Posts tagged “කුමාර් සංගක්කාර”.



Sri Lanka(/n) Premier Leage: සංවිධානය

ඉතිං, කතාව ඇත්තක්; ලංකාවෙ අන්තර් පළාත් T20 තරගාවලිය අළුත් වාණිජ හිතකාමී මුහුණුවරකින් මේපාර එන්නයි යන්නේ. හැබැයි ඉතිං තරගාවලි සංවිධානෙ නං කිසිම විවෘත බවක් නෑ. Daily Mirror එකේ නං ලිපි කීපයක් පළ වෙනවා මම දැක්කා. ඒ ඇරෙන්න වෙන කිසිම ප්‍රකාශයක් නෑ. කණ්ඩායම් නම් හා ඒවායෙ ලාංඡන මොනවද කියන එකත් බොහෝ දෙනා දැනගත්තෙ ඒව නිර්මාණය කරපු ආයතනයේ වෙබ් අඩවියේ පළ වුනු නිසා! නමුත් ඒකෙවත් තරගාවලියෙ ලාංඡනය ගැන කිසිම තොරතුරක් නෑ! More… »

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට; වැරදි හදාගෙන එංගලන්තයට ගහමු!

ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනයICCT20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුලත් වීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විිසින් ජයග්‍රහණය කරනු ලැබීම හෝ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට අඩු ප්‍රමාණයකින් පරාජයට පත්ව ඉන් අනතුරුව පවත්වනු ලැබූ ඔස්ට්‍රෙලියානු හා බටහිර ඉන්‍දීය කොදෙව් දූපත් තරගයේදී බටහිර ඉන්‍දීයයන් ඔස්ට්‍රෙලියාවට එරෙහිව පරාජයට පත්විය යුතුව තිබූ තරගය, පෙරේදා (11) ශ්‍රී ලංකාව විසින් තියුණු ලෙස ජයගනු ලැබිනි. More… »