I really love the concept of repository based software management used in Linux, rather than the “Download the installer, double click, next, next, next, finish” method of Windows (I’ve never used MacOS!). But this repository based software management methods too has some points that disappoint me. More… »
Posted by budhajeewa at 9:52 am on August 5th, 2010.
Categories: English, Linux. Tags: Linux, Suggestions.
මගේ මෙහෙයුම් පද්ධතිය තමයි Ubuntu. ඒක ලෝකයේ ජනප්‍රියම Linux බෙදාහැරීම් වලින් එකක්. මේ ලිපියෙන් මම කියන්න සූදානම් වෙන්නේ Ubuntu මෙහෙයුම් පද්ධතිය අලුතින් ස්ථාපනය කළාට පසු එය මාගේ භාවිතාවට ගැළපෙන තත්වයට පත් කර ගැනීම සඳහා මම අනිවාර්යයෙන් කරන දේවල් කිහිපයක්. ඒවායින් ඇතැම් ඒවා සමහරවිට ඔබටත් වැදගත් වෙන්න පුළුවන්. More… »
Posted by budhajeewa at 12:38 pm on April 14th, 2010.
Categories: Linux, Sinhala. Tags: Ubuntu.
Facebook කියන්නේ මේ වන විට ලෝකයේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය කියන එක අවිවාදිතයි. මේ අඩවියෙන් ලබාදෙන සේවා ගොන්නක් අතරේ, පිංතූර එකතු සකස් කිරීම කියන්නේ තවත් එක සේවාවක්. ඔබ Ubuntu මත සිට Firefox සමග Facebook වෙබ් අඩවිය භාවිතා කරනවා නම්, මේ පිංතූර එකතු සකස් කිරීමේ කාර්යය පහසු කරන්නට Facebook විසින් නව ක්‍රමයක් හඳුන්වලා දීලා තියනවා. More… »
Posted by budhajeewa at 8:30 am on January 14th, 2010.
Categories: Linux, Sinhala, Social Web. Tags: Facebook, Firefox, Linux.
GNOME පාරිසරිකය මත KDE පාරිසරිකය සඳහා සැකසූ මෘදුකාංග කිසිදු අපහසුවකින් තොරව ධාවනය කරන්න පුළුවන්. නමුත් මට එක් ගැටළුවකට මුහුණ දෙන්න වුනා. ඒතමයි Ubuntu 9.10 සංස්කරණයේ සිට පෙරනිමි Input Method Chooser එක වන IBus ඒ මත ස්ථාපනය කරන ලද KDE පාරිසරිකය සඳහා වන වැඩසටහන් මත ක්‍රියා නොකිරීම.
පහත දැක්වෙන පියවර භාවිතයෙන් KDE මෘදුකාංග සඳහාත් IBus සක්‍රීය කරගන්න පුළුවන්.
More… »
Posted by budhajeewa at 9:21 pm on January 4th, 2010.
Categories: Linux, Sinhala. Tags: Gnome, IBus, KDE, Linux.
Gnome පාරිසරිකයේදී Nautilus මගින් අපිට යම් බහාලුමක් මූල භාවිතාකරු වශයෙන් විවෘතකරගන්න අවැසි උනාම මොකද කරන්නේ? Alr+F2 වලින් එන Run සංවාද කොටුවේ හෝ ටර්මිනලයක gksu nautilus කියල ගහනවද? ඒ වෙනුවට කෙටි ක්‍රමයක හදාගන්න හැටියි දැන් කියන්නේ. More… »
Posted by budhajeewa at 10:35 pm on November 24th, 2009.
Categories: Linux, Sinhala. Tags: Gnome.
දැං මේ කියන්න හදන්නේ Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල භාෂාව සක්‍රීය කිරීම ගැන. මීට කලින් සංස්කරණ වලදී අපිට සිදු වුනේ උබුන්ටු මත සිංහල ස්ථාපනය ගැන කතා කරන්න, මොකද කලිං විජේසේකර යතුරු පුවරුව වගේ ඒවා උබුන්ටු සමග පෙරනිමියෙන් ආවේ නහැ. නමුත් දැන් අපිට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, පෙරනිමියෙන් එන සිංහල භාෂාව සක්‍රීය කරගන්න විතරයි තියෙන්නේ. More… »
Posted by budhajeewa at 6:11 pm on November 6th, 2009.
