේතුව සතියේ දින පහ මා රැකියාව කරන ස්ථානයේ නැවතී සිටීම නිසා තාත්තාට එම දින පහ තනිවම ගෙදර සිටීමට සිදුවන නිසාත්, වයෝවෘද්ධව පසුවන තාත්තගේ අම්මා බලාගැනීම ඇයගේ නිවසේ සිටිත්දී තාත්තාට කළ හැකි වන නිසාත්ය. එම හේතුව නිසා අපේ නිවස දැන් කලක පටන් ඇත්තේ වසා දමා ය. Continue reading “Infortec International” – තවත් හොරිකඩ අධ්‍යාපන හොර කඩයක්!

ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම.

PayPalForSriLanka

PayPal යනු කුමක්ද?

PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය.

අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි. Continue reading ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාව

ඊයෙ, ඒ කියන්නෙ 19 වෙනිදා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ කැඳවීමකට අනුව රටේ විවිධ පෙදෙස් හා විවිධ ක්‍ෂේත්‍රයන් නියෝජනය කරන පිරිසක් දිවා භෝජනයකට එක් වුනා. එක්වීමේ අරමුණ උනේ රටේ තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම නිසා, කැඳවන ලද පිරිසේ පොදු සාධකය උනේ සක්‍රීය අන්තර්ජාල භාවිතය කියන එකයි. හමුව සංවිධානය කළේ “සිහි සටහන්“ ලියන චානුක වත්තේගම මහතා. Continue reading ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාව

ඉරි තැළුණු වළා… | Song of These Days

ඉරි තැළුණු වළා...| Song of These Daysමේ සිංදුව නං ඇහුනෙ ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න ගමං වෑර්ලැස්සෙකේ. කලිං අහල තිබුනත් මේපාර තමයි හිත ගියේ. සිංදුව කියන්නෙ අමරසිරි පීරිස්. Continue reading ඉරි තැළුණු වළා… | Song of These Days