විකිපිඩියාව කියන විදියට, “screencasting” කියන්නේ “පරිගණක තිරයේ පෙනෙන දසුන් වීඩියෝවක් ලෙස රෙකෝඩ්කොට, පසුබිම් කතනයක්ද සමග නිකුත් කිරිම.” ලු. ඔය සම්පූර්ණ විස්තරේ නෙවෙයි, සම්පූර්ණ විස්තරේ http://en.wikipedia.org/wiki/Screencast ලිපියට ගිහිං බලාගන්න පුලුවං.
දැං මේ ලේස්ති වෙන්නේ මම තුමා කොහොමදෑ screencast කොලේ කියලා කියන්න!
මේ සේරටම මුල අපේ තමීර ලොක්කා එකෝමත් එක 2010 ජුලි මාසෙ 3 වෙනිදා රෑ 9.43 ට යෙදුනු සුභ මොහොතිං දමන්නට යෙදුනු ටුවිට් එකක්. මේ පහල තියෙන්නේ ඒං ඒක.
Installing xvidcap. Suddenly thought of making some screencasts
ඉතිං ඕක දැකපු ගමං මට කැසිල්ල හැදුනා. බොලේ ආතල් වගේ, මාත් පොඩ්ඩක් බැහැල බලන්න ඕන කියලා මගෙ ටිකිරි මොළේට හිතුනා.
ඔය ටුවිට්ටෙක දාපු 3න් වෙනිදා සෙනසුරාදා දවසක්, ඊට පස්සෙන්දා ඉරිදා, අපෙ ප්‍රභාත් සර්ගෙ Physics කොලාස්සෙක එදා උදේ තිබුනු නිසා උදේ මේකෙ වැඩක් කරන්න බැරි උනා. පස්සෙ රෑවෙලා පොඩි ටෙස්ටිං පාරකටත් එක්ක gtk-recordMyDesktop වලිං පොඩි රෙකෝඩ් එකක් කරලා, අප්ලෝඩ් කලා YouTube එකට. දන්නවනෙ ඉතිං අපෙ ජාතික සංනිවේදන සැපයුම්කරුවාගෙ අප්ලෝඩ් වේගේ! :S
ඉතිං විනාඩි දෙකක තුනක, අන්තිම ලෝ කොලිටි විඩියෝ එකක් අප්ලෝඩ් කරන්න විනාඩි පහළොවක් විස්සක් විතර බලං ඉඳලා, කොහොමහරි අප්ලෝඩ් කලා කියමුකො. gtk-recordMyDesktop එකෙන් එන OGV වර්ගෙ විඩියෝ එක YouTube ට තේරෙන්නෙ නෑ! ඉතිං මලේ මල! :X
ඒපාර ffmpeg වලිං AVI වලට කන්වර්ට් කරලා ආපහු අප්ලෝඩ් කලා, අර ඉස්සෙල්ලා අප්ලෝඩ් කරපු සුපිරි වේගෙංම! :S ඕං ඒපාර විඩියෝ එක වැඩ! Google මහලොකුවට FOSS ටෝක්ස් දුන්නට, OGV වගේ FOSS media formats තේරුං ගන්නෙ නෑ; ලෝකෙට මරගාතේ – ගෙදරට පරකාසේ!!!
ඉතිං ඔය ටික කොරල අහවර වෙනකොට ඉරිද රෑ දෙගොඩහරි ජාමෙ වෙලා. ඕව ටාර්.gz ගාල කීවට කොරන්න හැට පැයක් යනවා! ඉතිං ඔතනිං වැඩේ නවත්තල දොයියන්න ගියා. එදා දොයියෑම ගැනත් හෙන වාදයක් තියනවා. Facebook එකේ මාත් එක්ක කනෙක්ට් වෙලා ඉන්න අයට පුලුවං ඒක මෙතනිං බලාගන්න: http://facebook.com/budhajeewa?v=wall&story_fbid=117032695009323&ref=mf
පස්සෙන්ද උදේ නැගිට්ට ගමං ඔන්න සිරා රෙකෝඩිමක් කොරන්නයි ලෑස්තිය. කීප පාරක් රෙකෝඩ් කලාට මගේ පසුබිම් කතනේ මටම ඇල්ලුවේ නෑ; කවද කාපු ටකරංද!
