අද උදේ සිට Facebook ගේ අළුත්ම නිෂ්පාදනයක් වන Facebook Lite තෝරාගත් පරිශීලකයන් පිරිසකට විවෘත කරලා තිබ්බා. මොකද මම දැක්කා කීපදෙනෙක්ම තමන්ට Facebook Lite වෙත http://lite.facebook.com ඔස්සේ යන්න බෑ කියනවා. ඒ අය ඒ ලිපිනයට යන්න උත්සාහ කළාම http://facebook.com/home.php වෙත යොමු වෙනවාලු. මගෙත් Facebook මිත්‍රයෝ සමහරෙකුට Lite වෙත යන්න ලැබිලා, සමහරෙකුට බෑ. Facebook කස්ටිය Lite වෙත යන්න හැකියාව ලබාදෙන්න ඕන අය තෝරගත්තේ කොහොමද කියලා දන්නේ නැහැ.
කොහොම වුනත් මුල් කාලේ කතාව ගියේ Facebook Lite පැමිණීමෙන් Twitter ට ගොඩක් ලොකු බලපෑමක් වෙයි කියල නේ? නමුත් Facebook Lite සතුව Twitter ට අභියෝග කිරීමේ හැකියාවක් තියනව කියල මට නම් පේන්නෙ නැහැ. මොකද, Facebook Lite කියන්නේ සාමාන්‍ය Facebook එකේ අනං මනං තොරං අයින් කරලා ඉක්මනට පූරණේ වෙන්න පුළුවන් විදියට හදපු අඩවියක් විතරයි. Dial-Up අන්‍තර්ජාල සබඳතා භාවිතා කරන අයට නම් Facebook Lite ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියනවා.
Twitter ට අභියෝග කරන්න ඕන නම් Facebook විසින් කරන්න ඕන Facebook Status Update එක වටා ප්‍රයෝජනවත් පහසුකම් ටිකක් එකතු කරලා සේවාවක් හදන එක status.facebook.com කියලා.
කස්ටිය කෑ ගහපු තරං පිපුරුමක් Facebook Lite නිසා සයිබර් ලෝකයේ සිදුවුනේ නැහැ.


මගෙත් Facebook Home එකට redirect වෙනවා..
PS: ඔය කියන ලයිට් එකේ Screen shot එකක් වත් දැම්මොත් නරකද? :/
Posted by GNS on September 11th, 2009.
නමුත් තාම කට්ටිය ජීවත් වෙන්නෙ Facebook වලනේ… කොහොම අතහරින්නද මන්ද…
Posted by අරුණ on September 11th, 2009.
වාසනාවටද අවාසනාවටද මන්දා.., මටනම් යන්න හම්බ උනා.
ඒත් බුධාජීව කිව්වා වගේ හිතන තරම් වෙනසක් දැනුනේ නම් නෑ.
නමුත් පුංචි පාළු ගතියක් නම් දැනුනා.
මේන්න මම එහිදී ලබා ගත් තිර රූප..,
මේ login panalඑක http://h.imagehost.org/0317/fbl02.jpg
මේ profile interface එක http://h.imagehost.org/0876/fbl01.jpg
Posted by LishWish on September 11th, 2009.
මගෙ නම් වැඩේ හොඳට යනවා.
http://www.facebook.com/photo.php?pid=3616602&…
Posted by Chrishi -- ක්&zw on September 11th, 2009.
ඕන්න අපිටත් වැඩ
Posted by සහන් on September 11th, 2009.
@GNS: හෙට වෙනකොට ඔබතුමාටත් හම්බවේවි. ඔන්න අපේ යාළුවො ටිකක් තිරපිටපත් දාලා.
@අරුණ: කොහොමත් ඉතිං Facebook වලම ජීවත් වෙන අයටනං Facebook Lite වලින් වැඩක් නෑ, මොකද ඒකෙ සම්පූර්ණ පහසුකම් නැහැ නේ.
@LishWish: ඔවු. Facebook Lite මොකට හැදුවද මන්‍දා. මම කලිනුත් කිවුව වගේ Dial-Up අයට නම් හොඳයි.
@Chrishi — ක්‍රිෂි: ඔවු වැඩ කරනවා. ඒත් ගිණුම් සැකසුම් වගේ කොටස් තාම වැඩ කරන්නෙ නෑ. ඒ ගිණුම් සැකසුම් සඳහා සාමාන්‍ය අඩවියට යන්න කියනවා.
@සහන්: නියමයි!
Posted by budhajeewa on September 11th, 2009.
මටත් Facebook Lite එකට යන්න පුඵවන්.. අත්තටම වෙනසකට තියෙන්නෙ Facebook එකේ වැඩ කෑලි ටිකක් අයින් කරල විතරයි.. වෙන කියන තරම් ලොකු වෙනසක් වෙලා නෑ..
Posted by KaniRockz on September 11th, 2009.
@KaniRockz: ඔවු ඇත්තටම!
Posted by budhajeewa on September 11th, 2009.
පේන විදිහට උන් Microsoft වගේම අධිපාත්‍ය පතුරුවන්න උත්සහායක්.
මට දුන්නේ නැත්තේ මම දාන්නේ තනිකරම twitter updates නිසා වෙන්නටැ.
Posted by -බිன்ku- on September 11th, 2009.
@-බිன்ku-: හික්ස්! වෙන්ටැ වෙන්ටැ!
Posted by budhajeewa on September 11th, 2009.
අනේ මන්ද මට නම් ඔය බුක් එක එච්චර අල්ලන්නේ නෑ..!
Posted by indika on September 12th, 2009.