කාලෙකට පස්සෙ වෙබ් සේවා ගැන ලියන එකෙන් මිදිලා මගේ ලයිෆ් එක ගැන ලියන්නයි මේ හදන්නේ. මගේ කීවට මේ අපේ ලයිෆ් එක ගැන, අපේ කීවේ මේ ඉස්කෝලෙ ලයිෆ් ගැන.
ඉස්කෝලයක් ගත්තට පස්සේ ඒකෙ අධ්‍යයන වර්ෂයක් කොටස් තුනකට බෙදනවා නෙව, පළමුවැනි දෙවැනි සහ තුන්වැනි වාර විදියට. ඕකෙන් පළමුවැනි වාරේ ඉගැන්නීම කෙසේ වෙතත් වෙන වෙන වැඩ නං හරි හරියට කෙරෙනවා. හෝව් හෝව්, වරදවා වටහගන්න එපා,
වෙන වෙන වැඩ කීවෙ මේ ස්පෝට් මීට්ස්, බිග් මැචස්, එක එක සංගම් වල අලුත් නිලධාරී මණ්ඩල පත් වීම් වගේ දේවල්. ඕවා දෙවැනි වාරේ මුල හරිය දක්වා දික්වෙලා යන්නෙ නැතිවමත් නෙවෙයි. ඕවා අතරේ ස්පෝට් මීට් එකකට කිසිම ලෙසකින් දායක වෙන්නේ නැති මට (ක්‍රීඩා කිරීම මගේ පොතේ නැත! 8-| ) වැදගත්ම එකක් වන්නේ එක එක ඉස්කෝල වලින් කරනා ඩේස් ය (y) . ඊළඟට වැදගත් වෙන්නෙ බිග් මැච් එක, ඒක ඒ ක්‍රිකට් නරඹන්න තියන මගේ පෞද්ගලික කැමැත්තයි Team|RCMweb එක වෙනුවෙං ඒක වෙබ් අවකාශේ හරහා ප්‍රචාරය කරන්න සහභාගී වීම මගේ වගකීමකුයි වන නිසා.
ඉස්කෝලවල්වල ස්පෝට් කරන කෂ්ටිය ස්පෝට් මීට් එකට මහන්සි වෙන අතරේ, ස්පෝට් නොකරන මම වගේ කෂ්ටියට ඔය හම්බවෙන නිදහස් කාලේ වෙන වැඩකට යොදාගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඔය මම කලින් කියපු ඩේස් සංවිධානය කිරීම. ඉතින් ඉස්කෝලවල ස්පෝට් මීට් සීසන් එක අතරදිමයි මේ කියන Days සීසන් එක පටං ගන්නේ කීවොත් එය බොහෝදුරට නිවැරදියි.
ඔන්න ඔයවගේ අපේ මාතර ඉස්කෝල සෙට් එකෙත් දැං ඩේස් එකින් එක සංවිධානය වෙමින් පවතින්නේ. කරුමෙක මහත, මාතර ඉස්කෝල අතරින් 2010 අවුරුද්දට පළවෙනියටම ඩේ එකක් කළේ මහා එපා කරපු ඉස්කෝලයක් වන අපේ අසල්වැසියෝ හෙවත් සුජාතා විද්‍යාලය :O . ආයි අහන්න දෙයක් නෑ, මේපාර මාතර ඉස්කෝලවලට හරි අපල කාලයක් උදාවෙන්න යන්නේ! (nod)
ඒ කෂ්ටිය වැඩේට බැස්සේ “Vithma 2010″ හෙවත් ඒ ගොල්ලොන්ගේ මැත්ස් ඩේ එකෙන්. ඔය “Vithma” කියන එකේ තේරුම “Vission Through Mathematics” කියනව නෙ. අපි නොදන්න ඒ ගොල්ලැයි විසොං එක, ඕව කීවනං හොඳා කොන්ඩෙ බැඳපු මැලේසියන් කාරයෙකුට (අපි චීන අයියලට මොනවත්ම කියන්නෙ නෑ, දැං චීනො හරි හොඳයි නෙව!
)!
