මේ දවස්වල එක දිගටම සෙවුම් යන්‍ත්‍ර වල වෙනස් කම් කීපයක් සිදුවුනා. බිල් අයියා එයාගෙ දහ පහළොස් පාරක් නම වෙනස් කරපු කසිකබල් සර්ච් කරත්තේ (එන්ජිම නොවේ!) නම තව පාරක් වෙනස් කළා. Yahoo! ත් පෙනුම වෙනස් කළා. Facebook එකේ සෙවුමට දැන් මුළු වෙබයම හොයන්න පුළුවන් (හැබැයි අර බිල් අයියගෙ සර්ච් කරත්තේ පිහිටෙං!). ඔන්න ඔය වගේ එක එක වෙනස් කම්.
ඒ අතරින් අළුත්ම වෙනස් කම තමයි Google දැන් ලොකු වෙලා! බොරු නං ගිහින් බලන්න Google අඩවියට. ඒකෙ තියන සෙවුම් පෙළ කොටුව දිගින් වැඩි කරලා, අකුරු විශාලත්‍වය වැඩි කරලා.

Google මෙච්චර දවස් කීවේ ලෝකේ තියෙන්න පුළුවන් හොඳම සෙවුම් පෙළ කොටුව තමයි සෙවුම් බොත්තම් දෙකක් තියන පෙළ කොටුව කියලා. නමුත් දැන් ඒ අය කියන්නේ තියෙන්න පළුවන් හොඳම සෙවුම් පෙළ කොටුව තමයි, සෙවුම් බොත්තම් දෙකක් සමග වඩා විශාල පෙළ කොටුවක් තියන එක කියලා!
Google සෙවුම් යන්‍ත්‍රයේ මේ අළුත් වීමට හේතුව දැනගන්න මම ලියපු “Google Caffeine” කියන සටහන කියවන්න.


මම ඉස්සෙල්ලාම දැක්කාම හිතුවේ පේජ් එක මගෙ අතින් සූම් වෙලා කියලා ටිකක් වෙලා යද්දි තමා සෙන්ටර්ස් උනෙ මේ මගුල ලොකු කරලා කියලා
කලින් තිබ්බ විදිය හොදයි වගේ මේක ලොකු උනා කියලා වෙනසක් ඇත්තෙමත් නැනේ
Posted by Anonymous on September 10th, 2009.
Yahoo search කියන්නේ Bing (Microsoft) ම තමයි
මටනම් දැන් google page එකට ගිහින් search කරපු කාලයක් මතක නෑ, දැන් අපි Chrome නිස ඔකොම addressbar එකේ තමයි.
Posted by කාලිංග on September 10th, 2009.
[...] මීට කලින් සටහනේ මම ලිවුවේ Google සෙවුම් යන්‍ත්‍රයේ පෙනුම ළඟදී අළුත් වුනු එක ගැන. ඒ වෙනස් වීමට හේතුව මම ඒ සටහනේ නොලිව්වේ, ඒක වෙනමම සටහනක් තැබිය යුතු මාතෘකාවක් නිසා. ඒ සටහනේ තිබුනු අළුත් වීම් වලට හේතුව තමයි Google විසින් මේ දවස් වල ක්‍රියාත්‍මක කරන Google Caffeine කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය එළිදැක්වීම සඳහා සූදානමක් විදියට තමයි Google සෙවුම් යන්‍ත්‍රයේ මුහුණුවර වෙනස් වුනේ. [...]
Posted by බුධාජීවගේ ලියමන | Google Caffeine on September 10th, 2009.
ගුගල් කොටුව නම් වැඩක් නෑ. වෙන මොනවද දන්නෑ වෙනස් කරල තියෙන්නෙ…….. වෙන වෙනසක් පේන්නත් නෑ
Posted by ushan on September 10th, 2009.
@මනුශාන්,Ushan: පෙනුම වෙනස් කරලා තියෙන්නේ හේතුවක් ඇතිව. මෙන්න මේ සටහන කියවන්න: http://blog.budhajeewa.com/?p=275
@කාලිංග: ඇත්ත නේන්නං, බිල් මාමා Yahoo! එකත් ගත්තා නෙවද?
OpenDNS පාවිච්චි කරන අපිට නං එඩ්‍රස් බාර් එකෙන් සර්ච් කරනවා බොරු. මොකක් හරි ගහපු ගමං කඩාගෙන බිඳගෙන OpenDNS ලාගේ සෙවුම් ප්‍රතිඵල පිටුවකට යනවා. එතෙනදී සෙවුම් ප්‍රතිඵල එන්නේ Yahoo! db එකෙන්. ඒ නිසා මම නං සර්ච් කරන්නේ Firefox search box එකෙන්.