කොහොමිං කොහොමහරි ඔන්න අන්තිමට සාපේක්‍ෂව හොඳ එකක් රෙකෝඩ් කරලා ඒක පැටෙව්වා YouTube එකට. පැය බාගයක් විතර පටවලා ඉවරවෙලා අන්තිමට කියනවා ඒක දිග වැඩිලු! ඇයි යකඩො, ඔය මගුල ඊට කලිං කියන්න එපැයි! හරි හරි, පටවන තැනට යටිං කියලා තියනවා තමා, ඒත් කවුද බලන්නේ ඕවා? අවධානේ යොමු වෙන විදියට තියෙන්න එපැයි! :X
YouTube වල පටවන්න දෙන විඩියෝ වල උපරිම ධාවන කාලේ විනාඩි දහයලු. මම හදපු එකේ දිග විනාඩි 12යි තත්පර 48ක්! :S
ඒපාර PiTiVi එකෙං ඔරිජිනල් OGV එක එඩිට් කලා. ඒ එඩිට් කරන්න හැට පැයක් ගියා. අනවශ්‍ය තැං හොයන්නයි, ඒව කපන්නයි. PiTiVi එක විනාඩියට හැට පාරක් crash වෙනවා, මොකද මම use කරන්නෙ Maverick Meerkat development වර්ෂන් එකක් නිසා සහ, මගේ කොම්පීටරේ පොඩි ක්‍රෑෂ් සීන් එකක් කලිං ඉඳංම තිබ්බ නිසා.
ඉතිං නොපසුබට වීර්යයෙං එඩ්ටි එක ඉවර කරගත්තා. පස්සෙ අවුට්පුට් එකත් OGV ෆෝමැට් එකෙංම අරගත්තා. මොකද රෙන්ඩර් කරන ගමං කන්වර්ට් කරන්න ගියාම වැඩ දෙකක් නේ. PiTiVi එකෙං OGV එකක් අරගෙන ඒක ffmpeg වලිං කන්වර්ට් කළා.
පස්සෙ ඒක ආපහු පැය බාගයක් විතර මහන්සි වෙලා YouTube එකට පැටෙව්වා.
ඕං ඒක තමා මේ තියෙන්නේ:
පස්සෙ ඔය කරපු ගෝත කරුමේ කෑලි මටම අමතක වෙයි කියලා ඊයෙ රෑම පොඩි පෝස්ට් එකක් දැම්මා “Step by step guide to screencasting for Ubuntu users” කියලා.
හප්පේ, කස්ටියම එහෙනං screencasting කෙරුවාව පටං ගන්න ඕන. නැත්තං අපරාදෙනෙ මං දවස් එකාමාරක් විතර කාපු කට්ට!



ගුඩ් ගුඩ්, ඔව් ඔය කියනව වගේ නෙවෙයි කරන්න ගියාම. අර ඉංග්‍රීසියෙන් දාපු වගේ මැනුවල් එකක් සිංහලෙනුත් දැම්මනම් කොහොමෙයි?
PiTiVi මහ විකාරයක්, Openshot වගේ එකක් පාවිච්චි කරන්න. ඒකෙ වැඩ කෑලි වැඩියි (හැබැයි විච්චූරණත් වැඩියි).
සවුන්ඩ් හරියට හදාගන්න ක්‍රමේකුත් අහුවුණොත් ගොඩේ ගොඩ.
Posted by තමීර on July 6th, 2010.
බුධා මලයත් Screen Casting පටං අරං වගේ.. එළැ එළැ..