ඕක තිබ්බේ 22වෙනිදා, ඒ කියන්නේ පහුගිය අඟහරුවාදා. එදා උදේ අටාමාරට විතර අපි පාද යාත්‍රාවෙන් අරහෙට ගියැයි කියමුකෝ (සැයු: වාහනේකිං යාමට තරං දුර නොවේ!
). අපේ එවුංම ඇවිල්ල ඉන්නවා හැත්තෑව අසූවක් විතර, අනිත් ඉස්කෝලවල එවුං නං එකකිං විස්සක් විතර තමා හිටියෙ. අනේ ඉතිං, අපේ එවුංටත් හොඳට ඕන! (!@#$) ගත යුත්තකුත් නෑ, ඒ උනාට අර මොක්කුංද එවුං ටික වගේ මේක අස්සෙ රිංගන්නමයි බලං ඉන්නෙ, පිස්සු යක්කු! :S
අපි යනකොට පොඩි කෂ්ටිය පිට්ටනියට බැහැලා උංගෙ ස්පෝට් මීට් එකේ සරඹ සංදර්ශනේට පුරුදු වෙනවා. අපිට අත වන වනා එහාට දුවනවා මෙහාට දුවනවා, පස්සෙ තමයි අපේ එකෙකුට තේරිලා තිබ්බෙ අත වනන්නෙ අපිට නෙවේ උංගෙ සංදර්ශනේ කෑල්ලක් බව. කොහොම වෙතත්, මගේ නිරීක්‍ෂ අනුව ඒ පිට්ටනියට සීයක දෙසීයක විතර මීහරක් රංචුවක් දැම්මත් අච්චර අවුල් ජාලාවක් වෙන්නෙ නෑ!
කොහොම උනත්, අපි ගේට්ටුවෙන් ඇතුලට ගියාට පස්සෙ බිම බලාගෙන සංසුන් ගමනින්න ගිහිල්ලා මේන් හෝල් එකේ පනවල තිබ්බ අසුන්වල වාඩි උනාය කියමුකෝ, ආ තව අපි ඇතුලට යනකොට ෆයිල් කවරෙකුත් දුන්න නෙව, ඕකත් අරං ගිහිං වාඩි උනා. ඊළඟට ඉතිං උංගෙ බොරු ෂෝ ටිකයි, මෙලෝ යකෙකුට අහං ඉන්න බැරි සිංදුවකටයි පස්සේ දේශනේ පටාං ගත්තා. දේශකයා තමයි කොළඹ විශ්ව විද්‍යාලේ ගණිත දෙපාර්තමේන්තුවේ ආචාර්ය W. රාමසිංහ. දේශනේ නං අවුලක් නෑ, මටයි අපේ ගොඩක් දෙනෙකුටයි හොඳට තේරුනා
!
දේශනේ ඉවර උනාට පස්සෙ කන්න දුන්නා රෝල්ස් එකයි කිරි පැකට් එකයි, මදි ඕයි, මේ යකෙක් කන්න බඩගින්නේ ඉන්න වෙලාවේ ඕව කාලා අපි **** ද? කන්න දුන්නු වෙලාව නං ටිකක් පරක්ක උනා, අනිත් ඒවා නං මම ඔය උඩ ලියපු තරංම චාටර් එකට තිබ්බෙ නෑ
. වැඩේ හොඳයි, නරක නෑ.හැබැයි අතරමග සිංදු කියන්න ගිහිල්ලා නං ඇණගත්තු බව කියන්න ඕන. උංගෙ මේන් හෝල් එකේ සවුන්ඩ් සිස්ටම් එකට වඩා හොඳ ඒවා ඔය සමහර ත්‍රීවීලර්ස්වල තියනවා!
ඕකෙ කරපුව ඉතිං හැම එකම මේකෙ ලියන්න බෑ, වැඩේ ඉවර වෙලා අපි ගෙදර එන්න ආවා. සමස්ථයක් හැටියට වැඩේ අගය කරන්න පුළුවං බව සඳහන් කරන්න ඕන.
අපිට සෙට් උනු ඊළඟ ඩේ එක තිබ්බේ අද, ඒ කියන්නේ 26 වෙනිදා. ඒක තමා වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ගණිත දිනය. මේ ගර්ල්ස්කූල්වලට අපිව මතක් වෙන තරම, අනේ වාසනාවන්!
