ඔන්න අළුත් මෘදුකාංගයක් ගැන යාළුවෙක්ගෙන් ඔත්තුවක් ලැබුනා. මේක “Digsby” කියල මෘදුකාංගයක්. මේක Instant Messenger, E-Mail Notifier සහ Social Networking Tool කියන මෘදකාංග වල ගුණ එකතු කරල හදපු එකක්.
Instant Messengerයක් ලෙස Digsby :
Digsby භාවිතා කිරීමෙන් ඔබට එකවර,
- GTalk
- Facebook Chat
- Yahoo !
- ICQ
- Jabber
- AIM
- MSN
කියන ක්‍ෂණික පණිවුඩ සේවා භාවිතා කරන්න පුළුවන්.
මේවායින් මම භාවිතා කරන්නේ GTalk සහ Facebook Chat පමණයි. ඒවා භාවිතා කිරීමේදී කිසිදු ගැටළුවක් ඇතිවුනේ නෑ. මෙය emoticons වලටත් සහය දක්වනවා.
ඒ වගේම chat කවුළුවේ ඉඳගෙනම E-Mail යවන්න, චැට් කරන අනිත් කෙනාගෙ විස්කර බලාගන්න පුළුවන්. මෙහි video chatting පහසුකමත් තියනව ළු. පරීක්‍ෂා කරල බලන්න නං වුනේ නෑ. නමුත් මේ පහසුකම් ඒ ඒ IM Service එකට අනුව වෙනස් වෙනවා.
ඔබ Chat කවුළුව පසු පසට දමා වෙනත් කාර්යයක් කරමින් ඉන්නා විට යමෙකු විසින් පණිවුඩයක් එවන ලද නම්, එය ඔබේ තිරයේ පසෙක දිස් වෙනවා.
E-Mail Notifierයක් ලෙස Digsby :
Digsby භාවිතා කරන ඔබට එකවර,
- GMail
- Yahoo! Mail
- AOL/AIM Mail
- Hotmail
යන webmail සේවා ද,
- POP
- IMAP
යන තාක්‍ෂණ වල ද E-Mail පිළිබඳව ලද සැනින් තොරතුරු දැනගත හැකියි.
මේවායින් මම භාවිතා කළේ GMail පමණයි. Digsby හි සිටම අළුතින් ආ E-Mail එකක් Open, Mark as Read, Achieve, Delete සහ Report Spam කරන්න පුළුවන්.Inbox හා Compose යන සබැඳි ත් මෙහි ලබාදී තිබෙනවා.
ඔබ Digsby කවුළුව පසුපසට දමා වෙනත් කාර්යයක් කරමින් ඉන්නා වි E-Mail පණිවුඩයක් ලැබුනොත්, එය ඔබේ තිරයේ පසෙක දිස් වෙනවා.
Social Networking Toolයක් ලෙස Digsby :
Digsby භාවිතා කරන ඔබට එකවර,
- MySpace
- LinkdIn
කියන සමාජ-ජාල සේවා භාවිතා කරන්න පුළුවන්.
මේවායින් මම භාවිතා කරන්නේ Facebook සහ Twitter පමණයි.
Twitter සහ Facebook වල updates එවෙලේම තිරයේ දර්හනය වෙනවා. ඒ කියන්නේ, Friend කෙනෙක් profile එක update කළාම, අළුත් messages ආවම එසැනින් ඔබට තොරතුරු එනවා.
මෙන්න බාගන්න :
http://www.digsby.com/download.php


wow cooooooool
i like this
Posted by Virj on February 26th, 2009.
Digsby කියන්නේ විවෘතකේත මෘදුකාංගයක් ද?
Posted by Anonymous on February 26th, 2009.
i think it's fantastic
Posted by thisun on February 26th, 2009.
i like this thank you friend……
Posted by duminda on February 26th, 2009.
එල කිරි ! මම හොය හොය හිටියෙ මෙ වගෙ සොෆ්ට්වෙයාර් එකක්
Posted by පැතුම් on February 27th, 2009.
ඒක විවෘත කේත නොවුනත් නිදහස් එකක්.
Posted by Anonymous on February 27th, 2009.
විවෘත කේත නොවේ නම්, නිදහස් මෘදුකාංගයක් වෙන්නෙ කොහොම ද ?
මේත නිදහස් (Free) නෙවේ, නොමිලේ (Costless) මෘදුකාංගයක්.
Posted by Buddy-J on February 27th, 2009.
නිදහස් මෘදුකාංගයක් නොවුනත්, ගොඩක් කාලෙක ඉඳල මට අවශ්‍යව තිබුන විදියේ වැඩසටහනක්. මගේ ප්‍රධානම අවශ්‍යතාවය වන ලිනක්ස් සංස්කරණය යත් තිබෙන නිසා, මටත් තවත් බොහෝදෙනාටත් මෙය ඉතා වැදගත්..
බොහොම පිං.
එකම ගැටලුව (මටනම් ලොකුම සහනය ) skype සහය නැති එක විතරයි..
Posted by Anonymous on February 27th, 2009.
මම ත් කාලයක් පාවිච්චි කරා.අනේ මන්ද මට එච්චර ඇල්ලුවෙ නෑ.
Posted by ප්‍රභා on February 28th, 2009.