ඔබලා දැනුවත් ඇති Facebook සමාජජාල අඩවිය මගින් ළඟදී එහි කරන ලද ප්‍රධාන වෙනස් කමක් ගැන. මෙතෙක් කල් “Facebook Page” එකක් හෙවත් “Facebook Public Profile” එකක් වෙත සම්බන්ධ වීම ඔවුන් හඳුන්වනු ලැබුවේ එහි fan කෙනෙක් හෙවත් “රසිකයෙක්” වීම ලෙසයි, එය ඔවුන් මෙතැන්සිට “Like” කිරීමක් ලෙස හඳුන්වනු ඇති.
මේ වෙනස්කම පිළිබඳව වැඩිදුර කියවන්න ඔබට පුළුවන් Maduonline හි පළවූ “Facebook පිටු වල “Become a Fan” දැන් “Like” වෙයි” නම් ලිපියෙන්.
මම මතු කරන්න හදන්නේ මේ “Become a fan” යන්න “Like” ලෙස වෙනස්වීමෙන් මතුවන ගැටළුවක් පිළිබඳව. ඇත්තටම මේ ගැටවවට මට අද මුහුණ දෙන්න සිදු වුනා!
පහත පිංතූරය බලන්න:

ඉහත පිංතූරයේ “Like” යන්න ස්ථාන කිහිපයකම සඳහන් වන අතර, ඒ ඒ තැනකදී “Like” යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිළිව වටහා ගැනීම අපහසුය.
ඉහත 1 වන ස්ථානයේ දැක්වෙන්නේ මාගේ මිතුරෙකු “BREAKING NEWS” යන්න “Like” කළ බව දැක්වෙන news එකකි. එයට පසුව ඇති “Like” යන්න ක්ලික් කිරීමෙන් මා නම් බලාපොරොත්තු වූයේ මාගේ මිතුරා “BREAKING NEWS” “Like” කිරීම සම්බන්ධව මාගේ කැමැත්ත පළ කිරීම මිස, මාද “BREAKING NEWS” වෙත “Like” කිරීම නොවේ. නමුත් එය ක්ලික් කළ විට සිදු වුයේ මා අදහස් කළ කාරණය නොව මාද “BREAKING NEWS” වෙත “Like” කළ අයෙකු ලෙස සැලකීමයි!
ඉහත 2 වන ස්ථානයේද දැක්වෙන්නේ 1 ස්ථානයේ වැනිම news එකකක “Like” සබැඳිය ක්ලික් කළ විට සිදුවූ සිද්ධියයි. මා එය ක්ලික් කළ විට මාගේ මිතුරාගේ activity එක “Like” කිරීම වෙනුවට මාද එම Facebook Page එක “Like” කළා ලෙස සලකා ඇත!
ඉහත “Like” යන්නෙන් වෙනස්ව 3 වන news එකේ දැක්වෙන්නේ මාගේ මිතුරා ඔහුගේ වෙනත් මිතුරෙකු පළ කළ යම් දෙයකට කැමැත්ත පළ කිරීමයි.
4 වන ස්ථානයේ දැක්වෙන්නේ Facebook හි තිබූ පැරණි “Like” එකයි. එහිදී මා බලාපොරොත්තු වූ ලෙසම ඔහුගේ activity එක මාගේ කැමැත්ත ප්‍රකාශ කිරීමට මා හට හැකිවී ඇත. නමුත් මේ හා සමග 1 හා 2 යන අවස්ථාවන් සැසඳූවිට ඒවා අවුල් සහගතය!
5 වන ස්ථානයේ දැක්වෙන්නේද 4 වන ස්ථානයේ ආකාරයේම news එකක් “Like” නොකර ඇති අවස්ථාවකි.
Facebook විසින් “Become a Fan” සමග “Like” එකට ඇනීමෙන් සිදුවූ එක් අපහසුතාවයකට උදාහරණයකි මෙය.


ඒකනම් ටිකක් අවුල් සහගත ප්‍රශ්නයක් තමයි. සමහරවිට ඒක මෙහෙමද දන්නේ නෑ? ඔයාගේ යාළුවා කරපු දෙයට ඔබ කැමතිනම් ඔබත් අනිවාර්යෙන් යාළුවා කරපු දෙයම කල යුතුයි කියා ෆේස්බූක් කට්ටිය හිතනවද දන්නේ නෑ. කෙසේ වෙතත් මං නම් හිතන්නේ වැඩියෙම ගැලපෙන්නේ “Become a Fan” තමයි.