ඔය කලිං කීව එක වගේ නෙවේ, මේ කියන ඉස්කෝලෙට මම කවදාවත් මීට කලින් ගිහිං තිබුනෙ නෑ. මම විතරක් නෙවේ, අපේ බහුතරය එහෙමයි. මේකට යන්න අපේ කෂ්ටිය සෙට් වෙන්න තවත් කාරණයක් තිබ්බා. මාතර පැත්තේ පියෝ මැත්ස් දෙයියා වන අපේ කපිල පටබැඳිගේ සර් අවුරුදු 26ක් තිස්සෙ රාජකාරි කරන ඉස්කෝලෙ තමයි මේක, ඉතිං නොගිහිං කොහොමද? අනික මේකෙ දේශනේ කරන්න එනව කියල තිබ්බෙත් සුජාතෙ මැත්ස් ඩේ එකට ආපු ආචාර්ය රාමසිංහමයි. මේ මැත්ස් ඩේ එකේ නම ඇවිල්ලා “සුසංඛ්‍යා නැණසර”
දේශනය නම් සුජාතේ කරපු එකේ මොඩිෆයිඩ් වර්ෂන් එකක් වගේ තමා.
ඒ මැත්ස් ඩේ එකේ අගය කරන්න ගොඩක් දේවල් තිබ්බා. තාක්‍ෂණික දෝෂ වුනත් අනිත් එකට වඩා ඉතාම අවමයි. අනවශ්‍ය සැරසිලි විකාර වලට වියදම් කරන්නේ නැතිව අත්‍යවශ්‍යදේ සම්පූර්ණයෙන්ම හරි ආකාරව සංවිධානය කරලා තිබ්බා. ඉදිරිපත්කරනු ලැබූ වින්දනාත්මක අංග වලට ඇතුලත් වුනු ගායන හා නර්තන ආදී අංග වලත් මනා කැපවීමක් ඇතුව කළ බවට දැකගන්න පුළුවන් වුනා.
කලින් ගියපු මැත්ස් ඩේ එක අපේ කෂ්ටියට ජෝක් එකක් වෙන්නත්, මේක සිරා වෙන්නත් හේතුව හැමදාම දකින කුකුලගේ කරමලේ සංසිද්ධියද එහෙම නැත්නම් ඇත්තටම යම්කිසි හේතුවක් තිබුනු නිසාද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වටිනවා. 8-|



@සුපුන් සුදාරක: එන්න ට්‍රයියක් දෙතෑකි උඹලා පුළුවං දවසක තියාගත්තොත්. පුළුවං දවස කියන්නේ ඉතිං බ්‍රහස්පතින්දා.
@Ansh Lucky Sri Jay: ඒකාලෙත් ඩේස් කොලාදැ? :O
@Gayantha: ආදි ශිෂ්‍යයො වශයෙන් ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්නෙපැයි? 8-|
@තමීර:
[said:තමීර]
ඇත්තටම ඕනකමකට ගියා නෙමෙයි.
සුජාත එකෙත් ඉතිං ඩේ තමයි ඩේ. අපිත් ඉතිං ඔය නොගිහිං බැරි නිසා ගියා මිසක්
[/said]
අපිත් එහෙමයි. ටීචැර්ස්ල කෂ්ටිය “පලයං! පලයං!!” කියල කෑ ගහපු නිසා තමා ගියේ!
[said:තමීර]
පිට ඔපේ ලොකුවට පෙන්නලා ඩේ කරන එක ඒ කාලෙ ඉඳලම ඔහොම තමයි.