ඒක නෙමෙයි.. මොකෝ අර 'කොටුව' වීඩියෝ එක ඩෙස්ක්ටොප් එකේ තියාගෙන ඉන්නෙ?
Posted by ගයන්ත on July 6th, 2010.
@තමීර: අරක සිංහල කරන්න බලන්නම්.
හෆෝ, මට OpenShot එපා උනේ අර time-line එකේ තියන තොරන දැකලා. ඒ මගුල දැකිනකොට ඔක්කාරෙට එනවා! :S
මට නං හිතුනෙ සවුන්ඩ් මේ ඇති කියලා, මදිද? කාමරේ දොරවල් ජනෙල් සේරම වහගෙන රෙකෝඩින් එක කලා නං හරි යාවි.
@ගයන්ත: එළේල!
මේකනේ, මම සාමාන්‍යයෙං මියුසික් විඩියෝස් තියාගෙන ඉන්නෙ නෑ. පාරක් දෙපාරක් බලලා මකල දානව, ඉතිං ඕක බාපු ගමන් ඩෙස්ක්ටොප් එකේ.
Posted by budhajeewa on July 6th, 2010.
උබන්ටු ගැන නේද???ඔව්ව ගැන තියෙන අටෝරාසියක් දේවල් සමහර වෙලාවට වැඩකරන්නෙ නෑ….මට දැනගන්න ඕනි..උබන්ටු වලදි වැඩකරන සමහර ඇප්ලිකේශන් ඒ විදිහටම එඩියු උබන්ටු,කුබන්ටු,Xසුබන්ටු,ලුබන්ටු වලදිත් වැඩකරනවද??අඩුතරමෙ සින්හල එනේබල් කරන විදිහ හරි…..
Posted by indika kumara on July 6th, 2010.
@indika kumara: ඒ ඒ desktop environment එකේ ඒ ඒ කාර්යය සඳහා යොදාගන්නා මෘදුකාංග වෙනස්. උදාහරණයක් විදියට GNOME භාවිතා කරන Ubuntu වල file browser එක Nautilus, KDE භාවිතා කරන Kubuntu වල file browser එක Konqueror එහෙම නැත්නම් Dolphin, XFCE භාවිතා කරන Xubuntu වල filebrowser එක Thunar.
ඉතිං වෙනස් මෘදුකාංග වල ක්‍රියාකාරීත්‍වය හා ඒවා තුළ කටයුතු කළ යුතු විදිය වෙනස් කියන එක අමුතු දෙයක් නෙවෙයි නේ.
කළ යුත්තේ යම් ක්‍රියාවලියක හරය කුමක්දැයි අවබෝධ කරගෙන, තමන්ට අවශ්‍ය තැනට ගැළපෙන ලෙස යොදා ගැනීමයි.
සිංහල සක්‍රිය කිරීම පිළිබඳව නම්, සියලුම Ubuntu variants වල භාවිතා වන Input Method Chooser එක IBus නිසා, සෑම variant එකකම මේ ක්‍රියාවලිය සමාන විය යුතුයි.
Posted by budhajeewa on July 6th, 2010.
මාර කට්ටක් නෙව කාලා තියෙන්නෙ..
Posted by Ansh Lucky Sri Jay on July 8th, 2010.
@Ansh Lucky Sri Jay: මොනා කොරන්නද ඉතිං, සමාජ සේවේ නොවැ!
Posted by budhajeewa on July 8th, 2010.
මරුනේ , අපි නම් ඉතින් ජනේලයනේ , මම screen recording වලට ගන්නේ නම් camtasia තමා … (*// අපි ඉතින් හොර කොපි නේ …)
Posted by Anonymous on July 14th, 2010.
@හිඟන්නා: හොර කොපි ගැන නං ඉතිං වෙනම කතා කරන්න ඕනෑ, screen casting කරනවද? ලින්ක් එකක් දුන්න නං හරිනේ?
Posted by budhajeewa on July 14th, 2010.