Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී…


Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී...Google ගේ නවතම සමාජ ජාලයක් නිර්මාණය කිරීමේ උත්සාහය වන Google+ මේ වන විට එම ක්‍ෂේත්‍රයේ දැවැන්තයා වන Facebook ට අභියෝගයක් එල්ළකරන එකක් බවයි ‍බොහෝ දෙනාගේ අදහස. නමුත් මගේ අදහස නම් ඔවුන් දෙදෙනා යන්නේ එකම දිශාවකටද වුවත්, ගමනේ ගමනාන්තයක් නැති නිසාත් දෙදෙනා යන්නේ වෙන වෙනම මාර්ග දෙකක නිසාත් මොවුන් එකිනෙකාට තර්ජනයක් නොවී – සහයෝගය කෙසේ වෙතත් – එකම අඩවියේ සුව සේ වාසය කරන්නට මොවුන් දෙදෙනාටම හැකියාව ඇති බවයි.

මගේ ඒ අදහසේ ප්‍රධාන හේතුසාධකය තමයි මම ඉහතින් දක්වලා තිබෙන විදියට මොවුන් දෙදෙනා එකම දිශාවකට වුවත් මාර්ග දෙකක යාම. මුලින් බලන විට අපට පෙනෙන්නේ මොවුන් දෙදෙනාම තරග කරන්නේ එකම ක්‍ෂේත්‍රයක, මොවුන් දෙදෙනාගේම ඉලක්කගත පරිශීලකයන් පිරිස එකමයි. ඉතින් කොහොමද මොවුන් දෙදෙනා මාර්ග දෙකක යනවාය කියන්නේ?

Facebook යනු මිතුරු පාදක සමාජ ජාලයකි.

අපේ සමහරු කොහොම Facebook පාවිච්චි කළත්, එය නිර්මාණය වෙලා තියෙන්නේ අපි දැනටමත් සත්‍ය ජීවිතයේදී දන්නා සහ මාර්ගගත ජීවිතයේ වුවත් හොඳම විශ්වාසයක් ඇති මිතුරන් සමග එකී මිත්‍රත්වය දුරස්ථව පිහිටීමක සිට වුවද තවදුරටත් පවත්වාගෙන යාමට උදවු දීම සඳහා. මා පෙරදී ලියූ “[Advice] Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them” ලිපියේ පැහැදිළි කළ අන්දමට ඇතමුන් කරන්නාක්මෙන් “මිතුරන් සොයාගැනීම”  සඳහා නිර්මිත සේවාවක් නොවේ Facebook යන්න.

Facebook විසින් ලබාදෙන Photo Albums, Wall, Notes, Groups, Events, Pages ආදී මෙකී නොකී සේවාවන් සියල්ලම තිබෙන්නේ පෙර කියූ දන්නා හඳුනන මිතුරන් සමග මිත්‍රත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන තොරතුරු හුවමාරු කරගැනීම සඳහා. ඔබ Facebook හිදී සම්බන්ධ වන්නේ දැනටමත් දන්නා විශ්වාසීන් සමග වීම නිසයි බොහොමයක් ඔබේ පෞද්ගලික තොරතුරු ඔබේ ප්‍රොෆයිලය වෙත ඇතුලත් කිරීමට ඔවුන් ඉඩකඩ ලබා දෙන්නේ.

යමෙක් තවෙකෙකුට “Friend Request” එකක් යැවීමෙන් පසු ලබන්නා එය අනුමත කරන තෙක් Facebook නැවතී බලා සිටිනවා යැවූ තැනැත්තාට ලබන්නාගේ ප්‍රොෆයිලයේ වැඩිමනත් තොරතුරු දර්ශනය කිරීම සඳහා.

Google+ යනු අන්තර්ගත පාදක සමාජ ජාලයකි.

මුලින් සමාජ ජාලය ආරම්භ කර පසුව තොරතුරු හුවමාරු පහසුකම් ඒ වෙත එක් කළ Facebook මෙන් නොව, Google සතුව පුළුල් වපසරියක පැතිරෙන තොරතුරු හුවමාරු සේවා සමූහයක් කළෙක පටන් තිබුනා. උදාහරණයක් විදියට Blogger, Picasa (මේ දෙකම Google+ ව්‍යාපෘතිය යටතේ පිළිවෙලින් Google Blogs හා Google Photos ලෙස ප්‍රතිනම් කිරීමට නියමිතයි.), GMail හා Buzz දක්වන්නට පුළුවන්. අසාර්ථක ව්‍යාපෘතියක් වූ Google Waveගේ තත්කාලීන යාවත්කාලකෙරුම්ද Google+ හිදී දැකගන්නට පුළුවන්. 