[/said]
උංගෙ බොරු ෂෝ ගැන නං කතා කරල වැඩක් නෑ. උංගෙ ඉස්කෝලෙට පිළිගැනීමක් නිකංම හම්බවෙලා තියන නිසා උං නිකං ජෝක් වගේ තමයි කරන වැඩක් කරන්නේ. අර දෙවනියට කියපු වගේ ඉස්කෝල තමන්ගෙ ෆුල් කැපවීම දාලා තමයි වැඩක් කරන්නේ. ඒ බව ප්‍රින්සිපල්ගෙ කතාවෙනුත් පෙනුනා. සුමංගලේ ඩේ එක සංවිධානෙ කරල තිබ්බෙ AL Group Project එකක් හැටියට, හැබැයි ප්‍රින්සිපල් පවා බොක්ක දීලා වැඩේ සිරාවට කරල තිබ්බා. (y)
[said:තමීර]
ඒත් ඉතිං එහෙම කිවුවට සහෝදර ඉස්කෝලයක් විදියට නොගිහින් ඉන්න බැහැනෙ.
[/said]
හෙනං, අපේ එවුං ඕකෙ කෙහෙල්මල්වලට ඉස්සරත් ගියා, ඇවිත් බැන්නා. දැනුත් යනවා, ඇවිත් බනිනවා. අනාගතෙත් යාවි, ඇවිත් බනීවි. මේවට ගහන්න ඕන අපිට, වෙනකාටවත් නෙවේ!
[said:තමීර]
මලයල ළඟදි ඩේ එකක් කරන්න අදහසක් නැද්ද?
[/said]
ළඟදි ඩේ එකක් නේද? පොඩි අදහසක් කෂ්ටිය අතරේ තියනවා, ඒත් බුදු අම්බෝ, මම නං ඕව බාරගන්නෙ නෑ. මගේ W තුන ගන්න බැරිවෙයි! :O
@සිතිජ සහන් හසාර හේවාගමගේ:
[said:සිතිජ සහන් හසාර හේවාගමගේ]
ආ අයියා සුජාතේ යනවට අකමැතියි කිව්වාට එයිට කළින් දවසේ රෑ GTalk වල ඉඳන් මට කිව්වේ මොකක්ද?
[/said]
ඇයි බං, මං මොනාහරි කීවද?
[said:සිතිජ සහන් හසාර හේවාගමගේ]
කමක් නෑ ඉතින් මොකක් හරි කරලා කාල බීල එනවනේ අයියා ඉතින් සුජාතෙන් දුන්න කෑම කාලා බඩේ අමාරුව හැදුනේ නැද්ද
[/said]
මොකෝ නැත්ත මලයෝ?
[said:සිතිජ සහන් හසාර හේවාගමගේ]
මට නම් එපා කරපු ඉස්කෝලෙයක් තමා සුජාතේ අයියාත් ඉතින් පොර වගේ ගිහිල්ලා හොඳට පැණි හලලා එන්න ඇති
[/said]
කවුද මම? :O
[said:සිතිජ සහන් හසාර හේවාගමගේ]
අයියා ඒක නෙමේ ඔය වැඩ කරන්න යනකොට පරිස්සමෙන් අද කාලෙ ඉන්න ගෑණු ළමයි නිකං ත්‍රස්තවාදීන් වගේ පරිස්සම් වුනේ නැතොත් අයියාට DSI , BATA , Ranpa සපත්තු පාරවල් ටිකක් මූණේ දාගෙන ගෙදර එන්න පුළුවන්
[/said]
උඹෙ කටේ රුපියල් පහේ කාසියක් දාන්න වටිනවා මලයෝ!
[said:සිතිජ සහන් හසාර හේවාගමගේ]
හ්ම් කමක් නෑ තව මේ වගේ ඩේස් වලට යන්න හා තව හොඳට පැණි හලන්න සහ හොඳින් අයියා ජනප්‍රිය වෙන්න මම සුභ පතනවා
[/said]
එසේම වේවා!
[said:සිතිජ සහන් හසාර හේවාගමගේ]
හොඳ ලිපියක්
[/said]
තැංකූ තැංකූ!
Posted by budhajeewa on February 26th, 2010.
මේ දවස්වල අපිත් එක එක දින වන්දනාවෙ තමා. ගොඩක්ම ඉතින් ඔය කියන බාලිකා පාසල් වල. මේ ළඟදි ගියා ගෝතමී එකේ කලා උළෙලට. කට්ට අව්වෙ කෑවෙ පට්ට චාටර් එකක්. මේ… ට්‍රයි එකක් දියං මේ අවුරුද්දෙ අපේ කලා උළෙල පැත්තෙ එන්න.
