IPL 2011


2011 ලෝක කුසලානෙ ඉවර වෙලා සතියක්වත් යන්න කලිං ඔන්න තව ක්‍රිකට් තරගාවලියක් පටංගන්න යන්නේ. ඒ තමා ඉන්දියානු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රීඩකයන් සමග තරග කිරීමේ අත්දැකීම ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වන IPL තරගාවලියේ 2011 වර්ෂයේ දිගහැරුම‍.

ලංකාවෙ ක්‍රීඩකයොත් බර ගාණක් මේපාර සෙල්ලං කරනවා. සමහරු නං අපේ කස්ටිය තරගෙට යන එකටයි, ගිහිං අතපය කඩාගන්න එකටයි අකමැති උනාට, රට නියෝජනය කිරීමේ අවශ්‍යතායක් නැති නිදහස් කාලයන් වලදී මේ වගේ තරග වලිං ඔවුන් සල්ලි උපයගන්න එකේ කිසිම වරදක් නෑ. අනිත් එක ඒ සල්ලි අරං කස්ටිය එන්නෙ ඉතිං ලංකාවට නෙ.

අනිත් එක ඩිල්ෂාන් ලොක්කා කිවුව නෙ එයාගෙ ඩිල්ස්කූප් පහර නිර්මාණය කිරීමට මග පෑදුනේ 2009 දි දකුණු අප්‍රිකාවෙදි පැවැත්වුනු IPL තරගාවලිය අතරතුරදි කියල, ඉතිං නරකයැ?

අපි වගේ ප්‍රේක්ෂකයොංගෙ පැත්තෙං බලනකොටත් IPL කියන්නේ සිරා වැඩක්. T20 තරග කොහොමත් ගින්දර විසිවෙන සයිස් එකේ එවුව නේ, ඉතිං ඒවට ඉන්දියන් කෝටිපතියොංගෙ කෝටි ගණං වල සල්ලි කන්දරාවත් එකතු උනාම ආයි ඉතිං කියන්න ඕන නෑ නෙ!? කොහොමටත් පහුගිය තරගාවලි බලපු කෙනෙක් නම් ඉතිං මේකෙ රහ දන්නව නෙ.

මේ තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ ක්‍රීඩකයො ඉන්න කණ්ඩායම් හා ඒවාය ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයො:

Chennai Super Kings (CSK)

Nuwan Kulasekara and Suraj Randiv

Deccan Chargers (DC)

Kumar Sangakkara (Captain)

Kochi Tuskers Kerala (KTK)

Muttiah Muralitharan, Mahela Jayawardene (Captain) and Thisara Perera

Mumbai Indians (MI)

Dilhara Fernando and Lasith Malinga

Pune Warriors India (PWI)

Angelo Mathews

Royal Challengers Bangalore (RCB)

Nuwan Pradeep and Thilakaratne Dilshan

මෙන්න මේව තමයි ශ්‍රී ලංකාවෙ ක්‍රීඩකයන් නොමැති කණ්ඩායම්:


Delhi Daredevils (DD)

Kings XI Punjab (KXIP)

Kolkata Knight Riders (KKR)

Rajasthan Royals (RR)

මම ගියපාර Mumbai Indians ඇරුනම බොක්කෙං චියර් කරපු අපෙ ප්‍රිටී අක්කගෙ Kings XI Punjab ටීම් එකේ මේ පාර එක ලංකාවෙ පොරක් වත් නැති එක මාර අප්සට් එක. වර්ල්ඩ් කප් එක දැක්කම නං ප්‍රිටී අක්කට හිතෙන්න ඇති තියෙන සබ්බ සකලමනාවම උගස් තියල හරි මහේලයි, සංගයි, යුවී වයි ආපහු ටීම් එකට ගත්ත නං කියලා!

අනාදිමත්කාලෙක ඉඳං Mumbai Indiansලට චියර් කළාට, ටීම් 10ක් 6කම අපේ අය ඉන්න නිසයි, ඒකෙං දෙකකම නායකයො අපේ එවුං නිසයි මේපාර චියර් කිරීම ගැන මට මාර අර්බුදේකට මූණ දෙන්න වෙලා තියෙන්‍නේ. ඒ උනාට ඕන කලාබරයක් කියලා මම වර්ල්ඩ්කප් එකට ගැහුව වගේ “Cheering Table” එකක් මේපාර IPL එකටත් ගැහුවා.

තව විශේෂ සඳහනක් කරනවා නම්, මේපාර වර්ල්ඩ් කප් එකේ දස්කම් දක්වපු නෙදර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩක Ryan ten Doeschate ව Kolkata Knight Riders විසින් තම කණ්ඩායමට එක් කරගෙන තිබෙනවා! ඒක මාර විදියට අගය කරන්න ඕන වැඩක්. මොකද නෙදර්ලන්තේ ක්‍රිකට් දියුණුවට පුංචි හරි තල්ලුවක් ඒකෙං ලැබෙයි කියල හිතන්න පුළුවං.