Google+ යන්න තනි වාක්‍යයකින් හඳුන්වනවා නම් “දැනටම පවත්නා Google සේවාවන් මතට සමාජ ජාල ස්ථරයක් එක් කිරීම.” ලෙස දක්වන්නට පුළුවන්.

එතනදී ඕනෑම කෙනෙකුට ඔබව ඔවුන්ගේ Circles වෙත ඇතුලත් කරගන්නට පුළුවන්. ඔබේ අනුමැතිය එනතෙක් ඔවුන්ට බලා සිටීමට සිදු වන්නේ නැහැ. එය පරිශීලකයන් සම්බන්ධ කිරීම පිළිබඳව Twitter අනුගමනට කරන පියවරට සමානයි. හේතුව තමයි Google+ තුලින් ඔබගේ අතිශය පෞද්ගලික තොරතුරු හුවමාරු කිරීමට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. Google Photos වෙත ඔබේ පෞද්ගලික පින්තූර එකතුවක් සැකසුවත් එය ඔබට, තෝරාගත් Circles වලට හෝ තෝරාගත් මිතුරන්ට පමණක් පෙනෙන පරිදි සකස් කර ඔවුන්ටත් එය බෙදාහදාගැනීමේ හැකියාව (Sharing) නැති කරන්නට පුළුවන්. පෞද්ගලිකව මම නම් බොහෝ දුරට Google+ හරහා හුවමාරු කරන්නේ Public – එනම් Google+ හි සියළුම පරිශිලකයන්හට – මට්ටමේ පෙනෙන පරිදි හුවමාරු කළ හැකි තොරතුරු පමණයි. පරිශීලකයන්ට Twitter හි කටයුතු කරනවාක් මෙන්ම නිදහසේ Google+ හි කටයුතු කරන්නට පුළුවන්. 

ඉතින් මෙන්න මේ කාරණය නිසායි Facebook සහ Google+ එකම දිශාවට වුවත් මාර්ග දෙකක යනවාය, ඒ නිසා දෙන්නාට “අයියා මල්ලී වාගේ” ඉන්න පුළුවන්ය කියා මා කියන්නේ. ඔබේ අදහසත් දක්වන්න අමතක කරන්න එපා!


18 responses to “Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී…”

  1. Google + පටන් ගත්ත විතරයි. ඉස්සරහට අනිවා ගොඩක් වැඩ කෑලි මේකට එකතු වේවි. කට්ටිය තමන්ගෙ කාලයෙන් කොටසක් Google + වල ගත කරන කොට Facebook එකේ ගත කරන කාලය අඩුවෙනව. ඒ කියන්නෙ Facebook adsවලට (ඔවුන්ගෙ ප්‍රධාන ආදායම් මාර්ගය) ක්ලික් අඩු වෙනව. ඒක නිසා දෙන්න අතරෙ තරගයක් අනිවාර්යයෙන් තියෙනව.

    • අනිවාර්යයෙන් තවත් වැඩ කෑලි එකතු වේවි. හැබැයි පරිශීලකයන් සම්බන්ධ කරන විදිය, circles වල භාවිතය වගේ ප්‍රධාන ලක්‍ෂණ වලට වෙනසක් වෙන එකක් නෑ නේ. ඒ වගේම Facebook friendship-based social network එකක් කියන එක වෙනසක් වෙන එකකුත් නෑ නේ.

      ඉතිං මිනිස්සු මේ දෙක වෙන් කරන රේඛාව හඳුනාගෙන, ගැළපෙන පරිදි මේවා භාවිතා කළොත් ඒ ඒ සමාජ ජාලයන්හි වන අක්‍රමිකතාත් බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන් (උදා: බ්ලොග් එක ප්‍රචලිත කරගන්න කියලා ඉන්න තරමක් මිනිස්සු සමග Facebook ‍friendships ඇති කරගන්න එක නවත්තලා, ඒ සඳහා Google+ භාවිතා කරන්න දැං කස්ටියට පුළුවං.).