Posted by Anonymous on February 27th, 2010.
එළ..!!
)
වෙබ් සේවා ගැන ලියනවාට වඩා, ඉතා සිත් ගන්නා සුළු ආකාරයට ලියා ඇත. (ඇත්තම කතාවනම් ඉතිං ඔය වෙබ් හුටපට අපිට තේරෙනවා අඩුයි නෙව…
ඇත්තටම ඉස්කෝලේ කාලෙට, මාව ආපහු ගෙනිච්ච ලිපියක්.
Posted by Ansh Lucky Sri Jay on February 27th, 2010.
ඒකටත් එක්ක අපේ ඉස්කෝලෙ.. ඉංගිරිසි "Day"
එකක් තිබ්බා.. දැං නම් ඒකවත් තියෙනවද දන්නෙ නෑ.. (think)
Posted by Gayantha on February 27th, 2010.
සුජාත එකෙත් ඉතිං ඩේ තමයි ඩේ. අපිත් ඉතිං ඔය නොගිහිං බැරි නිසා ගියා මිසක්
ඇත්තටම ඕනකමකට ගියා නෙමෙයි. පිට ඔපේ ලොකුවට පෙන්නලා ඩේ කරන එක ඒ කාලෙ ඉඳලම ඔහොම තමයි. ඒත් ඉතිං එහෙම කිවුවට සහෝදර ඉස්කෝලයක් විදියට නොගිහින් ඉන්න බැහැනෙ.
මලයල ළඟදි ඩේ එකක් කරන්න අදහසක් නැද්ද?
Posted by තමීර on February 27th, 2010.
ආ අයියා සුජාතේ යනවට අකමැතියි කිව්වාට එයිට කළින් දවසේ රෑ GTalk වල ඉඳන් මට කිව්වේ මොකක්ද? 8-| . කමක් නෑ ඉතින් මොකක් හරි කරලා කාල බීල එනවනේ
අයියා ඉතින් සුජාතෙන් දුන්න කෑම කාලා බඩේ අමාරුව හැදුනේ නැද්ද
මට නම් එපා කරපු ඉස්කෝලෙයක් තමා සුජාතේ (devil) අයියාත් ඉතින් පොර වගේ ගිහිල්ලා හොඳට පැණි හලලා එන්න ඇති http://www.facebook.com/album.php?aid=2021631&… මේ තියෙන්නේ ඒකට හොඳ උදාහරනයක් (rofl) අයියා ඉතින් කොහොමත් දැන් හැමතැනම Buddy කියන නමින් ප්‍රසිද්ධයිනේ ඒකනේ අපේ ගෙදර ඉන්න පූසටත් ඒ නමම දැම්මේ. අයියා ඒක නෙමේ ඔය වැඩ කරන්න යනකොට පරිස්සමෙන් අද කාලෙ ඉන්න ගෑණු ළමයි නිකං ත්‍රස්තවාදීන් වගේ පරිස්සම් වුනේ නැතොත් අයියාට DSI , BATA , Ranpa සපත්තු පාරවල් ටිකක් මූණේ දාගෙන ගෙදර එන්න පුළුවන් (punch) හ්ම් කමක් නෑ තව මේ වගේ ඩේස් වලට යන්න හා තව හොඳට පැණි හලන්න සහ හොඳින් අයියා ජනප්‍රිය වෙන්න මම සුභ පතනවා (handshake) . හොඳ ලිපියක් (y)
Posted by Anonymous on February 27th, 2010.
änthräXට කොල්ලා කාලෙ මතක් උනා…
Posted by änthräX on February 27th, 2010.
@änthräX: දැං නාකිදැ? :O
@~බිன்ku~:
[said:~බිன்ku~]
අපේත් ඩේස් ඇන්ඩ් මීට්ස් මතක් වුණා, ඔය සම(හ)රක් එව්වා මතක් වුණාම විලි ලැජ්ජාවේ සන්තෝෂේ ඉන්න බැරියෝ!
[/said]
ලොලේ ලොල්!
