දිනය: 2009.12.14.
වේලාව: පස්වරු 2.35.
ස්ථානය: මාතර සිට වැලිගම කරා ධාවනය වන බස් රථයක්.
චරිත: මම, නම නොදන්නා A නම් පොරක්.
—
A: මල්ලි!
මම : ම්?
A: මේ, PC House එක තියෙන්නෙ කොයි හරියෙද?
මම : කාලිදාස පාරෙ. ගාලුපාරෙන් හැරුනු ගමන්ම තියෙන්නේ PC House එක.
A: දන්නෙ නෑ මල්ලි පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද?
මම : ආ, හරි, අවුලක් නෑ.
A: මල්ලි!
මම : ම්?
A: මේ, Office CD එකක් ගන්න හොයන්නේ. PC House එකේ තියේද දන්නෙ නෑ නේ?
මම : PC House එකේ Office CD? ම්… දන්නෙ නං නෑ. මේ, license එකක්ද නැත්තං pirate එකක්ද?
A: license නෙවෙයි.
Share
මම : ආහ්, එහෙනං OpenOffice කියල එකක් තියනවා. සල්ලි ඕන නෑ, free. සයිට් එකෙන් බාගන්න පුළුවන්. OpenOffice.org.
A: අර තර්ටි ඩේ ට්‍රයල් වගේ එකක්ද?
මම : නෑ නෑ… සම්පූර්ණෙම්ම නිකං දෙන්නේ.
A: අරකෙ වගේ වැඩ කරන්න?
මම : ඕන එකක් කරන්න පුළුවන්.
A: මොකද්ද මල්ලි සයිට් එක කීවෙ? හොඳයි වගේ. ට්‍රයි කරල බලන්න ඕන.
මම : OpenOffice.org.
A: එළ එළ මල්ලි.
මම : ඔන්න ඔතන ඉස්සරහිං බැස්සනං හරි.
A: තැංකූ මල්ලි!


සැහ්, මෙයා මාරයිනෙ!
Aට කොහොමත් ඔය කඩවලින් ms office නම් හොයාගන්න බැරිවෙන්න ඇති. දැන් කොහෙවත් විකුණන්න නැහැනෙ.
Posted by තමීර on December 15th, 2009.
හික් හික්.., එළ එළ Ubuntu කියලා එකකුත් තියෙනව කියන්න එපායැ
Posted by Thilina on December 15th, 2009.
@තමීර: අප්පටසිරි, මම ඕකත් කිවුවා. කොහෙද, මේක ලියනකොට මතක් වුනේ නෑ නෙ.
@Thilina: වෙලාව තිබ්බ නං කියනවා, ඒත් මෑන්ස්ට බහින්න ඕන වුනු තැනට එච්චර දුර නෑ, ඒ නිසා ඔය ටික විතරයි කියන්න උනේ.
Posted by budhajeewa on December 15th, 2009.
A , Open office walatama maru kalane…ela ela…
Posted by දර්ශන on December 15th, 2009.
wow…niyamai..another one to the free world..
Posted by januka on December 15th, 2009.
@දර්ශන: Nae nae, mans eyage MS Office CD eka hoyagena gia.
@januka: Not sure. I don't know whether he'd give a try on OpenOffice.
Posted by budhajeewa on December 15th, 2009.
ow ekanam atta..lankawe foss wadiya yanne natte mehe thamat aduwata commercial (hora) soft tiyana nisa.. win 7 rs 100 tiyeddi kawda ubuntu walata yanne.. ane manda..ekata narakak kiyannat ba..
Posted by januka on December 15th, 2009.
ඒක නම් නියමයි.. ඔහොම ටික ටික හරි අපේ කට්ටිය FOSS වලට හැරෙවුව නම්.. ලංකාවෛත් ලඟදිම ගොඩක් අය නිදහස් මෘදුකාංග භාවිතයට පුරැදු වේවි.
Posted by KaniRockz on December 15th, 2009.
බුධාජීව මහත්මයා මාතර පැත්තේ එක්කෙනෙක් වගේ. මාත් මාතර. දවසක අපි ඇබුල් තියල් මාළු එක්ක උන්බුටු ගැන කතා කොරොමු නේද අප්පා….
Posted by Kasun on December 15th, 2009.
@januka: Eththa ban. Podi kaale indala purudu vunu deval aduvata thiyanakota, risk ekak aran FOSS use karanna kattiya kemathi nae ne?
@KaniRockz: ඔවු. අපි පෞද්ගලිකව එකා දෙන්න හරි මේකට ගන්න බලමු.
