Gnome හි Nautilus හි රයිට් ක්ලික් මෙනුවට Open as root විකල්පයක් එක් කරමු?

Gnome පාරිසරිකයේදී Nautilus මගින් අපිට යම් බහාලුමක් මූල භාවිතාකරු වශයෙන් විවෘතකරගන්න අවැසි උනාම මොකද කරන්නේ? Alr+F2 වලින් එන Run සංවාද කොටුවේ හෝ ටර්මිනලයක gksu nautilus කියල ගහනවද? ඒ වෙනුවට කෙටි ක්‍රමයක හදාගන්න හැටියි දැන් කියන්නේ.

පියවර 1:
ඔබේ නිවස්න බහාලුමට යන්න.

Share

පියවර 2:
එහි ඇති .gnome2 බහාලුම තුළට ද, ඒ තුළ ඇති nautilus-scripts බහාලුමටද යන්න.

එවැන්නක් දිස් නොවේ නම්, Nautilus හි View මෙනුවෙන් Show Hidden Files යන්න තෝරාගන්න.

පියවර 3:
nautilus-scripts බහාලුම තුළ රයිට්-ක්ලික් කොට මතුවන මෙනුවෙන් Create Document -> Empty File තෝරා ගන්න.

පියවර 4:
තැනෙන ගොනුව “Open as root” ලෙස ප්‍රතිනම් කරන්න.

පියවර 5:
එම ගොනුව පෙළ සකසනයක් මගින් විවරකොට ඒ තුලට

for uri in $NAUTILUS_SCRIPT_SELECTED_URIS; do

gksudo “gnome-open $uri” &

done

යන පෙළවල් කිහිපය ඇතුලත් කොට සුරකින්න.

පියවර 6:
එම ගොනුව මත රයිට් ක්ලික් කොට මතු වන මෙනුවෙන් Properties තෝරාගන්න.

පියවර 7:
මතුවන සංවාද කොටුවේ Permissions ටැබයේ ඇති Allow executing file as program කොටුව සලකුණු කරන්න.

පියවර 8:
පරිගණකය ප්‍රති-පණගන්වන්න.

ප්‍රතිඵලය:

6 comments.

  1. ඕක උබුන්ටුහි උබුන්ටු ටුවීක් සමග එන ස්කිරිප්ට් ගොනුවේ තිබෙනු මා දැක තිබේ

  2. තැන්කූ තැන්කූ, ඕක මාර වටිනවා.
    ISO image ලේසියෙන් mount කරන්නත් script දාගන්න පුළුවන්. විස්තර මෙතන ( http://www.ubuntugeek.com/mount-and-unmout-iso-im… ) තියෙනවා

  3. සරලයි. සුගමයි.

    හැබැයි…. no need to restart the system… just restart the x-server. Ctrl+Alt+Backspace (or logout and login again — not sure).

  4. @ශාකුන්තල
    ඔව් log out වෙලා login වුණාම ඇති

  5. sudo apt-get install nautilus-gksu

    or

    Click here

    simple :D

  6. @චතුර,
    ඒ වුණාට මේ වගේ 'මජං' වැඩ දැනගෙන ඉන්න එක වටිනවා.

Post a comment.