අනික මම දැක්ක තව දෝෂයක් තමයි ෆෑන් පේජ් එකට කැමති අයගේ ලිස්ට් එක අපිට බලාගන්න බැරිවීම. "View All Fans" කියලා එක් එතන නෑ.
කොහොමහරි මේ දවස්වල ෆේස්බූක් කාට කාටත් කුමන හෝ ආකාරයට වද දෙන එකනම් නොරහසක්!
ස්තූතියි සහෝ මේ ගැන දැනුවත් කළාට!
Posted by Shiroshan Randika on April 23rd, 2010.
අනේ මන්දා මට නම් අලුත් එකට වඩ පරණ විදිය තමා හොද? මොකද නැතිනම් ඔක්කොම ටැපලෙනවා.. | හැබැයි මේ වෙනසත් එක්කම සමහරක් අයගේ profile වල public profile කියලා දාලා තියෙන ලින්ක් එක [in info tab] පැහැදිලි ආකාරයට ඒක බෙදා දැක්වීමත් වටිනවා
Posted by Dar[K] on April 23rd, 2010.
fb එකේ දැන් සිදුවන වෙනස්කම් කලින් තිබුණ ඒවා තරම් වැදගත්/වටිනා දේවල් නෙවෙයි.
Posted by මිත්ර on April 23rd, 2010.
ඔව් ඒක ඇත්ත. ඒක ගැටළුවක් තමයි. මං හිතන්නේ Facebook ලගදී කෙරුණු වෙනස් කම් සියල්ලම කලේ ලගදී ආපු ගූගල් බස්(Google Buzz) g g බයේ.
Posted by Anonymous on April 23rd, 2010.
Become a fan එකේ වරදක් මට නම් පේන්නෙ නෑ :/
Like කියන එකයි become a fan කියන එකයි තනිකර වෙනස්නෙ
Posted by තමීර on April 23rd, 2010.
@Shiroshan Randika:
සමහරවිට මේ අවුල්සහගත බව ඉදිරියේදී නැති වෙන්න පුළුවන්, දැනට ඔවුන් අළුත් අංග කිහිපයක්ම අඩවියට එක් කරමින් සිටින නිසා යම් යම් ගැටළු මතු වුනත්, ඒවාට පිළියම් යෙදීම ඔවුන් කරාවි යන්න මගේ විශ්වාසයයි.
@Dar[K]:
ඔවු… හොඳ ලක්‍ෂණත් කිහිපයක් දැනටම පෙනෙනවා.
@මිත්‍රයා:
එහෙමම කියන්නත් බැහැ. ඔවුන් තමන්ගේ සීමා මායිම් අඩවියෙන් පිටතටත් පුළුල් කරන්නයි හදන්නේ. ඒ ක්‍රියාවලිය අතරතුර යම් යම් ගැටළු මතුවීම ස්‍වාභාවිකයි.
@කසුන් නදීශන:
මම නම් හිතන්නේ නැහැ Facebook ට අභියෝග කරන්න පුළුවන් කියලා Google Buzz ට. මොකද දෙන්නා දෙපාරක නෙ යන්නෙ, social networking තුළ උනත්.
@තමීර:
මේකෙ පිටිපස්සෙ තියන අරමුණ තමයි Facebook Public Profiles හා Community Pages එක්ක තියන user interaction වැඩිකර ගැනීම.
උදාහරණයක් විදියට ඔන්න කාගෙහරි ඉස්කෝලෙක page එක තියනවා. මම ඒ ඉස්කෝලෙ නෙවෙයි. මම වැඩි සම්භාවිතාවයක් තියෙන්නෙ ඒකෙ Fan කෙනෙක් හෙවත් රසිකයෙක් වෙන්නද, එහෙම නැත්නම් ඒක Like කරන්නද?
අන්න ඒකයි මේ වචන හරඹේ පිටිපස්සේ තියෙන්නෙ.
@Ansh Lucky Sri Jay:
මම නම් පරණ එකට කැමතියි කියල එකක් නෑ, මොකද අපි අකමැති උනාය කියල සුකර්බර්ග් අයිය ඌ කරන වැඩ නවත්තනවයැ?
මම කියන්නේ කරන දෙයක් මේ වගේ පැටළිලි නැතුව කරානං හරිය කියලා.
@එච්. මාධව රංග:
මගේ ගිණුමේ නම් තවම ඒ පහසුකම් සක්‍රීය වෙලා නැහැ. පරීක්‍ෂා කරලම තමා අදහස් දක්වන්න වෙන්නේ.
Posted by budhajeewa on April 23rd, 2010.
අවුල් සහගත ප්‍රශ්නයක්..,
මට නම් පරණ විදිය තමා හොද..
Posted by Ansh Lucky Sri Jay on April 23rd, 2010.