@Kasun: එළේල! කතා කොරමු කතා කොරමු!!
Posted by budhajeewa on December 15th, 2009.
මමත් ඔය වගේ උබුන්ටු CD එකක් හොයන්න දවසක්ම මුලු ටවුමෙම ඇවිද්දා. ඒත් හොයාගන්න බැරි වුනා. හැම තැනින්ම කිවුවේ "නෑ මල්ලී" කියලා. මට unlimited අන්තර්ජාල සම්බන්ධතාවයක් නැති නිසා ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නෑ. තැපෑලේ ගෙන්වා ගන්නත් මාස කියක් යයිද කියල කවුද දන්නේ !
ඇත්තටම වින්ඩෝස් අයින් කරල උබුන්ටු දාන්නනම් අදහසක් නෑ. හදිස්සියකට live CD එක Run කරල වැඩක් කරගන්න තමයි (මගේ අනියම් OS එක වශයෙන්). "වැඩක් ගන්නැත්නම් තැපෑලෙන් ගෙන්වන එපා" කියල හැම තැනම තියන නිසා තෑපෑලෙන් ගෙන්වා ගන්න බෑ කියල හිතුනා. ඒ වුනාට උබුන්ටු අත්හදා බැලීමට ඇති බලවත් ආශාව සන්සිඳුවා ගැනීමට නොහැකි වූ නිසා, වෙන විකල්පයක් නැති බැවින් තෑපෑලෙන් ගෙන්වා ගන්න ඉල්ලුම්කරා.
කඩේ රුපියල් 50 ට 100 ට වගේ විකුනන්න තිබ්බනම් ලේසී නේ . උන රස්තියාදුවේ හැටියට 200 ට විකුනුවත් පාඩු නෑ.
open office ත් ගන්න ආසාවක් තියනව, ඒත් ඉතින් කොහෙන්ද ගන්නේ???
Posted by Anonymous on December 15th, 2009.
@වෙනත් A කෙනෙක්: අපි එහෙම ගෙන්වන්න එපා කීවේ, සමහරු ෂෝ එකටත් එක්ක CD තොග ගණන් ගෙන්වන එකටයි. ඒ අයත් මේච්චර වියදම් කරලා CD එක නිකම්ම ගෙදරටත් එවන එකේ අපිත් අවංක වෙන්න එපැයි.
එහෙම ගෙන්න ගන්න නම් මාස ගණනක් යන්නෙ නැහැ. සති තුන හතරක් ඇතුලත ගෙදරට එවනවා. ඉල්ලන්නේ එක CD එකක් නම් ඊටත් ඉක්මන්.
Posted by budhajeewa on December 15th, 2009.
මට උබුන්ටු සීඩී එකක් සති දෙකකින් ලැබුනා
Posted by geethika on December 15th, 2009.
@geethika: ඔවු. එක CD එකක් පමණක් ඉල්ලුවොත් ඒක ඉක්මනින් එනවා.
Posted by budhajeewa on December 15th, 2009.
@budhajeewa & geethika
මගෙ අතින් වැරදි තොරතුරක් ඉදිරිපත් උනානම් සමාවෙන්න !
Posted by Anonymous on December 15th, 2009.
@වෙනත් A කෙනෙක්: නෑ නෑ, ඔබේ තොරතුරු වැරදි නෑ. සංයුක්ත තැටි එකකට වඩා ඉල්ලුවොත් සති දෙකකට වඩා අධික කාලයක් – සති තුන හතරක් පමණ – යනවා. ඒක ඇත්ත.
Posted by budhajeewa on December 15th, 2009.
මේකයි අපි දැන් සංකීර්ණ ප්ලෑන් වලමෙ පුරුදු වෙලා. සිම්පල් ප්ලෑන් එකකට මාරු වෙන්න අමාරුයි.
Posted by vidura on December 15th, 2009.
@vidura: එහෙම කියල හරියන්නෙ නෑ, අලුත් ඒවට පුරුදු වෙන්න ඕන!
Posted by budhajeewa on December 15th, 2009.
Sun Micro inc එකට නම් අහුවෙන්ඩ එපා.
සම්මානයක් දෙයි
Posted by Gayan Kalhara on December 16th, 2009.
@Gayan Kalhara: හෙහෙ… ඒක තමයි. මං මේ දවස් වල හරි පරිස්සමෙන් එළියට බහින්නේ!
Posted by budhajeewa on December 16th, 2009.
ජොලි වැඩේ කරල තියෙන්නේ…….
Posted by Anonymous on December 24th, 2009.
@සිතිජ සහන්: නැත්තං!
Posted by budhajeewa on December 24th, 2009.