[said:~බිன்ku~]
ආහ් සුජාතා චාටර් කියලා දැන්නේ දැන් නෙව,
[/said]
නෑ නෑ, ඔය කියපු තරං චාටර් එකක් නෑ. වැඩේ හොඳට කරල තිබ්බා. දන්නෙ නැද්ද, ලිපිය ලස්සන වෙන්න අතිනුත් දානවනේ!
[said:~බිன்ku~]
සුනාමි කාලයේ අපි නැවතුණේ ඔය හරියේ.
[/said]
ම්ම්ම්? ඒ මොකක්ද ඒ සීන් එක?
@සිතිජ සහන් හසාර හේවාගමගේ:
@සමින්දි හේවාගමගේ:
[said:සමින්දි හේවාගමගේ]
අනේ යන්න බොරු නොකිය ඔච්චර යන්න අකමැත්තක් තිබුන නම් නොයා ඉන්න තිබුණනේ කවුරුවත් බල කළේ නෑනේ එන්න කියලා. හිතේ තියෙන්නේ එකක් කියන්නේ තව එකක්
[/said]
හෆෝ, අපිට නං ඕක අස්සෙ රිංගන්න ඕන නෑ. අර තමීර අයිය කීව වගේ නොයා හොඳ නැති නිසයි ටීචැර්ස්ල “පලයං! පලයං!!” කියල කෑගහන නිසයි අපි ගියේ! (wasntme)
[said:සමින්දි හේවාගමගේ]
අපේ media day එකට full repair එකක් දෙනවා එදාට ඇවිත් බලන්නකෝ ඔයාලගේ sound system පරාදයි
[/said]
දැං අවුරුදු ගානක ඉඳන් ඔය repair එක කොරන්න ප්ලෑන් කොරනව නේද?
[said:සමින්දි හේවාගමගේ]
Rahula College Info Tech 2009ට ඇවිල්ලා අපිට දුන්නේ Cool බැහැපු Orange Crush එකක් හිස්බඩට ඕක බීල තවත් අමාරුයි. ඒ අතින් රෝල්ස් එකයි කිරි පැකට් එකයි කොච්චර හොඳද?
[/said]
Cool අඩු කරල දුන්නෙ කාටවත් හෙම්බිරිස්සාව එහෙම තිබිලා ඒක උත්සන්න උනොත් කියලා, ඔයාලගෙ හොඳට!
[said:සමින්දි හේවාගමගේ]
රාහුලේ විකාර බලලා කඹුරුපිටිය නාරන්දෙනිය විද්‍යාලයේ රාජ්‍ය සාහිත්‍ය උළෙල 2008ට ගියාම අපිටත් ඕක හිතුනා
[/said]
ආහ් ඇත්තට? නාරන්දෙනිය හරි ලොකු ඇති නේද?
එතකොට රාජ්‍ය සාහිත්‍ය උළෙල සංවිධානෙ කලේ ඒ ඉස්කෝලෙන් වෙන්න ඇති නේද? මාර විහිළුනේ ඔයත් කරන්නේ! (rofl) වෙන කාගෙවත් වැඩකට හෝල් එකක් දුන්නයි කියලා ඉස්කෝලයක් rocks වෙන්නෙ නෑ අනේ!
Posted by budhajeewa on February 27th, 2010.
අපේත් ඩේස් ඇන්ඩ් මීට්ස් මතක් වුණා, ඔය සම(හ)රක් එව්වා මතක් වුණාම විලි ලැජ්ජාවේ සන්තෝෂේ ඉන්න බැරියෝ!
ආහ් සුජාතා චාටර් කියලා දැන්නේ දැන් නෙව, සුනාමි කාලයේ අපි නැවතුණේ ඔය හරියේ.
Posted by ~බිன்ku~ on February 27th, 2010.
@budhajeewa:
[said:budhajeewa:]
කවුද මම?
[/said]
නැතුව මමයැ (devil)
[said:budhajeewa:]
මගේ කටේ රුපියල් දෙකක් දැම්මාම හොඳටම ඇති |-(
උඹෙ කටේ රුපියල් පහේ කාසියක් දාන්න වටිනවා මලයෝ!
[/said
අන්න අයියාට වැරදුන තැන
[said:budhajeewa:]
(flex)
තැංකූ තැංකූ!
[/said]
Posted by Anonymous on February 27th, 2010.