යතුර:

චියර් කළ කණ්ඩායම ජයග්‍රහණය කළ අවස්ථා.
චියර් කළ කණ්ඩායම පරාජය වුනු අවස්ථා.
කිසිදු කණ්ඩායමකට චියර් නොකළ අවස්ථා.
ප්‍රතිඵලයක් රහිත හෝ ජය-පරාජයෙන් තොර තරග.

 

# දිනය කණ්ඩායම් චියර් කරන්නේ ප්‍රතිඵලය
01 08/04 CSK v KKR CSK CSK ට ලකුණු 2ක ජයක්
02 09/04 DC v RR DC RR ට කඩුළු 8ක ජයක්
03 09/04 KTK v RCB KTK RCB ට කඩුළු 6ක ජයක්
04 10/04 DD v MI MI MI ට කඩුළු 8ක ජයක්
05 10/04 PWI v KXIP PWI PWI ට කඩුළු 7ක ජයක්
06 11/04 KKR v DC DC KKR ට ලකුණු 9ක ජයක්
07 12/04 RR v DD -/DD RR ට කඩුළු 6ක ජයක්
08 12/04 RCB v MI MI MI ට කඩුළු 9ක ජයක්
09 13/04 KXIP v CSK CSK KXIP ට කඩුළු 6ක ජයක්
10 13/04 PWI v KTK KTK PWI ට කඩුළු 4ක ජයක්
11 14/04 DC v RCB DC DC ට ලකුණු 33ක ජයක්
12 15/04 RR v KKR -/KKR KKR ට කඩුළු 9ක ජයක්
13 15/04 MI v KTK KTK KTK ට කඩුළු 8ක ජයක්
14 16/04 CSK v RCB CSK CSK ට ලකුණු 21ක ජයක්
15 16/04 DC v KXIP DC KXIP ට කඩුළු 8ක ජයක්
16 17/04 PWI v DD PWI DD ට කඩුළු 3ක ජයක්
17 17/04 KKR v RR -/KKR KKR ට කඩුළු 8ක ජයක්
18 18/04 KTK v CSK KTK KTK ට කඩුළු 7ක ජයක්
19 19/04 DD v DC DC DC ට ලකුණු 16ක ජයක්
20 19/04 RCB v RR RCB තරගය අත්හැර දැමිනි
21 20/04 MI v PWI MI MI ට කඩුළු 7ක ජයක්
22 20/04 KKR v KTK KTK KTK ට ලකුණු 6ක ජයක්
23 21/04 KXIP v RR KXIP KXIP ට ලකුණු 48ක ජයක්
24 22/04 KKR v RCB RCB RCB ට කඩුළු 9ක ජයක්
25 22/04 MI v CSK CSK MI ට ලකුණු 8ක ජයක්
26 23/04 DD v KXIP KXIP DD ට ලකුණු 29ක ජයක්
27 24/04 DC v MI DC MI ට ලකුණු 37ක ජයක්
28 24/04 RR v KTK KTK RR ට කඩුළු 8ක ජයක්
29 25/04 CSK v PWI CSK CSK ට ලකුණු 25ක ජයක්
30 26/04 DD v RCB RCB RCB ට කඩුළු 3ක ජයක්
31 27/04 PWI v CSK CSK CSK ට කඩුළු 8ක ජයක්
32 27/04 KTK v DC DC ට ලකුණු 55ක ජයක්
33 28/04 DD v KKR KKR ට ලකුණු 17ක ජයක්
34 29/04 RR v MI MI RR ට කඩුළු 7ක ජයක්
35 29/04 RCB v PWI RCB RCB ට ලකුණු 26ක ජයක්
36 30/04 KTK v DD KTK DD ට ලකුණු 38ක ජයක්
37 30/04 KKR v KXIP KXIP KKR ට කඩුළු 8ක ජයක්
38 01/05 RR v PWI PWI RR ට කඩුළු 6ක ජයක්
39 01/05 CSK v DC DC CSK ට ලකුණු 19ක ජයක්
40 02/05 MI v KXIP MI MI ට ලකුණු 23ක ජයක්
41 02/05 DD v KTK KTK KTK ට කඩුළු 7ක ජයක්
42 03/05 DC v KKR DC
43 04/05 CSK v RR CSK
44 04/05 PWI v MI MI
45 05/05 KTK v KKR KTK
46 05/05 DC v DD DC
47 06/05 RCB v KXIP RCB
48 07/05 KKR v CSK CSK
49 07/05 MI v DD MI
50 08/05 RCB v KTK KTK
51 08/05 KXIP v PWI PWI
52 09/05 RR v CSK CSK
53 10/05 DC v PWI DC
54 10/05 KXIP v MI MI
55 11/05 RR v RCB RCB
56 12/05 CSK v DD CSK
57 13/05 KTK v KXIP KTK
58 14/05 RCB v KKR RCB
59 14/05 MI v DC DC
60 15/05 KXIP v DD KXIP
61 15/05 KTK v RR KTK
62 16/05 PWI v DC PWI
63 17/05 KXIP v RCB RCB
64 18/05 CSK v KTK KTK
65 19/05 PWI v KKR PWI
66 20/05 MI v RR MI
67 21/05 KXIP v DC DC
68 21/05 DD v PWI PWI
69 22/05 RCB v CSK CSK
70 22/05 KKR v MI MI
71 24/05 Qualifier 1:
1st v 2nd
72 25/05 Eliminator:
3rd v 4th
73 27/05 Qualifier 2:
Eliminator Winner
v
Qualifier 1 Losser
74 28/05 Final:
Qualifier 1 Winner
v
Qualifier 2 Winner

