Facebook භාවිතා කරන අයට තියන ලොකුම හිසරදයක් තමයි තමන්ගේ Facebook Friendsලා භාවිතා කරනා නානප්‍රකාර විච්චූරණ applications පිළිබඳව තමන්ගේ News Feed එකට එන තොරතුරු (!@#$) . මේ නිසා ඇත්තෙන්ම වැදගත්වෙන තොරතුරු රාශියක් මගහැරිලා යන්න තියන ඉඩකඩ වැඩියි 8-| . අනිත් හිසරදය තමයි ඔය ඉහත කියූ වගේම එක එක විකාර applications භාවිතයෙන් අපේ Facebook Friendsලා අපේ Walls වලට එකතු කරන එක එක කෙහෙල්මල් (puke) . මේ එකතුකරන සේරම තියෙන්න ඇරියොත් අපේ Facebook Wall එක නිකං තොරණක් වගේ තියේවි (shake) . අපි බලමු මේ කරදරයෙන් මිදෙන්න අපිට මොකද කරන්න පුළුවන් කියලා (nod) .
Share
කරදරකාරී notifications නැවැත්වීම.
අපි හිතමු ඔන්න කවුරුහරි ඔබගේ Facebook Wall එකේ මොකක් හරි විකාර ඇප්ලිකේෂන් එකක් හරහා පෝස්ට් එකක් දැම්මා කියලා, එතකොට ඒ පිළිබඳ notification එකක් ඔබට එනවා.
![]()
මෙවන් notifications නවත්වන්න ඔබ කරන්න ඕනේ Facebook Notifications පිටුව වෙත යෑමයි. එහි යෑමට Facebook Toolbar එකේ Notifications හි ඇති “See All” සබැඳිය ක්ලික් කරන්න.

එහි ගොස් අදාළ notification එක ඉදිරියෙන් ඇති කතිර ලකුණ ක්ලික් කොට මතුවන සංවාද කොටුවෙන් “Report Spam” ක්ලික් කරන්න. මින්පසු අදාළ application එක පිළිබඳ notifications ඔබට එන එකක් නැහැ.

එහෙමත් නැත්නම්, Facebook Notifications පිටුවේ දකුණු පැත්තේ ඇති ලයිස්තුවෙන් අදාළ application එක ඉදිරියේ ඇති සලකුණු කොටුවේ සලකුණ ඉවත් කරන්න.

ඉන්පසු මතුවන පණිවුඩයෙන් “Mark <අදාළ application එකේ නම> notifications as Spam” ක්ලික් කරන්න.

ඉහත මොන ක්‍රමය අනුගමනය කළත් ඉන්පසු ඔබ කළ තෝරාගැනීම් අවලංගු කරන්නට අවස්ථාවක් ලැබෙනවා.

කරදරකාරී applications නැවැත්වීම.
මීළඟට අපි හිතමු ඔන්න කවුරුහරි අපේ Facebook Wall එකේ මොකක් හරි විකාරයක් දැම්මාම ඔබට ඕනෑ වෙනවා ඒ application එකෙන් මින්පසු කිසිම Wall Post එකක් ඔබගේ Wall එකේ දැමීමට නොහැකි වන ලෙස සකස් කරන්න.
ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ අදාළ Wall Post එක පිළිබඳ ඔබට ලැබුනු notification එකේ ඇති “Block App” සබැඳිය ක්ලික් කිරීමයි (මම නිරීක්‍ෂණය කළ ආකාරයට දැනට මේ “Block App” සබැඳිය දැකගන්නට ලැබෙන්නේ ඇතැම් applications සඳහා පමණයි!).

එවිට ඔබට මින්පසු ඒ application එකෙන් කිසිම Wall Post එකක් ඔබේ Facebook Wall එකේ දැමීමට නොහැකි වන ලෙස සැකසීමට අවස්ථාවක් ලැබේවි.

ඔබට ඕනෑනම් ඒ තීරණය වෙනස් කරන්නත් අවස්ථාවක් දෙනවා.