හප්පා මටත් ඉස්කෝල කාලෙ මතක් උනා. මෙහෙ කොලඹ නම් ඉන්විටේෂන් එවන්නෙ එන්න ඕනෙ ගාන හරියටම දාල. ගොඩක් වෙලාවට 5 දෙනෙක් විතර. එක පාරක් holy family convent එකේ කොමර්ස් ඩේ එකේ විවාදෙකට ගිහින් සිස්ටෙර්ලට ලැජ්ජාවෙන් ඇඹරෙන්න විවාදෙ කොරල ආව අපි.
Posted by තරිඳු on February 27th, 2010.
[said:budhajeewa]
කරුමෙක මහත, මාතර ඉස්කෝල අතරින් 2010 අවුරුද්දට පළවෙනියටම ඩේ එකක් කළේ මහා එපා කරපු ඉස්කෝලයක් වන අපේ අසල්වැසියෝ හෙවත් සුජාතා විද්‍යාලය
—අනේ යන්න බොරු නොකිය ඔච්චර යන්න අකමැත්තක් තිබුන නම් නොයා ඉන්න තිබුණනේ කවුරුවත් බල කළේ නෑනේ එන්න කියලා. හිතේ තියෙන්නේ එකක් කියන්නේ තව එකක්
[said:budhajeewa]උංගෙ මේන් හෝල් එකේ සවුන්ඩ් සිස්ටම් එකට වඩා හොඳ ඒවා ඔය සමහර ත්‍රීවීලර්ස්වල තියනවා!
— අපේ media day එකට full repair එකක් දෙනවා එදාට ඇවිත් බලන්නකෝ ඔයාලගේ sound system පරාදයි
[said:budhajeewa] කන්න දුන්නා රෝල්ස් එකයි කිරි පැකට් එකයි, මදි ඕයි, මේ යකෙක් කන්න බඩගින්නේ ඉන්න වෙලාවේ ඕව කාලා අපි **** ද?
— Rahula College Info Tech 2009ට ඇවිල්ලා අපිට දුන්නේ Cool බැහැපු Orange Crush එකක් හිස්බඩට ඕක බීල තවත් අමාරුයි. ඒ අතින් රෝල්ස් එකයි කිරි පැකට් එකයි කොච්චර හොඳද?
[said:budhajeewa] හැමදාම දකින කුකුලගේ කරමලේ සංසිද්ධියද එහෙම නැත්නම් ඇත්තටම යම්කිසි හේතුවක් තිබුනු නිසාද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වටිනවා
—රාහුලේ විකාර බලලා කඹුරුපිටිය නාරන්දෙනිය විද්‍යාලයේ රාජ්‍ය සාහිත්‍ය උළෙල 2008ට ගියාම අපිටත් ඕක හිතුනා
Posted by Anonymous on February 27th, 2010.
@තරිඳු: මෙහෙත් ඉන්වයිට් කරන්නෙ ගාණක් කියල තමා. බට් අපි යන්නෙ ඒ ගාන තුනෙන් ගුණ කරලා තව ටිකකුත් එකතු කරලා එන ප්‍රමාණේ!
සුජාතෙන් එන්න කියල තිබ්බෙ විස්සකටද කොහෙද, අපි හැත්තෑවක් විතර ගියා. සුමංගලෙන් එන්න කියල තිබ්බෙ දහයටයි. අපි තිහක් ගියා!
Posted by budhajeewa on February 27th, 2010.
@buddy; සුජාතෙන් එන්න කියල තිබ්බෙ විස්සකටද කොහෙද, අපි හැත්තෑවක් විතර ගියා
අන්න දැක්කද විස්සකට එන්න කිව්වම 70ක් ගියේ අකමැත්තෙන් වෙන්න ඇති
සාහිත්‍ය දිනය organize කළේ ඒ ඉස්කෝලෙ නොවුනට මම අදහස් කළේ එයාලගේ school surround එක main hall හෙම අනික ඒ ඉස්කෝලෙ ළමයිනුත් ගොඩක් කැපවීමෙන් වැඩ කළා හිතුවට වැඩිය හොඳ ඉස්කෝලයක් ඔය ෂෝ දාන ඉස්කෝල වලට වැඩිය.
