මීට කලින් සටහනේ මම ලිවුවේ Google සෙවුම් යන්‍ත්‍රයේ පෙනුම ළඟදී අළුත් වුනු එක ගැන. ඒ වෙනස් වීමට හේතුව මම ඒ සටහනේ නොලිව්වේ, ඒක වෙනමම සටහනක් තැබිය යුතු මාතෘකාවක් නිසා. ඒ සටහනේ තිබුනු අළුත් වීම් වලට හේතුව තමයි Google විසින් මේ දවස් වල ක්‍රියාත්‍මක කරන Google Caffeine කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය එළිදැක්වීම සඳහා සූදානමක් විදියට තමයි Google සෙවුම් යන්‍ත්‍රයේ මුහුණුවර වෙනස් වුනේ.
මේ ව්‍යාපෘතියෙන් සිදු කරන්නේ තවත් අළුත් Google නිෂ්පාදනයක් හඳුන්වලා දීම නෙවෙයි. ලෝකයේ හොඳම සෙවුම් යන්‍ත්‍රය වන Google සෙවුම් යන්‍ත්‍රය තව දුරටත් දියුණු කිරීම හෙවත් Google සෙවුමේ යටිතල ක්‍රියාකාරීත්‍වය වර්ධනය කිරීම.
මෙම ව්‍යාපෘතියෙන් Google සමාගම අරමුණු කිහිපයක් සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි Google සෙවුම් ප්‍රතිඵල වල,
- වේගය
- නිවැරදි බව
- ප්‍රමාණය
- පරාසය
යන සංරචක වර්ධනය කිරීම.
ඒ වගේම දැන් දැන් ප්‍රචලිත වෙන තත්‍කාල සෙවුම් හැකියාව – real-time search – ත් මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ Google සෙවුම් යන්‍ත්‍රයට එක් වෙනවා ලු.
Google Caffeine ව්‍යාපෘතිය යටතේ අත්හදාබැලීමට ලක් කරන Google සෙවුම් යන්‍ත්‍රයේ පිටපතක් පසුගිය දිනක මහජනයාට විවෘත කළා. ඒ අඩවියට මෙම සබැඳිය හරහා යන්න පුළුවන්: http://www2.sandbox.google.com/.
සාමාන්‍ය Google සෙවුමේ සහ Google Caffeine ව්‍යාපෘතිය යටතේ බලගැන්වූ සෙවුමේ ප්‍රතිඵල අතර වෙනසක් දැක ගන්නට ඔබට පුළුවන් ඔබ යන්‍ත්‍ර දෙකේම එකම සෙවුම් වදන යොදලා සෙවුමක් කළොත්. ඒ කියන්නේ දැනට පවතින Google සෙවුම් යන්‍ත්‍රයේ සෙවුම් ක්‍රමවේදය අළුත් එකේදි වෙනස් කියන එක.
ක්‍රමවේදය කොහොම වුනත් අපිට වැදගත් වෙන්නේ අපේ අඩවිය Google සෙවුමක පෙනෙන්නේ කොතැනද කියන එකනේ? ඒකට බලපාන්නේ අපේ අඩවියට හිමි Google PageRank එක. අළුත් ක්‍රමවේදය යටතේ Google PageRank තාක්‍ෂණයට හිමි තැන ගැන තවම දැනගන්නට නැහැ.


[...] අළුත් වීමට හේතුව දැනගන්න මම ලියපු “Google Caffeine” කියන සටහන කියවන්න. Share and [...]
Posted by බුධාජීවගේ ලියමන | Google ලොකු වෙලා! on September 10th, 2009.
කොහොම හරි අපෙ ගූගල් දෙයියා දියුනු වෙන එක හොදා
Posted by Anonymous on September 11th, 2009.
@මනුශාන්: ඔවු ඔවු, ඒක ඇත්ත.
Posted by budhajeewa on September 11th, 2009.
ගුගල් දියුනුවෙන් දියුනුවට පත්වේවා!
Posted by ushan on September 11th, 2009.
මෙන්න Google Caffeine සහා සාමාන්‍ය ගූගල් ගවෙශකය අතර වෙනස් කම් http://comparegoogle.com/
Posted by Anonymous on September 11th, 2009.
වටින ලිපියක්..එළ!
Posted by Anonymous on September 11th, 2009.
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට..!
Posted by indika on September 11th, 2009.
@ushan: අනිවා. ඒක දියුණුවෙනවා කියන්නේ අපේ Online Experience එකත් දියුණු වෙනවා කියන එක තමයි.
@මනුශාන්: ආරංචියට ස්තුතියි මචන්!
@පොතේ ගුරා, Indika: බොහොම ස්තුතිය!
Posted by budhajeewa on September 11th, 2009.
[...] අළුත් වීමට හේතුව දැනගන්න මම ලියපු “Google Caffeine” කියන සටහන [...]
Posted by Google ලොකු වෙලා! | Budhajeewa's Blog on June 6th, 2010.