මිහිපිට සියලු මිනිසුන් සැනෙකින් අතුරුදන් වුවහොත් ලෝකයට කුමක් වනු ඇත්ද? මිනිසුන් රහිත ලෝකය කෙසේ ඉදිරියට යනු ඇත්ද? මිනිසුන් විසින් කළ නිර්මාණවලට මිනිසුන් නොමැති ලොවක් තුළ කුමක් වනු ඇත්ද?
The History Channel මගින් නිෂ්පාදිත “Life after People” නම් වැඩසටහන් මාලාවේ තේමාව එයයි. මිනිසුන් නොමැති ලොවක් තුළ ස්‍වභාවධර්මයේ ගමන් මග කෙසේ වනු ඇත්ද යන්න කල්පනා කිරීම සිත්ගන්නාසුළු ව්‍යායාමයකි.
Life after People වැඩසටහන් මාලාවේ පළමු වාරයේ පළමු වැඩසටහන වන්නේ “The Bodies Left Behind”. යන්නයි.
යම් හදිසි ගෝලීය ආපදාවක් ඇති වුවහොත් මිනිස් පරපුර ඉදිරියට ගෙන යාම සඳහා අධිශීතනයට ලක් කොට ගබඩා කොට තිබෙන ප්‍රාණී මිනිසුන් හා කළල මෙන්ම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇතුලු විවිධ ආරක්‍ෂිත තැන් වල විවිධ ස්‍වරූපයෙන් ගබඩා කොට ඇති මිනිස් ජාන රටා පවා මිනිසුන්ගෙන් තොර ලොවක් තුළදී අනාරක්‍ෂිත බව වැඩසටහන පෙන්වා දෙනවා.
මිනිස් වර්ගයා අමරණිය කෙරුමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වන අතරම, මිනිස් වර්ගයා විසින් විවිධ ක්‍ෂේත්‍රයන්හි ලබාගත් ජයග්‍රහණ, නිර්මාණ ආදියද සොබාදහමේ නීතියට යටත් වන්නේ මෙසේ විය හැකි යැයි වැඩසටහන කාල පරාසයන්ද සමග යෝජනා කරනවා.



[...] This post was mentioned on Twitter by Supun Budhajeewa, Kottu. Kottu said: [වාර්තා චිත්‍රපට] History Channel – Life after People – Season 1 – Episode 1 of 10 – The Bodies Left Behind http://bit.ly/b3Qbe5 [...]
Posted by Tweets that mention [වාර්තා චිත්‍රපට] History Channel – Life after People – Season 1 – Episode 1 of 10 – The Bodies Left Behind | Budhajeewa's Blog -- Topsy.com on August 8th, 2010.
ගොඩක් වටින වැඩසටහන් පෙළක්..! මම හිතන්නේ මේ වැඩසටහන් පෙළ DVD විදියට ගන්න තියෙනවා..! එහි මේ සඳහා පෙනී සිටින විද්වතුන්ගේ අතිරේක සාකච්ඡාද ඇතුලත්..!
මේ වැඩසටහන් පෙළ දැනටත් විකාශය වෙනවා මට මතක විදියට history channel එකේ..! ඔබ dialog tv ග්‍රාහකයෙක් මේ වැඩසටහන බලන්න තවත් පහසු වේවී..! ස්තූතිති මල්ලී මේ ගැන දැනුම් දුන්නට..!
ජය..!!!
Posted by LishWish on August 9th, 2010.
@LishWish: DVDs ගන්න තියනවා කියලා History Channel සයිට් එකේ දාල තිබ්බා. $$$ තමා ඉතිං අවුල. DialogTV නං නෑ, ටොරන්ට්ස් පිහිට තමා.
Posted by budhajeewa on August 9th, 2010.
ලෝකයෙන් මිනිසුන් අතුරුදහන් වුවොත් …. හොඳ ප්‍රශ්ණයක් …
මීට ටික කලකට පෙර මම කියෙව්වා පොතක්. ඒකෙ නම කල්කී ….
මේ වගේ කතාවක් තමා තියෙන්නේ… හැබැයි මනඃකල්පිත කතාවක්. නියමෙට ලියලා තියෙනවා.
ඔයාගෙ පෝස්ට් එක දැක්කම මට ඒක මතක් වුණා…
Posted by hemantha samarakoon on August 9th, 2010.
@hemantha samarakoon: පුළුවන් නම් ඒ පොත ගැන ලියන්න. මටත් පොඩි මතකයක් තියනවා ඔය වගේ නමක් තියන කතාවක් ගැන; ඒක දෙමළ ෆිල්ම් එකක් ෂුවර් නෑ හැබැයි.
Posted by budhajeewa on August 9th, 2010.
transmission වල download speed එක කියද?
Posted by yasitha on August 9th, 2010.
ස්තූතියි… මම ආපහු පුස්තකාලයෙ ඒක තියෙනවද කියලා බලන්නම්…
Posted by hemantha samarakoon on August 9th, 2010.
2008 ආපු documentary එකයි….. මේ history චැනල් එකේ tv series එකෙයි වෙනසක් තියනවද?
history චැනල් එකේ යන tv series එකේ season 1 & 2 දෙකම ඉවරයි නේද?
Posted by randeera on August 9th, 2010.
@yasitha: ඒක ඉතිං ඒ ඒ ටොරන්ට් එකේ peers ල හැටියට තමයි. මේකෙ නං downloading speed එක පොඩ්ඩක් අඩුයි. දවසක් විතර ගියා බාගන්න.
@hemantha samarakoon: එළ!
@randeera: History Channel එකේ ගියපු විනාඩි 40 එපිසෝඩ් එකම තමයි මේ ටොරන්ට් එකේ තියෙන්නේ. Season දෙකම ඉවරයි මම හිතන්නේ.
Posted by budhajeewa on August 9th, 2010.
port forward කරලද තියෙන්නේ ?
Posted by yasitha on August 9th, 2010.
@yasitha: නෑ.
Posted by budhajeewa on August 9th, 2010.