අපි බලමු IPL තරගාවලිය කියන්නේ මොකක්ද කියන එක IPL සංවිධායකවරු විස්තර කරන්නේ කොහොමද කියලා.
| IPL ලිපි පෙළ. | ||
| පෙර: | | | පසු: |
| ලිපිය 1 : IPL හි ආරම්භය. | | | |
2007 වසරේ ජුනි මස අග භාගයේදී BCCI හි උප සභාපති Lalit Modi
සහ ක්‍රීඩා කළමනාකරණයේ දැවැන්තයකු වන IMG (International Management Group) හි Andrew Wildblood මුණ ගැසුනේ 2008 වසරේ අප්‍රේල් මස 18 වන දින ආරම්භ වුනු IPL තරගාවලියේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කරන්න.
පළමු IPL තරගාවලිය සඳහා පැවැත්වුනු ක්‍රීඩකයන් වෙන්දේසිය හෙවත් IPL Auction එක වෙත මාධ්‍යයන්ගේ ඉතා විශාල ඉඩකඩක් ලැබුනා. මෙහිදී ක්‍රීඩකයන් මිලදී ගැනීමට ඉදිරිපත් වූවන් අතර ව්‍යාපාරිකයන්ගේ සිට සිනමා තාරකාවන් දක්වා විහිදී යන පරාසයක ඉන්‍දියාවේ ඉතාම ධනවත් හා බලවත් නම් දැකගන්න ලැබුනා. ඉතා දක්‍ෂ ක්‍රීඩකයන් වෙත ඉතා ඉහළ ගෙවීම් කරමින් තම තමන්ගේ කණ්ඩායම් වෙත ලබාගැනීමට ඉහත කී ධනවතුන් උත්සාහ කළා.
උදාහරණයක් විදියට මහේන්‍ද්‍ර සිං දෝනි සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.5 කුත්, ඇන්‍ඩෲ සයිමන්ස් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.35 කුත්, නවක ඉෂාන්ත් ෂර්මා සඳහා ඇමරිකානු ඩොලර් 950,000 කුත් ගෙවනු ලැබුනා. මේ විසිවෙන සල්ලි මැද්දෙන් ප්‍රේක්‍ෂකයන් ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම පෙරලියක් දැකගන්නට සැදී පැහැදී සිටියා.
පළමු IPL තරගාවලියේ සමාරම්භක උළෙල හා සමාන සමාරම්භක උළෙලක් මින් පෙර කිසිදු ක්‍රිකට් තරගාවලියක් සඳහා පවත්වා තිබුනේ නැහැ; ඔලිම්පික් තරගාවලියක සමාරම්භක උළෙලටත් වඩා අලංකාර වුණා.

Kings XI Punjab හි හිමිකාරිනියක් වන Preity Zinta සහ Knight Riders (එවක Kolkata Knight Riders) හි හිමිකරුවෙකු වන Shah Rukh Khan වැනි ජනප්‍රිය චරිත ක්‍රීඩා තරග නැරඹීම සඳහා සහභාගී වීමත් IPL හි මුල් තරග සඳහා ප්‍රේක්‍ෂක අවධානය වැඩි වන්නට හේතු වුනා.
අති සාර්ථක වූ තරගාවලිය 2009 වසරේදී විදේශයකදී පවත්වනවා යන පුවතට යම් විරෝධයක් මුලදී එල්ළ වුවත්, එහි සමාරම්භක උත්සවේ සිට 2009 වසරේ ජයග්‍රාහී කණ්ඩායම වූ Deccan Chargers හි නායක Adam Gilchrist කුසලානය ඔසවන තෙක්ම ලක්‍ෂ්‍ය සංඛ්‍යාත ප්‍රේක්‍ෂක පිරිසක් IPL දෙස නෙත් යොමාගෙන හිටියා.


පසුගිය වසරවල් තුලින් IPL තරගාවලිය ශක්තිමත් බවින් ශක්තිමත් බවට පත්ව තිබෙනවා. Forbes සඟරාවේ ලොව ආකර්ෂණියම ක්‍රීඩා ඉසව්වන් ලයිස්තුවේ සිව්වැනි ස්ථානය ලබන්නටත් IPL සමත් වෙලා තියනවා.
| http://www.iplt20.com/aboutus/index.htm ඇසුරිනි. |



අයියා මම හිතන්නේ මේ ලිපි පෙල ක්‍රිකට් තරඟ උණුසුම මැද්දේ දැම්මනම් තමා හොඳ.
Posted by සිතිජ සහන් හසාර හේවාගමගේ on January 27th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: හෙහෙ… ඇයි, කමෙන්ට්ස් නැති නිසාද?
Posted by budhajeewa on January 28th, 2010.
අයියා මොකද තාම අළුත් ලිපියක් දැම්මේ නැත්තේ?
Posted by Anonymous on February 9th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: මේ දවස් වල පොඩ්ඩක් බිසී බං, ඒකයි.
Posted by budhajeewa on February 9th, 2010.
@budhajeewa: ආහ මොනවද ඔය තරම් වැඩ ආ
Posted by Anonymous on February 10th, 2010.
[...] ලිපිය 2 : IPL ගැන IPL කියන හැටි. [...]
Posted by IPL ලිපි පෙළ : ලිපිය 1 : IPL හි ආරම්භය. | Budhajeewa's Blog on December 10th, 2010.