තොරතුරු තාක්‍ෂණය දේශීයකරණය; මේ ඉතාමත් වටිනාමක් ඇතිව තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන දෙයක්. දේශීය භාෂා වලින් හා දේශීය හැඟීම සහිතව මෘදුකාංග සඳහා අතුරු මුහුණත් නිර්මාණය කිරීම, මෘදුකාංග සඳහා දේශීය කළ උදව් නිර්මාණය කිරීම ආදී දේ මේ තුළ සිදු වෙමින් පවතිනවා.

පරිගණක ක්‍රීඩා කියන්නේත් තොරතුරු තාක්‍ෂනයේ තවත් එක ප්‍රතිඵලයක්. එතකොට ඒවා දේශීය වෙන්නේ නැද්ද? අලුතින් දේශිය කීඩා එහෙම නිපදවෙන්නේ නැද්ද? කවුද නෑ කියන්නේ? අපි දැං හොයල බලන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන.

දැනට අවුරුද්දකට විතර කලින් ශ්‍රී ලංකාවේ පළමු සිංහල ජංගම දුරකතන ක්‍රීඩාව නිර්මාණය වුනා. ඒකෙ නම උනේ “කොළඹ වටේ” හෙවත් “Colombo Ride” යන්නයි. GTS ආයතනයේ නිර්මාණ කර්තව්‍යයක් වුනු මෙය මාධ්‍යයන්හි දැඩි අවධානය දිනාගත්තා. ඒ වගේම රටේ පැවති තොරතුරු තාක්‍ෂණික ප්‍රදර්ශනයන් ආදීන්හිදී ජනයාගේ විශේෂ ආකර්ෂණය දිනාගන්නට “කොළඹ වටේ” සතුව තිබුනු හැකියාව තමයි එයත් සමග එන අපේ කම – අපේ සුවඳ.

පරිගණක තිරයෙන් නිව් යෝක් වටේ ටැක්සි පැද්ද අපේ අයට කොළඹ වටේ ත්‍රීවීල් පදින්න “කොළඹ වටේ” මගින් ලබා දුන් හැකියාව, ජංගම දුරකතන හිමියන්ගේ ආකර්ෂණය මෙයට ලබාගන්න හේතු වුනා. එතැනින් නොනැවතුනු මෙය අන්තර්ජාතික තොරතුරු තාක්‍ෂන සම්මාන ප්‍රදානෝත්සව වලට ශ්‍රී ලංකාව යන නම ගෙනියන්න සමත් වුනා.

පරිශීලක ප්‍රසාදයට පත් “කොළඹ වටේ” දැන් සූදානම් වෙන්නේ අලුත් පියවරක් තියන්නයි. මීට කලින් ද්‍විමානයේ කොළඹ වටේ ගිය ඔබට ළඟදීම හැකියාව ලැබෙන්නේ ත්‍රිමාණයෙන් කොළඹ වටේ යන්නයි!

හඳුන්වාදෙන බහු පරිශීලක මුහුණුවරත් සමග මෙකී ත්‍රිමාණ පාරිසරිකය අනිවාර්යයෙන්ම පරිශීලක සිත් බැඳ ගනීවි. කොළඹ නගරයේ ඒ ඒ ස්ථාන ඇති ලෙසින් ත්‍රිමාණව ඔබට ඉදිරිපත් කරන්නේ වඩාත් යථාර්ථයට සමීප වූ විනෝදාස්වාදයක් සඳහායි.

ඉතින් සූදානම් වෙන්න, ඔබේ ජංගම දුරකතනය තුළින් ත්‍රිමාණයේ කොළඹ වටේ යන්නට මෙම වසරේ ජුලි මාසයේ සිට ඔබට අවස්ථාව ලැබේවි

වැඩි විස්තර සඳහා ඔබට පුළුවන් http://games.lk/ වෙබ් අඩවිය වෙත යොමු වෙන්න.

10 thoughts on “ෆෝන් එකෙං කොළඹ වටේ යන්න!

  1. මේක බා ගන්න පුලුවන් තැනක් එහෙම දන්නවද? පොඩ්ඩක් ලින්ක් එක දෙන්නකෝ…!!!!
    …..:::::සියරට දේ සිරි සැපදේ:::::…..

    Reply
  2. @Dar[K]: තැංකූ වේවා!

    @මහසෝණා: ඉවසන්න ඉවසන්න, ලබන ජුලි මාසයේ මේක නිකුත්වීීමට නියමිතයි!

    Reply
  3. මේක ඉතාම හොඳ ගේම් එකක් තමයි ලාංකිකයින්ගේ තමුන්ගේ කම පෙන්නන්න පුළුවන් වෙන. නමුත් මම දන්න විදිහට මේක එතරම්ම ජංගම දුරකතන හිමියන් අතර ජනප්‍රිය උනේ නෑ. (පෞද්ගලිකව මම දන්න මිතුරන් සිය ගණනින්ණැකෙක් දෙන්නෙක් වගේ තමා මේක ෆෝන් එකට දාගෙන හරි තියෙන්නෙ. :( ) හුඟක් අය කැමති හුඟක් සරළ ගේම් එකක් සෙල්ලම් කරන්න. පුළුවන් නම් සමීක්ෂණයක් කරන්න, කරල බලන්න මිනිස්සු ෆෝන් එකෙන් ගේම් එකක් ගහනවනම් කොහොම ඒවද ගහන්නෙ කියල.
    නමුත් සමහරවිට මේක පරිගණක ක්‍රීඩාවක් කළොත් නම් මේක ගොඩක් ජනප්‍රිය වෙයි කියල හිතනව.

    Reply
  4. අයියා මේ ලිපිය ගොඩක් වැදගත් මම අදමයි මේ ගේම් එක ගැන දැනගත්තේ ෂා නියමයි. ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කළාට (handshake)

    Reply
  5. මාත් හිතන්නෙ මේක පරිගණක ක්‍රීඩාවක් විදිහට හැදුවොත් වඩා හොඳ බවයි. ..
    සමහර විට මේක පෝන් එකේ වගෙම පරිගණකයෙත් පුලුවන් ඇති නේද..?

    Reply
  6. @සිතිජ සහන් හසාර හේවාගමගේ:

    එළම තමා මල්ලි!

    @hemantha samarakoon:

    ජංගම දුරකතන සඳහා නිර්මිත ක්‍රීඩා පරිගණක මත ධාවනය කිරීමට ක්‍රම තිබුනද, ජංගම දුරකතනයකට සරිලන ලෙස නිෂ්පාදනය කර ඇති මේවා පරිගණකයක් මතදී එතරම් ආකර්ෂණිය නොවනු ඇති.

    Reply

Leave a Reply