Posted by budhajeewa on September 10th, 2009.
@budhajeewa
Chrome වල OpenDNS ගැටලුව නෑ
Posted by කාලිංග on September 10th, 2009.
@කාලිංග: ඒ කොහොමද එහෙම උනේ? :O
Posted by budhajeewa on September 10th, 2009.
@budhajeewa
Chrome අනුගමනය කරනේ Firefox අනුගමනය කරන විදිය නොවෙයි.
DNS යොඅදාගෙන තමයි Firefox වැඩ කරනේ, නමුත් Chrome වලදී වචන හා domain වෙනම හදුනාගැනීමේ හැකියාවක් තිවෙනවා, DNS මත පමණක් යැපෙන්නේ නෑ.
Posted by කාලිංග on September 10th, 2009.
@කාලිංග: හරි මට තේරුනා ක්‍රමේ.
Posted by budhajeewa on September 10th, 2009.
@budhajeewa
මම කිව්වේ ඒක නෙමේ ඔය ගුනාත්මක බව වැඩිකරන්න එක එක කැලි ලොකු කරන්න ඔනෙ ඈ
දැන්නම් නම් පේන විදියට ලොකු කරපු ඒවා අයෙත් තිබ්බ විදියටම වෙනස් කරලා
Posted by Anonymous on September 11th, 2009.
@මනුශාන්:
[said:මනුශාන්]මම කිව්වේ ඒක නෙමේ ඔය ගුනාත්මක බව වැඩිකරන්න එක එක කැලි ලොකු කරන්න ඔනෙ ඈ[/said]
ඒක ලොකු කරන්නෙ ගුණාත්මේ වැඩි කොරන්න නෙමෙයි බං. යටිතලේ වෙනස් වෙන එක අපිට පේන්නෙ නෑ නෙ පැහැදිළිව, ඉතිං වෙනසක් තියන බව පරිශීලකයන්ට “දැනෙන්න” වෙන්නැති ලොකු කළේ.
[said:මනුශාන්]දැන්නම් නම් පේන විදියට ලොකු කරපු ඒවා අයෙත් තිබ්බ විදියටම වෙනස් කරලා[/said]
ඇයි බං ඔය යස අගේට තියෙන්නෙ ? :O
Posted by budhajeewa on September 11th, 2009.
Podi podi deewalne !!!
Posted by amila on September 26th, 2009.
ආ මම මේ වෙනස දැක්ක දවසේ Firefox වල Size වෙනස් වෙලා කියලා හිතාගෙන Firefox වල View ගිහිල්ලා Zoom ගිහිල්ලා Reset ඔබලා බැලුවා ඒත් වැඩක් වුණේ නෑ. ටික ටික මට තේරුනා මේ වෙනස Google වලින්ම කරපු එකක් කියලා. දැන් ඉතින් ඒක හොඳටම ෂුවර්. ස්තූතියි අයියා මට මේක ගැන කියාදුන්නාට(මට විතරක් නෙමෙයි අනිත් කස්ටියටත්)
@amila: පොඩි පොඩි දේවල් වෙන්නේ කොහොමද මේවා. ගොඩක් කම්පීටර් පොරවල් නම තියාගෙන හිටියට ගොඩක් වෙලාවට ඒ කස්ටිය දන්නේ නැත්තේ මේ වගේ පොඩි පොඩි දේවල් තමා මම ඒක අත්දැකීමෙන් දැකලා තියෙනවා. මගේ මතය තමයි මේවා ගොඩක් වැදගත් ලිපි….
Posted by Anonymous on February 19th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: වෙල්කම් වේවා!
Posted by budhajeewa on February 19th, 2010.
[...] මීට කලින් සටහනේ මම ලිවුවේ Google සෙවුම් යන්‍ත්‍රයේ පෙනුම ළඟදී අළුත් වුනු එක ගැන. ඒ වෙනස් වීමට හේතුව මම ඒ සටහනේ නොලිව්වේ, ඒක වෙනමම සටහනක් තැබිය යුතු මාතෘකාවක් නිසා. ඒ සටහනේ තිබුනු අළුත් වීම් වලට හේතුව තමයි Google විසින් මේ දවස් වල ක්‍රියාත්‍මක කරන Google Caffeine කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය එළිදැක්වීම සඳහා සූදානමක් විදියට තමයි Google සෙවුම් යන්‍ත්‍රයේ මුහුණුවර වෙනස් වුනේ. [...]
Posted by Google Caffeine | Budhajeewa's Blog on December 10th, 2010.