GNOME පාරිසරිකය මත KDE පාරිසරිකය සඳහා සැකසූ මෘදුකාංග කිසිදු අපහසුවකින් තොරව ධාවනය කරන්න පුළුවන්. නමුත් මට එක් ගැටළුවකට මුහුණ දෙන්න වුනා. ඒතමයි Ubuntu 9.10 සංස්කරණයේ සිට පෙරනිමි Input Method Chooser එක වන IBus ඒ මත ස්ථාපනය කරන ලද KDE පාරිසරිකය සඳහා වන වැඩසටහන් මත ක්‍රියා නොකිරීම.
පහත දැක්වෙන පියවර භාවිතයෙන් KDE මෘදුකාංග සඳහාත් IBus සක්‍රීය කරගන්න පුළුවන්.
1. “ibus-qt4″ පැකේජය ස්ථාපනය කරගන්න.
sudo apt-get install ibus-qt4
2. ඔබගේ නිවස්න නාමාවලියට ගොස් එහි ඇති “.bashrc” ගොනුව විවෘත කර එහි ඇති
“export QT_IM_MODULE=ibus”
පේලිය
“export QT_IM_MODULE=ibus-qt4″
ලෙස වෙනස් කරන්න. එනම් එහි අගට “-qt4″ යන්න එක් කරන්න.
3. ලොග් අවුට් වී නැවත ලොගින් වෙන්න.


හික්… එළ එළ… දැං ඉතිං ආපස්සට (SCIM වලට) යන්න ඕන නැහැ නේ
Posted by Chathura W on January 5th, 2010.
@Chathura W: ඒකනේ මම කිවුවේ!
Posted by budhajeewa on January 5th, 2010.
Ibus වල මෙහෙම ප්‍රශ්නයක් තියෙනව කියල දැනං හිටියෙ නැහැනෙ. මගේ නම් මේ මොකුත් නොකර kde apps වල සිංහල වැඩ! :O
Posted by තමීර on January 6th, 2010.
@තමීර: අනේ මන්දා! මේ, මේ එරර්ස් එන්නෙ හොඳ මැසින්වල විතරලු, ඒකයි!
Posted by budhajeewa on January 8th, 2010.