ඕන්න Facebook – Twitter තරගයේ තවත් එක ඵලයක් භුක්‍ති විඳින්න Facebook පරිශීලකයන්ට දැන් පුළුවන්. ඒ තමයි අපේ Facebook Status Text එකේ අපේ මිතුරන්ව ටැග් කරන්න තියන හැකියාව.
කරන්න තියෙන්නේ Status Text එක ලියන්න පටන් අරගෙන “@” සලකුණ මුලට යොදා අපේ මිතුරාගේ නම ලියන්න පටන් ගන්න එකයි. එතකොට අපේ මිතුරන්ගේ නම් සහිත මෙනුවක් මතු වෙනවා. ආන්න එතනින් අපිට පුළුවන් අපේ මිතුරාගේ නම තෝරාගෙන අපේ Status Text එකේ එයාව ටැග් කරන්න.
මේ ටැග් කිරීම Status Text එකේ විතරක් නෙවෙයි, යාළුවෙක්ගේ Wall එකේ ලියන Wall Post එකක උනත් කරන්න පුළුවන්. ඒවගේම, මිතුරන් වගේම – ඒ කියන්නේ Personal Profiles වගේම – Public Profiles (පෙර “Facebook Pages”), Groups, Events වුනත් ටැග් කරන්න පුළුවන්.
හැබැයි පිංතූරයක ඉන්න අයව අන් අයට හඳුන්වා දීමට තියන පහසුකමක් වන Photo Tagging හැකියාව, තමන්ගේ විකාර – ළාමක ආතල් – ගොන් පාට් පිංතූර සඳහා අන් අයගේ අවධානය ලබා ගන්න, ඒ පිංතූරවල තමන්ගේ සියලු “මිතුරෝ” ටැග් කරන, අදාළ නැති Facebook Notes වල අනිත් අයගේ අවධානය ගන්න “මිතුරෝ” ටැග් කරන බූරු වහන්සේලා, තමන්ගේ Status Text එකට අවධානය ගන්න තමන්ට ඉන්න තරමක් “මිතුරෝ” ඒකේ ටැග් කරන්න පටං ගනීද කියන එකයි මට බය.


ඔව්… මළ විකාරයක් වෙයි මේක.
Posted by Anonymous on September 15th, 2009.
Comments වල tag කරන්න බෑ.. ඒක පාඩුවක් වගේම මේ ලිපිය පැත්තෙන් බැලුවොත් නම් වාසියක්..
Posted by GNS on September 15th, 2009.
@ශාකුන්තල: ඒ ඉතිං අපේ එවුංගෙ මානසික මට්ටම නේ. මොනා කරන්නද ඒවාට?
@GNS: මට තවත් දෝෂයක් අහු වුනා. Event එකක් ටැග් කරන්න පුළුවන් වුනාට, ඒ සබැඳිය වැරදියි. ක්ලික් කළාම කියනවා වැරදි ලිපිනයක් කියලා.
මම නං කියන්නේ හොඳට හෝ නරකට තාක්‍ෂණ හැකියාව 100%ක් උපරිමව හදන්න ඕන.
Posted by budhajeewa on September 15th, 2009.
කියාදුන්නාට ස්තූතියි.
Posted by රවිමල් on September 16th, 2009.
@රවිමල්: වෙල්කම් වේවා!
Posted by budhajeewa on September 16th, 2009.
මුන්ට කොපි කරන්නේ නැතිව ඉන්න බැරි හැටි! අඩුම තරමේ @ දාන්නේ නැතිවත්!
දැන් වෙස් පොතේ කණක් ඇහැක් බේරිලා ඉන්න බැරිත් වෙයි Photosවල Tag කරන වාතය මදිවට. ෙම් දවස්වල යන කාලකණ්ණි Application එකක් නිසා නිකං ඉන්නත් නෑ! පසුගියදාවක deactivate කොරපු Facebook ඒක Digsby එකේ Settings වෙනස් කොරේ නැතිවට ආපහු Activate වුණා නෙව! ෂික්!
Posted by -බිன்ku- on September 16th, 2009.
බොහෝම ස්තූති කියාදුන්නට……අපේ එවුන්ට ඔය වගේ දේවල් නිකන් මැජික් වගේ නිසා සිඟිති ආතල් ගන්නවා අනිවා…..හැබැයි ටික කාලේකින් එපා වෙන්නත් ඉඩ තියෙනවා…. බලමුකෝ මොනාද වෙන්නේ කියලා…
ආයි පාරක් තැන්කූ වේවා…..
Posted by මල්$han on September 16th, 2009.
@බින්කු,
"මුන්ට කොපි කරන්නේ නැතිව ඉන්න බැරි හැටි! අඩුම තරමේ @ දාන්නේ නැතිවත්! "
'@' එකට twitter එක පේටන්ට් අරං නෑ නේ?
හොඳ දෙයක් නං අනුකරණය කලාම මොකද?
Comment එක ටැග් කරන්න බැරි වීම නං අඩුවක්. ඒකත් ඉක්මනට ලැබේවි කියලා හිතනවා.
Posted by ප්‍රවී on September 16th, 2009.
@-බිன்ku-:
[said:-බිன்ku-]
මුන්ට කොපි කරන්නේ නැතිව ඉන්න බැරි හැටි! අඩුම තරමේ @ දාන්නේ නැතිවත්!
[/said]
අපි "@" සලකුණ ලියුවත්, අදාළ නම තෝරා ගත්තට පස්සේ ඒක අතුරුදහන් වෙනවා.
@මල්$han: ඔවු අපි බලමු මොකද වෙන්නේ කියලා.
@ප්‍රවීන් ඉන්ද්‍රනාම: මමත් හිතනවා අපිට Facebook වල ලියන්න පුළුවන් හැම තැනකම ඔය ටැග් කිරීමේ හැකියාව දෙනවනම් හොඳයි කියලා.
Posted by budhajeewa on September 17th, 2009.
ආ අයියා මේ ලිපිය ගොඩක් මට වැදගත් මොකද මම බ්ලොගේ තොරතුරු ෆේස්බුකියට දාන්න යනකොට ඒකට අදාල අය ටැග් කරන විදියක් මම හොය හොයා හිටියේ දැන් මම ඒක හොයාගත්තනේ ස්තූතියි අයියා මේ ලිපිය දැම්මාට. ගොඩක් අයට මේ ලිපිය වැදගත් වේවි
Posted by Anonymous on February 19th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: එළම තමා මලයෝ!
Posted by budhajeewa on February 19th, 2010.