![]()
Google Wave ගැන පොඩි විස්තරයක් මම මීට කලිං ලිපියක සඳහන් කළා.
http://wave.google.com හි සඳහන් වන ආකාරයට එය මහජනතාවට විවෘත කරන්නට Google බලාපොරොත්තු වන්නේ මෙම වසරේ අග දී.
නමුත් ඊට පෙර Early Invite ක්‍රමයක් මගින් යම් පිරිසකට Google Wave ගිණුම් ලබා දෙන්නට Google බලාපොරොත්තු වනවා යන්න මම වෙබයේ තැන් කිහිපයකම දැක්කා. ඇත්තෙන්ම ඔබට මතක ඇති GMail හඳුන්වාදුන් මුල් අවදියේත් Google විසින් Early Invite ක්‍රමයක් භාවිතා කළා.
ඉතින් අපායට යන්නත් ඉස්සෙල්ලම යන්න ඕන එකේ අපිත් ගිහිං අයදුම්පතක් බාර දෙමු Google ට ?
ඒ සඳහා http://services.google.com/fb/forms/wavesignup/ වෙත යන්න.
එතන තියන ෆෝරමය පිරවීමේදී “Enlist me! I’ll report bugs and give feedback (e.g. user surveys)” යන්න තෝරා ගත්තොත් වඩා හොඳයි යන්නයි මගේ අදහස. මොකද නිකම්ම භාවිතාකරුවන් ගොඩ ගහගන්නවට වඩා public release එකට කලින් දෝෂ එහෙම වාර්තා කරන්න කැමති කිහිප දෙනෙක් එකතු කරනගන්න තියන සම්භාවිතාවය වැඩියි නෙ.
“Write a message to the Google Wave team” කියන තැනත් Google ව මුරුංගා අත්තේ තියල මොනාහරි ලියන්ඩ ඈ !
මේ විදියට අපි ඔක්කොම request කරලා එක්කෙනෙකුට හරි ලැබුනොත්, එයාට පුළුවන්නේ අනිත් අයටත් invites එවන්න. මතකනේ මුල් හරියෙදිම GMail වැඩකරපු හැටි ?


@ගයන්ත:
එළ !
ඔයාට account එක හම්බවුනොත් අපිටත් invitations එවන්න.
Posted by Buddy-J on July 17th, 2009.
check this
http://www.waveprotocol.org/
Posted by sana on July 17th, 2009.
මමත් ඔන්න අයදුම් කලා. අර විඩියෝ එක දැක්කම ඒකට ආසාවක් ආව.
Posted by මාධව රංග on July 17th, 2009.
එළ එළ..
මමත් ඉල්ලුව ඕං…
Tip එකට තැන්කූ..
Posted by ගයන්ත on July 17th, 2009.
@මාධව රංග:
මාර වැඩ කෑලි ටික නේ ? ගින්‍දර වගේ !
Posted by Buddy-J on July 17th, 2009.
නියමයි..තැන්කූ මචෝ..
Posted by pothe gura on July 17th, 2009.
එල එල.. ඕන්න මාත් .. කලා. පත්තු උනොත් බෙදාගන්න බෑරියෑ…
Posted by änthräX on July 17th, 2009.
.. කලා නෙමේ apply කලා. හික්ස්..
Posted by änthräX on July 17th, 2009.
@pothe gura & änthräX :
එළ !
දන්න දන්න අයට කියන්න අමතක කරන්න එපා.
කියවල යන ගමං ඔය උඩ තියන Digg බටන් එකත් ක්ලික් කරං යන්ඩ, ඈ !
Posted by Buddy-J on July 17th, 2009.
ඔන්න මාත් දැම්ම. එළ.
Posted by මලින්ත on July 17th, 2009.
මාරයි නේ.. මාත් ඔන්න ඇප්ලයි කොලා..
Posted by අනූ on July 17th, 2009.
මාත් දැම්මා ඕං ඉල්ලුම් පත්තරයක්
Posted by deeps on July 18th, 2009.
මාත් බටර් ටිකක් ගෑවා.. බලමු කොහොම වෙයිද කියලා… හරි ගියොත් SBU එකේ දන්න හැමෝටම invitations
Posted by Anonymous on July 18th, 2009.
මමත් ඔන්න ඉල්ලුම් කරා, ආරාධානවක් ලැබුනොත් කට්ටියට දන්වන්නම්, දැනුවත් කිරීමට ස්තුතියි.
Posted by Anonymous on July 18th, 2009.
@මලින්ත, අනු, deeps:
එළ එළ !
ගූගල් බලයි මොකද මේ ලංකාවේ ඈයොන්ට එකපාර වේව් උණක් පහළ උනේ කියල !
@ශාකුන්තල:
කාටත් කලිං මට invite කරන්ඩ හොඳේ !
Posted by Buddy-J on July 18th, 2009.
කට්ටියම බටර් ගාන්න අමතක කරන්න එපා !
Posted by Buddy-J on July 18th, 2009.
maath butter uparimenma gewaa,,
lol..ewa kiyawanakota matama hinaa…
Posted by Praveena on July 18th, 2009.
@මිලින්ද:
නියමයි !
@Praveena:
බටර් ටිකක් ගෑවත් මොකද වැඩේ වෙනවනං, නේද ?
Posted by Buddy-J on July 18th, 2009.
දැන් තමයි මේක දැක්කෙ. ඔන්න මාත් ඉල්ලුම් පත්තරයක් දැම්මා. ඉන්ටවීව් වලට යන්න වෙන එකක් නැහැනෙ?
(බටර් ගාන්න නම් අමතක වුණා!
)
Posted by තමීර on July 21st, 2009.
@තමීර:
හෆොයි.. ගූගල්ලා දන්නවා ඇති අපේ එවුන් ගාන තරමක් ගාන්නෙ බටර් කියල. ඒ් නිසා බටර් ගාන්න බැරි වුනා කියල දුක් වෙන්න එපා !
Posted by Buddy-J on July 22nd, 2009.
[...] Tags: ගූගුල් වේව් | ඔන්න පසුගිය සතියේ අපේ බුධාජීවගේ ලියමනේ සඳහන් වූ පරිදි මමත් ගූගුල් වේව් සඳහා [...]
Posted by සැප්තැම්බර් 30ස් වෙනිදාට ගූගුල් වේව් ගිණුම් 100,000 විවෘත කෙරේ « මට හිතෙන දේ on July 22nd, 2009.
ඔන්න මමත් ඉල්ලුවා දෙයිද දන්නේ නෑ.
Posted by Uraj Deemantha on July 23rd, 2009.
[...] minds. And that very over expectings showed Google Wave it’s way to grave. Even I wrote a blog post called “Google Wave වලට කලින්ම එකතු වෙමු ?” – in Sinhala – inviting my readers to join Google Wave early. I was so fascinated about [...]
Posted by Google, start building something “simple and meaningful” with the ruins of Wave and integrate it to GMail! | Budhajeewa's Blog on October 23rd, 2010.