Categories: Linux, Sinhala. Tags: Karmic Koala, Sinhala Unicode, Ubuntu, සිංහල යුනිකේතය.
බින්කු සහෝදරයයි මායි කරපු සංවාදයක් “බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථාපනය සහ රිපොසිටරීස්.” නමින් මේ බ්ලොගයේ පළ කළා ඔබට මතක ඇති. ඒ ලිපියේ ප්‍රතිචාර දැක්වීම් වල එක තැනක මම සඳහන් කළා “මේකට පොඩි විසඳුමක් දැනටම උබුන්ටු තුළ තියනව. මම ලියන්නම්.” කියලා. ඒ කියන්නේ අන්තර්ජාල සබඳතාවක් රහිතව උබුන්ටු හරහා මෘදුකාංග ස්ථාපනය කරගන්න පොඩි ක්‍රමයක් ගැන ලියනවා කියලයි මම පොරොන්දු වුනේ. ඒ පොරොන්දුව ඉටු කරන්නයි දැන් මම හදන්නේ. More… »
Posted by budhajeewa at 7:12 pm on November 5th, 2009.
Categories: Linux, Sinhala. Tags: Ubuntu.
අද අපේ බිංකු සහෝදරයයි මායි පොඩි චැටකට සෙට් වුනා. අපි හිතුවා එක ඔබත් එක්ක බෙදාහදා ගත්තා නම් හොඳයි කියලා. අපි කතා කළේ උබුන්ටු මත මෘදුකාංග ස්ථාපනේ කරන හැටි ගැනයි රිපොසිටරීස් වල ක්‍රියාකාරීත්වය ගැනයි. ඔබට පුළුවන් ඒකෙ තියන වැරදි අඩපාඩු පෙන්නල දෙන්න, සහ සංවාදය අවසානයේ අපිට මතුවුනු ගැටළුවට පිළිතුරු දෙන්න. More… »
Posted by budhajeewa at 10:46 pm on October 31st, 2009.
Categories: Linux, Sinhala.
ImageShack කියන්නේ අපේ පින්තූර වෙබයේ ගබඩා කරන්න හැකියාව ලබා දෙන අඩවියක්. ඒ වගේම එහි ටොරන්ට් බාන්නට සහය දක්වන අංශයකුත් තියනව කියල මම කලිං ලියපු “ImageShack සමග ඉක්මනින් පහසුවෙන් torrents බාමු !” නම් ලිපියේ මම කිවුවා. අපිට මේ ImageShack වෙත පිංතූර පටවන්නට ක්‍රම කිහිපයක් තියනවා. එයින් එකක් තමයි එහි වෙබ් අතුරුමුහුණතටම ගිහින් පිංතූර පටවන එක. නමුත් පටවන්නට තියන පිංතූර ගණන වැඩි නම්, ගොනු විශාලත්වය වැඩි නම් එහෙම කරන එක ගොඩක් අපහසුයි. ඒ නිසා ImageShack වෙතින් හඳුන්වලාදීලා තියනවා “ImageShack Uploader” කියලා පොඩි මෘදුකාංගයක්. More… »
Posted by budhajeewa at 9:38 pm on October 10th, 2009.
Categories: Linux, Sinhala. Tags: ImageShack.
Google Desktop කියන්නේ අපේ පරිගණක වල තිබෙන ගොනු සහ මෘදුකාංග හොයන්න පුළුවන් වෙන විදියට Google විසින් සකස් කරපු, වෙබ් ගවේෂකය සහ සාමාන්‍ය ඩෙස්ක්ටොපය යන මාර්ග දෙකම භාවිතයෙන් ක්‍රියාත්මක වන මෘදුකාංගයක්. මෙහි භාවිතා වන ක්‍රමවේදය සාමාන්‍ය Google වෙබ් සෙවුම් යන්‍ත්‍රයේ ක්‍රියාකාරීත්‍වයට ආසන්නද කියන එක නම් මම දන්නේ නැහැ, නමුත් මම මේ ලිපිය ලියන්න හිතුවේ Google Desktop ලිනක්ස් වලත් භාවිතා කරන්නට පුළුවන් කියන එක මම දැනගත්තේ අද නිසා. More… »
Posted by budhajeewa at 11:12 pm on October 9th, 2009.
Categories: Linux, Sinhala. Tags: Google, Google Desktop.