ප.ලි: මේ දවස්වල Facebook හි මගේ විනෝදාංශය තමයි applications හොය හොයා බ්ලොක් කරන එක. මම කීවට කරල බලන්න, ඔය මොන ගේම් එකටත් වැඩිය ඒක ආතල් (chuckle) . නොහඳුනන “Facebook Friends”ලා රිමූ කරන එකත් සිරාම ආතල්! (rofl)
ප.ලි 2: මගේ බ්ලොගේට එන අයට මගේ ලිපි කියවන අතරතුරම පිං රැස් කරගන්න අවස්ථාවක් දෙන්න මම තීරණය කළා. උඩම ඇති PayPal Donate බොත්තමක් (wasntme) . පිං කැමති සැදැහැවත්තු ඒකට ඩොලර් එක ඩොලර් එක ගානෙ දාන්න (handshake) .
මම හිතන්නෙ නෑ මේක දැම්මයි කියලා කීයක්වත් ඒවි කියලා, ඒත් මොනවමවත් නොකර ඉන්නවට වඩා ඒක හොඳා නෙ!


මමත් සෑහෙන කාලෙක ඉදං Application Block කරන ගේම් එක ගහනවා. දැං නම් ඒකත් එපා වෙලා තියෙන්නෙ. (headbang)
Facebook එකේ තියෙන Profiles ගානටම Appsත් තියෙනවනෙ.. කවුරු හදනවද මන්දා, එක වගේම Apps 100ක් විතර තියෙනව.. (fubar)
බ්ලොක් කරනව කරනව, ඉවරයක් නෑ.. :@
කවද හරි ඔය සූකරයට (Zukerberg) Facebook එක වහන්න වෙනව ඔය මගුල් Apps කෙරුවාව හින්දා..
Posted by Gayantha on January 22nd, 2010.
මටත් ඔය wall posts පුරවන එක නම් එපා වෙන සීන් එකක්. මේ ලිපිය කියලවව්ත් ඒක නවත්වන්න ඕන. ඒත් මෙහෙමත් එකක් තියෙනවා අවුරුදු කාළෙට Happy New Year කියලා මොකක් හරි Application එකකින් කවුරු හරි අපේ මූණු පොතේ තාප්පයට දමා ඒක වැටෙන්නේ නැතැව තබ්බොත් ඒක දැම්ම එක්කෙනාගෙ හිතට හරි මදි ගතියක් දැනෙනව නේ. ඒවත් ප්‍රශ්නයක් තමා ඔක්කොටම වැඩිය වටිනවා නේ මූණු පොතේ ඉන්න යාළුවන්. ඒක නිසා ඒගැනත් සැළකිලිමත් වෙලා ඕන මේ වැඩේ කරන්න…
Posted by Anonymous on January 22nd, 2010.
මමත් ඔය විදියට ඔක්කොම වගේ ස්පෑම් නවත්තල තියෙන්නෙ. මහම වදයක්.
ඔය ඩොනේසන් ටිකක් වැඩිපුර හම්බවුණොත් අපිටත් කීයක් හරි දෙන්න. පේපෑල්වලින් බුල්ටො එකක් අරං කෑවත් සැපයි.
Posted by තමීර on January 22nd, 2010.
මම නං ඔය අහවල් එක එක ඒව කොර කොර ඉන්න ගියෙ නෑ.. මට වෙලාව නැති නිසා.. මගේ තාප්පේ අහවල් එව්වා ලිවීම කාට කාටත් සපුරා තහනං… simple & strict!
Posted by Anonymous on January 22nd, 2010.
@ශාකුන්තල: (මේ සළකුන යොදා Reply ලියන්න ඉගැන්නුවේ අපේ බුධා අයියා ICT Center එකේදී.දැන් මාත් ඒ විදියට සළකුණ දාන්න පුරුදු වූණා
)
එහෙම ලියන්න තැනක් තියේ නම්. මම නම් ලියනවා ( මෙහි දැන්වීම් අලවීම සපුරා තහනම්)
හි… හි…
Posted by Anonymous on January 22nd, 2010.
