ImageShack කියන්නේ අපේ පින්තූර වෙබයේ ගබඩා කරන්න හැකියාව ලබා දෙන අඩවියක්. ඒ වගේම එහි ටොරන්ට් බාන්නට සහය දක්වන අංශයකුත් තියනව කියල මම කලිං ලියපු “ImageShack සමග ඉක්මනින් පහසුවෙන් torrents බාමු !” නම් ලිපියේ මම කිවුවා. අපිට මේ ImageShack වෙත පිංතූර පටවන්නට ක්‍රම කිහිපයක් තියනවා. එයින් එකක් තමයි එහි වෙබ් අතුරුමුහුණතටම ගිහින් පිංතූර පටවන එක. නමුත් පටවන්නට තියන පිංතූර ගණන වැඩි නම්, ගොනු විශාලත්වය වැඩි නම් එහෙම කරන එක ගොඩක් අපහසුයි. ඒ නිසා ImageShack වෙතින් හඳුන්වලාදීලා තියනවා “ImageShack Uploader” කියලා පොඩි මෘදුකාංගයක්.
අද උදේ ImageShack අඩවියේ කැරකි කැරකි ඉන්නකොට දැක්කා ඒ මෘදුකාංගයේ ලිනක්ස් සංස්කරණයකුත් තියනවා කියලා. ඒක බාගන්න ගියාම එතන තියනවා Linux, MacOS, Windows කියන මෙහෙයුම් පද්ධති වලට ගැළපෙන ස්ථාපකයන් කිහිපයක්. ඒ ඇරුනම iPhone වලට ගැළපෙන ස්ථාපකේකුත් තියනවා. හැබැයි පොඩි ගැටළුවකට තියෙන්නේ, ලිනක්ස් සඳහා කියලා මේ අය දීලා තියෙන්නේ Debian සහ Ubuntu සඳහා අදාළ වෙන DEB ස්ථාපකයක් විතරයි. අනිත් ලිනක්ස් ඩිස්ට්‍රෝවන් මේ අයට මතක් වෙලා නැද්ද කොහෙද. නමුත් මම හිතන්නේ DEB ගොනුව බාගෙන, ඒක පසුව RPM වැනි ආකෘතියකට හරවගන්න පහසුකම් තියනවා.
මම භාවිතා කරන්නේ Ubuntu නිසා මම කෙලින්ම ඒ DEB ගොනුව බාගත්තා. ඒක 416.1 KB වගේ පොඩි එකක්.

පස්සෙ ඒක ස්ථාපනේ කරගත්තා. පොඩි පොඩි රඳාපැවතුම් (dependencies) වගේකුත් බාගන්න සිදු වුනා මට නම්, ඒවත් එච්චර ලොකු ඒව නෙවෙයි.

මෙන්න මෘදුකාංගය විවෘත කළාම පෙනෙන විදිය. මේක වෙන ටැබ් එකක විවෘත කරලා ලොකු කරලා බලන්න.
ඔබටත් මේක බාගන්න ඕනෑ නම්, යන්න ImageShack වෙබ් අඩවියට. එතනින් “Tools” යන්න ක්‍ලික් කොට මතු වෙන පිටුවෙන් “Imageshack Uploader” යන්න තෝරන්න. ඉන් අනතුරුව ලැබෙන පිටුව තුලින් ඔබ පුළුවන් වේවි ඔබට ගැළපෙන ස්ථාපකය තෝරාගෙන බාගන්න.



ඔව් දැන් කවුරුත් ලිනක්ස් සංස්කරණ කියල දෙන්නෙ DEB ම තමා.
මට නම් මෙතෙක් කල් පින්තූර අප්ලෝඩ් කරන්න වුවමනාවක් ඇවිල්ලම නෑ. හැබැයි දැන් මේක දැනගත්තට පස්සෙ නම් ඕන වෙයි
Posted by තමීර on October 11th, 2009.
මම මෙච්චරකල් බ්ලොග් එකේ ඉමේජ් හොස්ට් කලේ imageshack වල. ඒත් ඊයෙ පෙරේදා ඉඳං UCSC එකේ imageshack බ්ලොක් කරලා කියලා (ඇයි ඉතිං අපේ අයියල ඒකෙන් ටොරන්ට් බානව ඇතිනේ ) ආරංචි වෙච්ච නිසා මම මේක පාවිච්චිය අතෑරියා.
Posted by ඉන්දරේ on October 11th, 2009.
@තමීර:
[/said]
[said:තමීර]මට නම් මෙතෙක් කල් පින්තූර අප්ලෝඩ් කරන්න වුවමනාවක් ඇවිල්ලම නෑ. හැබැයි දැන් මේක දැනගත්තට පස්සෙ නම් ඕන වෙයි
ඇත්ත. යමක් තියනව කියල දැනගන්න කලිං කිසිම ඕනකමක් නොවුනු සමහර දේවල්, තියනව කියල දැනගත්තට පස්සේ ගොඩක් අත්‍යවශ්‍යදේ බවට පත් වෙනව නේ.
@ඉන්දරේ:
UCSC එකෙත් දැං ඉන්නෙ මොළේ නැති කස්ටියද? මුළු imageshack.us ඩෝමේන් එකම බ්ලොක් කලාම ඒකෙ හොස්ට් කරපු පිංතූරයක් බලන්නෙ කොහොමද කියන එක හිතන්න බැරිද? ටොරන්ට් බාන එක නවත්තන්න ඕන නං tor.imageshack.us විතරක් බ්ලොක් කළාම හරි නේ!
Posted by budhajeewa on October 11th, 2009.
@බුධාජීව
පහන් තමයි ඔව්ව දන්නෙ, අයි ඩෝන්ට් නෝ වයි…
Posted by ඉන්දරේ on October 11th, 2009.
මම නම් භාවිතා කරන්නේ Imagehost.org නිසා (ඔය කැම්පස් එකේ වගේම අපේ පුස්තකාලයේත් බිලොක් කරලා තියෙන්නේ) ඕක භාවිතා නොකළත් හදිසියට හරි වැදගත් වෙවි.
මේ…මේ…Flickr වලට ඔය වගේම ආයිත්තමක් තියෙනවද?
Posted by -බිன்ku- on October 11th, 2009.
@-බිன்ku-
Flickrවලට ඔයවගේ අයිතම දාස්ගාණක් හොයාගන්න පුළුවන්. Flickrලාගෙම Uploader එකකුත් තියනවා.
Posted by Anonymous on October 18th, 2009.