අනිවාර්යයෙන්, ම්ටත් මේක ප්‍රශ්නයක් වෙයි කියල හිතුන.
තව දෙයක් තමා අපේ info ටැබ් එකේ තියෙන හැම එකකටම දැන් වෙනමම පේජ් එකක් දීලනෙ, ඒකත් පිස්සුවක්. ෆේස්බුක් තුළ නැති දේවල් වලටත් තියෙනව හිස් පිටුවක්, කිසිම තේරුමක් නැති දෙයක්.
Posted by එච්. මාධ on April 23rd, 2010.
ඔව් ඒක ඇත්ත වෙන්න පුළුවන් නමුත් කියන්න බෑනේ. ගූගල් සමාගම කියන්නේ අද ඊයේ ඉන්ටනෙට් එකට බැහැපු සමාගමයක් නෙමෙනේ. ඒක නිසා ඉදිරියේදී FB ක්ට ලොකුම අභයෝගය Buzz වලින් එල්ල වෙයි කියලයි මම හිතන්නේ.
Posted by Anonymous on April 24th, 2010.
@කසුන් නදීශන:
දැන් Google Buzz තියන විදිය අනුව නම් බෑ නෙ නේද?
Google Buzz නිකම්ම content sharing service එකක් උනාට Facebook තනිකර community එකක් රන් කරනව නෙ.
Posted by budhajeewa on April 24th, 2010.
අපොයි!!! දැන් තියෙන මට්ටමින් නම්, hi5 එකට වත් අභියෝගයක් නැතුව ඇති. බලමු, ඉදිරියෙදි යම් වෙනසක් උනොත්, තමයි බලාපොරොත්තුවක් වත් තියාගන්න වෙන්නේ…
මට හිතෙන්නේ නම් Shiroshan Randika කියපු කථාව තමයි ඔතන වෙන්නේ.. ""ඔයාගේ යාළුවා කරපු දෙයට ඔබ කැමතිනම් ඔබත් අනිවාර්යෙන් යාළුවා කරපු දෙයම කල යුතුයි කියා ෆේස්බූක් කට්ටිය හිතනවද දන්නේ නෑ""
කොහොම උනත් මේක නම් විකාරයක්ම තමයි… කිසිම පැහැදිලි පිලිවෙතක් නෑ.
Posted by maduonline on April 24th, 2010.
ඔව් ඔභ හරි. තාම google buzz ට දැන් තියෙන තත්වේ අනුව නම් බෑ.
ඒත් ඉදිරියට දියුනු වෙයි.
ගූගල්ගේ වැඩ කයන්න බෑනේ.:P කවුද හිතුවේ ගොඩක් දෙනා පාවිච්චි කරපු firefox ට කරට කර තරගයක් දෙන්න පුළුවන් web browser එකක් ගූගල් හදයි කියලා. Facebook ටත් ඒ වැඩේම වෙන්න පුළුවන්.
මේ මම කිව්වේ මට හිතුන එකක්
Posted by Anonymous on April 24th, 2010.
ඔව් ඔව්… ඒක ඇත්ත. මමත් firefox ඉදන් chrome වලට ආවා… දැන් ඒකෙම තමයි. හැබැයි මම නම් ආසයි Google එක්ක ජීවත් වෙන්න
Posted by maduonline on April 24th, 2010.
@budhajeewa
මගේ පුංචි මොළේට තේරෙන විදියට නම් ඉතින් ඕකට හොඳම විසඳුම Become a fan තියාගෙන Like option එකකුත් දාන එක :/
Posted by තමීර on April 24th, 2010.
බුද්දිජිව උබ මට විඩියෝ හදලා ටිවිටරේ දානවා කියලා එකෙක් කිව්වා
Posted by http://www.sinhalasi on April 24th, 2010.
@http://www.sinhalasindiya.co.cc/:
මම මේ වෙබ් සයිට් එකක් එක්ක කතා කරන පළවෙනි අවස්ථාව!
මම නම් කාගෙවත් වීඩියෝ ට්‍විටර් හෝ වෙන තැනකට දැම්මේ නැහැ.
ඔබ කවුද කියල කියන්න පුළුවන්ද?
මේ ප්‍රතිචාර දැක්වීමේ පහසුකම තිබෙන්නේ මෙහි පළකරන ලද ලිපියට අදාළව ඔබේ අදහස් දක්වන්නට පමණයි. වෙනත් කරුණක් සඳහා මා ඇමතීමට අවැසි නම් http://budhajeewa.com/ හි දක්වා ඇති ක්‍රමයක් භාවිතා කරන්න.
Posted by budhajeewa on April 25th, 2010.