@තමීර: ඒක තමයි අයියා බුධා අයියාට වැඩිපුර ඩොනේසන් හම්බ වූනොත් ඒකෙන් කොටසක් අපිත් එක්ක බෙදා හදා ගෙන පොඩි ටොපි පහක විතර පාටියක් දාලා සතුටු වෙමු ( මේ කාලේ අපේ බුධා අයියාට සල්ලි එන කාලේ පොඩ්ඩක් ෂේප් එකේ තියන් ඉන්න ඕන
)
Posted by Anonymous on January 22nd, 2010.
@Gayantha: ඇත්ත, Facebook admins ලට තියෙන්නේ අඩවියේ ගුණාත්මක භාවය ඉහළ යන applications විතරක් දාන්න ඉඩ දීමයි. විශේෂයෙන්ම ඒක භාවිතා කරන අයට නොව, භාවිතා කරන අයගේ මිතුරන්ට වදයක් වෙන වර්ගයේ ඒවා නැවැත්විය යුතුයි (nod) .
@සිතිජ සහන් හසාර හේවාගමගේ: මගේ Facebook Wall එකේ Facebook made applications වලින් එන ඕන එකකට ඉඩ දෙනවා. තුන්වැනි පාර්ශවවල applications වලින් දමන wall posts කිසිම සමාවක් නැතිව අයින් කරනවා. Wall post එකක් අයින් කළා කියල තරහ වෙනකෙනෙක් ඇත්තට මගේ යාළුවෙක් වෙන්න බෑ නෙ?
@තමීර: හෙහෙ… ඩොනේසොං හම්බවෙයි කියල තමයි මටත් බය!
@ශාකුන්තල: එහෙමත් හොඳය? (think)
@සිතිජ සහන් හසාර හේවාගමගේ:
[said]
මේ සළකුන යොදා Reply ලියන්න ඉගැන්නුවේ අපේ බුධා අයියා ICT Center එකේදී.දැන් මාත් ඒ විදියට සළකුණ දාන්න පුරුදු වූණා
[/said]
(clap)
Posted by budhajeewa on January 22nd, 2010.
උඹට කීයක්ද ඕනෙ කියපං? මම ලෝස් නැතුව ඩොනේට් කොරන්ඩ !
Posted by ඉන්දරේ on January 23rd, 2010.
@ඉන්දරේ: අප්පටසිරි, ඉන්දරේ දානපතිය වෙලානෙ! (chuckle) ඉඳාං ඉඳාං, තාම ඔය විකුණන එව්වා සයිට් එකට දාල නෑ, ගාණ දැනගත්ත ගමංම කියන්නං! (handshake)
Posted by budhajeewa on January 23rd, 2010.
සින්ට ඇන්‍ටි මට නොමිලෙ ටී ෂර්ට් එකක් දුන්න. Donate එකතු කරල ටී ෂර්ට් එක ගත්තම මට කියපන්කො. මම මගේ ගානෙ බැනියමක් අරන් දෙන්නම්.
Posted by vidura on January 29th, 2010.
@vidura: එළම තමා. ඒත් බං සින්ටට ඇන්ටි කියන්න එපා, තාම එච්චර වයසකුත් නෑ නෙ?
Posted by budhajeewa on January 29th, 2010.
මචන් Thanks you very very very much!!!!!! මට ඹික මහ වදයක් වෙලා තිඛූනෙ. Application settings වලින් block කරන්න ගිහින් එපා උනා!!
Posted by Pubudu Kodikara on February 12th, 2010.
@Pubudu Kodikara: ස්තුතියි!
Posted by budhajeewa on February 12th, 2010.
%#%$@^&%@%*&^@
බලහන්කෝ ඔය රෙදි කෑලිවල Fans and Users ගාණ, සම(හ)රක් 200ක්වත් නූ, එහෙව් එව්වට අපේ උන් කොහේ රිගා ගන්නවද මන්දා! ඒ මැදෑයි කියමුකෝ, කෝ හත් දෙය්යනේ මට ඔය කරදර එන්නේ අපේ රටේම ඉන්න අපේ උන්ගෙන් විතරයිනේ බං?
Posted by ~බිன்ku~ on February 25th, 2010.