<<<Cool අඩු කරල දුන්නෙ කාටවත් හෙම්බිරිස්සාව එහෙම තිබිලා ඒක උත්සන්න උනොත් කියලා, ඔයාලගෙ හොඳට!
—ඔයාලගේ ඉස්කෝලෙ freezer එකක් නැති එකට රටේ නැති බොරු කියන්න එන්න එපා
Posted by Anonymous on February 27th, 2010.
@සමින්දි හේවාගමගේ:
[said:සමින්දි හේවාගමගේ]
අන්න දැක්කද විස්සකට එන්න කිව්වම 70ක් ගියේ අකමැත්තෙන් වෙන්න ඇති
[/said]
අපි එච්චර ගානක් ගියේ නැත්තං ඔයාලයි කෝච්චි පෙට්ටි මේන් හෝල් එකෙන් බාගයක්වත් පිරෙන්නෙ නෑ. එහෙම උනා නම් ලෙක්චරර් බුවත් දමල ගහල යනවා. අනික අපි එච්චර ගාණක් ආවෙ ටිකක් වේලාසනින් ගෙදර යන්න පුළුවන් නිසා, නැතුව ඔයාලයි කෙහෙල්මල් ඉස්කෝලෙ අස්සෙ රිංගන්න ඕන නිසා නෙවේ! (angel)
[said:සමින්දි හේවාගමගේ]
සාහිත්‍ය දිනය organize කළේ ඒ ඉස්කෝලෙ නොවුනට මම අදහස් කළේ එයාලගේ school surround එක main hall හෙම අනික ඒ ඉස්කෝලෙ ළමයිනුත් ගොඩක් කැපවීමෙන් වැඩ කළා හිතුවට වැඩිය හොඳ ඉස්කෝලයක් ඔය ෂෝ දාන ඉස්කෝල වලට වැඩිය.
[/said]
දැං අපිද බොරු ෂෝ දාන්නෙ? (chuckle)
[said:සමින්දි හේවාගමගේ]
ඔයාලගේ ඉස්කෝලෙ freezer එකක් නැති එකට රටේ නැති බොරු කියන්න එන්න එපා
[/said]
හෙහෙ, එහෙනං ඔය මහලොකු ඉස්කෝලෙ තියන ඒවයිං එකක් ගෙනත් දෙනවකො! (!@#$)
Posted by budhajeewa on February 27th, 2010.
@සමින්දි හේවාගමගේ: මේ අක්කේ ඔයාලා අර prefect day එක,drama day එක, එතකොට අර බහුබූත ඩාන්ස් එක organize කරපු හැටි මම දැක්කනේ පොඩ්ඩක් ඇවිත් බලන්න අපේ කස්ටියගේ වැඩ කිඩ. එන්න එපා නිකං ගොන් ටෝන් දාන්න. අනිනවා (punch) මේ පේනවනේ (flex)
@budhajeewa: මේ කස්ටියගේ ඉස්කෝලෙ ගැන කියන්න ගත්තොත් අද අපිට මෙතැන වෙන වැඩ නැතිවෙයි
අපි ඔන්න කට වහගෙන ඉමු පවුනේ මොනා නැතත් අසල් වැසි පාසලනේ ඔච්චර නෝන්ඩි කරන්න එපා
Posted by Anonymous on February 27th, 2010.
සුජාතේ නංගිලා එකෙක් වත් මේ නෙට් එකේ නැද්ද අප්පා.. හිටියා නම් අපිට බුදා මලයා ගැනත් අහගන්න තිබ්බා :පී
Posted by Malee_msg on March 8th, 2010.
@Malee_msg:
මොනවා අහන්නද අප්පා, මම හරි නිවිච්ච මනුස්සය ඕං!
Posted by budhajeewa on March 8th, 2010.
ඩේ කරන එකෙයි…..ඩේ වලට යන එකෙයි මරු ෆන් එකක් තියනව…….අපිත් කරා මැත්ස් ඩේ එකක්…..(තෝමියන්ස්)
Posted by Janaka on April 9th, 2010.
@Janaka: අනිවා!
Posted by budhajeewa on April 12th, 2010.