      මම හිතන්නෙ නෑ කිසිම කෙනෙක් Google+ ආපු පළියට Facebook අතෑරල දාල මේකට කඩාගෙන බිඳගෙන එයි කියලා, ඒ නිසා දැන්ම Facebookලාට ආදායම් මාර්ග වල ප්‍රශ්නයක් එන එකක් නෑ. ඒ වගේම Googleලා මේක කරනකං ඒ කස්ටිය නිකං ඉන්න එකක් නෑ නෙ, උනුත් මොනාහරි හදාවි අලුත් භාණ්ඩ‍.

      තරගයක් තියන එක කාටත් හොඳයි නෙ.

  2. ලංකාවේ වැඩීම දෙනෙක් Facebook පාවිච්චි කරන්නේ හුගක්ම චැට් කරන්න. විශේෂයෙන්ම ගෑණු ළමයි එක්ක 🙂 පැය ගනන් දවස පුරාම චැට් කර කර ඉන්න අය මම ඔනතරම් දැකල තියනව. Facebook එක ඒක හදපු අරමුණ වෙනුවෙන් පාවිච්චි කරන අය ඉන්නෙ කී දෙනාද ? Twitter එකේ චැට් කරන්න බෑ නේ. ඒකෙ ලන්කාවෙ කී දෙනාද ඉන්නෙ?(Facebook එකට සාපේක්ෂව ) ඉතින් ගූගල්+ වෙත කී දෙනෙක් සක්‍රීයව යොමු වේද කියල මට නම් සැකයි.. කෙසේ වෙතත් මරු post එක..!

    • ඒකෙත් ඇත්තක් තියනෝ ‍නේන්නං. අපේ ඈයො කවද්ද හදපු ඈයො බලාපොරොත්තු උනු විදියට වැඩක් කලේ? වැඩිය ඕන නෑ ඉස්කෝලෙක පංති කාමරේකට ගිහිං බලන්න පුටුම කොච්චර මොඩිෆයි කරලද කියලා. චැට් කරන්න ඕන නං GTalk වල කරපල්ලකො (මම වගේ 😉 , Facebook වල මම offline mode දාල නොව තියෙන්නේ.)

      ‍ටිකක් කල් ගිහිල්ල හරි Facebook දැලි පිහියෙං කිරි කන්නෙ කොහොමද කියල අපේ අය ඉගන ගත්තොත් හොඳා.

  3. හපොයි ! මට ඔය දෙකම එපා….. [දැං ඉතිං බැනහංකො ප්‍රතිගාමියා කියල !]

    • ප්‍රති ගාමිණී!

      ඔන්න කියන්නෙයි කියල කියපු නිසාම කීවා. ඇත්තටම කවදැයි නවම් අයියා නම වෙනස් කොලේ? පත්තරේ දැම්මය?

      බෑයි කියල බෑ නොවැ, ඔන්න ඔහේ සැට්වෙන්ඩ. 😀

  4. හැබැයි ඉතින් ට්විට්ටර් ස්ටයිල් එකට කැමති අය නම් දැනටමත් ගූගල් එක්ක එකතු වෙලා වගේ…

    • ඒක ඇත්ත. අනවශ්‍ය තොරතුරු පිටට යයි කියල බය වෙන්නෙ නැතිව අඳුරන අයයි තමන් කැමති වර්ගයේ content නිතර නිතර share කරන අයයි එක්ක සම්බන්ධවෙන්න Google+ එක්ක ලේසියෙං පුළුවන් නේ.

  5. වැදගත් ලිපියක් මල්ලි. හොඳින් විශ්ලේෂනය කරලා තියනවා.ඒත් අපේ රටේ කස්ටිය ගොඩක් වෙලාවට ඒ සේවාවන් ආරම්භල අරමුන අමතක කරලා කස්ටමයිස් අරමුණක නෙ යන්න බලන්නේ.. XD

    • ඒකත් හොඳ හැකියාවක් හැබැයි. ඒ උනාට "කෑවෝ කෑවෝ!" කියල පස්සෙ කෑගන එක තමයි අවුල. 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *