මේ මෑතක් වෙනකම් Google Docs වල සංකීර්ණ ගණිත සූත්‍ර ලිවීමේ හැකියාවක් තිබුනේ නැහැ. නමුත්, පහුගිය දිනක Google විසින් මේ හැකියාව Google Docs වෙත එක් කොට තිබුනා.
එය භාවිතා කරන්නට කරන්න ඕනෑ Google Docs මෙනුවෙන් Insert → Equation… කියන විධානය තෝරා ගැනීමයි.

ඉන්පසු මතුවන ඉහත ආකාරයේ සංවාද කොටුව හරහා අපිට පුළුවන් අපේ සමීකරණය ලියාගන්න. විවිධ ගණිතමය සංකේත රාශියක් එහි ලයිස්තු ගත කරලා තියනවා. ඕනෑ ඒවා යොදාගෙන අවැසි ආකාරයට වෙනස් කරගැනීමේ හැකියාව අපිට තියනවා.
සම්පූර්ණ කරන ලද සමීකරණයක් ගොනුවට එක් වන්නේ පිංතූරයක් විදියට. මේ පහළ තියෙන්නේ Google Docs වලදී හදලා එළියට ගනිපු ඒ වගේ සමීකරණයක්.



එළ එළ නියමයි. මමත් ළඟදී ඉඳන් Google Docs වල ගණන් හදන්න පටන් ගත්තනේ ඒක නිසා මේ ලිපිය මට වැදගත්
Posted by Anonymous on February 19th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: ගණන් විසඳන්න නම් මේකෙන් බැහැ.
Posted by budhajeewa on February 19th, 2010.
@budhajeewa: ගණන් විසඳන්න නෙමෙයි අයියේ
ගණිතය වැඩ කරන්න ඒ කිව්වේ පොතක් විදියට පාවිච්චි කරන්න
Posted by Anonymous on February 21st, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: එළේල!
Posted by budhajeewa on February 21st, 2010.