*** “මේපාරත් IPL බලනවද?” ***

*** … ***


15 responses to “IPL 2011”

  1. මේපාරත් IPL බලනවද?” මගුලක් කතා කරනව
    බලන්නම වෙනව නෙ බං.වැරදිලාවත් ඒලෙවල් ලියත්දි බැරිවෙලාවත් අයිපීඑල් ගැන ඇහුවොත්
    මොනව ලියන්නද කාට කියන්නද .. එක මැච්එකක් වත් වරද්දන්නෙ නැතුව බලපන් ඔන්න

    • අනිවා බං, අර අසාමාන්‍ය පෞද්ගලික පරීක්‍ෂණේට ඕව අහනවලු. ඒකයි මම මේ තකහනියක් මේ මැච් බල බලා යන්නේ.

      අනිත් අතට පිසික්ස් වලට "IPL තරගාවලියේදී එල්ල කරන ලද විශාලම හයේ පහරේ දුර දක්වා, එයට එවන ලද වේගය 190 kmh^(-1) නම්, පහර දෙන ලද කෝණය සොයන්න." වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මොනා කරන්නද?!

  2. ක්‍රිකට් පිළිබඳව මාගේ දැනුම අල්පය.. එහෙත් තරඟයක් යද්දී, ලංකාව ක්‍රීඩා කරනවානම්, කට ඇරගෙන බලන් සිටිමි… 😀

    • මාත් ඉතිං එහෙම තමා. මෙතන අවුල වෙලා තියෙන්නෙ ලංකාවෙ කස්ටිය බර ගාණක් එක එක ටීම් වලට ක්‍රීඩා කරන නිසා මොකට සප් කරනවද කියල හිතාගන්න බෑ. 😀

  3. චෙන්නායි උපුල් තරංගව ගත්ත.. after semi final

    ක්‍රීඩකයින්ට විවේක කාලයක් දීල් තියෙන්නේ ipl ගහන්න නෙවේයි විවේක ගන්න.. අනික ඔය මාලිංග එහෙම 2015 wc ගහන්නේ නැ කියන්නේ IPL නිසානේ..

    • IPL සයිට් එකේ නං උපුල් ගැන සඳහනක් තිබුනෙ නෑ. http://www.iplt20.com/team.php?team=CSK

      බෝඩ් එකට ඕන උනාම විවේක ගන්නයි, බෝඩ් එකට ඕන උනාම සෙල්ලං කරන්නයි ක්‍රීඩකයො බෝඩ් එකේ දේපළ නෙවෙයි නේ. 🙂 කොහොමත් එංගලන්තෙත් එක්ක ටෙස්ට් මැච් පටං ගන්නේ මැයි 26. ඒ වෙනකොට IPL එක ඉවර වෙන්න ඔන්න මෙන්න. ඇරත් ඊට පස්සෙ තියෙන්නෙ Qualifier 2 එකයි Final එකයි. ඉතිං ලංකාවෙ කස්ටිය ඉන්න හැම ටීම් එකම ඔතනට එන්නෙ නෑ නෙ.

      මාලිංග එහෙම කියල තිබුනද?

      • ඔව් මාලිංග නම් එහෙම කියල තිබුන නේද.. මාලිංග පන්දු යවන ඉරියව්ව නිසා වැඩි කලක් සෙල්ලම් කරන්න බැරි වෙයි කියල තමයි කියන්නෙ

        • ටෙස්ට් මැච් නං කොහොමත් මිනිහට ගහන්න බෑ කීව නෙ කලිංම. උගේ විදියට දවස් පහක් එක දිගට බෝල් කලොත් දනහිස ඇඹරිලාම යාවි.

    • Crickets, family Gryllidae (also known as "true crickets"), are insects somewhat related to grasshoppers, and more closely related to katydids or bush crickets (family Tettigoniidae). They have somewhat flattened bodies and long antennae. There are about 900 species of crickets. They tend to be nocturnal and are often confused with grasshoppers because they have a similar body structure including jumping hind legs. Crickets are harmless to humans.
      http://en.wikipedia.org/wiki/Cricket_(insect)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *